IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ඊශ්‍රායලයේ දී ලාංකිකයෝ දෙකක් අතුරුදන්

 

(විමුක්ති එස් රුද්‍රිගු)

ඊශ‍්‍රායල සහ පලස්තීනය අතර ඇති වී තිබෙන දරුණු ගැටුම් හේතුවෙන් මේ වන විට ශ‍්‍රී ලාංකිකයන් දෙදෙනකු අතුරුදන් වී එක් ශ‍්‍රී ලාංකිකයකු තුවාල ලබා තිබෙන බව ඊශ‍්‍රායලයේ ශ‍්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා මහතා ප‍්‍රකාශ කළේය.

මේ වන විට අතුරුදන් වී සිටින ශ‍්‍රී ලාංකිකයන් දෙදෙනාගෙන් එක් අයෙකු පිරිමි පුද්ගලයෙකු බවත් අනෙකා කාන්තවක් බවත් ශ‍්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පෙන්වා දුන්නේය.එසේම තුවාල ලැබූ තැනැත්තා පිරිමි පුද්ගලයෙකු බවද බණ්ඩාර මහතා ප‍්‍රකාශ කළේය.

ගැටුම් හේතුවෙන් අතුරුදන් වී සිටින කාන්තාව ගම්පහ ප‍්‍රදේශයේ පදිංචිව සිට සාත්තු සේවය සඳහා ඊශ‍්‍රායලයට ගොස් ඇති  කාන්තාවක් බව විදේශ කටයුතු අමාත්‍යංශ ආරංචි මාර්ග පැවසුවේය.

අතුරුදන් වී සිටින පිරිමි පුද්ගලයා ශ‍්‍රී ලංකාවේ වෙන්නප්පුව ප‍්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි  පුද්ගලයෙකු බවත් ඔහු කෘෂි කර්මාන්තය ආශ‍්‍රිත රැකියාවක් සඳහා ඊශ‍්‍රායලයට ගොස් ඇති බවත් විදේශ කටයුතු ආරංචි මාර්ග ප‍්‍රකාශ කළේය.

එසේම ගැටුම් හේතුවෙන් තුවාල ලැබූ තැනැත්තා 38 හැවිරිදි සුජිත් ප‍්‍රියංකර නම් පුද්ගලයෙකු බවත් ඔහු කැකිරාව ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් විදේශ කටයුතු ආරංචි මාර්ග පෙන්වා දුන්නේය.

ඊශ‍්‍රායලයේ දැනට ශ‍්‍රී ලාංකිකයන් 8000 ක් පමණ සිටින බවත් ශ‍්‍රී ලාංකිකයන් බොහොමයක් ඊශ‍්‍රායාලයට පැමිණෙන්නේ සාත්තු සේවය සහ කෘෂි කර්මාන්තය පදනම් කරගත් රැුකියා වලට බවත් තානාපති නිමල් බණ්ඩාර මහතා පෙන්වා දුන්නේය.

මේ වනවිට තොරතුරක් නොමැති ශ‍්‍රී ලාංකිකයන් දෙදෙනා පිළිබඳ තොරතුරක් දැනගැනීම සඳහා ඔවුන්ගේ තොරතුරු ඊයේ(09* රතු කුරුස සංවිධානය වෙත ලබා දුන් බව තානාපති නිමල් බණ්ඩාර මහතා ප‍්‍රකාශ කළේය.

එසේම තුවාල ලැබූ තැනැත්තා දකණු ඊශ‍්‍රායලයේ සංචාරක හෝටලයක සේවය කළ අයෙකු බවත් ඔහුගේ අතට සහ බඩට වෙඩි වැදී ඇති බවත් තානාපතිවරයා පැවසුවේය.

වෙඩි වැදීමෙන් පසුව ඔහුව වහාම රෝහල් ගත කළ බවත් ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවත් තානාපතිවරයා පෙන්වා දුන්නේය.

සතියක පමණ කාලයක් විවේක ගැනීමෙන් පසුව ඔහුගේ තත්ත්වය යහපත් අතට හැරෙනු ඇතැයි විශ්වාස කරන බවද තානාපතිවරයා ප‍්‍රකාශ කළේය.

ඊශ‍්‍රායලයේ සිටින අනිකුත් ශ‍්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව පිළිබඳවද ඊශ‍්‍රායලයේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය නිරන්තර අවධානයෙන් පසුවන බවද තානාපති නිමල් බණ්ඩාර මහතා ප‍්‍රකාශ කළේය.

පලස්තීනයත් ඊශ‍්‍රායාලයත් අතර පසුගිය 7 වැනිදා ආරම්භ වූ දරුණු ගැටුම් වලින් මේ වනවිට දෙපාර්ශවයේ 1200 කට ආසන්න පිරිසක් මියගොස් තවත් 4750කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇත.

එසේම ඊශ‍්‍රායල බෝම්බ ප‍්‍රහාර හමුවේ පලස්තීන වැසියන් 124000 ක් පමණ අවතැන් වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප‍්‍රකාශ කර තිබේ.

හමාස් ඉස්ලාමීය සටන්කාමීන්ගේ ප‍්‍රහාර හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 700 දෙනෙකු පමණ මියගොස් තවත් 2000කට ආසන්න පිරිසක් තුවාල ලැබූ බව ඊශ‍්‍රායල බලධාරීන් පෙන්වා දුන්නේය.

එසේම ඊශ‍්‍රායල එල්ල කළ ගුවන් ප‍්‍රහාර වලින් ගාසා තීරයේ පුද්ගලයන් අවම වශයෙන් 493 දෙනෙකු පමණ මියගොස් තවත් 2753 දෙනෙකු පමණ තුවාල ලැබූ බව පලස්තීන සෞඛ්‍ය බලධාරීන් ප‍්‍රකාශ කළේය.

මේ වන විට ගසා තීරය ආසන්නයේ 100000 ක පමණ ඊශ‍්‍රායල භට පිරිසක් රඳවා ඇති අතර ඊශ‍්‍රායල ප‍්‍රාණ ඇපකරුවන් 130 දෙනෙකු ගාසා තීරයේ රඳවා ගෙන සිටින බව පලස්තීන හමාස් ඉස්ලාමීය සටන්කාමීන් පවසා ඇත.

ඊශ‍්‍රායල ප‍්‍රජාව අතර සිටින හමාස් සටන්කාමීන් සොයා ඊශ‍්‍රායල ආරක්ෂක අංශ මෙහෙයුම්ද ආරම්භ කර තිබේ.

පසුගිය සැප්තැම්බර් මාසයේ අල් අක්සා පල්ලිය වන්දනාමාන කළ පිරිසකට ඊශ‍්‍රායල ආරක්ෂක අංශ ප‍්‍රහාර එල්ල කිරීමට පිළිතුරු ලෙස මෙම ප‍්‍රහාරය දියත් කළ බව හමාස් සටන්කාමීන් පවසා ඇත.



අදහස් (1)

ඊශ්‍රායලයේ දී ලාංකිකයෝ දෙකක් අතුරුදන්

ajith Monday, 09 October 2023 07:59 PM

ලෝකයේ බලවත්ම දියුණු තාක්ෂනය, දේශීය සහ විදේශීය ඔත්තුකරුවන් සිටිනා මොසාඩ් ඔත්තු සේවය හමාස් ඉස්ලාමීය සටන්කාමීන්ගේ ප‍්‍රහාර පිළිබඳව නොදැන සිටියේද?

:       0       11

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 7 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1783 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 1363 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 387 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 517 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 235 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40017 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25950 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 233 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1307 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site