IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


උඩුගමදී මුතුහෙට්ටිගම ගීත හයක් ගයයි

මහින්ද රාජපක්ෂ මහතාගේ ජනපති අපේක්ෂකත්වයට සහාය දැක්වීම සඳහා උඩුගම පොදු ක්‍රීඩාංගණයේ පැවැති සංගීත ප්‍රසංගයකදී නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ගායක දීපාල් සිල්වාගේ ‘ඒ රටේ මිනිස්සු තනිකර කෙළින්නේ පිස්සු‘ යන ජනප්‍රිය ගීතය ගායනා කිරීමට දීපාල් සිල්වා සමඟ එක් විය.

මුතුහෙට්ටිගම මහතා එහිදී  ගීත හයක් ගායනා කිරීමට ගායකයින් සමඟ එක් විය.

‘මා ආදරණීය මගේ අම්මා වෙතටයි‘ ගීතය ඔහු තනිවම ගායනා කළේය.මුතුහෙට්ටිගම මහතා වේදිකාවට ගොඩ වුයේ මැදියම් රැය ආසන්නයේදීය.

 

‘ඔළුව තදින් නරක් වෙච්ච

මිනිසුන් පිරිසක් හැදිච්ච

අරුම පුදුම රටක් තියෙනවා ඕයි

මහ මුහුදින් වට කෙරිච්ච

අඹ ගෙඩියක හැඩය ගත්ත

ඒකට මරු නමක් කියනවා ඕයි

ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු

 

එකෙක් නඟිනකොට ඉහළට

ඇහේ කටු ඇනෙයි අනිකට

අදියි බිමට හෙළයි පහළට ඕයි

පිස්සෝ සුදුස්සෝ යට කොට

පුස්සෝ වැඩ දෙනවා යමරෙට

සෙතක් වෙයිද එහෙම රටකට ඕයි

 

බඩට නැති වුණත් ලුණු කැට

ඇගට ඕනෑමයි විල්ලුද

ඒකයි ඉහළම සන්තෝසේ ඕයි

නැති බැරි අඟ හිඟ කම් මැද

බිය සැක මැද දුක් විඳ විඳ

ඒකයි ලෝකෙට පරකාසේ ඕයි‘

 

 



අදහස් (0)

උඩුගමදී මුතුහෙට්ටිගම ගීත හයක් ගයයි

වීරප්පන් Tuesday, 23 December 2014 11:01 AM

විජයබාහු ඇතුලේ ඉදන් ගේම් දෙන අයත් ඉන්න ඕනේ. එතකොට තමයි නැගලා යන්නේ. (නදී)

:       0       0

සල්ගාදු ප්‍රංශය Tuesday, 23 December 2014 11:19 AM

ඔය ගීතයේ අර්ථය සමාන වන්නේ දැනට සිටින රජයටය. ගීතය ගායනා කරනට සහාය වූ නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ඇතුලු , ඔවුන්ට ගීතයේ අර්ථය තේරුම් ගන්නට බැරුවා වාගේ (නදී)

:       0       0

මොරිස් Tuesday, 23 December 2014 10:04 PM

අනේ සල්ගාදු ගීතයක අර්ථය තබා කිසිම දේක අර්ථයක් තේරෙනවද මොලේ නිශ්චිත තැන නොතිබුනහම. (නදී)

:       0       0

අශාන් Tuesday, 23 December 2014 08:29 AM

මේ ගීතය ගයන්ඩ එපා කියල ජනාදිපති ඉස්සර කියලා තිබුන නේද? දැන් එ්කම වේදිකාවේ කියන්ඩ වෙලා. ලැජ්ජාවක් නැද්ද? (නදී)

:       0       0

අමා Tuesday, 23 December 2014 08:32 AM

දීපාල් මේක කිව්වේ මුත්හෙට්ටිලට උපහාසෙට. මුතුහෙට්ටි මේක කියන්නේ තමන්ගේ චරිතාපදාන ගීතය වගේ (නදී)

:       0       0

අශාන් Tuesday, 23 December 2014 08:41 AM

තමන් ගැනම සින්දුවක් තමන්ම කියාගන්න එක එච්චර හරි මදි නේද? (නදී)

:       0       0

මහනාම Tuesday, 23 December 2014 08:42 AM

තමන්ටම ගැලපෙන සින්දුවක් හොයා ගෙන තියෙන්නේ (නදී)

:       0       0

තරිඳු ගනේගොඩ Tuesday, 23 December 2014 08:54 AM

ඔළුව නම් තදින්ම නරක් වෙලා තමයි (නදී)

:       0       0

වර්ණසූරිය Tuesday, 23 December 2014 08:57 AM

මෙතුමා ඇතුලු මුලු නඩයම කෙලින්නෙ නම් පිස්සු තමයි. ඒ අයට ඒක වැටහෙන්නෙ නැති එක තමයි පුදුමෙ. අපෙත් කරුමෙ. (නදී)

:       0       0

රොහාන් Tuesday, 23 December 2014 08:57 AM

මගේ දැනීමේ හැටියට මේ ගීතය ජනපතිතුමා විසින් ගායනා කිරීම 2009 දී තහනම් කලා. එතුමාගේම වේදිකාවේ මෙය ගයනා කිරීම සදාචාරාත්මක නැහැ නේද. (නදී)

:       0       0

සුමිත් Tuesday, 23 December 2014 09:09 AM

පෙත්තප්පු අන්න මුතු හෙට්ටි එලියට ඇවිල්ල (නදී)

:       0       0

සීමන් Tuesday, 23 December 2014 09:48 AM

සින්දු කියාගෙනම ගෙදර යන්න ලෑස්ති වෙන්න (නදී)

:       0       0

විමුක්ති Tuesday, 23 December 2014 09:57 AM

මෙයාට ඡන්දෙ දුන්න මිනිස්සු පිහියක් අරගෙන ඇනගන්න (නදී)

:       0       0

විජයබාහු Tuesday, 23 December 2014 10:16 AM

මන් කිව්වේ මෙයා ඇතුලේ ඉඳන් ගේම දෙන කෙනෙක් කියලා (නදී)

:       0       0

නිලූෂික Tuesday, 23 December 2014 10:30 AM

ගියපාර උඩින් දින්නේ මං,මේ පාර ඇපත් නැහැනේ බන්... (නි)

:       0       0

ජෙහාන් Tuesday, 23 December 2014 10:52 AM

මෙයාට සින්දු කියන්නත් පුලුවන්නේ.(හේ)

:       0       0

නන්දසේන‍ Tuesday, 23 December 2014 03:37 PM

ෂා නියම ගායකයෙක්නේ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 838 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 467 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 350 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 609 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 403 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 1111 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38668 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 954 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site