මනෝ භ්‍රමිත මත්ද්‍රව්‍ය ලෙස සැලකෙන මීතයිල්නෙඩියොක්සි-මෙතන්පෙතමයින් (එම්ඩීඑම්ඒ), ලිසර්ජික් ඇසිඩ් ඩයතලමයිඩ් පෙති 200ක් පමණ කොළඹ රාත්‍රී සමාජ ශාලාවකින් අත්අඩංගුවට ගත් පොලිසිය පෙත්තක් රුපියල් 2500 හා 3500 ගණනේ අලෙවි කළැයි කියන තිදෙනෙක් ද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයෙන් අත්අඩංගුවට ගනු ලැබූහ.
කොළඹ ප්‍රධාන පෙළේ රෙදි සාප්පුවක හිමිකරු බව කියන දේශපාලන සම්බන්ධකම් ඇති පුද්ගලයෙක් ද කොළඹ ජාත්‍යන්තර පාසලක සිසුවෙක් ද අත්අඩංගුවට ගත් තිදෙනා අතර වෙති.
පාපන්දු පුහුණුකරුවකු බව කියන පුද්ගලයෙක් ද රාත්‍රී සමාජ ශාලා නර්තන ශිල්පීන් දෙදෙනෙක් ද අත්අඩංගුවට ගෙන මුදාහළ බව පොලිසිය කියයි.
මෙම මත්පෙති භාවිත කරන්නන්ගේ මනස විකෘති වී නොයෙකුත් විකාර කරන්නන් බවට පත්වෙතියි වෛද්‍යවරු කියති. මොළයටද ඒවායින් දැඩි හානි සිදුවන බව කියති.
බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.
අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා තමන් ඉදිරිපත් නොවන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල
ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඊශ්‍රායලයෙන් එල්ල විය හැකි ප්‍රහාරය මැඩ පැවැත්වීම සඳහා චන්ද්‍රිකා දත්ත ලබාදී ටෙහෙර
2024 මහ මැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අද (04) දහවල්වන විට ස්වාධීන කණ්ඩායම් හතරක් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කර ඇත.
දකුණු කොරියාවෙන් හෝ ඇමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට පිළිතුරු දීම සඳහා කිසිම පැකිලීමකින් තොරව න්‍යෂ්ටික අවි භාවිත කරන බව උතුරු කොරියානු නායක ක
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
උඩුකුරුඤ්ඤං පෙති තොගයක් රාත්‍රී සමාජ ශාලාවකින් අල්ලයි
පිටිගල මිලානෝ Sunday, 26 June 2016 09:32 AM
යුරෝපයේ හැදෙන ලංකාවේ ළමයින් නම් හන්දියක් ගානේ බෝපැල ඇති උදේ සිට රෑ වෙනකල් පිරිත් ඇසෙන ලංකාවේ හැදෙන 'උඩුකුරුඥන් ළමයි වගේ නම් නෙවෙයි. ඒ අය මානුෂික ගුණාංග වලින් පොහොසත්. රටකට ගිය කල? (බ)
ගජබා Sunday, 26 June 2016 03:32 PM
හලෝ ,පිටිගල මමත් ඉන්නේ ඉතාලි ගරිබල්දී පළාතේ ඔයා එක්කෝ සිංහල බාසාව දන්නේ නැහැ .එහෙම නැත්නම් ඔයාට ඉතාලිය ගැන කිසි අවබෝධයක් නැහැමොකද ඔයා මුළු ලංකාවේම ළමයින්ට චෝදනා කරනවා .(බ)
විජේ Sunday, 26 June 2016 11:55 PM
කොහොම වුණත්, මත්ද්‍රව්‍යට විරුද්ධව ගෙනයන සටන ප්‍රශංසනීයයි. මෙහි ජවය තවත් වැඩිකළ යුතුයි. මෙය නතරකරන්න කටයුතු කරන තරම් තවත් පින්කමක් නැහැ (නි)
පිටිගල මිලානෝ Monday, 27 June 2016 04:28 AM
ගජබා ඔයාට තරහ ගිය හේතුව ඔයත් ළමයව ලංකාවේ තනි කරලා මෙහෙ පුර්ණ කාලීනව යුරෝ දඩයමේ යෙදෙන්නෙක් නිසාද? පිටරටින් දහස් ගණන් මුදල් අතට එන ලංකාවේ මෙවන් ළමයි ගැන ඔබ අසා නැද්ද? කරුණාකර ළමයා තමුන් ළඟට ගෙන්වාගෙන හොඳ ඉතාලි ඉස්කෝලෙකට දාලා උගතෙක් කරන්න. (බ)