වන ජීවී හා වෘක්ෂලතා අාඥා පනතින් අපනයනය කිරීමට තහනම් කර අැති සුදු හඳුන් දැව තොගයක් පකිස්ථානයට ගෙන යාමට උත්සහ කළ පකිස්ථාන ජාතිකයෝ තිදෙනෙකු සහ ශ්‍රී ලාංකිකයෙක් කටුනායක බන්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරුවෝ පකිස්ථානයේ කරච්චි නුවර පදිංචිකරුවෝ බව රේගුව කියයි.
අත් අඩංගුවට ගනු ලැබු සුදු හඳුන් දැව තොගයේ බර කිලෝග්‍රෑම් 192 යි ග්‍රෑම් 400 කි. එහි වටිනාකම රුපියල් තුන් ලක්ෂ අසුහතර දාස් අටසීයක් බව රේගුව ගණන් බලා ඇත.
මොවුහු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 183 දරණ ගුවන් යානයෙන් පකිස්ථානයේ කරච්චි නුවර බලා යාමට කටුනායකට පැමිණ සිටියදී රේගු නිලධාරීන්ට ඇති වු සැකයක් මත පරීක්ෂා කර ඇත.
එම අවස්ථාවේ මොවුන් පවසා ඇත්තේ තමන් පකිස්ථානයට බුලත් ගෙන යන බවයි.
කෙසේ වෙතත් රේගුව පවසන්නේ මොවුහු බුලත් ගෙන යන මුවාවෙන් රේගුව රවටා මෙම සුදු හඳුන් දැව රැගෙන යාමට උත්සහ කර ඇති බවයි.
මේ පිළිබඳ විමර්ශණ කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂිකා ලෝෂිනී පීරිස් සහ රේගු ජෛව විවිධත්ව සහ ජාතික උරුමයන් සුරැකීමේ ඒකකයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සමන්ත ගුණසේකර මහතාගේ අධීක්ෂනය යටතේ ගුවන්තොටුපොළ රේගු නිලධාරීහු සිදු කරති.
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.
ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් චීන රජයේ සහයෝගය ලබාදෙන බව මෙරට චීන තානාපති Qi Zhenhong මහතා පැවසීය.
රුසියානු යුක්‍රේන යුද්ධයට කුලී හේවායන් ෙලස විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යැවීමේ මිනිස් ජාවාරම පිටුපස සිටි බව කියන රජයේ ඉහළ පෙළේ තනතුරක් හෙබව
පැරණි ක්‍රමවේදය අනුව වීසා ලබා ගැනීමේ හැකියාව අද මැදියම් රැයේ සිට සියලුම විදේශිකයන්ට හිමිවන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
උඩින් බුලත් යටින් හඳුන්