IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


උත්තම ගුරු පූජා

ගුණපාල වික්‍රමරත්න විශිෂ්ටතම ගුරුවරයෙකි, විශිෂ්ටතම විනයාරක්ෂකයෙකි, විශිෂ්ටතම සොඳුරු මිනිසෙකි. ඔහුගෙන් සිප් සතර හැදෑරුවෝ එතෙරත් මෙතෙරත් සිටිති. ඔහු මාතර රාහුල විද්‍යාලයයේ ආදී ශිෂ්‍යයෙකි.

ඩී.ජේ. කුමාරගේ විදුහල්පති අඩිපාරේ යමින් එතුමාගේ පන්නරය ලබමින් ඔහු මාතර රාහුලයේ ද කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ ද කොළඹ නාලන්ද විදුහලේ ද විදුහල්පති පදවියෙන් පිදුම් ලද්දේය. අධ්‍යාපන ක්ෂේත්‍රයේ තවත් උසස් පදවි රැසක් හෙබැවීය.

වික්‍රමරත්න මහතා මැයි 19 වැනි දා අනූ වැනි වියට පා තබයි.

ඔහුගේ දූ දරුවෝ ද ගෝල බාලයෝ ද සමීපයෝ ද ඔහුට උපහාර දැක්වූහ.

IMG_7990 IMG_8140 IMG_8153 IMG_8157 IMG_8163



අදහස් (0)

උත්තම ගුරු පූජා

ජනක අලහප්පෙරුම ලන්ඩන් Tuesday, 17 May 2016 11:01 AM

ඔබතුමාව මම දැකවත් නැහැ. එහෙත් ඔබතුමාගේ අපක්ෂපාති විශිෂ්ඨ රාජ්‍ය සේවය පිළිබඳව බොහෝදේ අසා තිබෙනවා. ඔබ වැන්නවුන් වර්තමාන රාජ්‍ය සේවයේ දකින්නට ලැබෙන්නේ කළාතුරකිනි. ඔබතුමාට දීර්ඝායුෂ පතමි. (ර)

:       0       0

උදේනි මල්ලවාරච්චි Tuesday, 17 May 2016 11:08 AM

අපි අට වසරේදී මෙතුමා නාලන්දයට පැමිණිය. පාසැල අමුතුවෙන්ම හැදුව විනය නොම්බර එකයි. මෙතුමා නිසා අපිත් අද පිට රටවල ඔලුව කෙලින් තියාගෙන ඉන්නවා ඔබටත් අනිකුත් ගුරුමනියන්ට ආරියරත්න ටී එස් සිල්වා මැතිනිය බී ගුනසිංහ දීර්ගයුෂ පතමි.! (ර)

:       0       0

ගගන Tuesday, 17 May 2016 06:38 AM

ඇහැට කඳුළු ආ දර්ශනයක්... (ම)

:       0       0

නන්දසිරි Monday, 16 May 2016 05:23 PM

මම ඔබට සුබ උපන් දිනයක් පතමි! (නි)

:       0       0

විපුුල ලියනපටබැඳි Monday, 16 May 2016 05:55 PM

ඔබතුමාට දීර්ඝායුෂ වේවා! ඔබගේ පුතුන් දෙදෙනා කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ මා සහ මගේ සහෝදරයන්ගේ මිතුරන්. ඒ වගේම පිටකෝට්ටේ අපේ අසල්වැසියන්. බොහෝ වතාවක් අප ඔබේ නිවසට පැමිණ තිබෙනවා. කොපමණ උසස් රැකියාවක් කළත් ඔබතුමාගේ නිහතමානිකම අපට හොඳින්ම පෙනුනා. (නි)

:       0       0

ආසිරි Monday, 16 May 2016 08:51 PM

ඔබට දීර්ඝායු ලැබේවා! (නි)

:       0       0

අරවින්ද රුබසිංහ Monday, 16 May 2016 10:01 PM

මම නාලන්දා විදුහලට ඇතුළු වූයේ ඔබ තුමා එහි විදුහල්පති ලෙස වැඩ බාරගත් වසරේදීමයි. ඔබ තුමා නාලන්දාවේ සිසු විනය ඉහල නැංවූ අයුරු දැකීම මටද ලැබුණ මහඟු අත්දැකීමකි. ඔබෙන් අප ලැබූ ආදර්ශ අපමණයි. වසර කීපයකට ඉහතදී මගේ පන්තියේ සිසුන් හා එක්ව ඔබ ඇතුළු අපගේ ආචාර්ය මණ්ඩලයටත් තවත් වරකදී ඔබ වෙනුවෙන්මත් උපහාර දැක්වීමට හැකිවීම මගේ භාග්‍යයකි. ඔබට දීර්ඝායු ලැබේවා!(කෞ)

:       0       0

ඇසළ Tuesday, 17 May 2016 12:49 PM

දේශපාලකයන් නැති නිසා කුඩා උත්සවයක් උනත් ඉතාමත් හරබරයි අලංකාරයි. ඔබතුමාට නිරෝගී දීර්ඝායුෂ එකසිතින් ප්‍රර්ථනා කරමි.! (ර)

:       0       0

බන්දුල Tuesday, 17 May 2016 08:08 AM

මෙවන් මිනිසුන් ගැන අසන්න ලැබීමත් සතුටක්. (නි)

:       0       0

කිත්සිරි Monday, 16 May 2016 11:41 PM

මමත් රාහුලේ විද්‍යා ගුරුවරයෙක්(කෞ)

:       0       0

සුමිත්‍රා බස්නායක Tuesday, 17 May 2016 08:25 AM

පළමුව ඔබතුමාට නිරෝගී සුවයත්, දීර්ඝායුෂත් ප්‍රාර්ථනා කරනවා. කිසිම දිනක දැක නොතිබුනත් ඔබතුමා ගැන අසා ඇති මා කොළඹට හුඟක් දුෂ්කර පළාතක. ඔබතුමාගෙන් සිප්සතර හැදැරූ සැමටත් ඔබතුමාටත් වාසනාවන්ත අනාගතයක්! (නි)

:       0       0

මංගල වේලාරත්න Monday, 16 May 2016 11:37 AM

ඔබට දීර්ඝායුෂ පතමි කෝට්ටේ ආන්නද ශාස්ත්‍රාලයේ මම ඉගෙන ගන්න විට ඔබතුමා විදුහල්පති ඔබට තවත් දිගු කාලයක් නිරෝගිව ජිවත් වීමේ වාසනාව උදාවේවා (හේ)

:       0       0

පීරිස් Tuesday, 17 May 2016 02:54 AM

ඔබතුමාගෙන් කෙටි කලකට හරි අපි ඉගෙනගන්නකොට රජයේ කලා හා කලාශිල්ප විද්‍යාලයේ ප්‍රධානියා වෙලා හිටියා. ඔබ විනය නගාසිටුවන්ට ලොකු වෙහෙසක් ගත් බව මට මතකයි. ඔබතුමාට දිගාසිරි පතමි. (නි)

:       0       0

පුෂ්පනාත ද සිල්වා Wednesday, 18 May 2016 06:18 AM

ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා! (ර)

:       0       0

සරත්චන්ද්‍ර Tuesday, 17 May 2016 04:00 PM

ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා! ජයවේවා මැතිඳුනි! (නි)

:       0       0

ගුණපාල වික්‍රමරත්න Tuesday, 17 May 2016 04:35 AM

ඔබ සියළු දෙනාගේ සුභපැතුම් අගය කරනවා. එය මගේ ජීවිතයට තවත් දිරියක්. ඔබ සැමටත් සැප සහ ජය පතනවා. (ම)

:       0       0

අංගොඩ ලාල් Monday, 16 May 2016 12:43 PM

මා නාලන්දාවට ඇතුල් වෙනකොට විදුහල්පතිව හිටියේ ගුණපාල වික්‍රමරත්න මහතායි . ඔබවැනි කාර්ය ශුර , බුද්ධිමත් , විශිෂ්ටයෙකුගේ පාලනය යටතේ අධ්‍යාපනය ලැබීම භාග්‍යයක් යයි සිතේ . (ර)

:       0       0

එඩ්වර්ඩ් පෙරේරා Monday, 16 May 2016 02:00 PM

මෙවන් උත්තම මිනිසෙකු යටතේ දිනක් හෝ අකුරු කරන්න ලැබීම මාගේ ජීවිතයේ ලද භාග්‍යයක්. එතුමාට දීර්ඝායුෂ මෙන්ම නීරෝගී ජීවිතයක් පතමි.(හේ)

:       0       0

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Wednesday, 18 May 2016 12:43 AM

අපේ අතීත ගුරු දේවයාණන් සමඟ මේ අන්දමට හෝ සන්නිවේදනයක් කරගැනීමට අපහට ඉඩ සළසාදුන් ලංකාදීප පුවත්පතට අපගේ ස්තුතිය. හැකිනම් වික්‍රමරත්න මහතාගේ විද්‍යුත් ලිපිනය මෙහි පළ කළහොත් ඒ මහතා සමඟ සෘජුව සන්නිවේදනය කිරීමේ අවස්ථාවක් එතුමාගේ අතීත ගෝලයින් වන අපිට ලැබෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 73 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 1332 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 2792 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 1739 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 2948 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38548 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25368 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 273 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 924 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site