අනවසරයෙන් අලි පැටවකු ඇති කළැයි සැකපිට අද (9) අත්අඩංගුවට ගත් උඩුවේ ධම්මාලෝක හිමි මින් මද වේලාවකට පෙර කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා වෙත ඉදිරිපත් කළ බව රහස් පොලිසිය කියයි.
එතැන සිටි කැමරා ශිල්පීන් අමතා ඒ හිමියන් පැවසූයේ ‘ඔය ගහන්නේ හාමුදුරුවන්ට නෙමෙයි, ඔය ගහන්නේ බෞද්ධයන්ට‘ යනුවෙනි.
ඇත් පැටවා සම්බන්ධයෙන් ඇලන් මැතිණියාරාමයේදී පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් ධම්මාලෝක හිමියන් කියා සිටියේ දායකයන් බල්ලන් බළලුන් හා වැඩිහිටියන් පන්සලට ගෙනත් දමන සිරිතට කවුදෝ අලි පැටියකුද ගෙනත් දමා ඇති බවයි.
ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.
ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම
අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.
2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
උඩුවේ හිමි අලුත්කඩේට
ලලිත් Wednesday, 09 March 2016 07:18 PM
හාමුදුරුවනේ, තමන් කරපු වරදට අසරණ බෞද්ධයෝ ගාවගන්න එපා. පොලිසිය අත්අඩංගුවට ගත්තේ අහිංසක අලිපැටවූ අකාලයේ අලි අම්මලාගෙන් සොරකම් කරගෙන තමන්ගේ මානසික සුවය වෙනුවෙන් විලංගු දමා පන්සල් වත්තේ තියාගත් නිසයි (නි)
නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Wednesday, 09 March 2016 10:56 PM
සහතික ඇත්ත ඔය කතාව හාමුදුරුවනේ! දවසක් උදේ පාන්දර කවුදෝ කෙනෙක් ඔය සතා සිලි සිලි බෑග් එකකින් පන්සල් වත්තේ පොල් ගහක් යට හළනවා දැකපු අය ඉන්නවානේ. (නි)
නන්ද Wednesday, 09 March 2016 11:29 PM
"හස්ති පෝතක ජාතකය" වගේ අළුත් මාතෘකාවක් යටතේ, අලුත්කඩේ සිට බණක් දෙසන්න හාමුදුරුවනේ. දැන් වෙන කරන්න දෙයක් නැහැ (නි)
අනුර Wednesday, 09 March 2016 01:22 PM
පන්සල් වල හොරට අලි තියාගන්නේ මොකටද? (නි)
චින්තක Thursday, 10 March 2016 12:49 AM
අනේ මන්දා හාමුදුරුවනේ! (නි)
කුෂාන් Thursday, 10 March 2016 02:36 AM
ඔය ඇතාගේ වලිගෙ එල්ලුනාම දිව්‍ය ලෝකේ යන්න පුළුවන් කියලා උපාසක අම්මලා හිතුවද දන්නෙ නැහැ අර පැරණි ජන කතාවක වගේ (නි)
සිල්වා Wednesday, 09 March 2016 02:21 PM
වැරදි කරලා බොරුත් කියන හැටි , (කෞ)
ජනහිත Thursday, 10 March 2016 03:01 AM
පන්සලේ කොටියෙක් හැදුවා නම් මොකද. අපේ හාමුදුරුවෝ මොකද්ද මේ කරගත්තේ, අලි හදන්න ගිහින්? (නි)
අප්පුහාමි Thursday, 10 March 2016 09:33 AM
නාලක ගාවත් අලි පැටියෙක් ඉන්නවා වගේ. (ර)
චන්ද්‍රා Wednesday, 09 March 2016 04:58 PM
හාමුදුරුවන්ගේ කතාව නම් ඇත්ත. (නි)
උපාලි Wednesday, 09 March 2016 05:25 PM
මම නම් කියන්නේ ඔය ගහන්නේ හාමුදුරුවන්ට නොවෙයි, හාමුදුරු වේශයෙන් ඉන්න අයට (නි)
නාලක Thursday, 10 March 2016 05:32 AM
දැන් මේ ටිකට ආමුදුරුවරු කිදෙනක් හිරේ දැම්මද? අර මිනිස්සු පැහැරගත්, හප්පපු දේශපාලකයන්ට මේ කිසි දෙයක් නැහැ. මෙතන ඉන්න අයත් විකාර කතා කියලා ඇත්ත කතාව වහනවා. (නි)