IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


උඩවලව ගොවීන්ට එස්.ටී.එෆ් ප්‍රහාරයක්

උඩවලව හා කිරිඉබ්බන්ආර අතර තම කුඹුරු ඉඩෝරයෙන් මැරීයාම වැලැක්වීමට කටුපිල වැවේ පතුලේ තිබූ වතුර ටික කලුගල් දමා ඉහළට ගෙන කුඹුරුවලට හරවා ගැනීමට ගත් උත්සාහයේදී පොලිස් විශේෂකාර්ය බලකායේ පහරදිමෙන් ගොවීන් කීප දෙනෙකු තුවාල ලැබූ බව කොවුල්ආර සහ දළුක්පිටිය ගොවි සංවිධාන නියෝජිතයෝ කියති. මේ ප්‍රශ්නය සති ගණනක් තිස්සේ පැවැති අතර වැසි නොලැබීම නිසා කුඹුරු මැරීමට පටන් ගෙන ඇතැයි ගොවීහු පවසති. විශේෂ කාර්ය බලකාය මහවැලි නියෝජිතයන් සමග පැමිණ තමනට පොලුපහර එල්ල කළ බව ගොවියෝ කියති.



අදහස් (0)

උඩවලව ගොවීන්ට එස්.ටී.එෆ් ප්‍රහාරයක්

ලලිත් - කටාර් Friday, 17 August 2012 10:35 AM

අඩුම වශයෙන් බීමට හෝ සරිලන ජල ප්‍රමාණයක් රජය විසින් මොවුන්ට සැපයිය යුතුයි. (නි)

:       0       0

සතීෂ් Friday, 17 August 2012 10:34 AM

ගොවියන්ට ගැහැව එකනම් වැරදියි . ගොවීන් වැවට කළුගල් දාපු එකත් වැරදියි..(ස)

:       0       0

මේනක Friday, 17 August 2012 10:37 AM

ගොවියන් දුරදිග සිතා නැහැ. ඔවුන් කළ කාර්යයෙන් ඇළට සිදුවුණේ බරපතළ හානියක්. (නි)

:       0       0

ලලිත් - කටාර් Friday, 17 August 2012 10:42 AM

මොනවද මේ මෝඩ වැඩ? ගල් දාලා වතුර අරන් ඉන් පස්සේ ගල් අයින් කරයි කියලා හිතනවද? ඔය ගල් පිරිච්ච ඇළට ඉන්පස්සේ වැස්ස ලැබුණහම ඒකේ වතුර පිරෙයිද? නැහැනේ. මේවා ගැන ඇයි හිතන්නේ නැත්තේ? (නි)

:       0       0

ප්‍රදීප් Saturday, 18 August 2012 08:18 AM

මෙතන ගොවීන් වැරදියි කියලයි මට හිතෙන්නේ. මොකද වැවට ගල් දාලා වැව අවහිර කළහම ඊළග පාර වැස්ස ආවහම වැවට වතුර පිරෙන්නේ කොහොමද? (නි)

:       0       0

ජයන්ත - ඉබ්බාගමුව Friday, 17 August 2012 04:35 PM

කුඹුරු ඉඩෝරයෙන් මැරෙන්න ඇරලා ඒකට වගා පාළු දෙන්න ආණ්ඩුව කැමතිනම් මේ ගොවියන්ට ටිකක් හරි සහනයක් තියේවි. ඒත් ඒක කරාවි කියලා ගොවීන්ට පැහැදීමක් නැහැ. ඔවුන් දුප්පත්, කුඹුරු මැරුණොත් මාසයක් ජීවත් වෙන්න රු.2500/- තියා රු. 100/- ක් වත් හොයා ගන්න එයාලට බැරි වෙයි. හුග දෙනක් කුඹුරු කරන්නේ ණය වෙලා. කාරණය අපි හිතන තරම් සරල නැහැ. නමුත් ආණ්ඩුව වැස්ස නැති එකටත් වැරැදි නැහැ. ඒත් ආණ්ඩුවට දැක්මක් තියෙන්න ඕනෑ මෙහෙම කාලයක් උදා වුණොත් ඒකට මූහුණ දෙන්න. ඒත් කිසිම සූදානමක් නැති බවයි අපට පෙනෙන්නේ. බොහෝ වැව් කාලයකින් ප්‍රතිසංස්කරණය කරලා නැහැ. සමහර වැව් අවට අනවසර ඉදිකිරීම් කරලා. ඒ නිසා ඒවා ගිලෙයි කියලා වැවේ වතුර අඩුවෙන් පුරවන්නේ. තවත් කාරණාබොහෝ තිබෙනවා. ගොවියන් මේ කරපු දේට එයාලාට පහර දීලා වැඩක් නැහැ. ඒක ප්‍රශ්නයෙන් මග හැරීමක් සහ යටගැසීමක් විතරයි. (නි)

:       0       0

ප්‍රසාද් Friday, 17 August 2012 10:51 AM

රණවිරුවෝ නේද මේ ??? අපිට හිතාගතහැකි.......(ස)

:       0       0

ප්‍රවීන් - මැනිලා Friday, 17 August 2012 10:51 AM

මොනවා වුණත් ගොවීන්ට අයිතියක් තියෙනවා බලෙන් හරි තමන්ගේ අස්වැන්න රැක ගන්න. ඒ අයට ගහපු එක වැරදියි. අවම බලය යොදලා තත්ත්වය සමථයකට පත් කරන්නයි තිබුණේ. (නි)

:       0       0

සමින්ද Friday, 17 August 2012 10:53 AM

ආයු‍‍බෝ වේවා...!!(ස)

:       0       0

සහන් Friday, 17 August 2012 10:57 AM

ස්වභාව ධර්මයට පිටුපාන්න ඔබට හෝ මට ‍හෝ නොහැක. (නි)

:       0       0

සුසිල් Friday, 17 August 2012 10:57 AM

අහිංසක දුප්පත් මිනිස්සුන්ට ගහන එක හපන්කමක් නම් නෙවෙයි....(ස)

:       0       0

නසාර් Friday, 17 August 2012 11:04 AM

'ඇටිකෙහෙල් කෑවා නම් විදවපන් බළලෝ' කිවුවලු. (නි)

:       0       0

දීපානි Friday, 17 August 2012 11:21 AM

එස්.ටී.එෆ්. හරි. ගොවියන් වැරදියි. ගොවියන් නීතියට ගරු කළ යුතුයි. කිසිවකුට නීතියට එරෙහි විය නොහැක. (නි)

:       1       0

අසිත කෝණාර Friday, 17 August 2012 06:33 PM

මෙතන ඇත්තටම වැරැද්ද කරලා තියෙන්නෙ උඩවලවෙ ගොවියන්. ඒ ගොල්ලො ඇළේ වතුර අනෙක් ගම් වලට යන්න දෙන්නේ නැතුව ඇළ වහගෙන ඉඳලා. බැම්ම ගලවන්න ආපු මහවැලි නිලධාරීන්ටත් හොඳටම පහරදීලා. ඔය සෙබලු කරලා තියෙන්නෙ හරි දේ. දිවි හිමියෙන් අපේ රට රැක දුන් සෙබළුන්ටත් කරුණු හොයන්නෙවත් නැතුව අපහාස කරන අය මෙතන ලියන ප්‍රතිචාර දැක්කහම ඇත්තටම කළකිරෙනවා. (නි)

:       0       1

මනෝ Friday, 17 August 2012 11:32 AM

කවදාවත්ම තේරෙන්නේ නැති වුණත් පහු වෙලා සමහරවිට දවසක තේරෙයි. හැබැයි එතකොට පරක්කු ‍වැඩිවෙයි. (නි)

:       0       1

සම්පත් Friday, 17 August 2012 11:33 AM

අහිංසක දුප්පත් ගොවීන්ට ගහන එක වැරදියි. වැවේ පතුලට කලුගල් දමන එකත් වැරදියි. ඉස්සරහට එන ඉඩෝරයන් වලදි මිට කලින් වැව හිදෙයි. ගොවීන්ට පොලු පහර නොදී වැලැක්වීමට තිබූනා. නිදානයක්වත් තියනවද දන්නේ නෑ? (ස)

:       0       0

දේශාන් Friday, 17 August 2012 06:49 PM

නිකන් ගහන්නේ නැහැනේ. ගොවියන්ගෙත් මොකක් හරි පරහක් ඇති අපි නොදන්න. (නි)

:       0       1

ජයලත් Friday, 17 August 2012 06:56 PM

එස්.ටී.එෆ්. එකයි, මහවැලියයි කරලා තියෙන්නේ හරි දේ. මිනිස්සුන්ට ඕනම වැඩක් කරන්න කියලා ඇස් කන් පියාගෙන ඉන්නද කියන්නේ? (නි)

:       0       0

ප්‍රියා Friday, 17 August 2012 06:56 PM

පින් පඩි ගන්නවා මදිවට තව කරන දේවල්? (නි)

:       0       0

සනත් Friday, 17 August 2012 06:58 PM

උඩවලවේ ගොවි මහ්තතුරුන් එතකොට ඇළ වහලා දාලා අනෙක් ගම් වලට වතුර යන්න දෙන්නේ නැතුව හරස් කරපු එක හරිද? (නි)

:       0       0

දිනුක් Friday, 17 August 2012 11:59 AM

ආරක්ෂක හමුදාව ගොවීන්ට එහෙම කළ එක වැරදියි. ගොවීන් කළේ හොරකමක් නොවෙයිනේ. ඔවුන්ට අයිති වතුර ටිත ගත්ත එක විතරනේ. (නි)

:       0       0

ලලිත් - කටාර් Friday, 17 August 2012 12:12 PM

අපේ ගොවිතැනෙහි මතු ආරක්ෂාව වෙනුවෙන් යම් පියවරක් ගැනීම අත්‍යවශ්‍ය කාරණාවකි. (නි)

:       0       0

බණ්ඩාර Sunday, 19 August 2012 09:31 AM

තම තමන් වපුරන විදිහට අස්වැන්න ලැබෙයි. ස්වභාව ධර්මය සහ බුද්ධ ධර්මය කියන්නේ දෙකක් නොවෙයි, එකක්. ඉතින් ස්වභාව ධර්මය ක්‍රියාත්මක වෙන්නේ බුද්ධ ධර්මයට අනුවයි. බය වෙන්න එපා. වැරදි කළ සහ කරන, එසේම කරන්න හිත ඇත්තන්ට ඒ ඒ අවස්ථානුකූලව පල දේවි. (නි)

:       0       0

සමන් Friday, 17 August 2012 01:01 PM

දැන් 'විශේෂ කාර්යය' කියන්නේ ඕවාට තමයි.(ස)

:       0       0

දයාන් Sunday, 19 August 2012 11:20 AM

මේ සිදුවීම කියවද්දී මට නම් හිතුණේ, ආරක්ෂක අංශ වලට මේ නිසා කලු පැල්ලමක් එක් කරලා වගෙයි කියලයි. (නි)

:       0       0

සම්පත් Friday, 17 August 2012 01:24 PM

එස්.ටී.එෆ්. එක කරපු වැඩේ වැරදියි. අමතක කරන්න එපා අපි කෘෂිකර්මාන්තයෙන් යැපෙන රටක් බව. ගොවියන් නැත්නම් ලංකාවේ කෘෂිකර්මයක් නැහැ. (නි)

:       0       0

ද සිල්වා Friday, 17 August 2012 01:30 PM

වැව පැත්තේ නිධානයක් වත් තියෙනවද දන්නේ නැහැ. ඒකද දන්නේ නැහැ ගැහුවේ? (නි)

:       0       0

ජනක පෙරේරා Friday, 17 August 2012 02:02 PM

රුක්මල් හරි. 2/3ක් දුන්නා නම් කරන්න දෙයක් නැහැ. ගුටි කාගෙන ඉන්න වෙනවා. මේක එතකොට හරියට කොළොම්බියාව වගේ තියෙයි. (නි)

:       0       0

වරුණ Friday, 17 August 2012 07:32 AM

නිදානයක්වත් තියනවද දන්නේ නෑ ?????????? (ස)

:       0       0

ජයකොඩි Friday, 17 August 2012 02:18 PM

මෙගොල්ලො යුද්ධය දිනුවයි කියල ජනතාව මේගොල්ලො නිසා විනාශ වෙන්නට ඉඩ දෙන්න බැහැ. මේගොල්ලො නිසා අසුව දශකයෙ තරුණයන් මිය ගියා.දෑන් හැම තැනම 'අපි හමුදාවෙ රස්සා කරන්නෙ' කියල චන්ඩිපාට් අහිංසකයන්ට දානවා. තුවක්කු, බෝම්බ පෙන්නලා බය කරනවා. ඕනම කෙනෙක්ව ඕනවට වෑඩිය පුම්බන්න හොද නැහැ. (නි)

:       0       0

විදු Friday, 17 August 2012 10:11 PM

ප්‍රියා ලක්මාල්; ඔයාලා කරන රැකියාව දැනගන්න පුලුවන්ද අපිට... ජයකොඩි; තමුන් මොනවද කියන්න උත්සහ කරන්නේ? (ස)

:       0       0

සුමුදු Friday, 17 August 2012 07:44 AM

අනේ ඉතිං ඔවුන් දන්නෙ නැද්ද ඔවුන් කන්නෙ මොනවද, ඒවා වගාකරන්නේ කවුද කියල.....(ස)

:       0       0

චාමික Friday, 17 August 2012 10:14 PM

පින් පඩි ගන්නේ කවුද ??(ස)

:       0       0

අමිල කටුනායක Friday, 17 August 2012 07:57 AM

ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා වගේ තියෙන්න ඇති ,තුවාලේ වේදනාව දැනෙන්නේ තුවාලේ තියන මිනිහටනේ...(ස)

:       0       0

ශාන්ත Friday, 17 August 2012 02:23 PM

ඔය ගොවියන් බැන්ද බැම්ම නිසා පසුගිය දවස් වල අහළ පහළ ගම ඔක්කොටම යන්න තිබුණු වතුර නැවතිලා ඒ ගම් වල කුඹුරු වේලුණා. ඒ ගොවියොත් ඊට පස්සෙ ඊයෙ අඟුණුකොළ පැලැස්සෙ උද්ඝෝෂණය කළා. මේ බැම්ම ගලවන්න ගිය මහවැලි නිලධාරින්ට උඩවලවෙ ගොවියන් බාධා කරලා ගල් ගැහුවා. ඊට පස්සෙයි විශේෂ බළකාය ගෙන්නුවෙ. (නි)

:       0       0

විදු Friday, 17 August 2012 10:17 PM

ප්‍රවෘත්තියට සම්පූර්ණ විස්තර ඇතුලත් කරා නම් මෙය කියවන අය සමහර දේවල් වැරදී විදියට තේරුම ගන්න එකක් නැහැ. (ස)

:       0       0

මංජුල Friday, 17 August 2012 10:21 PM

" අපි වෙනුවෙන් අපි" තව කන්න වුණේ නැහැ ඔහේලට. තව ඉස්සරහට තව හොදට කන්න හම්බවෙයි. (නි)

:       0       0

ලුම්බිණි Friday, 17 August 2012 08:02 AM

ලංකාවේ හැමදාම තියෙන්නේ දැන් සිදුවීම් වර්ග තුනයි. එක්කෝ වර්ජනය කරනවා නැත්නම් නඩු දානවා ඒ දෙකම කරන්න බැරි අය හමුදාවෙන් හරි පොලිසියෙන් හරි නැත්නම් මැරයන්ගෙන් හරි ගුටි කනවා. (ස)

:       0       0

ජගත් අබේසුන්දර Saturday, 18 August 2012 05:33 PM

දෙයක ඇත්තක් නැත්තක් නොසොයා මෙතන අපේ රණවිරුවන්ට ගරහන අයටයි මේ කියන්නේ. ඔහේලා මේ රටේ පාගන හැම පස් පිඬකම ඇත්තේ අපගේ හෙට දවස වෙනුවෙන් උණ්ඩයට ළය දී පොළොවට එක්වුණු වීරොධාර රණවිරුවන්ගේ ඇට මස් නහර වලින් සැදි පස් ය. අප ආශ්වාස කරනා වාතයේ මුසු වී ඇත්තේ ඔවුන් අවසන් වරට හෙලු හුස්ම පොද ය. වහින හැම වැහි බිඳුවක් පාසාම ඇත්තේ අප වෙනුවෙන් ඔවුන් අත් හැරි ඔවුන්ගෙ මව්වරුන්, පියවරුන්, දූදරුවන් අදටත් වැළපෙමින් හෙලනා කඳුලු මුසු වූ ජලයයි. එවන් වීර පුතුන්ටත් ගරහන තොප වැනි නිකමුන් මේ ලංකා මාතාවටම බරකි. ලංකා මාතාවට කරනා ලද සාපයකි. තොපට මේ බිමෙහි මොහොතකුදු විසීමට කිසිදු අයිතියක් නැත. තවත් මේ රටේ මිනිසුන්ගේ සිත් වලට කෝපයේ ගිනි නොදී තොපේ නීච හිවල් ගති වලට ගැළපෙන රටකට වහා පලයව්! (නි)

:       0       0

යසස් Friday, 17 August 2012 08:00 AM

සෑම දෙයක්ම වෙන්නේ දුප්පතාට ලංකාවෙ.. මගේ මව්බිමට මොකද මේ වෙලා තියෙන්නෙ.. අසරණ ගොවයන්ට උදව්වක් නැහැ ඩී.එස්.සේනානායක වගේ රජෙක් පහළ වෙනකම්ම...!!(නු)

:       0       0

කුසුම් Friday, 17 August 2012 08:07 AM

රටට බත් දෙන ගොවීන්ට පොලු පහර දීලා මදි. (ස)

:       0       0

නයනා Friday, 17 August 2012 08:08 AM

එසත්ටී.එෆ් දාලා ගස්සන්න ඕන කැලෑ පාලුවන්ටයි.. අනවසර කැලෑ ඉඩම් එළි කරන අයටයි..ජාවාම් කරුවන්ටයි.. ලංකාවෙ ඔක්කොම කණපිට.. (නු)

:       0       0

අප්පුහාමි Friday, 17 August 2012 08:39 AM

ඊළග මැතිවරණයට කතිරය ගහන්න ගියහම මතක් වෙන්නත් එක්ක පහර දුන්නානම් හරි. නැත්නම් හරි ඉක්මණට කට්ටියට මේවා අමතක වෙනවා. (නි)

:       0       0

බණ්ඩාර Friday, 17 August 2012 02:41 PM

මේකේ ප්‍රතිඵලය ළග එන පළාත් සභා මැතිවරණයේදි බලා ගන්න පුලුවන් වෙයි. (නි)

:       0       0

සිසිර Friday, 17 August 2012 08:42 AM

දැන් යුද්ධයක් නෑනේ සටන්කරන්න. ඒ නිසා වෙන්න ඇති‍...??????????(ස)

:       0       0

උපාලි Friday, 17 August 2012 11:32 PM

අර ඉස්සර කාලේ කපුටා කලේ වතුර බීපු කතාව මතක්වෙනවා..(ස)

:       0       0

රන්මල් Friday, 17 August 2012 08:46 AM

යුද්දේ කාලේ ඔයාලා වෙනුවෙන් බෝධි පූජා තිබ්‍බේ, සෙත් පැතුවේ මේ අහිංසක ගැමියොයි...(ස)

:       0       0

රණවීර Friday, 17 August 2012 11:47 PM

සිද්ධියෙන් පොලිසියේ තිදෙනෙක් තුවාල වෙලා රෝහලේ ඉන්නවා කියලා ප්‍රවෘත්ති වලට කිවුවා. ඒත් සිද්ධියෙන් එක ගොවියෙකුටවත් තුවාල වෙලා නැහැනේ. (නි)

:       0       0

ටෝනි Friday, 17 August 2012 08:46 AM

අහිංසකයන්ට ගැහුවට මෙයාලට .......................(ස)

:       0       0

ලක්මාල් Friday, 17 August 2012 08:51 AM

ගන්න පඩියට අහිංසක මිනිස්සු එක්ක හරි සටන් කරන්න එපැයි...(ස)

:       0       0

අජිත් Friday, 17 August 2012 11:53 PM

මේක නිව්ටන්ගෙ 3වන නියමයට අනුව සිද්ද වෙච්චි දෙයක් ද කොහෙද. මොකද නැත්නම් අහිංසක විදියට හිටියනම් කාටවත් ගහන්න අවශ්‍යතාවක් ඇති වෙන්නෙ නෑනේ. (ස)

:       0       0

සුජීව Friday, 17 August 2012 08:58 AM

දැන්වත් ඇස් අරින්න මිනිස්සුනේ.(ස)

:       0       0

තිළිණි Friday, 17 August 2012 09:00 AM

ගහන්නයි, මරන්නයි මෙවන් හමුදාවක් හැදූ අය දැන් ඉන්නේ කොහේද දන්නේ නැහැ. (නි)

:       0       0

සඳුන් Friday, 17 August 2012 09:04 AM

ඔය පොලු පහර දීපු විශේෂ කාර්ය බලකායේ දෙමව්පියෝ සහෝදර සහෝදර්රියෝ දුවාදරුවෝ සහ අනෙකුත් පිරිසගේ කුසගිනි නිවා ගන්නේ මේ ගොවි පිරිස දුක් මහන්සියෙන් වගා කරන වී ටිකෙන් වෙන්න පුළුවන්. මෙහෙම රටට බත සපයන ගොවීනට පහරදීම නින්දා සහගත වැඩක්. ඉස්සර කිව්වා අපි වවමු රට නගමු කියල. අපි වවමු ගුටි කමු..(ස)

:       0       0

ස්ටැල්ක් Friday, 17 August 2012 09:02 AM

ඕක පහරදීමක් නෙමේ, මානුෂික මෙහෙයුමක් (ස)

:       0       0

චින්තක කුමාර Saturday, 18 August 2012 07:46 PM

කවුද පිං පඩි කාරයෝ..!!(නු)

:       0       0

රුක්මල් Friday, 17 August 2012 09:12 AM

2/3 දුන්න නම් දැන් ඉතින් ඉවසගෙන ඉන්න....(ස)

:       0       0

දුමින්ද Friday, 17 August 2012 09:19 AM

ගොවි ජනතාවට සැලකීමනම් අන්තිමයි..(ස)

:       0       0

දාස Friday, 17 August 2012 09:27 AM

ගොවි මහත්වරු තව කෑවේ නෑ..ළගදිම කාවි.ජයවේවා..(ස)

:       0       0

සහීහර් Friday, 17 August 2012 09:32 AM

ඔය ගොවි මහත්තරු නිසා තමයි අද අපි කන්නේ‍..ටිකක් ඉවසීමෙන් වැඩකරන්න..(ස)

:       0       0

සිසිර Friday, 17 August 2012 09:45 AM

ඔන්න ගොවියනේ තීරණයක් ගන්න හොඳ කාලේ තමයි ඉස්සරහට එන්නේ..(ස)

:       0       0

සම්පත් Friday, 17 August 2012 09:48 AM

ගොවියන් කරපු දේ වැරදියි.(ස)

:       0       0

මොහොමඩ් රිස්වාන්, සෞදි Friday, 17 August 2012 10:05 AM

හමුදාවට වැඩ නැති නිසා‍ වෙන්න ඇති‍‍‍..(ස)

:       0       0

කීර්ති Friday, 17 August 2012 10:11 AM

එස්.ටී.එෆ්. එකේ අයගෙන් ගුටි කන්න තරම් ගොවියන් ශක්තිමත් නැහැ. පවු ඒ අය. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 1099 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 706 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 259 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1948 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 1769 1

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 548 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40036 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25955 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 238 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1308 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site