IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


‍ උණ්ඩෙට ඡන්දෙන් පිළිතුරු දෙන්න

ජනතා ඉල්ලීම්වලට උණ්ඩයෙන් පිළිතුරු දෙන ඒකාධිපති රාජපක්ෂ රෙජිමටය ඡන්දයෙන් පිළිතුරු දෙමින්  සිය විරෝධය පළ කිරීම සඳහා පළාත්  සභා මැතිවරණයේදී  එක්සත්ජාතික පක්ෂයට ඡන්දය දෙන්නැයි මධ්‍යම සහ වයඹ ජනතාවගෙන් ඉල්ලා සිටින බව  එක්සත්ජාතික  පක්ෂ නායක සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මහනුවරදී  පැවසීය.

නිරායුද ජනයා  වෙඩි තබා ඝාතනය කිරීම වහාම නතර කරමින්  නීතීයේ ආධිපත්‍ය  තහවුරු කරන ලෙස ඒකාධිපති රෙජිමයට අනතුරු ඇඟවීමේ  පණිවුඩය ලබා දීමේ  කාලය එලඔ ඇති බව  වික්‍රමසිංහ මහතා  කීවේය.

නැවත වතාවක් ගම්වලට වැදී  තරුණ තරුණියන්  ඇතුළු අහිංසක  සහ අසරණ ජනයාට  වෙඩ් තබා ඝාතනය  කිරීමට ඉඩ නොතැබීම  සියලු දෙනාගේම  වගකීම හා කාර්ය භාරය  වන්නේයැයි ද හේ  අවධාරණය කළේය.

 



අදහස් (0)

‍ උණ්ඩෙට ඡන්දෙන් පිළිතුරු දෙන්න

ලෙස්ලි ලෝව් මිලානෝ Sunday, 11 August 2013 04:58 PM

රසිකා ගේ අදහස් ගැන අපිට පුදුමයි. 60000 ක් මැරුනේ ත්‍රස්තවාදය නිසයි. එහෙනම් උතුරේ යුද්දේ ඉවර කිරීමට මොන තරම් මරන්න සිදු වුනාද. ත්‍රස්තවදයේදී සිංහල උනත් දෙමල උනත් ඒ සේරම මිනිස් ජිවිත. රතුපස්වල මැරුනේ ත්‍රස්තවාදීන් නොවෙයි. මේ වෙනස හරිහැටි තේරුම් ගැනීමට උත්සහ කරන්න. ජාතිවාදී ස්වරුපයෙන් මේ දෙස බලන්නේ නැතිව.(නදී)

:       0       0

උපාලි Monday, 12 August 2013 06:33 AM

උණ්ඩයෙන් පිළිතුරු දුන් මෙවැනි අවස්ථා රාශියක් තියෙනවා අපේ මෑත ඉතිහාසයේ. එකක් තමයි 80 ජුලි වර්ජනයේ සෝමපාල මහතාගේ ඉරණම. (නදී)

:       0       0

සඳරුවන් Sunday, 11 August 2013 05:52 PM

දැන් මෙතන ආණ්ඩුවට වැරදි කියා කියා ඉන්න අයම ආණ්ඩුවට ඡන්දෙ දීලා පස්සේ මේ වගේ තැන් වල ආණ්ඩුවට බනින්න එහෙම එපා හොඳද? (නි)

:       0       0

චන්දා Monday, 12 August 2013 08:34 AM

කටට එන දේවල් එමටයි තෙපලන්න. මොකට කියනවද වස පිටිකිරි බි ගොම පෙරා ගත් අයට.

:       0       0

ශාන් Sunday, 11 August 2013 06:58 PM

අනේ අපි දන්නවා හැමදේම හොදට (නි)

:       0       0

බමුණු Sunday, 11 August 2013 06:59 PM

රනිල් මහත්තයෝ, අපිට කවුරු කවුරුත් කළ දේවල් අමතක නැහැ. (නි)

:       0       0

බමුණු Sunday, 11 August 2013 07:03 PM

"දැන් මෙතන ආණ්ඩුවට වැරදි කියා කියා ඉන්න අයම ආණ්ඩුවට ඡන්දෙ දීලා පස්සේ මේ වගේ තැන් වල ආණ්ඩුවට බනින්න එහෙම එපා හොඳද" මේක පුදුම කතාවක්නේ. හොඳදේ හොඳයි කියනවා. නරක දේ නරකයි කියනවා. ඒකත් කියන කෙනාගේ දැනුම් මට්ටම් අනුව. (නි)

:       0       0

බමුණු Sunday, 11 August 2013 07:05 PM

මට නම් ඔය කාගෙන්වත් වැඩක් නැහැ (නි)

:       0       0

බණ්ඩාර Monday, 12 August 2013 10:21 AM

ඔබතුමාගේ කතාව හරි

:       0       0

ඩී.උපුල් Sunday, 11 August 2013 07:50 PM

යාරෙ තුට්ටුවට ගියත් බල්ලා හෙළුවෙන් වගේ අපේ ජන්දදායකයෝ හැමදාමත් නිරුවතින්. ඊළඟ පරම්පරාව ලොකුමහත් වෙලා හුල්ලනකොට තමයි තේරෙන්නේ මේ ආශ්චර්යය. (නි)

:       0       0

ද සිල්වා Monday, 12 August 2013 03:03 PM

මේ පාර ඡන්දෙදි ඔයා පොඩි විවේකයක් අරගෙන නවකයන්ට තැනක් දෙන්න , එතකොට ආණ්ඩුවට ලේසි වෙන්නේ නැහැ (ත)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 11 August 2013 08:04 PM

රනිල් මහත්තයෝ.. කොමෙන්ට්ස් වල හැටියටනම් ආණ්ඩුවට මේ පාර ඇපත් නැහැ..ඔයා මෙදා පාර ඔය පළාත් සබා දිනලා රැල්ල පටන් ගන්න. හැබැයි මේ පච බලකායත් එක්කනම් ඕක කරන්න බැහැ..බොරුවත් ඇත්තක් හැටියට මවලා දෙන්න පුළුවන් කට්ටිය පච බලකායට දාගන්න. මෙ අය වැලිවේරියේ මිනී තලෙයි මන්නාරමට පා කරන්න හදන අයනේ. කනවා ඉතින් ...අතේ පත්තු කර ගෙන හත්පොලෙත් ගා ගන්නවා.(නදී)

:       0       0

බන්දුල පුන්සක පෙරේරා Sunday, 11 August 2013 02:07 PM

ජයවේවා ! (නදී)

:       0       0

නිමල් ජයසිංහ Sunday, 11 August 2013 02:20 PM

අපි කැමතියි ඡන්දය දෙන්න. ඒ වුනාට හොරුත් ඒක්ක හෙළුවෙන් ඉන්න අපි කැමති නැහැ.(නදී)

:       0       0

සේනාරත්න Sunday, 11 August 2013 02:27 PM

එහෙනම් මේ වෙන කොට එක්සත් ජාතික පක්ෂය දිනල ගොඩක් කල්.(නදී)

:       0       0

රසිකා ඕමාන් Sunday, 11 August 2013 02:35 PM

බොරදියේ මාලු බෑම. මේකෙන් නැතිඋනේ 3කි. එතකොට 60000ක් මරපු ඔබලාටද ඡන්දය දෙන්න ඕනේ.(නදී)

:       0       0

අමිල කටුනායක Sunday, 11 August 2013 09:27 PM

කෝපි බොන්න ගියානම් ඔහොමවත් කියන්නේ නැහැ. (ස)

:       0       0

තබුක් සිල්වා Sunday, 11 August 2013 02:43 PM

දුෂණයෙන් තොර රටක් බියෙන් සැකෙන් තොර ජීවත් වෙන්න පරිසරයක් ගොඩ නගන්න ,ඔබගේ වටිනා ඡන්දය පාවිච්චි කර උගත් බුද්ධිමතෙක් තෝරා ගැනීම ඔබ සතු වගකිමයි (නි)

:       0       0

උපාලි Sunday, 11 August 2013 02:47 PM

රසිකා ඕමාන්, ඔබ හරි. (නි)

:       0       0

රෝහණ Sunday, 11 August 2013 02:51 PM

අපිට අතීතයත් මතකයි තවම හොදට (නි)

:       0       0

රෙමා Sunday, 11 August 2013 02:57 PM

අපි කැමති නැහැ අතීතයට නැවත යන්න (නි)

:       0       0

රසික Sunday, 11 August 2013 10:16 PM

කරන්න නම් ඕනේ ඕකම තමයි (දී)

:       0       0

රසිකා-ඕමාන් Sunday, 11 August 2013 10:24 PM

රට කඩන්න උස්සහ කරන අය ත්‍රස්තවාදී. කඩන්න හදන රට එකතුකිරිමත් ත්‍රස්තවාදීද? ලෙස්ලි ඕකේ වෙනස දන්නවද?(නදී)

:       0       0

ටෙනිසන් Sunday, 11 August 2013 10:50 PM

ලෙස්ලි ලෝට් මහත්තයෝ රතුපස් වල මලේ සාමාන්‍ය වැසියෝ, අනේ අම්මපා රනිල් මහත්තයලගේ ආණ්ඩු කාලේ එහෙම මිනිස්සු මරලම නැද්ද? මම දැක්කේ හීන ද මන්දා.(නදී)

:       0       0

ලෙස්ලි ලෝව් මිලානෝ Sunday, 11 August 2013 03:34 PM

රසිකා 60000 ක් ගැන කියනවා. එතකොට උතුරේ යුද්දෙදි මොන තරම් මරල දැම්මද ? එහෙම හිතුවොත් මේ ආණ්ඩුවත් වරදක්ද කරලා තියෙන්නේ ? ත්‍රස්තවාදයේදී මේක තමයි ස්වභාවය. දෙමල උනත් සිංහල උනත් ඔක්කොම මනුස්ස ජිවිත රතුපස්වල මරල දැම්මේ ත්‍රස්තවාදීන් නෙමෙයි.(නදී)

:       0       0

ධම්ම Sunday, 11 August 2013 03:53 PM

දයාසිරිත් ගියායින් පස්සේ එජාපෙ හොඳම කථිකයා රනිල්. ජයවේවා! (නදී)

:       0       0

ඡන්ඩි Sunday, 11 August 2013 03:58 PM

කවුරු කලත් ඔහොම තමයි. පව් බබාට කැමැත්ත දෙන්න.(නදී)

:       0       0

දාසානායක Sunday, 11 August 2013 04:10 PM

උන්ඩේට ඡන්දෙන් උත්තර දීලා මල්ටි බැරල් එකක් ඔලුවේ ගහගන්න අපිට බැහැ රනිල් මහත්තයෝ. කාගේ කාගේ කෙරුම් අපිට අමතක නැහැ.(නදී)

:       0       0

තිසල් Sunday, 11 August 2013 04:17 PM

පව් කළ දැයක ඉපදීමයි පවලොකුම හෙළ දැය වුවමනා නෑ හෙලයාහටම පරයන් රජකරනු දැක දැක හිසමතම ඇහැ කන වහන් ඉඳුමයි අද හෙළ ලෝදහම.(නදී)

:       0       0

අනුර-පනාගොඩ Sunday, 11 August 2013 04:21 PM

87/90 ටයර් වල ගිය අයට අනේ නැගිටලා කතා කරන්න පුලුවන්නම්.(නදී)

:       0       0

ස්ටැන්ලි Sunday, 11 August 2013 04:40 PM

වැරදිලාවත්ද ? 1988 - 1989 කාලයේදී නිරායුද තරුණයෝ ටයර්වල දාල පිච්චුවේ කව්ද ?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 9510 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 4896 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 6829 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 4621 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 1148 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1970 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36482 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24193 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 527 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 227 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site