IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


උඩුවේ හිමිගෙන් පෙත්සමක් : අත්අඩංගුවට ගන්න එපාලු

තමන් අලි පැටියෙක් සන්තකයේ තබා ගන්නේ යැයි චෝදනා කරමින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත්, එබැවින් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා උඩුවේ ධම්මාලෝක හිමියෝ අද (25) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ.

එලෙස අත්අඩංගුවට ගතහොත් තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවන හෙයින් රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක වන්දියක්ද ලබා දෙන්නැයි උඩුවේ ධම්මාලෝක හිමියෝ ඉල්ලා සිටිති.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සුදත් නාගහමුල්ල, පොලිස්පති ,නීතිපති ඇතුළු පිරිසක් නම්කරනු ලැබ සිටිති.

 



අදහස් (0)

උඩුවේ හිමිගෙන් පෙත්සමක් : අත්අඩංගුවට ගන්න එපාලු

සෑම් Friday, 26 February 2016 04:21 AM

බුදු දහමට නිගා නොකර සිවුර කටු අත්තක පටලවා උපැවිදි වී ගෙදර ගියානම් බුද්ධාගමට කරන විශාල යහපතක් (බ)

:       0       0

සුමිත් Friday, 26 February 2016 06:01 AM

හාමුදුරුවෝ තෙවැනි සිල් පදේ කොහොම වෙතත් , හතරවෙනි සිල් පදේ නම් කඩනවා කියල පහුගිය දොහේ කියපු දේවල් වලින් තේරුණා .හාමුදුරුවනේ බණට කියනවා නේද බල්ලොත් එක්ක බුදිය ගත්තොත් නැගිටින්න වෙන්නේ මැක්කෝ එක්ක කියල, එ්ත් අලියොත් එක්ක බුදියගත්තොත් මොකද වෙන්නේ කියල පෙත්සම් විභාගෙන් පස්සේ දෙසමු නේද , (බ)

:       0       0

ෂෙවොන් Friday, 26 February 2016 06:12 AM

අලියා අත්අඩංගුවට ගනු. (බ)

:       0       0

ශ්‍රීමාලි Thursday, 25 February 2016 05:22 PM

ඒ පාර මේකෙනුත් බිස්නස් එකක් කරන්නද සූදානම් වෙන්නේ? (නි)

:       0       0

ජයතු Thursday, 25 February 2016 05:47 PM

සඟරුවන අලි සුරතල් කරනවා. ජනතාව ධර්මය නොදැන අපරාධවල පැටළෙනවා. අහෝ පින්බිමට ගිය කල! (නි)

:       0       0

අප්පුහාමි Thursday, 25 February 2016 06:00 PM

මොකටද හාමුදුරුවනේ බයවෙන්නේ, ඔබවහන්සේ වරදක් කරලා නැත්නම්. පෙත්සනුත් ලියන්න ඕනෑද ඕකට? (නි)

:       0       0

දීප්ති Thursday, 25 February 2016 06:25 PM

හාමුදුරුවෝ මාධ්‍ය සාකච්ඡාවක් එහෙම තියලා අත්අඩංගුවට පත්වීමට බය නැති බවත්, වරදක් නොකළත් පෙර කර්මයක් නිසා හිරේ යන්න වෙන බවත් කිව්වා නේද? (නි)

:       0       0

බන්දුල Thursday, 25 February 2016 12:13 PM

වරදක් කළවිට නිදොස් බව ඔප්පු නොකර එහෙම වන්දි ඉල්ලන්න අපිටත් පුලුවන්ද? (නි)

:       0       0

සනත් Thursday, 25 February 2016 07:17 PM

හාමුදුරුවෝ මුලින්ම කිවුවේ මම හිරගෙදරට යන්න බය නැහැ, එහෙදි හම්බවෙන හිරබත දානයක් කියලා හිතාගෙන වළඳනවා කියලයි. නමුත් දැන් හාමුදුරුවො බයවෙලා. කෝටි ගණන් සල්ලිත් ඉල්ලනවා. අනේ මෙහෙම තණ්හාවක්! අනේ මෙහෙම ප්‍රාණ බයක්! (නි)

:       0       0

සමන් Thursday, 25 February 2016 07:41 PM

මේක පුදුම කතාවක්නේ. නීතියත් කඩලා, තව වන්දිත් ඉල්ලනවා. (නි)

:       0       0

චන්දන - ඕස්ට්‍රේලියා Thursday, 25 February 2016 12:21 PM

හාමුදුරුවනේ, ඔබ වහන්සේම නේද දේශනා කළේ තමා අත්අඩංගුවට පත්වීමට සුදානම් කියලා. දැන් බැහැ වගේ කියලා හිතෙනවද? පස්සේ දේශනා කරයිද දන්නේ නැහැ සනීප නැහැ රෝහල් ගතවෙන්නත් ඕනෑ කියලා (නි)

:       0       0

රුක්ෂාන් Thursday, 25 February 2016 12:22 PM

පෙත්සමක්? (නි)

:       0       0

නලින් යහම්පත් Thursday, 25 February 2016 08:19 PM

පසුගිය දිනවල මෙම හිමි නම කිවුවේ තමා වරදක් නොකළා මෙන්ම, රිමාන්ඩ් බාරයට යෑමට වුවද බියක් නොමැති බවය. මේ අලි පැටියා කවුදෝ හොරෙන් පන්සලට ගෙනවිත් කියාය. (නි)

:       0       0

අසෝක Thursday, 25 February 2016 12:17 PM

ඉතින් වැරැද්දක් කළේ නැත්නම් මොකටද මේ වගේ ඉල්ලීම්? (නි)

:       0       0

අතුල Thursday, 25 February 2016 08:37 PM

මේක පුදුම රටක්නේ. එතකොට ඔය හිරගෙවල් තියෙන්නේ නැති බැරි අයට විතරද? (නි)

:       0       0

ලෙස්ලි Thursday, 25 February 2016 12:23 PM

ඔය විදියට ඕනෑම වරදක් කරලා අත්අඩංගුවට ගන්න එපා කියලා අධිකරණයට යන්න පුලුවන්නම්, වැරදිකරුවන්ට දඬුවම් දෙන්නේ කොහොමද? ඔබ වහන්සේ වන්දි ඉල්ලන්නේ බයකරන්නද? රටේ නීතිය කටත් එකයි හාමුදුරුවනේ (නි)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Thursday, 25 February 2016 12:44 PM

නිකම් බයක් ඇති කරගෙන පෙත්සම් ගහනවා. මගේ සීයා කියනවා රාජපක්ෂ පවුලේ අය වගේම, මේ හිමියනුත් "මුහුද හත් ගවුවක් තියාගෙන අමුඩ ගහනවා " කියලා. අනේ මන්දා (නි)

:       0       0

ඇන්ජලෝ Thursday, 25 February 2016 09:50 PM

අනේ රුපියල් දෙකෝටිය දීලා අපේ මේ සිල්වත් හිමිනම නිදහස් කරන්න (නි)

:       0       0

ජයසේන Thursday, 25 February 2016 12:47 PM

අනේ සාධු සාධු!! (නි)

:       0       0

ජනක Thursday, 25 February 2016 10:29 PM

අලුත්ම ලෙඩේ. ඉස්සර රෝහල් ගතවෙනවා, දැන් මේ සෙල්ලම. අනේ අපේ ගමේ හොර පොල් කඩපු පේදිරිස්ට මේ නීතිය ගැන කවුරුත් කියලා දුන්නේ නැහැනේ. (නි)

:       0       0

උපාලි Thursday, 25 February 2016 12:49 PM

අපෙන් රුපියල් 10 ගණනේ ආධාර ඉල්ලලා තිබුනේ මේකට වෙන්න ඇති නේද? (නි)

:       0       0

චතුරි Thursday, 25 February 2016 11:40 PM

අපි මේවට මොනවා කියන්නද? (නි)

:       0       0

ලක්විදු Thursday, 25 February 2016 01:02 PM

රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක වන්දියක්? අනේ අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේ අපිට දේශනා කළේ හතුරාටත් මෛත්‍රී කරන්න කියලනේ. (නි)

:       0       0

රම්සි Thursday, 25 February 2016 01:07 PM

දුටු, නොදුටු, හිතවත්, අහිතවත් සියලුම සත්වයෝ නිදුක් වෙත්වා! මට වන්දි ගෙවත්වා....! (නි)

:       0       0

දහම් Friday, 26 February 2016 12:39 AM

එතකොට අලින්ගේ මූලික අයිතිවාසිකම් කඩවීම ගැන මොකද කියන්නේ? (නි)

:       0       0

චමල්කා Thursday, 25 February 2016 01:20 PM

මේක දැන් විලාසිතාවක් වෙලා වගෙයි (නි)

:       0       0

බන්දුල Friday, 26 February 2016 01:05 AM

පණ බේරගන්න පන්සලට ආ අලි පැටියා බලාගත්තට හාමුදුරුවෝ හිරේ දාන එක වැරදියි නේන්නම් (නි)

:       0       0

මැගී Friday, 26 February 2016 01:16 AM

බෞද්ධ භික්ෂුවක් විදියට සිවුරක් දරාගෙන කරන කියන දේවල් බුදු දහමට අගෞරව කිරීමක් නොවේද? (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Friday, 26 February 2016 01:25 AM

චීවරයට නිගරු කරනකොට ඔහොම වෙනවා. දැන්වත් මේවා නවත්වන්න. (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Friday, 26 February 2016 01:57 AM

උසාවියේදී ඇත්ත කියලා සමාව ඉල්ලුවා නම් නේද හොඳ? (නි)

:       0       0

රමසි Friday, 26 February 2016 04:05 PM

ආනන්ද, සර්පයා දුටුවාද? (ර)

:       0       0

ජනක Friday, 26 February 2016 02:09 AM

හාමුදුරුවෝ නෙමෙයි නේද අත්අඩංගුවට ගන්න ඕනෑ, පන්සල ළඟ මේ අලි පැටියා හළලා ගිය කෙනා නේද? (නි)

:       0       0

නිමල් ලලිත Thursday, 25 February 2016 01:54 PM

අනේ කවුරුන් විසින්දෝ පන්සලේ තනිකර ගිය අලි පැටියා වෙනුවෙන් අත්අඩංගුවට ගතහොත් සිරගෙදරින් දෙන දානේ වේල වළඳනවායි කී හාමුදුරුවෝ නේද දැන් අත්අඩංගුවට ගත්තොත් වන්දි ඉල්ලීමට සුදානම් වන්නේෙ? (නි)

:       0       0

නන්ද Thursday, 25 February 2016 01:48 PM

හැබෑ නේන්නම්. අලි පැටියෙක් පන්සල ළඟ ගෙනත් දාලා මේ අහිංසක හාමුදුරුවන්ව අමාරුවේ දාලා, ඒ මදිවට අත්අඩංගුවට ගන්න හදනවා. (නි)

:       0       0

අසාද් Thursday, 25 February 2016 02:00 PM

අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ..... (නි)

:       0       0

ආනන්ද ආර්. Thursday, 25 February 2016 02:08 PM

ඔය විදිහේ අතුරු නියෝග ඉල්ලුවේ එකම බෝට්ටුවේ කට්ටියම නේද? (නි)

:       0       0

උපාලි Friday, 26 February 2016 02:53 AM

අර රුපියල් දහය ගානේ නඩුවට පුජා කරන්න කියපු එක අහලා මාත් මේ කීයක්හරි දෙන්නයි හිටියේ. කෝටි දෙක හමාරක් ලැබුනාම මගේ රුපියල් දහය ආපහු දෙනවා නේද හාමුදුරුවනේ? (නි)

:       0       0

ලංකාපුත්‍ර Thursday, 25 February 2016 03:19 PM

හොරු, කුඩුකාරයෝ, මිනීමරුවෝ ඔක්කොම මූලික අයිතිවාසිකම් නඩු දාලා අල්ලන්න ඉඩදෙන්න එපා කියලා උසාවි නොගිහින් ඉඳීවි (නි)

:       0       0

අසංග Thursday, 25 February 2016 03:20 PM

එහෙනම් කලින් කිවුවේ අත්අඩංගුවට ගන්න කියලා (නි)

:       0       0

කලණි විතානගේ Friday, 26 February 2016 03:36 AM

"ආනන්දය , විසකුරු සර්පයෙක් " බිම වැටි තිබු මුදල් පසුම්බියක් දුටු බුදුන් වහන්සේ පැවසුහ. නුදුටුවේද, නොඇසුවේද මේ දහම් පදය. (ර)

:       0       0

ඩෙන්සිල් Thursday, 25 February 2016 03:30 PM

මේ නම් හොඳ පුර්වාදර්ශයක් නෙමෙයි. මේ විදියට ගියොත් හැම අපරාධකාරයෙක්ම වැරදි කරලා මේ ක්‍රමය අනුගමනය කරාවි. (නි)

:       0       0

ඩිලාන් Thursday, 25 February 2016 03:28 PM

ඔය අලි පැටවා පන්සල් වත්තේ සිටිනවා දුටු ගමන්ම ඔබ වහන්සේට තිබුනේ පොලිසියට දැනුම් දෙන්නයි. හොර බඩු ළඟ තබාගැනීම නීතිවිරෝධියි. පිරිවෙනේදී උගන්වන්නේ අනුන්ගේ භාණ්ඩයක් හමුවුණොත් අයිතිකාරයා සොයා ආපසු බාරදෙන්න කියා නොවේද? බුදුදහමේ උගන්වන්නෙත් අන්සතු දේ නොගන්න කියා නේද? (නි)

:       0       0

ලක්විදු Thursday, 25 February 2016 03:59 PM

බුදුහාමුදුරුවන්ගේ කාලෙත් මෙහෙම වුණාද අපේ හාමුදුරුවනේ? (නි)

:       0       0

සහන් Thursday, 25 February 2016 04:06 PM

දැන් මේක මෝස්තරයක් වෙලා. එතකොට අලි පැටියාගේ මුලික අයිතිවාසිකම් ගැන හාමුදුරුවෝ හිතුවේ නැද්ද දන්නේ නැහැ (නි)

:       0       0

නිමල් Thursday, 25 February 2016 04:02 PM

මමත් හෙටම දානවා අතුරු නියෝගයක් ගිහින්, කවදාහරි මාව අත්අඩංගුවට ගැනීම් වලින් වළකින්න (නි)

:       0       0

චන්ද්‍රා Thursday, 25 February 2016 05:01 PM

මේකද අලුත් සෙල්ලම? වැරදි කරන්න පුළුවන්. නමුත් අත්අඩංගුවට ගන්න තමා හොඳ නැත්තේ (නි)

:       0       0

අරුණ Thursday, 25 February 2016 05:08 PM

එතකොට වරදට දඬුවම කෝටි දෙකහමාරක් දෙන එකද? හාමුදුරුවෝ මේ මොනවද කියන්නේ කියලා මට නම් තේරෙන්නේ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 891 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 316 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 4027 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1448 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 692 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2447 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37797 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24914 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 738 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 263 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site