IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


උඩුවේ හිමියෝ ගුවන් යානයෙන් ඉවතට වැඩම කරවති

(ටී.කේ.ජී.කපිල )
 
උඩුවේ ධම්මාලෝක හිමියන්  ‘මස්කට් නුවර හරහා ලන්ඩන්  බලා පිටත්ව යෑම සඳහා අද (26) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත වැඩම කර , ඕමාන් ගුවන් සේවයේ ගුවන් යානයේ අසුන් ගෙන සිටියදී ,එම යානයෙන් බස්සවා නැවත පිටත් කර යැවු බව කටුනායක ගුවන් තොටුපොළ ආගමන-විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පවසයි.
 
උඩුවේ ධම්මාලෝක හිමියන් අද (26)  උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත වැඩම කර , විදෙස්ගත වීම සඳහා සියලු පරීක්ෂණ නිමවා උදෑසන 9.40 ට මස්කට් බලා පිටත්ව යන ඕමාන් ගුවන් සේවයේ ඩබ්ලිව්.වයි. 376 දරණ ගුවන් යානයට වැඩමවා අසුන් ගෙන සිටියේය .
 
නමුත් උඩුවේ ධම්මාලෝක හිමියන්ට  එරෙහිව ගුවන් ගමන් තහනමක් පවතින බැවින්  ආගමන - විගමන පාලක නිහාල් රණසිංහ මහතාගේ නියෝගයක් මත  එලෙස  ගුවන් යානායෙන් බැස්සවීමට සිදු වු බව ආගමන විගමන නිලධාරීන් සඳහන් කළේය.
 

උඩුවේ හිමියන්ට එරෙහිව  පවතින ගුවන් ගමන් තහනම  මෙම අගොස්තු මස 26 සිට ඔක්තෝබර් මස 12 දක්වා කාළය තුළ තාවකාලිකව ඉවත් කර තිබුණද , එයට පෙර මෙසේ ගුවන් ගතවීමට පැමිණීම මෙම සිද්ධියට හේතු වී ඇතැයි එම නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය 


 



අදහස් (19)

උඩුවේ හිමියෝ ගුවන් යානයෙන් ඉවතට වැඩම කරවති

wedage Thursday, 26 July 2018 06:51 AM

පුදුම කලබලයක්නේ තියෙන්නේ උඩුගුවනේ සැරිසරන්නට.....

:       954       1052

BamunuarachchiThursday, 26 July 2018 08:44 AM

ඔහෙට තිබෙන අමාරුව මොකක්ද? එක ඒ පුද්ගලයාගේ අවශ්‍යතාවය.

:       384       382

manoj Thursday, 26 July 2018 06:53 AM

එහෙම තහනමක් තියනවනම් ගුවන් තොටුපල ඇතුල්වන ස්ථානයෙන්ම හරවල යවන්න ගුවන් තොටුපළ නිලධාරීන් දැනුවත් වෙන්න ඕන. නැත්නම් ආගමන විගමන ගුවන්ගමන් බලපත්‍ර ස්කෑන් පරික්ෂාවේදී පරිගණක දත්ත වල සටහන් වෙන්න ඕන. ස්වාමීන් වහන්සේ නමක් යානයෙන් ඉවතට වැඩම කරවන එක බෞද්ධ රටක් විදියට අපිට ලැජ්ජාවක් සහ අපේ තාක්ෂණේ තියෙන්නේ ගල් යුගේ කියල දැන් ඕන හොරෙක් දන්නවා. මෙහෙම කී දෙනෙක් නම් අපරාද කරලා ලංකාවෙන් පැනල යනවා ඇද්ද?

:       942       1278

පිටිගල මිලානෝ Thursday, 26 July 2018 07:01 AM

මේ හාමුදුරුවෝ නිතරම ලන්ඩන් බහින්නේ ඇයි? දන්නා කෙනෙක් කියන්නකෝ එහෙන් නිවනට ලඟද කියලා අපිටත් යන්න.

:       1540       2690

gunarathna Thursday, 26 July 2018 07:31 AM

ඔතන හිටපු එක්කෙනෙක්වත් දැනගෙන හිටියේ නැතිද මේ තහනම ගැන. ගුවන්යානය ඇතුලට යනකම් හිටියේ මේකට ක්‍රියාමාර්ගයක් ගන්න. එහෙම තහනමක් තිබුනානම් උන්වහන්සේගේ පාස්පෝට් අංකයට ගුවන්තොටුපලේ ජාලයේ රෙඩ් නෝටිස් දාලා තියෙන්ට ඕනේ. එහෙම කරලා තිබුනානම් මෙහෙම අපහසුවට පත්වෙන්නේ නැහැ. ඔතන ඉන්න අයගේ වැඩ නිසා තමා පාතාලයෝ, කුඩුකාරයෝ, කොටි සාමාජිකයෝ ලේසියෙන්ම රටින් පනින්නේ. මෙහෙම ජාලයට ඇතුල් නොකරන්නේ හිතාමතාම කියලා මම හිතන්නේ. මේක ගැන පරීක්ෂණයක් කරලා හොයන්න ඕනේ මොකද මෙහෙම වුනේ කියලා.

:       49       1105

AbiththayaaThursday, 26 July 2018 08:06 AM

හාමුදුරුවෝ නීතිය දන්නේ නැද්ද?

:       219       567

GuneThursday, 26 July 2018 08:29 AM

දන්නේ නැතිව ඇති මාත් හිතන්නේ. නැත්නම් අර අලි පැටියගෙ කතාව උනත් කියයි යැ.

:       3       106

BamunuarachchiThursday, 26 July 2018 08:56 AM

හාමුදුරුවන්ගේ නීති දැනුම අහන්නේ ඔයා අභිධර්මය ගැන දන්නවාද? කෙනෙකුට විදෙස්ගමන් තහනම් නම් ආගමන විගමන කටයුතු කෙරෙන පරිගණකවල එබැව සටහන් වියයුතුයි. ඒවා හරියට කරන්නේ නැතුව මගීන් අපහසුවට ලක් කිරීම යහපාලකයින්ගේ නොහැකියාව තවදුරටත් පෙන්වීමකි.

:       69       7

BamunuarachchiThursday, 26 July 2018 04:00 PM

ඔබ නීතිය දන්නවාද? ඔබ බුද්ධ ධර්මය දන්නවාද? මෝඩ කතා කියන්න එපා. හැම කෙනාම හැම විෂයක්ම දන්නේ නැත.

:       36       1

wedage Thursday, 26 July 2018 08:10 AM

මෙතැනදී ජුලි 26 අගෝස්තු 26 කියල හිතල තමයි යන්න ඇත්තේ

:       0       84

Kamal Thursday, 26 July 2018 08:35 AM

මං හිතුවෙ ගුවන්ගත වුනාට පස්සෙ යානයෙන් ඉවතට වැඩම කෙරෙව්ව කියල.

:       1       447

Bamunuarachchi Thursday, 26 July 2018 08:39 AM

තත්ත්වය එහෙමනම් හාමුදුරුවනේ අපි නීතියට ගරු කරමු එත් පාස්පෝර්ට් දෙකක ළඟ තබාගෙන අසුවුනු ගැහැණියට විරුද්දව නීතිය ක්‍රීයාත්මක නොවුනේ ඇයි කියා බණ දේශනා කරන විටදී පරසිද්දියේ අසන්න. ලංකාවේ ගෘහස්ථව අලියෙක් හැදුන වැඩුන පළමු අවස්ථාව මෙය නොවෙයි. පන්සලක අලියෙක් ඇතෙක් ජීවත්වීම අපේ බෞද්ධ සංස්කෘතියත් සමගම එ් නිසා එහි අරුමයක් බෞද්ධ අපිට පෙනේනේ නැත. නමුත් වෙනත් හේතුන් නිසා බුදාගමට පැමිණිවුන්ට මෙය සත්ව හින්සාවකි. එත් උන්ගේ ගෙවල්වල කූඩුවල දාගෙන දඩෝරි බල්ලන් ඇත.

:       177       161

sirimal Thursday, 26 July 2018 08:47 AM

උසාවි නියෝගය බලන්නේ නැතුව අවසර නැති දවසක රටෙන් පිට යන්න ගිහින් කරගත්තු මේ සන්තෑසියට බැනුන් අහන්න වෙන්නේ යහපාලනයට තමා. මේවා ආණ්ඩුව අපකීර්තියට පත් කරන්න හිතා මතාම කරන දේවල්ද දන්නෙත් නැහැ. උන්වහන්සේ දෙසා වදාරන ධර්ම දේශනා මෙන්ම අර උසාවි වලදී එහෙම දෙන " වොයිස් කට් " අහල තියෙන අපට හොඳහැටි තේරෙනවානේ ධම්මාලෝක ස්වාමින්වහන්සේගේ දේශපාලන නැඹුරුව කොයි පැත්තටද තියෙන්නේ කියල. නමුත් කටුනායක ගුවන් තොටුපොළ ගේට්ටුවේ ඉන්නා ආගමන-විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් ධම්මාලෝක ස්වාමින් වහන්සේට රට යාමට අවසර නැති බවක් පිළිබඳව දැනුවත් කර නැද්ද කියන කියන එකත් ගේට්ටුවේ හිටි කෙනෙක් තහනම ගැන දන සිටියත් උවමනාවෙන්ම උන්වහන්සේට පිටත්ව යාමට අවසර දුන්නාද කියන එකත් තමා ප්‍රශ්න කල යුත්තේ. මොකද රාජ්‍ය නිලධාරින් සියලුදෙනාම යහපාලනයට අප්පුඩි ගහන අය නොවන නිසා.එහෙම බැලුවහම රට යන්න අවසර නැති ඕනෑම කෙනෙකුට ලේසියෙන්ම ලිස්සල යන්න ඇහැකිනේ.

:       251       321

jayasekara Thursday, 26 July 2018 08:55 AM

පිටිගල මිලානෝ එතකොට අර විජයකලා කියන එක්කෙනා බරපතල ප්‍රකාශයක් කරලා ලන්ඩන් ගියේ. ඒවාට කෝ නීති. නීති තියෙන්නේ අලි පැටවා ලග තියාගත්තා එකටද? මේකනම් පුදුම මිනිස්සු ඉන්න පුදුම රටක්..

:       0       1

sas Thursday, 26 July 2018 09:21 AM

මනෝජ්, ගුණරත්න ඔබ දෙදෙනා හරි.

:       0       0

Ashan Thursday, 26 July 2018 09:21 AM

දැක්කද අපේ ගුවන් තොටුපල කොච්චර දුර්වල තත්වයකද තියෙන්නෙ. තහනමක් තියේනම් බලපත්‍ර පරීක්ෂාවෙදි අහුවෙන්න ඕන. මෙහෙම තමයි ඔක්කොම පාතාලයොත් රට පනිනවා ඇත්තෙ.

:       0       0

isurandi Thursday, 26 July 2018 09:35 AM

කිව්වත් වගේ ගුවන් යානයට ගොඩවෙනකන් කවුරුවත් දැනගෙන හිටියේ නැද්ද මෙවැනි අධිකරණ නියෝගයක් පනවලා තියෙන බව.මෙවැනි දේවල් මින් ඉදිරියට නොමවෙන්න දැන්වත් වගකිවයුත්තන්නේ ඇස් කන් ඇරෙනවානම් ලොකු දෙයක්.

:       0       6

Buddika Thursday, 26 July 2018 03:37 PM

නීතිය කාටත් එකයි. චෝදනා තියෙනවනේ.

:       0       5

vidya Monday, 30 July 2018 07:34 PM

මවගෙන් වෙන් කරලා කිරිදරු අලිපැටියෙක් හොරෙන් ඇති කරපු එක්කෙනා සුද්දන්ට බණ කියන්නද යන්නේ...? පන්සල්වලට එන සුද්දෝ 5ක් හොයාගත්තොත් ලොකුදෙයක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කටානේ වෙඩි තැබීමකින් අයෙක් මරුට
2025 අප්‍රේල් මස 22 464 0

පොදු ජන පෙරමුණින් මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා තරග කරන හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි කටා


මාතර බන්ධනාගාරයේ කලබලයක්
2025 අප්‍රේල් මස 22 367 0

මාතර බන්ධනාගාරයේ මේ වන විට නොසන්සුන්කාරී තත්වයක් උද්ගතව ඇතැයි වාර්තා වේ.


මෙල්බන් ගුවන් තොටේ දී අපේ අයට සේවා ගන්න කෙනෙක් තෝරයි
2025 අප්‍රේල් මස 22 543 0

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන්තොටුපොළෙහි දී ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා බිම් මෙහෙවර සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබ


අරාබි උප අගමැති ජනපති හමු වෙයි
2025 අප්‍රේල් මස 22 270 0

ශ්‍රී ලංකාවේ බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන සහ විදේශ රැකියා යන ක්ෂේත්‍රවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි දියුණු කරගන්නා බව එක්සත


අර්චුනාට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග
2025 අප්‍රේල් මස 22 371 0

රිය අනතුරකින් පසුව පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට සැප්තැම්බර්


පුංචි ඡන්ද අපෙක්ෂකයෝ පැරේ වැඩ නවතති
2025 අප්‍රේල් මස 22 420 0

හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 585 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 305 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 460 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site