IMG-LOGO

2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා


උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

(ප්‍රසාද් රුක්මල් ) 

බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ අංක 1016 උඩරටමැණිකේ සහ නානුඔය සිට කොළඹ කොටුව බලා ධාවනය වන අංක 1024 දරන ටිකිරිමැණිකේ දුම්රිය න් වල එන්ජින් වල  හදිසියේ ඇති වූ කාර්මික දෝශයක් නිසාවෙන් අද (18) උදෑසන එම දුම්රියන් දෙකම අතරමග ඇණහිටිමෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය බාධා සිදු වූ බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.

බදුල්ල දුම්රිය ස්ථානයෙන් කොළඹ කොටුව බලා අලුයම 5.50 ට ගමන් ආරම්භ කළ අංක 1016 දරන උඩරටමැණිකේ දුම්රිය බදුල්ල සහ හාලිඇල දුම්රිය ස්ථාන අතර අතරමගදී එහි එන්ජිමේ ඇති වූ කාර්මික දෝශයක් නිසාවෙන් ඇණහිටයේය.

පසුව එම දුම්රියේ අනික්  එන්ජිම මගින් දුම්රිය යලි බදුල්ල දුම්රිය ස්ථානය කරා ධාවනය කර කාර්මික දෝශයකට ලක්ව තිබූ දුම්රිය එන්ජිම පිළිසකර කර යලි බදුල්ල දුම්රිය ස්ථානයෙන් පැය දෙකක පමණ ප්‍රමාදයකින් අනතුරුව අංක 1016 දරන  උඩරටමැණිකේ දුම්රිය පෙරවරු 7.57. ට කොළඹ කොටුව බලා ධාවනය වූ බවත් නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.

මේ අතර නානුඔය දුම්රිය ස්ථානයෙන් උදෑසන 6.00ට කොළඹ කොටුව බලා ගමන් ආරම්භ කළ අංක 1024 දරන ටිකිරිමැණිකේ දුම්රියේ එන්ජිම උඩරට දුම්රිය මාර්ගයේ කොටගල සහ තලවාකැලේ දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ දී හදිසි කාර්මික දෝශයකට ලක්ව දුම්රිය අතරමග ඇණහිටි බවද දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය .

පසුව එම දුම්රිය යලි පිළීසකර කර ප්‍රමාද වී කොළඹ කොටුව බලා ධාවනය කල බවද නාවලපිටිය දුම්රිය පාලක මැදිරියේ ප්‍රකාශයකු සඳහන් කළේය.



අදහස් (0)

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මාදම්පිටිය වෙඩි තැබීමට දෙදෙනෙක් සැකපිට
2024 ඔක්තෝබර් මස 18 4 0

තොටළඟ, මාදම්පිටිය කනත්ත අසලදී ත්‍රිරෝද රථයක සිටි පුද්ගලයකුට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම ත්‍රිරෝද රථයේ සිටි අනෙක් පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුව


විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති පත් කරයි
2024 ඔක්තෝබර් මස 18 319 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා පත් කරනු


දැනට භාර දී තියෙන්නේ නිල නිවාස 14යි
2024 ඔක්තෝබර් මස 18 460 1

හිටපු ඇමතිවරුන්ට යලි නිල නිවාස භාරදීමට කාලය ලබා දී තිබෙන අතර එයින් දැනට නිල නිවාස භාර දී තිබෙන්නේ 14 දෙනෙක් පමණක් බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත්


බාප්පා - පුතා කළ වැඩ ගොඩක් එළියට
2024 ඔක්තෝබර් මස 18 1291 1

ගම්පහ ප්‍රදේශ කිහිපයක මංකොල්ලකෑම් සහ ස්ත්‍රී දූෂණ සිදු කළ බව කියන දැනට පොලිස් අත් අඩංගුවේ පසුවන ඥාතී පුතකු සහ බාප්පා යැයි කියන දෙදෙනා විසින් දිවයිනෙහ


නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 18 1114 2

නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ නව සභාපති ලෙස අසංක අබේවර්ධන මහතා වැඩ භාර ගත්තේය.


උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
2024 ඔක්තෝබර් මස 18 284 0

බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ අංක 1016 උඩරටමැණිකේ සහ නානුඔය සිට කොළඹ කොටුව බලා ධාවනය වන අංක 1024 දරන ටිකිරිමැණිකේ දුම්රිය න් වල එන්ජින් වල හදිසියේ ඇති ව


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 9 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 634 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 499 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site