IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


උඩවලවේ දෙන්නෙක් හදුනාගැනෙති : රියදුරෝ බාරවෙති

කොළඹ සිට මොනරාගල බලා  ගමන් ගත් බසයක්  ට්‍රිපර් රථයක ගැටී  තිදෙනෙක්  මිය ගොස් 16 ක් තුවාල ලබා ඇති බවත් ඔවුන් ඇඹිලිපිටිය හා උඩවලව රෝහල්වලට ඇතුළු කළ බවත් සෙවනගල පොලිසිය කියයි. උඩවලවේ ජලාශ වේල්ල මත  මේ  අනතුර සිදු වී  ඇත.

අනතුරෙන් මියගිය බිබිල ගන්නපුරාවේ මහේෂ් කුමාර(19) සහ බුත්තල ඔක්කම්පිටියේ වෙන්කප්පුලි ආරච්චිලාගේ වසන්ත(57) යන මහත්වරුන්  හදුනාගෙන ඇති බවත් 25 හැවිරිදි තරුණියක ද මියගොස් ඇති බවත් පොලිසිය කියයි.අනතුරෙන් පැය කිහිපයකට පසු බස් රථයේ රියදුරු සහ ටිපර් රථ රියදුරු පොලිසියට බාර වූහ

 received_10154557660229030 received_10154557672339030 received_10154557672794030 received_10154557674644030 received_10154557676024030 received_10154557678279030

new



අදහස් (0)

උඩවලවේ දෙන්නෙක් හදුනාගැනෙති : රියදුරෝ බාරවෙති

අශිකා Monday, 17 October 2016 09:52 PM

දිනපතා රියදුරන් විසින් ජාතියේ වටිනා මිනිස් ජිවිත දහස් ගණනක් දෙයට අහිමි කරන අතරම මහා ධනස්කන්දයක්, විශාල පරිසර දුෂණයක් කරනවා. මෙය ත්‍රස්තවාදයට දෙවෙනි නොවේ. වහාම මේ සඳහා ජාතික වැඩපිළිවෙලක් අවශ්‍යයි (නි)

:       0       0

මොහොමඩ් Monday, 17 October 2016 09:59 PM

ඕස්ට්‍රලියාවේ රියදුරු බලපත උපාධියකට සමනයිි. එය නිකම්ම නිකන් රියදුරු බලපතක් නොවේ. එහි රියැදුරු මියගියහොත් ඔහුගේ අවයව දන්දීම සඳහා ක්‍රමයක් මෙන්ම එහි ඔහුගේ ගමන් බලපත්‍රය මෙන් සියලු විස්තර මෙන්ම රියැදුරු විසින් කරන සියලු වැරදි පොලිසියට දැනගන්න පුළුවන්. අපේ රටේ ඉන්නේ රියදුරන් නෙමෙයි, යකැදුරෝ. එමනිසා රජයක් හැටියට දැන්වත් මේ වෙනස නොකළොත් ජාතියම වැනසී ගොස් රටේ ඉතිරිවන්නේ රියදුරන් පමණක් වේවි (නි)

:       0       0

ලංකා Tuesday, 18 October 2016 12:22 AM

ජනගහණ අනුපාතයක් එක්ක බලද්දී විනය පිරිහුණ රියදුරන් වැඩි වශයෙන්ම ඉන්නේ ශ්‍රි ලංකාවේ. ඒ අතින් අපි තවත් ලෝක වාර්තාවක් තියලා. අපේ රියදුරන් හිතන්නේ අධික වේගයෙන් එළවීම තමයි රිය ධාවනය කියලා. (නි)

:       0       0

ජයාත් Tuesday, 18 October 2016 12:59 AM

දැන් හරියට "හෝල් සේල්" මිනීමරනවා වගෙයි. මේවා මේ විදියට හැමදාම වෙද්දී නීති හදන උදවිය මර නින්දේ. මේ මහපාරේ ත්‍රස්තවාදය නැතිකරන්න කිසිකෙනෙක් මොකුත් නොකරන්නේ මේ රටේ ජනතාවගේ අවාසනාවට. කමක් නැහැ. අපි පතමු පින්කෙත හෙළ රන් දෙරණේ යළි (නූ)පදින්නට (නි)

:       0       0

මහී දිලුෂ් කුමාර Tuesday, 18 October 2016 12:13 PM

මීට වඩා නීති ගෙන්න ඕන රියදුරන්ට. කීදෙනෙක් නම් මැරෙනවද දවසට අනතුරුවලින්. මියගිය සැමට නිවන්සුව. (ර)

:       0       0

ගමගේ Tuesday, 18 October 2016 12:20 PM

අනේ පව් ඉතින් අහිංසක රියදුරු දේපල මොකක් හරි වාහනේ දෝෂයක් වෙන්න ඇති. නැත්නම් ඕනවට ඔහොම හප්පන්නේ නෑ නේ. (ර)

:       0       0

ශානක Tuesday, 18 October 2016 01:27 AM

ශ්‍රී ලංකාව ලෝකයේ භයානක රටක් වශයෙන් නම් කරන දිනය වැඩි ඈතක නැහැ (නි)

:       0       0

උපුල් Tuesday, 18 October 2016 02:05 AM

හරිම කණගාටුදායක පුවතක් (නි)

:       0       0

මොහොමඩ් Tuesday, 18 October 2016 02:28 AM

බලන්න මේ අසරණ මිනිසුන් බල්ලන් බළලුන් සේ මහමඟ මැරි වැටී ඉන්න ආකාරය. මේ වාහන දිහා බලද්දිත් බිහිසුණුයි. මේ රියදුරන් ගුවනින්ද ගිහින් තියෙන්නේ? කෝ මේ අපි පත්කරලා යවපු අපිට පණ දෙන්නම් කියපු ඒ අතිඋත්තරීතර දේශපාලකයන්? (නි)

:       0       0

සංජීව රාජපක්ෂ Tuesday, 18 October 2016 02:55 AM

සුභාෂ්, මාත් මේ ඒක තමයි කල්පනා කරන්නේ (නි)

:       0       0

චමින්ද Tuesday, 18 October 2016 03:21 AM

මෙම රියදුරන් විවිධ මත්ද්‍රව්‍ය භාවිතය රිය අනතුරු වලට ප්‍රධානම හේතුවක් (නි)

:       0       0

චින්තක Tuesday, 18 October 2016 03:22 AM

පුද්ගලික බස් රියදුරන් ගැන කියලා වැඩක් නැහැ. සමහර පුද්ගලික අයතන වලට සේවකයන් ගන්නකොට වාහනයක් දෙනවා කොමිස් මුදලකුත් එක්ක. ඉතින් ඉක්මනින්ම බලපත්‍රය අරගෙන, වාහනය එළවන්නේ තමුන්ට වඩා අය තවත් නැහැ කියලා හිතාගෙන. (නි)

:       0       0

ඩෙන්සිල් Tuesday, 18 October 2016 03:53 PM

කණගාටුදායක පුවතක් (නි)

:       0       0

සිංහ Tuesday, 18 October 2016 04:15 AM

බලන්න ඩබල් ලයින් තියන තැනක තමයි මේ අනතුර වෙලා තියෙන්නේ. බස් රථ රියදුරාට දඬුවම් දෙන්න (නි)

:       0       0

කුමාරි Tuesday, 18 October 2016 04:17 AM

අර මංතීරුවේ යන්න බැහැ කියලා පෞද්ගලික බස් ලොකු අයියා උසාවි ගියා නේද? ජලාශ වේල්ල මතුවුණා කියලත් උසාවි යයිද? ජීවිතාන්තය දක්වාම හිරේ දාන්න තියෙන්නේ. (නි)

:       0       0

සුජාතා Tuesday, 18 October 2016 04:34 AM

මේ බස් රියදුරෝ පුදුම වේගයකින් එන්නේ (නි)

:       0       0

සංජීව Tuesday, 18 October 2016 04:38 AM

බලාගෙන ගියපුවහම යුද්දෙට දෙවෙනි නැ . මේ රිය අනතුරු ත්‍රස්තවාදය වහාම පැරදවිය යුතුයි .මගේ පියා මියගියෙත් රිය අනතුරකින් . වාසනාවකට අපි හැමෝම රැකියා කරනවා ඒ වෙනකොට නැත්නම් ඉතින් හිඟාකන්න තමා වෙන්නේ .(ම)

:       0       0

රොමේෂ් Monday, 17 October 2016 01:55 PM

බස් එකේ ගහලම තියෙනවනේ ගල්ෆ් එයාර් කියල. පොළොවට වැඩ අඟල් කීපයක්වත් උඩින් යන්න ඇති. හැමදාම මෙහෙම අනතුරුවෙනවා. මිනිස්සු දුක්වෙනවා. බස්කාරයෝන්ට බනිනවා. ආයෙත් එවිදියේම අනතුරක් වෙනවා. ආයෙත් බනිනවා. මගීන් වශයෙන් අඩුතරමේ අපිවත් මේ අයට විරුද්ධව ක්‍රියා කළයුතුයි. අඩුතරමේ මේවගේ නොසැලකිලිමත් රියදුරන් සම්බන්ධව තමන්ගේ අතේ තියෙන දුරකතනයෙන් හෝ පොලිසිය දැනුවත් කරනවා නම් හොඳයි. රථවාහන පොලිසියේ මහත්වරු රාජකාරිකරන බව ප්‍රධාන ලාම්පුව මගින් හැම රියදුරෙක්ම සන්නිවේදනය කරනවා. එයට විරුධව උනත් අපිට පැමිණිලි කළ හැකි නම් තමයි වටින්නේ. දේශපාලකොයන් මේවට මැදහත්වන කම් සිටියොත් වෙන්නේ මැරෙනකම් බලන් ඉන්න තමයි. මේ සම්බන්ධව පුළුල් සමාජ කතිකාවතක් ඇතිකල යුතුයි. (අ)

:       0       0

සාලින්ද Tuesday, 18 October 2016 05:06 AM

ආර්ථික ප්‍රශ්න වලින් ඔලුව පුරවාගත් මිනිස්සුන්ට හැමදේම පෙන්නේ මුදල් වලින් මිනිසුන්ගේ හොද ආකල්ප මුදලට යටවෙලා අධික තරගයක් තියෙන්නේ ජිවත් වෙන්න ජිවත් වීමේ අධික තරගය නැති කරොත් මේ වගේ ජිවිත අහිමි වෙන්නේ නේ (ම)

:       0       0

මංජුල Monday, 17 October 2016 02:13 PM

මොනරාගල යන බස් පාරේ යන්නේ.බිමින් නෙමෙයි උඩින් උපරිම වේගයෙන්..අපරාදේ මිනිස් ජීවිත මගීන්ට නිවන් සුව (අ)

:       0       0

නිහාප් Tuesday, 18 October 2016 05:59 AM

වේග සීමා කිරීම සදහා අවශ්‍ය ස්ථානවල මාර්ගය හරහා කුඩා බැමි (බම්පෙර්ස්) දැමිය යුතුයි. (ම)

:       0       0

ගාමිණි Monday, 17 October 2016 02:39 PM

ආරංචියේ හැටියට බස් රියදුරෝ උදේට පොඩි මත් පෙත්තක් ගන්නවලු එතකොට දවසම බර අදින්න පුළුවන්ලු, එකපාරට චෙක් කලත් අහු වෙන්නේ නැනේ ,මේකත් පරීක්ෂාකර බලන්න (හේ)

:       0       0

සුමුදු Tuesday, 18 October 2016 06:00 AM

මාර්ග අනතුරු සිදුවන්වනේ නීති නැති කමින් නොවේ. රියදුරන්ට හැදියාවක් නැති කමින්. (ර)

:       0       0

තරිඳු Tuesday, 18 October 2016 06:03 AM

අවදානම් තැන්වල CCTV කැමරා සවිකර වැරදිකරන අයට ලොකු දඩයක් ගැහුවනම් හරි. නැතුව පොලිසියට මේක කරන්න බෑ. එකෙන් ලැබෙන අදායම අදාල ප්‍රාදේශීය සබාවට හෝ නගර සබාවට ලැබෙන විදියට ක්‍රමයක් හැදුව නම් හරි. උදාහරණයක් ලෙස ලන්ඩන් නගරයේ සමහර එක කැමරාවක වාර්ෂික දඩ එකතුව රුපියල් කොටි විස්සක්. (ර)

:       0       0

ජයසේන Tuesday, 18 October 2016 06:03 AM

බස් රියදුරන්ටත් ත්‍රී විල් රියදුරන්ටත් දැඩි නීති සකස් කොට දැඩි සේ ක්‍රීයාත්මක නොකලොත් ඉදිරිය දවසකට සිදුවන පාරේ මරණ ගාන බොහෝ ඉහල යනු ඇත. (ර)

:       0       0

දයනාත් Monday, 17 October 2016 02:46 PM

දවසකට දකින තරමක් දකින්නේ අනතුරු.(හේ)

:       0       0

ප්‍රියානි Tuesday, 18 October 2016 06:44 PM

මොනවා කළත් වැඩක් නැහැ නොසැළකිල්ලෙන් වාහන එළවනවා නම් (නි)

:       0       0

අතුල Monday, 17 October 2016 03:03 PM

අපේ රටේ කොච්ච්චාර රිය අනතුරු සිද්ධ වුනත් රටේ මේ අපරාධය නතර කරන්න පියවරක් ගන්නේ නැති හැටි ,(හේ)

:       0       0

ඇන්ටන් ප්‍රනාන්දු Monday, 17 October 2016 03:44 PM

අනේ අහිංසක මිනිසුන්ගේ ජීවිත (අ)

:       0       0

චන්න බුවනක. Monday, 17 October 2016 04:05 PM

අඩු මුදලක්දී බරපතල මාසික වාරිකයක් ගෙවන්න ණයට වාහන ලබා ගන්නවා. ඉතින් සල්ලි හම්බ කරන්න පිම්මේ දුවනවා. (අ)

:       0       0

ශාන්ත කටාර් Monday, 17 October 2016 04:16 PM

සාමාන්‍ය ප්‍රවාහන සේවය පාවිච්චි කරන්නේ නැති බැරි මිනිස්සු , රියදුරන්ගේ නොමනා ක්‍රියා වලින් වන්දි ගෙවන්න වෙන්නෙත් ඒ අහිංසක මිනිස්සුන්ටම තමයි , අවසානයේ ඔබ සැමට නිවන් සුව ලැබේවා ! (අ)

:       0       0

සමීර Tuesday, 18 October 2016 09:03 AM

බස් වලට සීසීටිවී කැමරා සවිකරලා සජීවීව බලන්න පුළුවන් විදියට සිස්ටම් එකක් හැදුවනම් ලොකු විනාසයක් නවත්තගන්න පුළුවන්. එකට යන්නේ අඩු වියදමක්. වෙනත් රටවල් වල කුලී රථ වල මෙවිදියේ සිස්ටම් එකක් තියෙනවා.(හේ)

:       0       0

සුභාෂ් Monday, 17 October 2016 04:54 PM

උඩවලවේ ජලාශ වේල්ල මතුවීම නිසා මේ අනතුර සිදු වී ඇත්තේ කෙසේද? (නි)

:       0       0

හර්ෂණ Monday, 17 October 2016 05:10 PM

හැමදාම රිය අනතුරු වලින් මිනිස්සු බල්ලෝ බළල්ලු වගේ මැරෙනවා. කාටවත් වගක් නැහැ. මේ දේවල් ගැනම බලන්න පිහිටවපු මාර්ග ආරක්ෂාව පිළිබඳ අධිකාරියක්ද කොහෙදත් තියෙනවා. ඒ අය වැඩට එනවා යනවා. මිනිස්සු පාරේ මැරෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 40 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 222 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්
2024 ඔක්තෝබර් මස 10 1054 0

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.


පළාත් කිහිපයකට මි.මී. 100 ට වැඩි තද වැසි
2024 ඔක්තෝබර් මස 10 165 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කැළඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී


රතන් ටාටා දිවි ගමන අවසන් කරයි
2024 ඔක්තෝබර් මස 10 2853 0

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.


කණ්ඩලම වැව් ඉස්මත්තේ වන සංහාරයක්
2024 ඔක්තෝබර් මස 10 336 0

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් පාලනය කරන කණ්ඩලම ජලාශයේ වම් ඉවුරේ ඉතා රමණීය අසිරිමත් විශාල වන ලැහැබ සහ අක්කර දෙකක පමණ තුරුලතා වියන, ඉදිකරමින් පවතින


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39676 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25800 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 369 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1222 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site