IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


උඩුවේ හිමි ලන්ඩන් බෝධි පුජාවේ

ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති අග්ගමහා පණ්ඩිත ගලයායේ පියදස්සි නාහිමියන්ගේ  ආරාධනාවෙන් ලන්ඩන් නුවරට වැඩමකර සිටින පුජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් මෙහෙයවූ බෝධිපුජාමය පිංකමක් පසුගියදා එම විහාරස්ථානයේදී පැවැත්විණි. 

උන්වහන්සේ ලන්ඩන් නුවරට වැඩමකළේ සද්ධාතිස්ස බෞද්ධ මධ්‍යස්ථානය මඟින් මෙම මස 16 වන ඉරුදින බ්‍රෙන්ට් නගර ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති වෙසක් පොසොන් පිංකමට සහභාගීවීම උදෙසාය. කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදොළුවාවේ සෝභිත නාහිමියෝද එම පිංකමට සහභාගීවීම සඳහා ලන්ඩන්  නුවරට වැඩමකර සිටිති.

බෝධිපුජා පිංකම ආරම්භයේ අනුශාසනාව පැවැත්වූ  පියදස්සි නාහිමියන් පැවසුවේ ධම්මාලෝක හිමියන් ලන්ඩන් නුවරට වැඩමකර ඇතිබව ආරංචි වීමෙන් පසු විහාරස්ථානයේ දායක දායිකාවක් බොහෝ පිරිසක් උන්වහන්සේගේ බෝධිපුජා පිංකමක්  

සුදානම් කරන ලෙසට තමන් වහන්සේගෙන් ඉල්ලා සිටි බවයි. 16 වන ඉරිදා පැවැත්වෙන වෙසක් පොසොන් පිංකමේදීද ධම්මාලෝක හිමියන් බෝධිපුජාවක් පැවැත්වීමය නියමිත වුවද එම පින්කමට පුර්වාරම්භයක් ලෙසට මෙම සති අන්තයේ බෝධිපුජාව කෙටි දැනුම්දීමකින් අනතුරුව සුදානම් කළ බවඋන්වහන්සේ පැවසුහ. 

බ්‍රෙන්ට් නගරශාලාවෙදී 16 වන ඉරිදා සවස 4 සිට 10.30 දක්වා පැවැත්වෙන වෙසක් පොසොන් පිංකම සහභාගීවීමට කැමති සියලුමදෙනාට එදිනට පැමිණෙන ලෙසට ආරාධනා කරන බවත් උන්වහන්සේ පැවසුහ. එම පින්කමේදී සද්ධාතිස්ස 

දහම් පාසලේ, නර්තන පන්තියේ සහ සංගීත පන්තියේ දරුදැරියන් සහ දෙමාපියන් ඉදිරිපත් කරන බෞද්ධ සංස්කෘතික සංදර්ශනයක් සහ භක්ති ගීත ගායනයක් ඉදිරිපත් කෙරේ.

සංස්කෘතික සංදර්ශනය ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සිට මහාචාර්ය මුදියන්සේ දිසානායක ලන්ඩනයට පැමිණ සිටී. 

භක්තිගීත සංදර්ශනය ඉදිරිපත් කරන්නේ සංගීත විශාරද අර්චනා දිසානායක විසිනි.

එදින ප්‍රධාන දේශනය පවත්වන ලබනුයේ ඔක්ස්ෆර්ඩ්හි සාරා ෂෝ විසිනි.

 



අදහස් (0)

උඩුවේ හිමි ලන්ඩන් බෝධි පුජාවේ

කරුනේ Wednesday, 12 June 2013 09:52 PM

මේ සිල්වා ඒ මිනිස්සු පිටරටක ඉදන් එහෙම හරි අපේ ආගම අදහන එක ගැන සතුටු වෙන්න අගය කරන්න ඕනේ. මනස් ගාත අල්ලාගෙන ඒ කරන වැඩ වලට ගරහන්න එපා. අගය කරන්න පුරුදු වෙන්න.(නදී)

:       0       0

මනෝහරන් Wednesday, 12 June 2013 10:14 PM

සිල්වා බුද්ධ දර්ශනයයි මේ වැඩයි අතරේ කිසිම සම්බන්දයක් නැහැ. ඔයා කලබල වෙන්න එපා.(නදී)

:       0       0

සමන් පෙරේරා සෞදි Wednesday, 12 June 2013 11:28 PM

ගෞතම බුදුන්ට පස්ස හරවල වාඩිවෙලා ඉන්න ඒ අය බෞද්ධ වන්නේ කොහොමද ?(නදී)

:       0       0

ගිම්හානි Thursday, 13 June 2013 12:14 PM

හරියටම හරි සෙනෙවි මේවා දැක්කම හිනා නොවී ඉන්නේ කොහොමද ? මෙයාලගේ ඔක්කොම බොරු ශෝබන (අ)

:       0       0

චානක Thursday, 13 June 2013 12:57 AM

උඩුවේ දම්මාලෝක කියන්නේ අර එලන්මෙතියාරාමයේ පන්සලේ අතිකරුද. (අ)

:       0       0

සුසිල් මිලානෝ Thursday, 13 June 2013 12:35 PM

දිසා, වැස්සකටවත් පාසල් නොගිය කෙනෙක් වගේ පහත් භාෂාවෙන් කතා කරන්න එපා. (නි)

:       0       0

දුලිනි Thursday, 13 June 2013 01:31 AM

සිල්වා, මම ඔයාගේ කතාවට බොහොම එකගයි. ඔයා කියන කතාව බොහොම අගයකළ යුතුයි. අපට උගන්නලා තියෙන විදියට බුදු හාමුදුරුවන්ට පිටුපාලා වාඩි වෙන්නවත් හොද නැහැ (නි)

:       0       0

චන්දා Thursday, 13 June 2013 05:40 AM

මනෝහරන් හීන් සැරෙන් නගන සයිරන් මනරන්.(නදී)

:       0       0

විජේවීර Wednesday, 12 June 2013 07:34 PM

බලන්න ආසයි මටත් (නි)

:       0       0

සිල්වා Wednesday, 12 June 2013 07:48 PM

මෙහි තිබෙන 4 වන පින්තුරයේ සියලුම දෙනා බුදු රදුන් හට පිටුපස හරවාගෙන සිටීම අනුමත කල නොහැක්කකි ...බුද්ධ පුත්‍රයන් සහ ගිහි අය මීට වඩා මොලය පාවිච්චි කර වැඩ කරන්න.(නදී)

:       0       0

සිල්වා Wednesday, 12 June 2013 07:47 PM

කරුණාකර 4 වන පින්තුරය ඉවත් කරන්න. ස්තුතියි.(නදී)

:       0       0

සෙනවි--ගාල්ල Thursday, 13 June 2013 08:30 AM

අනේ හාමුදුරුවනේ ලන්ඩන් වල මොකටද බෝධිපූජා තියල,එහේ මිනිස්සු ඔය යසට ඉන්නේ! අනෙක මේරට ‍නරක නිසානේ වැඩිය හොඳ රටකට ගිහින් ඉන්නේ දන්න දන්න හැම උප්පරවැට්ටයම දාල , මේ රටට වෙලා තියෙන දේ බලල, අනුකම්පා කරල මෙහේ ‍හොඳ බෝධිපූජාවක් තියල මේ අපලේ දුරුකරන්නකෝ එතකොට දවසට දුසිමක් විතර මැරෙනවනේ බෞද්ධ රටේ. වැඩිය පින් ඒක (අ)

:       0       0

සුනිල් පෙරේරා Thursday, 13 June 2013 02:21 PM

බුදු සමිදුට වදිනා දෑසේ කරුණා වයි. බුදු ගුණ වරුණ මුමුණන පද ඇසුනායි පොඩි දරුවන්ගේ මල් මල් පහන් සිතයි බැති බර සිතින් සද්ධා සද කිරණ දිලෙයි බුදු සමිදුට සද්ධා බැති හද පවන් ස ල යි පිට දේසෙක වසනා ඔබ සිංහල බුදු මෙත් මල් පහන් දරයි නිවනින් නිවෙන්නට පුද පුජා තව තවපුරුදු කරනුමැනේ.(නදී) .

:       0       0

දිසා Thursday, 13 June 2013 08:49 AM

උඩුවේ ලොක්කා මාසෙන් දවස් 25 යුරෝපෙනේ ඉන්නේ .... ලංකාවට එන්නේ 1 දාගෙන යන්නනේ ,සමහර දෙශපාලකයො වගේ අනේ අම්මප රටටයි ශාසනයටයි යන කලක මහත.(අ)

:       0       0

රූපා Wednesday, 12 June 2013 08:54 PM

පාර්ලිමේන්තුවටත් වඩා එහෙ හොදයිද අපේ හාමුදුරුවනේ.(නදී)

:       0       0

හුසේන් Thursday, 13 June 2013 10:21 AM

අපේ උඩුවේ හාමුදුරුවන්ගේ මුහුණ දැක්කහම පේනවා කොච්චර හොඳ හිතක්ද තියෙන්නේ කියලා. කොච්චර ආදරෙන්ද මිනිස්සු එක්ක කතාකරන්නේ. (නි)

:       0       0

සුකිරි Thursday, 13 June 2013 03:22 PM

සුසිල් මිලානෝ, ඔය හාමුදුරුවෝ දේශපාලනෙට බැස්සේ නැත්නම් අදටත් මිනිස්සු ගරු කරනවා. දැන් කියන්න එපා සිවුරට ගරු කරන්න කියලා. මොකෝ සිවුර ඇදන් ඉන්න කෙනා තමයි සිවුරට පන දෙන්නේ. අනික ඇයි මේ ඉතාලියට ප්‍රංසේට එංගලන්තෙට අපේ අය මෙතරන් කෑදර.(නදී)

:       0       0

රුවන් Thursday, 13 June 2013 10:26 AM

අරහේ පින්කම්, මෙහෙ පින්කම්, හැම තැනම පින්කම්. හැබැයි ඉතින් කිසිම සමගියක් නැහැ. බෙලි කැපිලි, ඉරිසියාකාරකම්, කුහකකම්, පුහු මාන්නේ, බොරු කීම තමයි ඇත්තට තියෙන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1433 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 911 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1390 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 985 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 559 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 1019 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37954 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25012 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 277 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site