( ප්‍රසාද් රුක්මල් )
උඩරට දුම්රිය මාර්ගයේ පටිටිපොල සහ ඔහිය දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට අද (19) විශාල ටර්පන්ටයින් ගස් කඩා වැටීමෙන් බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනයට බාධා සිදුව ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි .
දුම්රිය මාර්ගයට විශාල ගස් කඩා වැටී තිබෙන බව දුර දී දැක ඇති බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ අංක 1016 දරණ උඩරට මැණිකේ දුම්රිය රියදුරු ධාවනය වෙමින් තිබූ දුම්රිය නවතා ගෙන විශාල අනතුරක් වලකාගත් බවද එම දුම්රියේ ගමන් ගත් මගීහූ පැවසූහ .
ඔහිය ඉදල්ගස්හින්න ප්‍රදේශයේ පවතින අධික සුලං තත්ත්වයත් සමග අද (19) උදෑසන මෙසේ උඩරට දුම්රිය මාර්ගයේ පටිටිපොල ඔහිය දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගය ට විශාල ටර්පන්ටයින් ගස් කඩා වැටී මාර්ගය අවහිර වී ඇති බවත් එම විශාල ටර්පන්ටයින් ගස් කපා ඉවත් කිරිමට කටයුතු සිදු කරන බවද නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සදහන් කළේය .
මේ නිසාවෙන් බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනය ප්‍රමාද වන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයකු පැවසීය .
රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ අමාත්‍ය ලේකම්වරු ඇතුළු ඉහළ නිලධාරීන් භාවිතා කළ ‘සුපිරි’ වාහන විශාල සංඛ්‍යාවයක් ක
මේ රටේ දේශපාලඥයන් කරපු ජඩ වැඩ හින්දා, වෛරී දේශපාලනය තමයි අනුර කුමාර මහතාගේ ජයග්‍රහණයට හේතු වුණේ,යැයි ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියෝ පැව
ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධුරයට පත් වූ අනුර කුමාර දිසානායක මහතාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය සු
මෙරට ජනතාවට විශාල ගැටලුවක් බවට පත්ව තිබෙන විදේශ ගමන් බලපත්‍ර ගැටලුවට හැකි ඉක්මණින් විසඳුමක් දෙන බවත් ලබන ඔක්තෝබර් මස 15ත් 20ත් අතර කාල වන විට පෝලිම අවසන්
පාසල් දුවා දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවය පිරිමසාලීම වෙනුවෙන් ප්‍රවාහනය ද ඇතුළත්ව බිත්තරයක් රුපියල් 30ක මුදලට ලබාදීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සං
ඉරානයෙන් සිය ජීවිතයට විශාල තර්ජන තිබෙන බව ඇමෙරිකාවේ රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් අද (25) ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
උඩරට දුම්රිය ධාවනයට බාධා