IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ඊලෝන්ට - රෝලිංට ඉමානේ කෙලීෆ් නඩු දමයි

(විමුක්ති එස් රුද්‍රිගු)

තමන් පිරිමියෙක් යැයි පවසමින් අන්තර්ජාලය තුළ සටහන් තබමින් අපහාසයක් කළා යැයි චෝදනා කරමින් ලොව ධනවත්ම පුද්ගලයා වන ඊලෝන් මස්ක්ට සහ ප්‍රසිද්ධ ලේඛිකාවක වන ජේ. කේ. රෝලිංට නඩු පැවරීමට පසුගියදා අවසන්වූ ඔලිම්පික් තරඟාවලියේදී බොක්සිං ක්‍රීඩා ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් ඇල්ජීරියානු බොක්සිං ක්‍රීඩිකාවක වන ඉමානේ කෙලීෆ් කටයුතු කළාය.

ජේ. කේ. රෝලිං සහ  ඊලෝන් මස්ක් ඇතුළු කීපදෙනකු චූදිතයන් ලෙස නම් කරමින් මාර්ගගතව අපාහස කිරීමේ චෝදනාව මත නඩුවක් ගොනු කළ බවත් එහි චූදිතයකු ලෙස ඇමෙරිකානු හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නම් කර නැතත් ඔහුද ඉදිරියේදී විමර්ශනයට ලක්වනු ඇති බවත් ඉමානේ කෙලීෆ්ගේ නීතිඥ නබිල් බවුදි ප්‍රකාශ කළේය.

ඇල්ජීරියාවේ ඉමානේ කලීෆ් සහ ඉතාලියේ ඇන්ජෙලා කරීනී අතර පැවැති අවසන් 16 දෙනාගේ වටයේ කාන්තා බොක්සිං ක්‍රීඩා තරඟයේදී ඉමානේගෙන් එල්ල වන පහරවල් දරා ගත නොහැකි බව පවසා කරීනි තත්පර 46 කදී ඇඬු කඳුලින් තරඟය අත්හැර දැමුවාය. ඒ සමඟ ඉමානේ කෙලීෆ්ට විවේචන රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වූ අතර ඉමානේ කෙලීෆ්ට එක්ස් සහ වයි වර්ණදේහ තිබෙන බව ජාන පරීක්ෂාවකින් ඔප්පු වී තිබෙන බැවින් ඇය ජීව විද්‍යාත්මකව පිරිමියෙක් බවත් ඇයට කාන්තා බොක්සිං තරඟයකට සහභාගී වීමට අවස්ථාව ලබාදීම සාධාරණ නොවන බවත් පවසමින් බොහෝ සමාජ මාධ්‍ය පරිශීලකයෝ විවේචන එල්ල කළහ.

එහිදී ඊලෝන් මස්ක් සහ ජේ. කේ. රෝලිං ද පිරිමියෙකුට කාන්තා තරඟ ඉසව්වකට සහභාගීවීමට අවස්ථාව ලබාදීම සාධාරණ නොවන බව පවසමින් සමාජ මාධ්‍ය තුළ මත පළකළ අතර ඩොනල්ඩ් ට්‍රම්ප්ද එවැනිම මතයක් පළ කළේය.



අදහස් (5)

ඊලෝන්ට - රෝලිංට ඉමානේ කෙලීෆ් නඩු දමයි

jayantha Wednesday, 14 August 2024 01:45 PM

ඉමානේ කෙලිෆ් උපතින්ම පිරිමියෙක් වගේ කෙල්ලෙක්. ලිංගික විපර්යාස සර්ජරියක් කර ගත්තු කෙනෙක් නෙමෙයි. හුඟාක් අය හිතන්නේ කෙලිෆ් ලිංග විපර්යාස ඔපරේෂන් එකක් කරපු කෙනෙක් කියලා. එහෙම නැහැ. ඇල්ජීරියාවේ එගේම කරන්නත් බැහැ... හැබැයි අනිවාර්යෙන් කෙලිෆ්ගේ ශරීරයේ පිරිමි හෝමෝන වැඩියි. ස්වභාවිකව. ඒ වුනාට ලිංගික අනිවාර්යෙන් කාන්තා අවයව. ඉලෝන් මස්ක් මේ නඩුවෙන් පරාද වෙයි. නැත්නම් සමාව ඉල්ලලා වන්දියක් දෙයි මුලින්ම. එලෝන් මස්ක් ගේ එක පුතෙක් කාන්තාවක් බවට ලිංගික විපර්යාසයක් කරගෙන තියෙනවා. දැන් ඒ දරුවා කාන්තාවක් වගේ හැසිරෙන්නේ. එලෝන් මස්ක් ඒ ගැන විරුද්ධයි. අකැමැතියි. LGBTQ ප්‍රජාව සහ ඊට අදාළ ඖශධ මාෆියාවක් තියෙනවා. ඒ ගැන තමා එලෝන් මසක් විරුද්ධ...

:       8       28

Priyantha Wednesday, 14 August 2024 03:10 PM

ජයන්ත එයාගෙ අවයව දැක්කාද?

:       13       18

ලසන්ත Wednesday, 14 August 2024 02:24 PM

ඒ ගොල්ලෝ එහෙ ගෑණු, පිරිමි වලට රණ්ඩු, අපි මෙහෙ අප්පොච්චිලා, පියාණෝලා, බාප්පොච්චිලා, පුතාණෝලාට රණ්ඩු!

:       2       32

Thushara Wednesday, 14 August 2024 02:34 PM

මෙයා කෙල්ලෙක් ද?

:       2       10

fairoos Wednesday, 14 August 2024 06:41 PM

ඒකත් හොඳයි...

:       1       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 280 0

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 86 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 861 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 945 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 2684 2

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1733 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 25284 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23398 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 388 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site