IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


උගන්ඩා තරග ජයත් සමග නිලූක ඔලිම්පික් වරම් ලබයි

ශ්‍රී ලංකා බැඞ්මින්ටන් ක‍්‍රීඩක නිලූක කරුණාරත්න මෙම වසරේදී ලන්ඩන් නුවරදී පැවැත්වෙන ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමේ අවස්ථාව උදා කර ගෙන ඇතැයි ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයේ සභාපති පරාක‍්‍රම බස්නායක මහතා ‘ලංකාදීපයට’ පැවසීය. උගන්ඩා’හි කම්පාලා නගරයේදී ඊයේ නිමා වු ‘උගන්ඩා’ අන්තර්ජාතික බැඞ්මින්ටන් තරගාවලියේදී විශිෂ්ට දස්කම් දක්වමින් නිලූක පිරිමි කේවළ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත්විය. එම ජයග‍්‍රහණයත් සමග ඔහු ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමේ පරිසාධක මට්ටම ඉක්මවා යෑමට සමත් වු බවද බස්නායක මහතා පැවසීය. බැඞ්මින්ටන් ලෝක සම්මේලනයේ ශ්‍රේණිගත කිරීම් අනුව (පිරිමි කේවළ) 69 වැනි ස්ථානයේ සිටි නිලූක මෙම ජයත් සමග ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව තවදුරටත් ඉදිරියට ඒමේ අවස්ථාව හිමිකර ගෙන තිබෙන බවද වාර්තාවේ. ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියට සුදුසුකම් ලැබීමේ පරිසාධක මට්ටමේ සිටින පළමු ක‍්‍රීඩකයන් 38 දෙනා අතර සිටි නිලූක උගන්ඩා තරගාවලිය ජය සමග ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව තව දුරටත් ඉදිරියට යෑමට සමත්ව සිටින බවද වාර්තාවේ. ‘‘ලෝක ශ්‍රේණිගත කිරීමේ 77 වැනි ස්ථානයේ සිටියදී නිලූක ලකුණු 20,034 ක් ලබා ඔලිම්පික් පරිසාධක මට්ටමට ළගා වී සිටියා. එවිට ඔහු 69 වැනි ස්ථානයේ පසු වුවත්, ලබන බ‍්‍රහස්පතින්දා වනවිට ශ්‍රේණිගත කිරීම් අනුව තවත් ඉදිරියට යෑමට ඔහු සමත්වේවි. අපට ඒ සම්බන්‍ධයෙන් ඉදිරියේදී නිල වශයෙන් දැන ගන්න ලැබෙයි. නමුත් දැනට ලැබී ඇති තොරතුරු අනුව නිලූකට ඔලිම්පික් වරම් හිමිවන බව විශ්වාසයි යැයි’’ බස්නායක මහතා පැවසීය. අපේ‍්‍රල් මස 22 වැනිදා දක්වා ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල සඳහා ක‍්‍රීඩකයන්ගේ දක්‍ෂතා සලකා බලන බවද දැන ගන්නට ඇත. මේ වනවිට අන්තර්ජාතික බැඞ්මින්ටන් පිටියේ ක‍්‍රීඩකයන් අතර තරගකාරීත්වයක් පැවැතියත්, ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමට නිලූක දැනට ලබාගෙන තිබෙන  ලකුණු ප‍්‍රමාණවත්වන බවද දැන ගන්නට ඇත. උගන්ඩා අන්තර්ජාතික බැඞ්මින්ටන් තරගාවලියේ පිරිමි කේවළ ඉසව්වේ අවසන් මහා තරගයේදී ඉතාලියේ විස්නෝ හරියෝ පුට්රෝ පරදවා නිලූක (21/11, 21/18) පහසු ජයක් ලැබීය. පුට්රෝ, ලෝක ශ්‍රේණිගත කිරීමේ 54 වැනි ස්ථානයේ සිටින  ඕස්ටි‍්‍රයාවේ මයිකල් ලැන්ස්ටි‍්‍රනර් පරදවා අවසන් පුර්ව තරගයට සුදුසුකම් ලබාගත් ක‍්‍රීඩකයාය. පුට්රෝ ඉතාලියේ නියෝජනය කළද, බැඞ්මින්ටන් ක‍්‍රීඩාවෙන් ලෝකයේ රටවල් අතර ඉදිරියෙන් සිටින ඉන්දුනීසියානු ජාතිකයකු බවද වාර්තාවේ. නිලූක අවසන් පුර්ව තරගයේදී ලෝක ශ්‍රේණිගත කිරීමේ 68 වැනි ස්ථානයේ සිටින පෘතුගාලයේ පෙඞ්රෝ මාටින්ස් (21/17, 21/12) පරදවා ජය ලැබීය. නිලූක පසුගිය වසරේ නොවැම්බර් මස ඇමරිකාවේ අන්තර්ජාතික බැඞ්මින්ටන් තරගමාලාවකට සහභාගිවෙමින් ලෝක ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට පැමිණීමේ අවස්ථාව හිමිකර ගත්තේය. මෙම තරග සංචාරයට පෙර බැඞ්මින්ටන් ලෝක ශ්‍රේණිගත කිරීමේ (කී‍්‍රඩක) 165 වැනි ස්ථානයේ සිටි නිලූක මාස තුනක් වැනි කෙටි කලකදී ලොව පළමු ක‍්‍රීඩකයන් 70 අතරට පැමිණීමට සමත්වීමද කැපී පෙනේ. එහිදී නිලූක අන්තර්ජාතික තරගාවලි හතරකට සහභාගිවී තරගාවලි තුනක දීම රන් පදක්කම් දිනා ගත් අතර එය  ශ්‍රී ලංකා බැඞ්මින්ටන් ක‍්‍රීඩකයකු හෝ ක‍්‍රීඩිකාවක් විදෙස් තරග සංචාරයකදී දැක්වු හොඳම දක්‍ෂතාව ලෙසද වාර්තාවේ. ජාතික බැඞ්මින්ටන් ශූර නිලූක පසුගියදා පැවැති 59 වැනි ජාතික බැඞ්මින්ටන් තරගාවලියේදී ත‍්‍රිත්ව ශූරතා දිනා ගැනීමට ද සමත්විය. ඒ වත්මන් ශ්‍රී ලංකා බැඞ්මින්ටන් ක්ෂේත‍්‍රයේ නිලූකට තර්ජනයක් වන ක‍්‍රීඩකයකු නොමැති බව පෙන්වමින් ජාතික ශූරතාව 10 වරක් දිනාගත් එකම කී‍්‍රඩකයා වෙමිනි. අවසන් වරට 2008 වසරේ පැවැති බීජිං ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට බැඞ්මින්ටන් ක‍්‍රීඩිකා තිළිණි ජයසිංහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වු අතර මෙරට බැඞ්මින්ටන් ක‍්‍රීඩා ඉතිහාසයේ ඔලිම්පික් තරග සුදුසුකම් ලබන පළමු ක‍්‍රීඩකයා වීමේ භාග්‍ය නිලූකට හිමිව තිබේ.



අදහස් (0)

උගන්ඩා තරග ජයත් සමග නිලූක ඔලිම්පික් වරම් ලබයි

දමින්ද Tuesday, 07 February 2012 04:35 PM

ඔබට සුභපැතුම්..

:       0       0

අමිල විජේසිංහ Wednesday, 08 February 2012 01:47 AM

ඔබට සුභපැතුම්..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 138 0

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 74 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


පොලොන්නරුව සියයට 78යි
2024 සැප්තැම්බර් මස 21 122 0

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත


23 රජයේ නිවාඩු දිනයක්
2024 සැප්තැම්බර් මස 21 1007 0

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


රත්ගම පිරිසකට ඡන්දය අහිමි වෙයි
2024 සැප්තැම්බර් මස 21 1334 0

රත්ගම ආසනයේ මාදම්පා මධය විදයාලයේ පවත්වාගෙන ගිය චන්ද මධයස්ථානයට පැමිණි විශාල පිරිසකට සිය ඡන්ද පතිකාවේ හැදුනුම්පත් අංකය වැරදියට මුදණය කර තිබීම නිසා ඔව


දිගාමඩුල්ලේ සියයට 73 යි
2024 සැප්තැම්බර් මස 21 89 0

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සදහා පැවති ජන්ද විමසීමේ දී, දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ජන්දදායකයින්ගෙන් 73.83 % ක් ජන්දය පාවිච්චි කර ඇති බව, තේරීම් භාර නිලධ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14608 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 202 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 105 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 147 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site