IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


උඩුවේ හිමි ලන්ඩන් බෝධි පුජාවේ

ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වෙසක් පොහොය නිමිත්තෙන් බෝධි පුජා පින්කමක් සහ ධර්මදේශනාවක් පැවැත්වීමට උඩුවේ ධම්මාලෝක හිමියෝ ලන්ඩන් වඩිති.

විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක අග්ගමහා පණ්ඩිත ගලයායේ පියදස්සී නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් සංවිධානය කැරෙන මෙම පිංකම ලබන 24 වන සෙනසුරාදා සවස 4.30 ට කින්ස්බරි මහා විද්‍යාල ශාලාවේදී පැවැත්වීමට නියමිතය.

පින්කමෙන් අනතුරුව සද්ධාතිස්ස විහාරස්ථානයේ දායකයින් විසින් සංවිධානය කර ඇති ආහාර දන්සලක්ද පැවැත්වෙයි.

 



අදහස් (0)

උඩුවේ හිමි ලන්ඩන් බෝධි පුජාවේ

පිටිගල Tuesday, 13 May 2014 05:06 PM

ලන්ඩන් බෞද්ධයන්ට දීර්ඝායු,සැප,බල,ප්‍රඥා නොඅඩුව ලැබේවා! (නි)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Tuesday, 13 May 2014 05:31 PM

මිලානෝ රන්ජිත්, පිටිගල අයියේ, බෝධි පුජා පවත්වලා ඔබ කියනා සේ 'ප්‍රඥාව' දියුණු කරගන්නා ආකාරය කියලා දෙන්නකෝ. (නි)

:       0       0

නිලූ Tuesday, 13 May 2014 05:41 PM

උතුම් හිමිනමක්.... (නි)

:       0       0

පිටිගල Tuesday, 13 May 2014 06:09 PM

නන්දන පනාගොඩ, මම රන්ජිත්. නැතුව පිටිගල මිලානෝ නෙමෙයි. මම ඉන්නේ ඉතාලියේත් නෙමෙයි. බෝධි පූජාවක් තියලා ප්‍රඥාව දියුණු කරගන්න බැහැ. හැබැයි එයින් ලැබෙන කුසලානිසංසයෙන් සැප, බල, ප්‍රඥා ලැබෙනවා කියලා බෞද්ධ අප විශ්වාස කරනවා. හැබැයි ඒ කරන දේවල් බුදුන් කෙරෙහි ඇති භක්තියෙන් කුහකකම් වලින් තොරව කරනවා නම් ඉහත සඳහන් දේ ලැබෙන්න බැරිකමකුත් නැහැ.ඔබ බෞද්ධයක් නම් අත්හදා බලන්න.මට නම් උපදිනකොටම ප්‍රඥාව මට ජීවත් වෙන්න අවශ්‍යදේට ප්‍රමාණවත් අන්දමින් පිහිටා තිබුනා. ඔබට ප්‍රඥාවේ අඩුපාඩුවක් දැනේ නම් භක්තියෙන් බුදුදහම තුළ උගන්වන කුසල ක්‍රියාවල යෙදෙන්න. දිනපතා භාවනා කරන්න. ප්‍රතිපල ලැබේවි. ඔබට සුභ වෙසඟක් වේවා! (නි)

:       0       0

මංගල Tuesday, 13 May 2014 06:47 PM

බෝධීන් වහන්සේ කියන්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේ ලෙසට තමයි බෞද්ධ අපි සළකන්නේ. අකුසල කර්ම හේතුකොට ඇතිවන අපලයන් මඟ හරවාගෙන අපගේ සංසාරික කුසලානුකර්ම බලය මතුකර ගැනීමට බෝධි පූජා ඉවහල් වෙනවා.සැමට සුභ වෙසඟක් ! (නි)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Tuesday, 13 May 2014 07:18 PM

රන්ජිත් පිටිගල අයියේ, බෝ වෘක්ෂයකට කිරි වලින්, ජලයෙන් සහ කවි වලින් පූජා පවත්වා 'කුසල්' රැස් කරන්න බැරි බවයි මගේ දැනීම. බුද්ධ දේශනාවේද කිසිම සුත්‍ර පදයක 'කුසල්' රැස් කිරීමට යටකී හේතුන්ද මඟක් යැයි දක්වා නැත. ඔබ කියා ඇති 'බෞද්ධ අප විශ්වාස කරනවා' යන්න නිවැරදි විය යුතුයි. ධර්මය 'ඒහිපස්සික' ලෙස ගතයුතු දෙයක් මිස විශ්වාසයෙන් ගත යුතු දෙයක් නොවේ. විශ්වාසය මත පදනම් වී ඇත්තේ ආගම්වාදී සංකල්පයන්ය. (නි)

:       0       0

පිටිගල Tuesday, 13 May 2014 09:13 PM

බෝධි පූජාවක් කිරීමෙන් ලැබෙන දෙයක් අපට පෙනෙන්නේ නැති වුවත් බෝධි පූජාවෙන් ගුණයක් පිහිටක් ලැබෙන බව බෞද්ධයෙක් හැටියට'' මම විශ්වාස කරනවා". එයින් කුසල් රැස් කරගන්න බැරි වුණත් ආධ්‍යාත්මිකව අපට යම් සැනසීමක් මෙලොව වශයෙන් ලැබෙනවා. අපේ ජීවිත තැන්පත් බවට පත් වෙනවා. (නි)

:       0       0

පවන් Tuesday, 13 May 2014 01:57 PM

මෙවන් කටයුතු තව තවත් ඉදිරියට කිරීමට හැකිවේවා! (නි)

:       0       0

ධර්මේ Tuesday, 13 May 2014 10:13 PM

බුදු රජාණන් වහන්සේ ජීවත්ව සිටි කාලයේ පවා, පුද පූජා පැවැත්වීමට ආනන්ද බෝධිය රෝපණය කළා. ආමිස පූජා, ප්‍රතිපත්ති පූජා යනුවෙන් පූජා විදි දෙකක් බුදු දහමෙහි විස්තර වෙනවා. ප්‍රතිපත්ති පූජාව වගේම ආමිස පූජාවත් කුසල් රැස් කර ගැනීමට උදවු වෙනවා. දහමෙහි චිරස්තිතියටත් ආමිස පූජා උපකාරී වෙනවා. දහම හරියට නොදැන බක පණ්ඩිත අදහස් දැක්වීමට වඩා, ආමිස පූජාවකවත් යෙදෙනවානම් යහපත්. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 2799 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2025 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2891 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2898 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 658 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1306 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36035 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24124 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 170 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 516 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site