(විමුක්ති එස් රුද්‍රිගු)
අතුරුදන්ව සිටි අනුලා ජයතිලක මහත්මිය පසුගිය 7 වැනිදා හමාස් ඉස්ලාමීය සටන්කාමීන් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයේදී මිය ගොස් ඇති බව අද (17) තහවුරු වූ බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
දේහය හඳුනා ගැනීමෙන් පසුව දින දෙකක් ඇතුලත ඊශ්‍රායල පොලිසිය අනුලා ජයතිලක මහත්මියගේ දේහය තානාපති කාර්යාලයට බාර දෙනු ඇති බවත් අවසන් ගෞරව දැක්වීම සහ ආගමික වතාවත් සිදු කිරීම පිළිබඳව තොරතුරු ඉතා ඉක්මණින් ලැබෙනු ඇති බවත් බණ්ඩාර මහතා පැවසුවේය.
අවසන් ගෞරව දක්වා ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව අනුලා ජයතිලක මහත්මියගේ දේහය ඥාතීන් වෙත බාර දෙනු ලබන බව තානාපති බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
හමාස් ඉස්ලාමිය සටන්කාමීන් ප්‍රාණ ඇපයට ගත් පිරිස අතර ශ්‍රී ලාංකිකයන් සිටින බවට තොරතුරු තහවුරු වී නොමැති බවද බණ්ඩාර මහතා පැවසුවේය.
අනවසරයෙන් දේශසීමා හරහා ජෝර්දානයේ සිට ඊශ්‍රායලයට ඇතුල්වීමේ දී ඊශ්‍රායල හා ජෝර්දාන දේශසීමා ආරක්ෂක සෙබළුන් විසින් අත් අඩංගුවට ගත් ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනා නැවතත් ජෝර්දානයට යැවීමට කටයුතු කරන බවත් මේ වනවිට බටහිර ගාසා තිරයෙන් පවුල් 3 කට අයත් ශ්‍රී ලාංකිකයන් 17 දෙනෙකු ඉවත් කර ගැනීමට පලස්තීන නියෝජිත කාර්යාලය කටයුතු කර ඇතැයි තමන්ට දැන ගන්නට ලැබී තිබෙන බවත් තානාපතිවරයා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලාංකික සිසුන් හට තුර්කියේ අධ්‍යාපනය ලැබීම සඳහා පිරිනමනු ලබන ශිෂ්‍යත්ව ප්‍රමාණය ඉහළ නැංවීම මගින් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ දෙරට අතර සහයෝගීතාව තවද
සෞදි රියාද් බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය පැය 01 යි විනාඩි 35 ක ගුවන් ගමනකින් පසු , කාර්මික දෝශයක් හේතුවෙන් යළිත් කටුනායක
දකුණු කොරියානු කිවිඳියක, කෙටිකතාකාරියක මෙන්ම නවකතාකාරියක ද වන හැන් කන්ග්, මෙම 2024 වසර සඳහා නොබෙල් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවාය.
මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව
එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ
කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ඊශ්‍රායලයේදී අතුරුදන් වූ අනුලා මිය ගිහින්
ලප කුමාර අනුර Wednesday, 18 October 2023 12:31 AM
ලන්කාවෙ කාන්තාවන් ගෘහස්ථ සේවිකාවන් සෙටියට බොහොමයක් රට වලට යන්නෙ මුදල් ඉපයීමට . සමහරු ඒ වෙනුවෙන් ජීවිතය පවා පූජා කරනවා . අපෙ පාලකයන් ගේ වරද නිසා . මාලිමාවෙ රජයක් යටතේ .ලන්කාවෙ කාන්තාවන් ගෘහස්ථ වහලුන් සෙටියට යවන්න දෙන්නෙ නෙහෙ. ඔවුන්ට ලන්කාවෙ ම රැකියාවක් කිරීමට අවශ්‍ය ඉඩ කඩ සලසා දෙනවා . මාලිමාව වටා ජෙ වී පී එකට එකතු වන්න. ඡන්දය දෙන්න.