IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


උණවටුණේ ප්‍රංශ නෙයියාඩමක්

උණවටුණේ ප්‍රංශ ජාතිකයකුගේ හෝටලයකට ආ ප්‍රංශ තරුණියන් දෙදෙනකුට අතවර කළැයි සැක පිට  ප්‍රංශ හෝටල් හිමියෙක් අත්අඩංගුවට ගනු ලැබීය.

දෙදිනකට පමණ පෙර වූ මේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ  ළමා හා කාන්තා කාර්යාංශය උණවටුණට ගොස්  පරීක්ෂණ පවත්වා ප්‍රංශ ජාතිකයා හබරාදුව පොලිසියට බාර දෙනු ලැබීය.

ප්‍රංශ කතුන් දෙදෙනා උණවටුන හෝටලයේ නැවතී සිටි බවත් හෝටල් හිමියා ඔවුන්ට රාත්‍රී භෝජන සංග්‍රහයක් සදහා නිවසට ආරාධනාකර ඇතිබවත් පරීක්ෂණ වලින් හෙලිවී තිබේ.  මත් පැන් පානය කර සිටි තරුණියන් දෙදෙනා එම ඇරයුම පිළිගෙන ඇති බවත් එම නිවසේදී එක් කාන්තාවක් අනික් කාන්තාව නාවා ඇදට දමා ඇති බවත් ඇගේ  නුල් පොටක් වත් නොතිබු බව පොලිස් වාර්තාවල සදහන්ය.

එක් කාන්තාවගේ පැමිණිල්ල වනුයේ තමා  නිදා සිටියදී කිසිවකු  යට ඇදුම ඉවත් කර අතවර කර ඇති බවයි. අනෙක් කාන්තාව සදහන් කර ඇත්තේ කවුදෝ මිනිසකු  තමාගේ ඇගපත අතගාන අයුරු  නින්දෙන් දැණුනු බවයි. කොට්ටේ යට  තිබු තම මුදල් පසුම්බිය එතැනින් ඉවත් කර තිබූ බවත් එහි වූ රුපියල් දස දසහසක්  සොරාගෙන ඇති බවත් ඇය කියා ඇත.

මේ සිද්ධිය ගැන පැමිණිලි කිරීමට ගාල්ල පොලීසියට ගිය නමුත් එහිදී පැමිණිල්ල ලියාගෙන නැතැයි ද උණවටුණ හබරාදුව පොලිස් වසමේ පිහිටි හෙයින් එහි ගොස් පැමිණිලි කරන ලෙස උපදෙස් ලැබුණු බව කියති. පොලීසිය  ක්‍රියාත්මක වී ඇත්තේ එම කාන්තාවන් දෙදෙනා කොළඹ ප්‍රංශ තානාපති කාර්යාලයට දැන්වීමෙන් පසු බව ද දැනගන්නට ඇත.

ගාල්ල පොලිස් අධිකාරී  ලලිත් පතිනායක මහතාගේ උපදෙස් පරිදි හබරාදුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් වලල්ලාවිට මහතා පරීක්ෂණ මෙහෙයවයි.

 

 

 



අදහස් (0)

උණවටුණේ ප්‍රංශ නෙයියාඩමක්

හේවාවිතාරණ Saturday, 27 April 2013 03:15 AM

සංචාරක කාලය ළඟ නිසා මේක යම්කිසි උප්පරවැට්ටියක් කියලා තමා මට හිතෙන්නේ (නි)

:       0       0

මුණසිංහ Saturday, 27 April 2013 06:38 AM

එතකොට ප්‍රංශකාරයෝද මෙහෙ හෝටල් කරන්නේ? ඒක ගැනත් සොයා බලන්න ඕනෑ. (නි)

:       0       0

සුසිල් මිලානෝ Friday, 26 April 2013 06:30 PM

මේ ප්‍රංස කාරයෝ ප්‍රංසයේ නටන නැටුම් හැටියට මෙයාලට මේවා ප්‍රශ්නද..? මෙතන වෙන මොකක් හරි ප්‍රශ්නයක් ඇති.(නදී)

:       0       0

සපුමල් Friday, 26 April 2013 06:39 PM

මේකත් ළගකදී සංවිධානය වුණු අහවල්ලුන්ගේ වැඩක් අනිවාර්යෙන්ම. (නි)

:       0       0

ඇසළ Saturday, 27 April 2013 07:52 AM

මේක හෝටලේ නම ප්‍රංශයේ ප්‍රසිද්ධ කරන්න කරපු වැඩක්ද දන්නෙ නැහැ. තව ටික දවසක් යනකොට වැල නොකැඩී ප්‍රංශ කාන්තාවෝ එන්න ගන්නවා මේ හෝටලේට. ප්‍රංශ සමාජ තත්වය දන්නේ ප්‍රංශෙට ගිය කෙනෙක්ම තමයි. (නි)

:       0       0

ජ.හේරත් Friday, 26 April 2013 07:04 PM

මේක ප්‍රංශ නෙයියාඩමක්නේ. අපි අපේ පාඩුවේ ඉදිමු නේද? (නි)

:       0       0

ඩියෝ Friday, 26 April 2013 07:08 PM

එයත් ප්‍රාදේශීය මන්ත්‍රීකමක්වත් බලාපොරොත්තු වෙනවා ද කවුද දන්නේ? (නි)

:       0       0

ඉෂාන් Friday, 26 April 2013 07:28 PM

කොහොමත් මට සැකයි මේ ගැන. (නි)

:       0       0

ජයනෙත්ති Friday, 26 April 2013 07:44 PM

ප්‍රංස යෞවනියන් පායාවි පායාවි හිනාවී.(නදී)

:       0       0

මාලා Friday, 26 April 2013 08:18 PM

පොලිසියත් එතරන් උනන්දුවක් නැති නම් මෙතන කොස්සක් තියනවා. (නදී)

:       0       0

රූපා Friday, 26 April 2013 08:28 PM

මේ කතාව පැහැදිලි මදි. මොකක් හරි හොරයක් තියනවා.අ පේ කෙනෙක් ප්‍රංස කාරයකුත් අල්ලාගෙන මොකක් හරි නාඩගමක් නටන්න ඇති. මොකුත් නොදන්නා සංචාරකයෝ අහුවෙලා ඇති.(නදී)

:       0       0

පාරා Friday, 26 April 2013 08:46 PM

කොය් ජාතිකයෙක් උනත් පොලිසිය සේවය කල යුතුයි. පොලිසිය දන්නේ නැහැ . පොලිසි කියන එකේ තේරුම. (නදී)

:       0       0

ගාමිණී Friday, 26 April 2013 09:02 PM

විප්ලවයෙන් රටක් හොල්ලා ජයගත් නැපෝලියන් අධිරාජයා ආදරය ඉදිරියේ දන ගැහුවලු. මේ සිද්ධිය අපි හෙළාදකිනවා. සංචාරක කර්මාන්තයේ නොමනා වැඩ ඔහොම තමා! (නි)

:       0       0

හේරත් Saturday, 27 April 2013 10:28 AM

ප්‍රංශ ප්‍රශ්නයක්. ප්‍රංශ රසයක්.ප්‍රංශ රහසක්. වගෙයි.(ස)

:       0       0

දයා Saturday, 27 April 2013 01:29 PM

දකුණෙ වුණු එක්තරා සිද්ධියක් නිසා මටත් පොඩි සැකයක් තියෙනවා. (නි)

:       0       0

චතුල වෙරෝනා Saturday, 27 April 2013 02:05 AM

දෑන් කාලෙ පොලිසිය හොඳයි. මල් නෙලලා ගෙනියන්න, කලුතර බෝධිය ගාව විකුනන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දරුවන්ට හොඳ ලොවක් හදන වගකීම බාර ගන්නවා
2024 ඔක්තෝබර් මස 01 1 0

දරුවන්ට වඩා යහපත් ලෝකයක් නිර්මාණය කිරීමේ වගකීම බාරගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.


සිසුන් පහක් අපයෝජනය කළ සීයා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 01 286 0

බාල වයස්කාර සිසුන් පස් දෙනෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කල බව කියන 64 හැවිරිදි අයෙක් ලෝක ළමා දිනය යෙදුණු අද (01) දින මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්ය


ජනපති කාර්යාලයට ගෙන තිබූ වාහන මුල් ආයතනවලටම
2024 ඔක්තෝබර් මස 01 744 0

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට බාරදීම අද (1) පස්වරුවේ ජනාධිපති කාර්යාලය


ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවේ
2024 ඔක්තෝබර් මස 01 279 0

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ඔක්තෝබර්) සංශෝධනය නොකරන බවත් සැප්තැම්බර් මස පැවැති මිලටම මෙම මස ද ගෑස් අළෙවි කරන බවත් එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහත


’’ත්‍රිවීල් ගාස්තු අඩු කරන්න බෑ’’
2024 ඔක්තෝබර් මස 01 735 0

බස්නාහිර පළාත් සභාවේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් ත්‍රිරෝද රථ නියාමනය කිරීම සදහා මැදිහත් වනතුරු පෙට්‍රල් නොමිලේ ලබා දුන්න ද ගාස්තු අඩු කිරිමට ය


අප්‍රේල් දක්වා ඉන්ධන ඇනවුම් කර අවසන්
2024 ඔක්තෝබර් මස 01 2083 0

මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38486 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25341 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 907 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site