ඊශ්‍රායලයට ආයුධ ලබා දීම නැවැත්විය යුතු යැයි ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය ඇතුළු සෙසු ලෝක බලවතුන්ගෙන් ඉල්ලා ඇත.
ප්‍රංශ ජනාධිපතිවරයා සහෝදර බටහිර රටවලින් මෙම ඉල්ලීම කළේ ඊශ්‍රායලය ගාසා තීරයට බෝම්බ දැමීම ආරම්භ කර වසරක් ගතවීම සහ ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත දිගින් දිගටම පහර දීම සැලකිල්ලට ගනිමිනි.
“පලස්තීනුවන්ගේ ජීවිත අනතුරේ දමමින් ඊශ්‍රායලය වසරක් තිස්සේ ගාසාවට බහර දෙනවා. දැන් ලෙබනනයට පහර දෙනවා. ඊශ්‍රායලයට සතුරන් අඩපණ කිරීමට අයිතිය තිබෙන බව ඇත්ත. නමුත් අහිංසක වැසියන් මියයනවා. දැන් ඇති. ඊශ්‍රායලය දේශපාලනික විසඳුමකට යන්න ඕනෑ. තව දුරටත් ගාසා තීරයට පහර දෙන්න ඊශ්‍රායලයට ආයුධ ලබා දීම නොකළ යුතුයි.” යැයි ප්‍රංශ ජනාධිපති මැක්රොන් අවධාරණය කර තිබේ.
ප්‍රංශය සහ ඊශ්‍රායලය සමීප මිතුරන් වන නමුත්, ගාසා තීරයේ පලස්තීන වැසියන් මියයෑම සම්බන්ධනේ ප්‍රංශ ජනාධිපති මැක්රොන් නිරන්තරයන් සිය කනස්සල්ල ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහුට පැහැදිලි කර තිබේ. ප්‍රංශය යුරෝපයේ බලවත් රාජ්‍යයක් වන අතර යුරෝපා සංගමයේ ප්‍රබලයෙකි. ඊට අතරව ප්‍රංශය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ද ප්‍රබල සාමාජිකයෙකි.
ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් සටන්කාමීන් සමඟ ගැටුම් ඇති කරගත්තේ, පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා ගාසා හමාස් සටන්කාමීන් ලෙබනන හිස්බුල්ලා සංවිධානයේ ද සහාය ඇතිව ඊශ්‍රායලයට කඩා වැදී කළ ප්‍රහාරයෙන් පසුවය.
(ඒ.එෆ්.පී.)
හංවැල්ල කහහේන නෙළුවත්තුඩුව බස් රථ සහ ව්‍යාපාරික ස්ථාන හිමි කෝටිපති ව්‍යාපාරිකයාට ටි 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කළ යුද හමුදා විශේෂ බලකායේ සෙබලා බළ
කැස්බෑව නගර මධ්‍යයේ සිදුවූ අනතුරකින් පසු ටිපර් රථ රියදුරුට මෙන්ම විමර්ශනයට පැමිණි පොලිස් සැරයන් වරයෙකුට දෙනෝ දහසක් දෙනා ඉදිරියේදී පහරදී පොලිස් ස්
නිවසේ මිදුලේ සෙල්ලම් කරමින් සිටියදී කඳු මුදුනක සිට පෙරළි ආ ගලක් හිසේ වැදි බරපතල තුවාල ලැබූ අවුරුදු 11ක සිසුවකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව
බහුතර බලයක් හදාගෙන සජිත් ප්‍රේමදාස මහතා අගමැති කරවා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් වැඩ කිරීමට සූදානම් බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්
ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා දී තිබු නිලධාරීන් 1145 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රභූ ආරක්‍ෂක සේවයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරී සඳහා ඊයේ (06) සිට පොලි
ඌරන්ට ඇටවූ විදුලි රැහැනක පැටලී බෙලිඅත්ත දෙද්දුවාවෙල දඹේආර ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි විශ්‍රාමික පාසැල් ගුරුවරියක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි බෙලිඅත්ත
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඊශ්‍රායලයට ආයුධ දීම දැන්වත් නවත්වන්න