IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


ඊළඟ ජනපතිවරණයට විපක්ෂයෙන් පොදු අපේක්ෂකයෙක් ඕනෑ

(සටහන සහ ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)

ඊළඟ ජනාධිපතිවරණයට විපක්ෂය වෙනුවෙන් අනිවාර්යෙන්ම ඉදිරිපත් වියයුත්තේ පොදු අපේක්ෂකයෙකු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා අද(28) පැවසීය.

නවීන් දිසානායක මහතා මේ බව පැවසුවේ, කොළඹ කොල්ලුපිටියේ පිහිටි ‘ගාමිණි දිසානායක පදනමේ’ ප්‍රධාන කාර්යාලයේ අද (28) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

ඒ අනුව, ඊළඟ ජනපතිවරණයට පොදු අපේක්ෂකයකු ඉදිරිපක් කිරීම වෙනුවෙන්, විපක්ෂයේ සියලු පක්ෂ සහ සිවිල් සංවිධාන සමග  එක්සත් ජාතික පක්ෂය එකතු විය යුතු බව දිසානායක මහතා සඳහන් කළේය.

පක්ෂයේ ප්‍රතිසංවිධානය පක්ෂ නායකත්වයේ සිටම පහළට සිදුවිය යුතුව තිබුණත් එසේ නොවීම ගැන තමන් කනගාටුවන බවත් නවීන් දිසානායක මහතා තවදුරටත් පැවසීය.  

මෙතෙක් දැරූ එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ධුරයෙන් තමා ඉවත්වෙන බව ද ඒ මහතා කියාසිටියේය.

හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ අර්ජුන රණතුංග මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.



අදහස් (31)

ඊළඟ ජනපතිවරණයට විපක්ෂයෙන් පොදු අපේක්ෂකයෙක් ඕනෑ

chandima Thursday, 28 January 2021 09:03 AM

ඒ පාර රනිල්ට ඔලුබක්කෙක් දාලා ගේන්නද යන්නේ?

:       3       75

nimalFriday, 29 January 2021 05:53 PM

අපේ රටේ පක්ෂයේ සහ රටේ වගකීම් සහ ලොකු තනතුරු ගන්න බලාපොරොත්තු වෙන නිසා අපෙන් ප්‍රශ්න අහන්න හොඳේ...

:       0       0

Nuwan Thursday, 28 January 2021 09:04 AM

ඔහේලගේ කුජීත කල්කිරියාව නිසා තමයි 69 ලක්ෂයක් මිනිස්සු ආයෙත් හොරුන්ට අහුවුණේ...!!! 

:       17       64

NIMALThursday, 28 January 2021 12:03 PM

නවීන් දිසානායක එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ධුරයෙන් ඉවත්වීම ඔහු පක්ෂයට කළ ලොකුම සේවය වේ.

:       3       42

පිටිගල මිලානෝ Thursday, 28 January 2021 09:08 AM

සරත් ෆොන්සේකාව දාන්න.

:       40       112

gaminiThursday, 28 January 2021 02:41 PM

සරත් ෆොන්සේකා මහත්තයලාට රටක් පාලනය කරන්න පුළුවන්ද? ගෝඨාභය ඊට වඩා 100%ක් වඩා හොඳයි.

:       61       25

ඩොනල්ඩ් ටී.Thursday, 28 January 2021 03:02 PM

ඔය කවුරුත් එන්නේ රට පාලනය කරන හැටි දැනගෙන වෙන්න ඇති. උපදේශක මණ්ඩල, කාර්ය මණ්ඩල, ලේකම්වරු පත්කරන් ඉන්නේ මොනවටද දන්නේ නැහැ...

:       4       33

දොලේවත්තFriday, 29 January 2021 02:38 AM

නරකද හාස්‍යෝත්පාදක නාට්‍යයක් කළොත්...?

:       3       3

banda Thursday, 28 January 2021 09:09 AM

පොදු අපේක්ෂකයා රනිල් මිස වෙන කවුරුද?

:       22       71

ජයන්ත Thursday, 28 January 2021 09:51 AM

පොදු අපේක්ෂකයා අනුර දිසානායක වගෙ කෙනෙක් වුණොත් තමයි වටින්නේ.

:       81       51

BamunuarachchiSaturday, 30 January 2021 06:22 AM

රනිල්ට ඔලු බක්කෙක් දාලා ගත්තා වගේ හිටීවි.

:       0       0

Senarath Thursday, 28 January 2021 10:11 AM

මිනිස්සු 300ක් විතර මැරුණු බෝම්බ ප්‍රහාරයේ උණුසුම මැකෙන්නත් පෙර ඔයා දාපු අවඥා සහගත හිනාව දැක්කාම ඡන්දෙ දෙන්න නෙවෙයි..., ඉන්න පැත්තවත් බලන්න හිතෙන්නේ නැහැ.

:       13       75

සුනිල් ජයරත්න Thursday, 28 January 2021 11:08 AM

2015 දිත් ගෙනාවේ පොදු අපේක්ෂකයෙක් නෙමෙයිද? එයා කරේ පොදු වැඩ නොවෙයි, එයාගේ පක්ෂෙ වැඩ විතරයි.

:       4       48

jaya Thursday, 28 January 2021 11:09 AM

කවුරු දැම්මත්, ඔයා වගේ අයව නම් දමන්නේ නැහැ.

:       2       30

kamal Thursday, 28 January 2021 11:09 AM

අපොයි, අර්ජුනව දැක්කාම පවු කියලා හිතෙනවා. දේශපාලනේට ඇවිත් කොලේ ඉරාගත්ත තවත් කෙනෙක්... ජෙනරාල්තුමා වගේම තමයි. යන එන මං නැහැ. අනාථයි. කොහොම ඉන්න තිබුණු කෙනෙක්ද?

:       10       35

prabha Thursday, 28 January 2021 12:00 PM

ඔන්න අවුරුදු 4ක් තියෙද්දීම කකුලෙන් අදින්න පටන්ගත්තා. ඉතින් දිනයිද?

:       9       20

pradeepa Thursday, 28 January 2021 12:26 PM

නවීන්, සජිත් එක්ක හිටියා නම් අද මස් කෑල්ලක් එක්ක බත් ටිකක් කනවා. රනිල් එක්ක ඉඳලා කන්න වෙන්න කරවල තමයි.

:       4       38

නුවන් Thursday, 28 January 2021 02:12 PM

ඕන දෙයක්...!!! හැබැයි වැඩක් නැහැ.

:       2       19

නදීශා Thursday, 28 January 2021 02:57 PM

පාඨලි හොඳයිනේ...

:       42       19

saduni Thursday, 28 January 2021 04:18 PM

මෛත්‍රී සර් මේ දවස්වල කලකිරිලා ඉන්නේ... මෛත්‍රී සර් පොදු අපේක්ෂකයා විදියට දැම්මොත් ආයිත් පාරක් දිනන්න පුළුවන්....

:       2       3

janaka Thursday, 28 January 2021 06:38 PM

අනේ මහත්තයෝ අපි නම් දැන් බලන්නේ එන ජනාධිපතිවරණය වෙනකම් ජීවත් වෙන්නේ කොහොමද කියලයි...

:       2       5

chandima Thursday, 28 January 2021 06:46 PM

ඇමක් දීලා දෙමළ ඡන්ද බාගන්න වගේ යන්නේ...

:       2       4

banda Thursday, 28 January 2021 10:00 PM

ජෝන් අමරතුංග මහතා තමයි අපේ එකම බලාපොරොත්තුව...!!! 

:       5       5

BamunuarachchiSaturday, 30 January 2021 06:26 AM

සීනුව ගහන්න නොවෙයි හලෝ මේ හොයන්නේ රටේ පාලනයට.

:       0       0

Ara Friday, 29 January 2021 12:50 AM

මැතිවරණ දිනන්න පොදු අපේක්ෂකයෙක් දමලා දිනුවට පසුව ඒ පොරොන්දු වැඩ පිළිවෙල වෙනස් කරන එකයි ප්‍රශ්නය. පසුගිය වතාවෙත් වුනේ ඒකයි. මෛත්‍රීපාල මහතා ඇමට දැම්මට එක්සත් ජාතික පක්ෂය ජනතාවට දුන් පොරොන්දු අමතක කර කැඳවා මෛත්‍රීපාල මහතා උත්සාහ කළා. නමුත් එජාපය ඊට හරස් වුණා. ඒ වතාවේ ජනතාව ඡන්දෙ දුන්නා වැඩ පිළිවෙලකට... ඒක වැරදුණු නිසා වැඩපිළිවෙළ අමතක කරලා පුද්ගලයෙක්ට ඡන්දෙ දුන්නා.

:       0       0

Piyananda Friday, 29 January 2021 01:31 AM

බොරුවට මහන්සි වෙන්න එපා සුදු මහත්තයෝ... අපිට මේ තියන විදිය හොඳයි. මාරු කරන්න මහන්සි වෙන එකේ තේරුමක් තිබේද? මහා විශාල ගස් යට ගොඩක් වෙලාවට සරු ගස් හැදෙන්නේ නෑ...

:       3       6

df Friday, 29 January 2021 03:48 AM

පක්ෂ 02ම එපා... ජනතා බලවේගයක් හදමු.

:       5       7

Rata Perata Friday, 29 January 2021 07:36 AM

විපක්ෂයට විතරක් නොවේ... රටටම වෙන අපේක්ෂකයෙක් ඕනෑ.. රාජපක්ෂලා ඇති.

:       5       8

BamunuarachchiSaturday, 30 January 2021 06:23 AM

රාජපකෂලා නැතුව වෙන කව්ද ඉන්නේ? එක නමක් කියන්න...

:       0       0

ඉන්දික Sunday, 31 January 2021 08:47 AM

රට කරන්න ඔය කියන ජනාධිපතියි, අර කියන ඇමති මණ්ඩලයයි ඕනෑමද? ඔය සුදුසුකම් නැති මිනිස්සු ටිකක් ඕක අස්සට දාගෙන සංවර්ධනය ගැන දවල් හීන දකිනවට වඩා නරකද අලුත්ම සිස්ටම් එකක් ගැන හිතුවොත්...

:       0       0

sharm warn Tuesday, 02 February 2021 06:28 AM

පොදු අපේක්ෂකයාව පඹයාට තියාගෙන ගේම ගෙනියන්නේ රනිල් නම්... මිනිස්සු ආපහු රැවටෙන එකක් නැහැ. පොදු අපේක්සකයා පව්. අලුත් සෙල්ලමක්ද මෙයාලගේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කාර්තිව් පාසලක සිසුන් පහක් ඇතුළු හතක් ගසාන ගිහින්
2024 නොවැම්බර් මස 26 1795 0

කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා


කටුනායකට ආ ගුවන් යානා හයක් මත්තලට සහ ඉන්දියාවට යවයි
2024 නොවැම්බර් මස 26 1995 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,


ඉදිරි පැය 12 ගැන කාලගුණය අනතුරු අඟවයි
2024 නොවැම්බර් මස 26 1420 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ


ධීවර යාත්‍රා මුහුදු යාම නතර කරයි
2024 නොවැම්බර් මස 26 288 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


ආපදාවට ලක් වූවන් බේරගන්න හෙලිකොප්ටර් හයක්
2024 නොවැම්බර් මස 26 780 0

ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක


ගංවතුරට කොටු වූ ගොවීන් හතකගේ දිවි බේරා ගැනෙති
2024 නොවැම්බර් මස 26 578 0

පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 552 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2111 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site