IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


ඊශ්‍රායලයේ කෘෂිකර්මාන්තයට ලාංකිකයෝ 10,000ක්

(විමුක්ති එස් රුද්‍රිගු)

පසුගිය ඔක්තෝබර් මස 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල වූ හමාස් සටන්කාමීන්ගේ ප්‍රහාරයත් සමඟ ඇරඹි ඊශ්‍රායල යුද්ධයෙන් දරුණු බලපෑමක් එල්ල වී ඇති එරට කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයට ශ්‍රී ලාංකික සේවකයන් 10,000 ක් ගෙන්වා ගැනීමට අදාළ ගිවිසුමට ඉකුත්දා අත්සන් තැබූ බව ඊශ්‍රායලයේ ග්ලෝබ්ස් පුවත්පත වාර්තා කර ඇත.

ඊශ්‍රායල ස්වදේශ කටයුතු අමාත්‍ය මොෂේ අබෙල් සහ ශ්‍රී ලාංකික නියෝජිතවරයා අදාළ ගිවිසුමට එරට විදේශ කටයුතු අමාත්‍යංශයේදී මෙලෙස අත්සන් තැබූ බව එම පුවත්පත වාර්තා කළේය.මෙම ගිවිසුමට අනුව කෘෂි කාර්මික සේවා සඳහා වහාම ශ්‍රී ලාංකික සේවකයන් 10,000 ක් ගෙන්වා ගැනීමට ඊශ්‍රායලයට අවස්ථාව ලැබෙන බව එම පුවත්පත පෙන්වා දී තිබේ.

ඊශ්‍රායල යුද්ධය හේතුවෙන් කෘෂි කර්මාන්තයේ නියැලි සේවකයන් 8000 ක් පමණ ඊශ්‍රායලය හැර දමා ගොස් ඇති බවත් තවත් කෘෂි කර්මාන්තයේ නියැලි පලස්තීන සේවකයන් 20,000කට පමණ ඊශ්‍රායලයට ඇතුළු වීම තහනම් කර ඇති බවත් ඒ හේතුවෙන් ඊශ්‍රායලයේ කෘෂි කර්මාන්ත ක්ෂේත්‍රයේ දරුණු සේවක හිඟයක් ඇති වී තිබෙන බවත් ග්ලෝබ්ස් පුවත්පත වාර්තා කර ඇත.

පසුගිය ඔක්තෝබර් 7 වැනිදා සිදු වූ ප්‍රහාරයේදී විදේශීය සේවකයන් දුසිම් ගණනක් හමාස් සටන්කාමීන් මරා දැමූ බවත් තවත් පිරිසක් ප්‍රාණ ඇපයට ගත් බවත් එම පුවත්පත පෙන්වා දී තිබේ.

දෙරට අතර එළඹී ගිවිසුමට අනුව එළඹෙන සති කිහිපයේදී ශ්‍රී ලාංකික සේවකයන් ඊශ්‍රායලයට පැමිණෙනු ඇතැයි එම පුවත්පත වාර්තා කර ඇත.



අදහස් (10)

ඊශ්‍රායලයේ කෘෂිකර්මාන්තයට ලාංකිකයෝ 10,000ක්

Nalins Tuesday, 07 November 2023 01:56 PM

නියෝජිතයා කවුද. ලංකාව වෙනුවෙන් මේ ගිවිසුම අත්සන් කරන්න බලය දුන්නේ කවුද. එයා අපේ මිනිස්සුන්ගේ වගකීම ගන්නවාද?

:       24       49

sena Tuesday, 07 November 2023 03:39 PM

ඕක ඉතින් ඒජන්සි කරයො හරහා යවන්න ගියොත් 1000 ක් වත් යවා ගන්න බැරිවෙනවා.. ඔවුන් ගසා කන සල්ලිවල හැටියට කාටද ගෙවන්න පුළුවන්...?

:       0       2

ජනක Tuesday, 07 November 2023 04:37 PM

කොහේ මැරෙන එකද හොඳ කියලා හිතමින් ඉන්න මම. මෙහෙ දී දිනපතා නොමැරී මැරෙනවට වඩා ඊශ්‍රායලයේදී එකපාර මැරිලා යන එක හොඳයි වගේ....

:       0       0

Uween Tuesday, 07 November 2023 06:17 PM

එහේ යන එක සැපයි... මෙහේ හිටියොත් කන්න නැතුව මැරෙන්නේ. එරට ජනතා ඊශ්‍රායෙලයේ රජය විස්වාස කරන්න පුළුවන්. ඒකට ලංකාව... !

:       0       2

Chandima Tuesday, 07 November 2023 07:06 PM

යුද්ධයක් මැද සේවය කරනකොට ඩබල් ගෙවන්න ඕනෑ. නැතිනම් මිනිස්සුන්ට භාගයක් ගෙවලා ඉතිරි ටික ආණ්ඩුවට එවනවද? මේ අර අපේ රාළහාමි කියන විදිහේ මොල 07 වැඩක් වෙන්න ඇති...?

:       0       2

රංබොඉ Tuesday, 07 November 2023 07:23 PM

යුද ගින්න ඉවර වුණාට පස්සේ ඕන දෙයක්... අහිංසක මිනිසුන් ගින්න මැදට විසිකරලා කොමිස් සාක්කුවේ දාගන්න එපා.

:       0       2

Perera Tuesday, 07 November 2023 11:25 PM

ඒ පැත්තේ හිටපු ලංකාවේ අය යුද්ධයට අහුවෙලා මැරිලා පෙට්ටිවල ආපහු එද්දී තව අය එහෙට යවන්න මේ අයට පිස්සුද?

:       0       3

Saman Wednesday, 08 November 2023 10:30 AM

කාලකණ්ණි තමයි ඔය තහනම් රටට යන්නේ... අනුන්ගේ රටක් අල්ලගෙන ඒ රටේ මිනිස්සුන්ව මරණ ම්ලේච්ඡ රටකට කොහොම යනවද?

:       1       2

Manjula Wednesday, 08 November 2023 11:14 AM

වෙන රටවලින් තමන්ගෙ මිනිස්සු ගෙන්නගන්න බලනව. අපේ ලොක්කො මිනිස්සු එහෙට යවන්න බලනව. දැන් පේනව නේද වෙනස. ලොක්කන්ගෙ අපේ මිනිසුන්ට තියෙන ආදරය.

:       1       3

AKS aththanagoda Wednesday, 08 November 2023 04:59 PM

අනුර කුමාර මොනවා කියයිද දන්නේ නෑ...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පකිස්ථාන ජනපතිගෙන් අනුරට සුභ පැතුම්
2024 ඔක්තෝබර් මස 10 53 0

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (Retd) Faheem Ul Aziz HI (M))මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හ


සෞදි රජු ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 161 0

ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් නසාර් අල්දසම් අල්කතානි (Khalid Hamoud Nasser Aldasam Alkahtani) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානා


කලුතරට විශේෂ පොලිස් ආරක්ෂාවක්
2024 ඔක්තෝබර් මස 10 718 0

නොවැම්බර් 14 වෙනිදිනට පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහා මැතිවරණය සඳහා නාම යෝජනා භාර දෙන අවසන් දින වන අද (11) කළුතර දිස්ත්‍රික්කය පුරා පොලිස් නිලධාරීන්


මහාපරිමාණ මුදල් වංචාකරුවෙක් පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 10 414 0

මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරික ආයතනයක් නමින් සමාජ මාධ්‍ය සබැඳියක් නිර්මාණය කොට ඒ හරහා මහා පරිමාණ මුදල් වංචාවක නිරත වූ බව කියන පුද්ගලයෙකු මහනුවර කොට්ඨාශ


විමලුත් මහ ඡන්දෙට නෑ
2024 ඔක්තෝබර් මස 10 1472 0

ඉදිරි මහ මැතිවරණයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණ ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


ලක්ෂ 40ක ෆෝන් කාඩ් සොරාගත් දෙකක් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 330 0

දුරකථන පෙර ගෙවුම් කාඩ්පත් තොග වශයෙන් බෙදා හරින නාරහේන්පිට ජාවත්ත පාරේ ප්‍රධාන පෙළේ නියෝජිත ආයතනයකට රාත්‍රී කාලයේදී ඇතුළු වී රුපියල් ලක්ෂ 40 කට අධික ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39725 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25833 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 48 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 378 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1243 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site