(රංජන් කස්තුරි)
එරාවුර් නගරයේ නූල් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලා පහක් ස්ථාපිත කිරීමට නියමිත අතර එමගින් නව රැකියා අවස්ථා 20000ක් ඇතිවන බව ඒකාබද්ධ ඇඟලුම් සංසදයේ ප්‍රධාන ලේකම් යොහාන් ලෝරන්ස් මහතා පැවසීය.
ඇඳුම් මැසීම සඳහා අවශ්‍ය නූල් වර්ග සම්පූර්ණයෙන්ම මේ වන විට ආනයනය කරන අතර නව කර්මාන්ත ශාලා ආරම්භවීමෙන් පසුව 2026 වසරේදී මෙරට නූල් අවශතාවයෙන් සියයට 30ක් සම්පූර්ණවන බවද ලේකම්වරයා කීය.
මේ අතර එල්.ටී.ටී.ඊ සංවිධානයේ සාමාජිකයන්ව සිට පසුව පුනරුප්ථාපනය වූ තරුණ තරුණියන් 8000ක් උතුරේ ඇඟලුම් කර්මාන්ත ශාලාවල සේවය කරන බවද ලෝරන්ස් මහතා පැවසීය.
උතුරේ ඇඟලුම් කර්මාන්තශාලාවල සේවය කරන සේවකයන්ගෙන් සියයට 80ක්ම කාන්තාවන් බවද ඔවුන් ගෘහයේ ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන බවද ඔහු කීය.
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි
කොටිකුවිආරු රක්ෂිතයේ නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලිස් නිලධාරීන් හප්පා පලායාමට උත්සාහ කිරීමේදී ටිපර් රථයට වෙඩි තබා රියැදුරු ඇතුළු දෙ
මෙම වසරේ අලුතින් පොලිස් නිලධාරීන් 5000ක් බදවාගැනීමටත් ඉන් 2000ක් කඩිනමින් බදවාගැනීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා උපද
චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැ
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැය 7 කට පමණ ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගියේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
උතුරට නූල් කම්හල් පහක්
Lalla Wednesday, 17 May 2023 05:12 PM
නූල් නිෂ්පාදනය කිරීමට අමුද්‍රව්‍ය 100% ආනයනය කරන්න ඕන. බොහෝ කලක සිටම හොරණ, මොරගහහේන කම්හල ආනයනය කරන අමු නූල් ඇඟලුම් කර්මාන්ත වලට අවශ්‍ය වර්ණ ගැන්වීම කරනවා. තව කම්හල් එනවා නම් හොඳයි...
දිසා / ගම්පහ. Wednesday, 17 May 2023 05:58 PM
උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල B O I යටතේ ඇගළුම් ඇතුලු කර්මාන්තශාලා ඇතිකිරීම එම ප්‍රදේශවල පවතින විරැකියාවට විසඳුමක් වන අතර, ද්‍රවිඩ තරුණ තරුණියන් පවතින අසහනයටද විසඳුමක් වනු ඇත...