IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


‘උතුරේ කොටි පෝස්ටරේට ස්විස් සල්ලි‘

‘මලහයි නින්ඩ්‍රාලූම් තූරල් නිට්කවිලෙයි‘ යැයි දමිළ කියමනක් වේ.එහි අරුත වන්නේ ‘මහ වැස්ස නිමා වුවද වැහි පොද වැටී අවසාන වන්නට තවත් කාලයක් ගතවන්නේය‘  යන්නයි.ශී්‍රලංකා ආරක්ෂක අංශ ද මේ දිනවල කටයුතු කරමින් සිටින්නේ මේ කියමන  අනුවය.දෙමළ ඊළම සදහා වන විමුක්ති කොටි (එල්.ටී.ටී.ඊ) සංවිධානය නැවත හිස  එසවීමට ගත් උත්සාහයක් මැඩපැවැත්වීමට ඔවුහු සමත්වූහ. නමුත් සටන තවමත් අවසන් වී නොමැත.තිරයෙන් පසුපස සිදුවූයේ හා දැනට සිදුවෙමින් පවතින්නේ කුමක්දැයි සොයා රට පුරා පරීක්ෂණ ක්‍රියාත්මකය.එල්.ටී.ටී.ය නැවත නැඟිිටුවීමට උත්සාහ කළ ගෝබි, අප්පන් හා තෙයිවීගන් යන තිදෙනා දැන් එලොවය. එසේවී යැයි කියා තමන්ගේ කටයුතු වලට විරාමයක් දෙන්නට ආරක්ෂක අංශ සූදානම් නැත. මේ උත්සාහය හා බැඳී ඇති තවමත් විසඳා ගත නුහුණු හා සොයාගැනීමට හැකි නොවණු  ක්‍රියාදාම  හා වැඩපිළිවෙළ සොයා ආරක්ෂක අංශ පරීක්ෂණ කරයි.

පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකය,  ශ්‍රී ලංකා යද හමුදාව හා බුද්ධි අංශ සාමාජිකයින් එක්ව  කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස එල්.ටී.ටී.යට යළි පණ ඇරැඹුණු වැඩපිළිවෙළ එහි මුල් අදියරේදීම ලොප් කර දැමීමට හැකි විය. මාර්තු 6 සිට අප්‍රේල් 11 වැනි දා දක්වා ගතවුණු කාලය අතරතුරදී මේ කටයුතු හා සම්බන්ධ යැයි සැකකෙරුණු පුද්ගලයින් 65 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූහ.   මුලින් සදහන් කළ කොටි ත්‍රිත්වය වෙඩිවයිත්තකල්ලූ - බෝගස්වැව වනාන්තරයේදී වෙඩි කා මියයෑමට ප්‍රථමයෙන් ඔවුන්ගෙන් 4 දෙනෙක්ම ඇප මත මුදා හැර තිබුණහ. ඔවුන්ගේ මරණයෙන් පසු  අත්අඩංගුවේ ඉතිරිව සිටියවුන්ගෙන් 19 දෙනෙක් එක් එක් අවස්ථා වලදී ඇප මත නිදහස් කෙරුණාහ. අවසානයේ ඉතිරිව සිටියේ 41 දෙනෙකි. කෙසේවුවද ගතවුණු දින කිහිපයේදී තවත් පුද්ගලයින් කිහිපදෙනෙක් සැක පිට අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ කටයුතු කර තිඛෙන අතර එනිසා මේ වන විට අත්අඩංගුවේ සිටින   සංඛ්‍යාව 45 දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම 45 දෙනා අතරින් හත් දෙනෙක් කාන්තාවෝයග ඔවුන් රඳවා සිටින්නේ බූස්ස නාවික හමුදා කඳවුරේය. ඔවුන් හමුවීමට අනතර්ජාතික රතු කුරුස කමිටුවට හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට අවසර ලබා දී තිබේ. වාර්තා වන ආකාරයට රතු කුරුස  සාමාජිකයින් හා පවුල්වල සාමාජිකයින් බූස්ස කදවුර වෙත පැමිණ රදවා සිටින හත් දෙනාගේ තත්ත්වය හා ඔවුන්ට සපයා තිඛෙන පහසුකම් සියැසින් දැක බලාගෙන ඇත.කඳවුරේ රඳවා සිටින කාන්තාවන් අතරින් එක් තැනැත්තියක වන්නේ මිය ගිය ගෝබිගේ බිරිද  ෂර්මිලාය.ඇය ත්‍රිකුණාමලයේ සිටියදී මළ දරු උපතක් සිදුකර ඇත්තීය.ඇයගේ කුසයේ වූ දරුවාට මාස 7 ක් තිබියදී ඇය දරුවා   බිහි කළායග  අඩු මාසයෙන් උපන් හෙයින් දරුවාට ජීවත්වීමේ වාසනාව අහිමි විය. මෙය සිදුවී ඇත්තේ 2014 ජනවාරි  30 වැනි දාල එනම් ඇය අත්අඩංගුවට ගැනීමට සති කිහිපයකට කලිනි.ඇය මුහුණ දුන් ඒ අවාසනාවන්ත අත්දැකීම මුල් කරගනිමින් ඇතැම් රාජ්‍ය නොවන සංවිධානයන   ෂර්මිලා අත්අඩංගුවේ සිටියදී මළ දරු උපතක් සිදුකර ඇතැයි පවසමින් වරද ආරක්ෂක අංශ වල ඇඟේ් ගසන්නට උත්සාහ කරමින් සිටියද සැබෑ කරුණු දෙස බැලීමේදී ෂර්මිලා මළ දරු උපතක් සිදුකර ඇත්තේ අත්අඩංගුවේ සිටියදී නොව ඊට බොහෝ කාලයකට පෙරදී බව පැහැදිලිව පෙනේ.

රඳවා සිටින කාත්තාවන් අතර තවත් විශේෂ තැනැත්තියක් වන්නේ කිළිනොච්චි දිස්ත්‍රික්කයේ චෙට්ටියාකුරිච්චියේ පූනගිරි පදිංචිකාරිනියක වන 64 හැවිරිදි වැන්දඹුවකි.ඇය නමින් පත්මාවතී මහලිංගම්ය.ආරක්ෂක අංශ පත්මාවතී අත්අඩංගුවට ගෙන තිඛෙන්නේ ගෝබි,  අප්පන් හා තෙයිවීගන් තිදෙනාගේ මරණයෙන් පසුවය. වගකිවයුතු ආරක්ෂක අංශ තොරතුරු   අනුව මෙම කාන්තාව එල්.ටී.ටී.ය නැවත නැඟීටුවීමට වැඩපිළිවෙල සකස් කළ මහ මොළකරු වන තෙයිවීගන්ගේ බොරු අම්මා ලෙස පෙනී සිට ඇතැයි සැකකෙරේ. ඇය මෙසේ ඔහුගේ මව ලෙස පෙනී සිට තෙයිවීගන් ආරක්ෂක අංශ ඇසින් වසන් කර තබාගැනීමට උත්සාහ කර ඇති බව පැවසේ.

කූමාන්කුලම්

සැගවී සිටීම සදහා වව්නියාවේ කූමාන්කුලම් හි නිවසක් තෙයිවීගන් මිලයට ගෙන තිඛෙන අතර ඔහු ඊට වැයකර ඇතැයි පැවසෙන මුදල රුපියල් දොළොස්ලක්ෂ පනස්දහසකි. ඔහු නිවස මිලයට ගත්තද එහි හිමිකාරිනිය යැයි සදහන් වන්නේ  පත්මාවතී මහලිංගම්ය. 34 හැවිරිදි තෙයිවීගන් හෙවත් සුන්දරලිංගම් කජදීපන් හා 25 හැවිරිදි තරුණියක පත්මාවතීගේ දරුවන් ලෙස පෙනී සිටිමින් නිවසේ වාසය කර ඇත. තිදෙන එකම පවුලක සාමාජිකයින් සේ පෙනී සිට ඇති අතර ශෂිකලා යැයි තමන්  හදුන්වාගෙන ඇති තරුණ කාන්තාව 2013 වසරේ නොවැම්බර් මසදී ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇත.පරීක්ෂණ වලින් හෙළිව ඇති ආකාරයට ඇය ඉන්දියාවට ගොස් ඇත්තේ කටුනායක ගුවන් ගුවන් තොටුපළින් චෙන්නායි බලා ගිය ගුවන් යානයකිනි. ශෂිකලාගේ සැබෑ නම වත්සලා සහදේවන් ලෙස ආරක්ෂක අංශ හදුනාගෙන ඇති අතර ඇය 1988 ඔක්තෝබර් මස 23 වැනිදා මඩකලපුවේ වඩහාරමූලයි ප්‍රදේශයේ උපත ලබා ඇත්තීය. ඇය එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු සාමාජිකාවකියි සැක කෙරේ. 1998 වසරේදී තම ස්වාමියා අහිමිව ඇති පත්මාවතී මහලිංගම් මෙසේ තේවියන් හා ශෂිකලා සමග ඔවුන්ගේ මව ලෙස පෙනී සිට ඇත්තේ ස්විට්සර්ලන්තයේ වාසය කරන ඇයගේ එක් පුතෙකුගේ බල කිරීම නිසායැයි සදහන් වෙයි. ඇයගේ පුතුන් දෙදෙනෙකුම එල්.ටී.ටී.ඊ සාමාජිකයින් බව ආරක්ෂක අංශ සොයාගෙන තිබේ.ඔවුන් දෙදෙන අතුරින් තිලීපන් නම් වන එක් පුතෙකු යද සමයේදී අතුරුදන්ව ඇතැයි වාර්තා වී තිඛෙන අතර ඔහු මියගොස් ඇති බවට විශ්වාස කෙරේ.

අයින්ගරන්

එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු වන ඇයගේ අනෙක් පුතාගේ නම අයින්ගරන්ය.මුහුදු කොටි  සාමාජිකයකු වන ඔහු zzඊගතේවන්zz යන අනවරථ නාමයෙන් හැඳින්වී තිබේ. නාගර් කෝවිල් ආසන්න මුහුදු තීරයේදී සිදුවූ ගැටුමකින් ඔහුගේ දකුණු උරහිසට තුවාළ සිදුවී තිඛෙන අතර පසුව ඔහු ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගොස් ඇත.පත්මාවතීගේ තවත් පුතෙක් ඩෙන්මාර්කයේ වාසය කරයිග  සෙල්වරාජා නම් වන ඔහු හා එල්.ටී.ටී.ඊ ය අතර කිසිදු සම්බන්ධයක් නොමැත.

පත්මාවතීට අනුව ප්‍රංශයේ සිට ඇය අමතා තිඛෙන අයින්ගරන් තේවන් යැයි අන්වරථ  නාමයකින් පෙනී සිටි තේවියන් හට උදවු කරන්නැයි පවසා ඇත. ආරක්ෂක අංශ  සොයාගෙන ඇති ආකාරයට අයින්ගරන් ප්‍රංශයේ එල්.ටී.ටී.ඊ එකතුවේ කි්‍රයාකාරී සාමාජිකයෙකි.තම පුතුගේ ඉල්ලීම ඉවත දැමිය නොහැකි නිසා ඔහු කිී ආකාරයට තෙයිවීගන්ගේ මව ලෙස පෙනී සිටි බව ඇය කියා තිබේ. ඇයගේ පුතුගේ මිතුරෙකුට  උදවු කිරීම විනා ඔහු එල්.ටී.ටී.යට නැවත පණ දීමට කටයුතු කරමින් සිටියේයැයි තමන්  නොදැන සිටි බව ඇය ආරක්ෂක අංශ හමුවේ පවසා ඇත්තීය.

වව්නියාව නගරයේ සිට විනාඩි 15 ක වැනි කාලයකින් ළගාවිය හැකි කූමන්කුලම් හි පිහිටි ගෙදර තෙයිවීගන් භාවිතා කර ඇත්තේ තම නිවහන ලෙසය.සංචාරයේ යෙදීමට පුරුදුව සිට ඇති ඔහු විටෙක දින ගණන් නිවසට  නොපැමිණෙන්නේය.නැගෙනහිර පළාත බලා යන විටදී ඔහු මඩකලපුවේ පදිංචිකාරිනියක වන වත්සලා හෙවත් ශෂිකලාද තමන් හා කැටුව යන්නේය.තෙයිවීගන්ට තමන්ගේම කියා zzහයිඑස්zz   වෑන් රියක්ද විය.ඔහුගේ මරණයෙන් පසු මේ වෑන් රිය යාපනයේ තිරුනෙල්වෙලි හි ගරාජයක තිබී සොයාගැනීමට හැකි විය.

zzටාටාzz ක්‍රීඩා භාණ්ඩ වෙළදසල

කූමන්කුලම්හි පදිංචිව සිටියද එල්.ටී.ටී.යට නැවත පණ දීමේ ක්‍රියාකාරකම් සදහා තේවියන් තම නිවස භාවිතා කළේ නැත. ඔහු ඒ වෙනුවට යොදාගත්තේ වව්නියාව බස් නැවතුම ආසන්නයේ පිහිටා තිබුණු ක්‍රීඩා භාණ්ඩ අලෙවි කරන වෙළද සැලකි. zzටාටා ස්පෝර්ට්ස් කෝර්නර්zz නම් වුණු මේ වෙළදසළේ ප්‍රධාන වශයෙන්ම අලෙවි කැරුණේ ක්‍රීඩා භාණ්ඩ වුවත් පරිගණක, දුරකථන හා ඡායාපිටපත් සේවා සැපයීම, දුරකථන පසුගෙවුම් කාඩ් විකිණීම ආදී කටයුතුද සිදුවිය.  තෙයිවීගන් තේවියන් ලෙස  තමන් හදුන්වා ගනිමින් මෙම වෙළද සැලට නිතර දෙවේලේ යෑම් ඊම් සිදුකිරීමට පුරුදුව  සිටියේය. පරිගණක හා දුරකථන ඔස්සේ සන්නිවේදනයේ යෙදීමටත් විවිධ පුද්ගලයින්  මුණගැසීමටත් ඔහු එම ස්ථානය භාවිතා කළේය.

මෙම වෙළදසලේ හිමිකරු වූයේ යාපනයේ පදිංචි ගුරුවරයෙකි.අමිර්තලිංගම් තිලීපන් නම් වන ඔහු 2005 වසරේදී වව්නියාවට පැමිණ අනතුරුව ගෙවුණු වසර ගණනාව පුරා  වව්නියාවේ විවිධ පාසල් වල උගන්වමින් සිටියෙකි.අමතර ආදායම් මාර්ගයක් ලෙස zzටාටා ස්පෝර්ට්ස් කෝර්නර්zz ආරම්භ කර ඇති ඔහු ගුරුවරයෙකු ලෙස තම ආධිපත්ය ය උපයෝගී කර ගනිමින් පාසල් සිසුන්ට ක්‍රීඩා භාණ්ඩ අලෙවියේ යෙදී ඇත. තම වෙළදසල තේයිවීගන් භාවිතා කරන්නේ කුමකටදැයි හොඳින්ම දැන සිටි  අමිර්තලිංගම් තමන් අත්අඩංගුවට ගැනීමට ප්‍රථමයෙන් රටින් පැන ගියේය. සොයාගෙන ඇති තොරතුරු වලට අනුව පසුගිය අප්‍රේල් 5 වැනිදා අංක 0919916 අංක දරන ගමන් බලපත්‍රය භාවිතයෙන් ඔහු ගුවන් මගින් ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ. වෙළදසලට මේ වන විට සීල් තබා ඇතග

පරීක්ෂකයින් පසුනොබලා කරන මෙහෙයුම් වල ප්‍රතිඵල ලෙස අත්අඩංගුවට ගැනුණු  පුද්ගලයින්ගෙන් හෙළිකරගත් කරුණු වලින් පැහැදිලි වන්නට පටන් ගත්තේ එල්.ටී.ටී.යට  පණ දීමේ කි්‍රයාවලිය පසුපස සිටි මහ මොළකරු ගෝබි හෝ අප්පන් නොව තෙයිවීගන් බවයි. ඔහු එල්.ටී.ටී.ය යළි නැගිටුවීම සදහා දැඩි කැපවීමකින් කි්‍රයා කරනනකු බව සොයාගැනීමට හැකිවූ කරුණු වලින් පෙනී ගියේය. තෙයිවීගන් බි්‍රතාන්‍යයේ වාසය  කරන තම සොහොයුරා සමඟද කලක් වාසය කර ඇත. සියලූ සැප සම්පතින් පිරි ජීවිතයක් එතෙර ගත කිරීමට අවස්ථාව තිබියදීත් තෙයිවීගන් එල්.ටී.ටී.යට යළි පණ දීම එකම අරමුණු කරගෙන ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේය.

තෙයිවීගන්

1979 මැයි මස 23 වැනිදා යාපනය දිස්ති්‍රක්කයේ තෙන්මාරච්චියේ  මාන්තුවිල් හි උපත ලබා ඇති තෙයිවීගන්ගේ (දෙයිවීගන් ලෙසද උච්චාරණය කැරේ) සැබෑ නම සුන්දරලිංගම් කජදීපන්ය.1995 වසරේදී ස්වේච්ඡාවෙන්ම එල්.ටී.ටී.යට බැදී ඇති ඔහුට අන්වර්ථ නාම ගණනාවකිග තෙයිවීගන්,තේවියන්,නවනීතන්,වල්ලන් හා දේවන් එ නම් අතරින් ප්‍රධානය.

එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ හා ඔහුගේ බිරිද මදිවදනි ගේ පෞද්ගලික  ආරක්ෂකයකු ලෙස දීර්ඝ කාලයක් සේවය කර ඇති හෙතෙම ගුවන් යානා නියමු බලපත්‍රයකද ලබා සිටියේයග .එල්.ටී.ටී.යේ ගුවන් බළකාය වූ zzවාන්පුලිගල්zz හි සාමාජිකයෙකුද වූ තෙයිවීගන් යුද සමයේදී කොළොන්නාව, කෙරවළපිටිය, සාලියපුර, අනුරාධපුර යන ප්‍රදේශවලට එල්ල වූ ගුවන් ප්‍රහාර වලටද හවුල්කරුවෙකියි යැයි සැළකේ.ඔහු කළු කොටි දිවුරුම දී ඇති සියදිවි නසාගන්නා කොටි සාමාජිකයකුද වේ.එල්.ටී.ටී.ඊ මධ්‍යම බුද්ධි අංශයේ හා යද කටයුතු සම්බන්ධ බුද්ධි අංශයේ සාමාජිකයකු ලෙස හා අති විශේෂ රාධා බළකායේ සාමාජිකයෙකු ලෙසද සේවය කර ඇති ඔහු අලූතින් පත්ව එන කාඩර්වරුන්ට යුද පුහුණුව ලබාදීමේද යෙදුණෙකි. 2009 වසරේ පෙබරවාරි මාසයේදී එල්.ටී.ටී.ය අත්පත්කරගෙන සිටි මුලතිව් දිස්ති්‍රක්කයේ කරයිතුරයිපට්ටු වෙරළ කලාපයේ ස්ථාන ගතවී සිටි තෙයිවීගන් රාධා බලකායේ ප්‍රධානී රත්නම් මාස්ටර්ගේ අණින් නෙදුන්කර්නි ප්‍රදේශයේ වනාන්තරය බලා පිටත් කර හැරුණේ රහසිගත මෙහෙයුමක යෙදීමටය.මෙම මෙහෙයුම සිදුවූයේ  එල්.ටී.ටී.ඊ නායක වේලූපිල්ලේ ප්‍රභාකරන්ගේ අනුදැනුම මතය.මෙහෙයුමෙන් තෙයිවීගන්ට  පැවරී තිබුණු වගකීම වූයේ නායක වේලූපිල්ලේ ප්‍රභාකරන් උදෙසා නෙදුන්කර්නි වනාන්තරයේ ඉදිකිරීමට යන රහසිගත කඳවුරක් සදහා මුල් පියවරයන් ගැනීමයි.මෙම කදවුර ප්‍රභාකරන්ට අවශ්‍යවූ විටෙකදී රහසේ සැඟවී සිටීමටත් හදිසි අවස්ථාවකදී නැගෙනහිර පළාත බලා පලා ගොස් එහි සිට විදෙස් ගතවීම සදහාත් යොදාගැනීමට සැළසුම් කර තිබුණි.ප්‍රභාකරන් ගුවන් මගින් දිවයිනෙන් ඉවතට ගෙනයාමක්  සම්බන්ධයෙන් වූ සැළැස්මක තොරතුරුද හමුව ඇත.අත්දැකීම් ඇති ගුවන් නියමුවකු හා විශ්වාසවන්ත එල්.ටී.ටී.ඊ සාමාජිකයකු වූ තෙයිවීගන් හට එවැන්නක වගකීම පැවරී  තිඛෙන්නට ඇතැයි පෙනේ.

ප්‍රභාකරන්

එහෙත් එවැන්නක් සිදුවූයේ නැත.  වෙරළ තීරයේ ආරක්ෂක අංශ පිහිටුවාගෙන සිටි ආරක්ෂක  වළල්ල බිද දැමිය නොහැකවූ තැන ප්‍රභාකරන්ට සිදුවූයේ ඔහු ඒ වන විට සිටි වන්නියේ කලපු ආශි්‍රත ගොඩබිම් ප්‍රදේශයන්ට කොටුවී ආරක්ෂාව සළසා ගැනීමයි. අවසානයේ  එල්.ටී.ටී.ඊ නායකයා ඇතුළු ජ්‍යෙෂ්ඨ එල්.ටී.ටී.ඊ සාමාජිකයෝ රැසක් ආරක්ෂක අංශ අතින් ඝාතනයට ලක්වූහ.

වන්නියේ තත්ත්වය මෙසේ වෙද්දී තෙයිවීගන් නැදුන්කර්නි කඳවුරට වී බලා සිටියේ තම  නායකයා පැමිණෙන තෙක්ය.ඔහු නැදුන්කර්නි වනාන්තරය හොඳින් ගවේෂණය කර  හඳුනාගත්තේ මේ කාලයේදීය.මෙනිසාම වසර පහකට පසු ගොබි හා අප්පන් දෙදෙන සමග නැදුන්කර්නි වනය වෙත ඔහු පැමිණියේ හොඳින් දැන හදුනන වන පියසේ රැකවරණය ලැබ සැඟවී සිටීමටය. නමුත් ඔහුගේ අවසානය ඔහු ආරක්ෂාව පතා පැමිණි වනයේදීම තීරණය විය.

2009 මැයි මාසයේ යුද්ධය අවසාන වීමත් සමග මන්නාරමට පළා ගිය තෙයිවීගන් එහි සිට රහසිගතව ඉන්දියාවට පලා ගියේය. ඉන්දියාවේ සිටියදී නෝර්වේහි පදිංචිව සිටි නෙදියවන් හා සම්බන්ධතා ඇතිකරගත් හෙතෙම ගියේ නිරිත දිග ආසියා කලාපයටය.අනතුරුව යුරෝපය බලා ගිය ඔහු යුරෝපයේ රට රටවල සංචාරය කළේය.මේ අතරතුර නෙදියවන්ගේ කණ්ඩායම තෙයිවීගන්  ඉන්දියාවේ හා ශී්‍රලංකාවේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ මෙහෙයුම් කටයුතු සම්බන්ධ ප්‍රධානියා ලෙස පත්කළ අතර  එනිසා ඔහු නැවත ඉන්දියාව බලා පැමිණියේය.එසේවුවත් එල්.ටී.ටී.යේ අනෙක්  කණ්ඩායම වන විනයාගම්ගේ කණ්ඩායම සමගත් තෙයිවීගන් සමිීප සබදතා පැවැත්වූවේය.ව්‍යාජ ගමන් බලපත්‍රයක ආධාරයෙන් හෝ රහසේ ක්‍රියාත්මක වන බෝට්ටු සේවා  ආධාරයෙන් ඔහු ශ්‍රී ලංකා හා ඉන්දියා දෙරට අතර රටින් රටට මාරු වෙමින් සිට ඇතැයි විශ්වාස කෙරේ.

එල්.ටී.ටී.යට නැවත පණ දීමක් සම්බන්ධයෙන් මුල් පියවර ගෙන තිඛෙන්නේ තෙයිවීගන් යැයි අලූතින් සොයාගෙන ඇති තොරතුරු වලින් අනාවරණයවී ඇත්තේව. යුරෝපයේ වෙසෙනා එල්.ටී.ටී.ඊ සාමාජිකයින් හා කි්‍රයාකාරීන් හමුවුණු හෙතෙම තම වැඩසටහන සදහා ඔවුන්ගේ සහය ලබාගත්තේය. උපාය මාර්ගිකව පෙරින්බනායගම් සිවපාරන් හෙවත් නෙදියවන්ගේ හා සේකරම්පිල්ලේ විනයාගමූර්ති හෙවත් විනයාගම් යන දෙදෙනාගේම සහයද   ලබා ගැනීමට ඔහු සමත්වූවේය.එල්.ටී.ටී.යේ ප්‍රධාන කණ්ඩායම් දෙක වන නෙදියවන්ගේ හා විනයාගම්ගේ කණ්ඩායම් විවිධ මත ගැටුම් නිසා අරගල ඇතිකරගෙන සිටියත් දෙපාර්ශවය අතර වෙනස්කම් අමතක කර දමා එක්ව තෙයිවීගන්ගේ වැඩකටයුතු වලට සහය වී ඇත.

දයාමෝහන්

මේ අතර යුරෝපයේ තමන්ගේමයැයි කණ්ඩායමක් පිහිටුවීමට තෙයිවීගන්ට හැකි වියග එල්.ටී.ටී.යට නැවත පණ දීමේ ඔහුගේ ව්‍යාපෘතියට අවැසි ආධාර සැපයීම මෙම කණ්ඩායම පිහිටුවීමේ අරමුණ විය. කණ්ඩායමට   15 දෙනෙක් ඒකරාශී කර ගනු ලැබූහ. ශී්‍ර ලංකා ආරක්ෂක අංශ මවිතයට පත්වූයේ මෙම කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු පුද්ගලයා හඳුනාගැනීමෙනි. ඔහු 2009 ජූලි මාසයේදී ශී්‍රලංකාවෙන් පලා  ගිය ජේ්‍යෂ්ඨ එල්.ටී.ටී.ඊ නායකයෙකුවූ දයාමෝහන් විය.

නැගෙනහිර පළාතේ මඩකළපුව හා අම්පාර යන දිස්ති්‍රක්ක සදහා එල්.ටී.ටී.ඊ දේශපාලන  කොමිසාර් ධූරය දැරූ දයා මෝහන් ජේ්‍යෂ්ඨ එල්.ටී.ටී.ඊ නායකයෙකි.2009 මැයි මාසයේ  යුද්ධය අවසන් වීමත් සමග හෙතෙම මලයාසියාවට පැන ගැනීමට සමත්වූවේය.එල්.ටී.ටී.යේ පැනනැගි කැරැල්ලට නායකත්වය දුන් හිටපු නැගෙනහිර කලාප  නායක විනයාගමූර්ති මුරලිදරන් හෙවත් ‘කර්නල් කරුණා‘ හට සහය නොදැක්වූ දයා මෝහන් එල්.ටී.ටී.ඊ නායකත්වය නියෝජනය කළ වන්නි පාර්ශවය කරුණාගේ පාර්ශවය පරාජයට පත්කළ පසු නැගෙනහිර පළාත් දේශපාලන කොමිසාර් ලෙස පත්වූවේය. දේශපාලන නායකයෙකු ලෙස මාධ්‍ය හා සමිීපව කටයුතු කිරීමට දයා මෝහන්ට අවස්ථාව හිමි වියි. ඔහුගේ රාජකාරි කාලයේදී තමන් පිළිඹද හොද ප්‍රතිරූපයක් ගොඩනඟා ගැනීමටද ඔහු සමත් වූවේය.

වාර්තා වන ආකාරයට දයා මෝහන් මලයාසියා බලා පලා ගොස් තිඛෙන්නේ 2009 ජූලි  මාසයේය.අනතුරුව ස්ව්ට්සර්ලන්තයේ පදිංචිය සදහා ගොස් ඇති ඔහු එරට  ෂ්වයිස්හි රැකවරණය ලබාගෙන ඇත. සියල්ලන්ගෙන් සැඟවුණු දිවිපෙවෙතක් ගත  කර ඇති හෙතෙම දේශපාලනමය වන කිසිදු කි්‍රයාවකට වසර ගණනාවක්ම හවුල්වීද  නොමැත.මෙනිසාම දයා මෝහන් තෙයිවීගන් හා එල්.ටී.ටී.යට යළි පණ දීමක් සම්බන්ධයෙන් සමිීපව කටයුතු කර ඇතැයිද ඒ සදහා යුරෝපයේ පිහිටවුණු සාමාජිකයින් 15 දෙනාගේ කණ්ඩායමේ නායකත්වයද දරා ඇතැයිද හෙළිවීම ශී්‍රලංකා ආරක්ෂක අංශ තිගැස්මට පත්කරවීමට සමත් වියග

තෙවැනි උත්සාහය

පෙන්වා දිය යුතු වන තවත් කරුණක් වන්නේ සුන්දරලිංගම් කජදීපන් හෙවත්  තෙයිවීගන්,නවරත්නම් නවනීතන් හෙවත් අප්පන්,සහ පොන්නයියාහ් සෙල්වනායගම්  කජීබන් හෙවත් ගෝබි යන තිදෙනා එල්.ටී.ටී.යට යළි පණ දීමක් සදහා ගත් උත්සාහය එවැන්නක පළමුවැන්න නොවන බවයි.2009 වසරේ මැයි මාසයේදී මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේදී එල්.ටී.ටී.ය පරාජයට පත්කළායින් පසු ගතවූ  කාලයේ එවැනි උත්සාහ කිහිපයක්ම හදුනාගැනීමට හැකිවිය.

මෙම නවතම උත්සාහය ඒවා අතරින් වඩාත් සංකීර්ණ හා ශක්තිමත්ම විය.මෙයට ප්‍රථමයෙන් එල්.ටී.ටී.යට යළි පණ දීමට ගත් උත්සාහය  යැයි සැකකෙරෙන අවස්ථා දෙකක් පිළිඹදව සදහන්වේ.එසේවුවත් ඒවා සම්බන්ධයෙන් තොරතුරු හෙළිව ඇත්තේ ඉතා අල්ප වශයෙනි. මෙම අවස්ථා 2 කම හදුනාගැනීමට හැකිව තිඛෙන්නේ 2012 වර්ෂයේදීය.

පළමුවැන්න කරළියට පැමිණියේ 2012 මාර්තු මස 17 වැනිදා ති්‍රකුණාමලයෙනි. ති්‍රකුණාමලයේ කුච්චවේලයේ පෙරියකුලම් ප්‍රදේශයෙන් ගෙළ කපා  ඝාතනය කර තිබූ දමිළ තරුණයකුගේ මළ සිරුරක් සොයාගැනීමට හැකි විය. තරුණයා  වේලායුදන් රඝුනාතන් හෙවත් ‘මුතු‘ ලෙස හදුනාගැනුණුු අතර ඔහු කැබිනට් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා නායකත්වය දරන ඊළාම් මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (ඊ.පී.ඩී.පී)   සාමාජිකයෙක් විය. zzද්‍රෝහීන්ට මරණයzz යැයි සටහන් කර තිබූ කොළ කැබැල්ලක් හා එල්.ටී.ටී.ඊ ලාංඡනය දැරූ කුඩා කොඩියක් මළ සිරුර පසෙකින් විය.

ත්‍රිකුණාමලය

ශ්‍රී ලංකා රජය මීට විගස ප්‍රතිචාර දැක්වීය. මහා පරිමාණ සොයා සෝදිසි  මෙහෙයුමක් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අරැඹිණිග මෙයින් 200 ක පමණ තරුණ  තරුණියෝ පිරිසක් අත්අඩංගුවට ගනු ලැබූහග ඔවුන් සියලූදෙනාම පාහේ හමුදාවට යටත්ව පසුව පුනරුත්ථාපනය කර නිදහස් කරන ලද හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෝ වූහ.පුනරුත්ථාපන නොකෙරුණු එල්.ටී.ටී.ඊ සාමාජිකයෝ කිිහිපදෙනෙක් ද වූහග වැලිකන්දේ පිහිටි ආරක්ෂක නිවස්නය හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත පිටත් කරනු ලැබූහ.

ප්‍රශ්න කිරීම්වලදී අත්අඩංගුවට ගත්තවුන් හෙළිකළ කරුණු ආරක්ෂක අංශ ඉදිරියේ රතු  එළියක් දැල්වීමට හේතු විය. වැඩිදුර ප්‍රශ්න කිරීම් හා පරීක්ෂණ වලදී අනාවරණය වූයේ අන්තර්ජාතික දෙමළ ඩයස්පෝරාවේ එල්.ටී.ටී.ඊ සාමාජිකයින් හා එල්.ටී.ටී.යට සහය දෙන  පුද්ගලයින් එකතුව ශී්‍රලංකාවේ එල්.ටී.ටී.ඊ සංවිධානයට යළි පණ දීමට දරන තැතක්  සම්බන්ධ තොරතුරුය.

ප්‍රංශයේ වාසය කරන කමලනාදන් සන්දීශ්කුමාර් නම් කොටි කි්‍රයාකාරියකු 2011 නොවැම්බර් මාසයේදී ඉන්දියාවට පැමිණ ඇතැයිද ඔහු තමිල් නාඩුවේ වාසය කරන හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් එක්රැස් කරගෙන එල්.ටී.ටී.ඊ සංවිධානය යළි නැඟිටුවීම සදහා රහසිගත රැස්වීම් පවත්වමින් සිටින්නේයැයිද සොයාගැනීමට ආරක්ෂක අංශ  සමත්වූහ. කමලනාදන් සන්දීශ්කුමාර් අදටත් ප්‍රංශයේ වාසය කරන අතර සේගරම්පිල්ලේ  විනයාගමූර්ති හෙවත් විනයාගම් නායකත්වය දරන එල්.ටී.ටී.යේ zzමුූලස්ථානzz කණ්ඩායමට බැඳී කටයුතු කරමින් සිටී.

තමිල්නාඩුවෙන් හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් 15 දෙනෙකු ඒකරාශී කරගෙන ඇති කමලනාතන් ඔවුන්  පස් දෙනා බැගින් වන කණ්ඩායම් තුනකට ඛෙදා ඇත. අනතුරුව ඉන් එක් කණ්ඩායමක් 2012 මාර්තු 6 වැනිදා ති්‍රකුණාමලය වෙත පිටත් කර එවීමට ඔහු කටයුතු කර ඇත.කණ්ඩායමේ සාමාජිකයින්ට ඔහු උපදෙස් දී ඇත්තේ මිනී මැරුම් සිදුකිරීම සම්බන්ධවයි. මාර්තු 17 වැනිදා රඝුනාතන් හෙවත් මුතූ ගේ ඝාතනය ඒවා  අතරින් පළමුවැන්න විය.තහවුරුවී නොමැති වාර්තා වලට අනුව මේ කි්‍රයාදාමය සදහා  තෙයිවීගන්ද හවුල්වී තිබේ.

අත්අඩංගුවට ගැනීම්

 

ශ්‍රී ලංකා ආරක්ෂක අංශ ගත් දැඩි පියවර නිසා එල්.ටී.ටී.යට පණ දීමට ගත් උත්සාහය එහි මුල් පියවරේදීම අඩපණ වන ලකුණු පෙනෙන්නට විය. මිනී මැරුම් සිදුකිරීම සදහා ශ්‍රී ලංකාවට පැමිණි එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ගේ කණ්ඩායමේ කිහිපදෙනෙක් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත්වූ අතර ඉතිරිය නැවත ඉන්දියාවට පළා ගියහ.ති්‍රකුණාමලය දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශ වටලමින් පුද්ගලයින් විශාල ගණනින් අත්අඩංගුවට ගැනීමේ කටයුතු දිගටම සිදුකිරීමට ආරක්ෂක අංශ කටයුතු කළ අතර මේ හමුවේ බියපත්වූයේ ත්‍රිකුණාමලයේ සාමාන්‍ය දෙමළ ජනතාවය.

උතුරේ හා නැගෙනහිර ප්‍රදේශවල පාර්ලිමෙන්තු ආසන වැඩිම ගණනක් හිමිකරගෙන සිටිනා දෙමළ ජාතික සන්ධානය (ටී.එන්.ඒ) මෙසේ විශාල ගණනින් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විරෝධය පළ කළේය.සන්ධානයේ සභිකයෝ දෙදෙනෙක් මේ පිළිබඳව සාකච්ඡා කිරීමට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ  මහතා හමුවීමටද ගියහ. ඔවුන්ට උද්ගතව ඇති තත්ත්වය හා එල්.ටී.ටී.යට යළි පණ දීමට ගත් උත්සාහය ගැන පැහැදිලි කළ රාජපක්ෂ මහතා ඔවුන් ඉදිරියේ ශී්‍රලංකාවේ කි්‍රයාකාරීන් හා දෙමළ ඩයස්පෝරාවේ සාමාජිකයින් අතර සිදුව ඇති දුරකථන සංවාදයන්ගේ හඩ පට පවා වාදනය කර පෙන්වීය.අත්අඩංගුවට ගනු ලැබූවන්ගෙන්  වැඩිදෙනා ඉක්මනින්ම නිදහස් කර හරින බවට ඔහු ටී.එන්.ඒ සාමාජිකයින් දෙදෙනාට සහතික වූවේය.ටී.එන්.ඒ සාමාජිකයින් හමුවෙන් පසු පිටත්ව ගියේ සතුටු සිත් ඇතිවය.දින කිහිපයක් ගතවූ තැන අත්අඩංගුවට ගනු ලැබූවන්ගෙන් කුඩා කොටසක් හැරෙන්නට ඉතිරි සියලූදෙනා නිදහස් කරනු ලැබූහ.

 

එල්.ටී.ටී.ය නැවත නැඟිිටවීමට ගන්නා දෙවන උත්සාහයක් පිළිබද තොරතුරු අනාවරණය වූයේ 2012 දෙසැම්බර් මාසයේදීය.2012 දෙසැම්බර් මස පළමු සතියේ දී කොළඹදී අත්අඩංගුවට ගැනීමට හැකිවූ පුනරුත්ථාපනය නොකෙරුණු හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී සිත් කළඹවන සුළු සොයාගැනීමක්  සිදුකිරීමට ආරක්ෂක අංශ සමත් වියග යුරෝපයේ සිටින එල්.ටී.ටී.ඊ කි්‍රයාකාරීන්ගේ ආධාර ලැබ චෙන්නායි හා තමිල්නාඩු ප්‍රදේශයන්ගේ ඉතා සංවිධානාත්මක ලෙස කි්‍රයාත්මක වන එල්.ටී.ටී.ඊ ජාලයක් සම්බන්ධ තොරතුරු ආරක්ෂක අංශ හමුවේ දිගහැරුණි.

තමිල්නාඩුව

වැඩිදුර පරීක්ෂණ වල ප්‍රතිඵලයක් ලෙස තමිල්නාඩුවේ එල්.ටී.ටී.ඊ ජාලයට සම්බන්ධයැයි  සැකපිට තරුණ තරුණියෝ හය දෙනෙක් යාපනයේදී අත්අඩංගුවට ගනු ලැබූහ. ඔවුන්ගෙන් දෙදෙනෙක් පුනරුත්ථාපනය ලැබ නිදහස්ව සිටි හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකාවෝ දෙදෙනෙක් වූහ. ඔවුන් දෙදෙනා හැරෙන්නට සෙස්සෝ නිදහස් කෙරුණහ.

අත්අඩංගුවට ගනු ලැබූවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලින් අනාවරණය වුනු තොරතුරු  තැතිගන්වන සුළුවිය.ඔවුන්ගෙන් ලද තොරතුරු වලට අනුව දෙමළ ඊළම වෙනුවෙන් උර දීමට සැදී පැහැදී සිටිනා තරුණ තරුණියන් එක්රැස් කරගෙන එල්.ටී.ටී.යේ න්‍යාය හා අරමුණු සම්බන්ධයෙන් ඔවුන්ගේ මොළ සෝදා එල්.ටී.ටී.යේ කටයුතු වලට ඔවුන් සකී්‍රයව  සම්බන්ධ කර ගැනීමේ වැඩසටහනක් තමිල්නාඩුවේ කි්‍රයාවට නැංවී තිබුණි.ඔවුන්ට  විද්‍යුත් පරිපථ හා පුපුරණ ද්‍රව්‍ය පිළිඹද පුහුණුවක්ද ලබාදීමට සැළසුම් කර ඇතැයිද මොළ සේදීමෙන් හා පසුව ලබන පුහුණුවෙන් පසු මේ නව සාමාජිකයින් ශී්‍රලංකාවේ වැදගත්  ස්ථාන හා පුද්ගලයින් ඉලක්ක කර එල්ල කෙරෙන බෝම්බ ප්‍රහාරයන් සදහා  යොදාගැනීමට සිටින්නේයැයිද හෙළිවිය.මෙම වැඩසටහනට බරපැන දරා තිබුණේ යුරෝපයේ වාසය කරන එල්.ටී.ටී.ඊ කි්‍රයාකාරීන්ය.

මෙම තොරතුරු තමිල්නාඩුව වෙත රහසිගතව ලබාදීමට ශී්‍රලංකා ආරක්ෂක අංශ කටයුතු  කෙළේයග තමිල්නාඩුවේ වාසය කරන එල්.ටී.ටී.ඊ හිතැති දේශපාලඥයින් හා නිලධාරීන්ගෙන් මෙම තොරතුරු වසන් කිරීමට සියලූ කටයුතු සිදුකැරුණේ ඉතා සැළකිලිමත්ව හා  සුපරික්ෂාකාරීවය.දෙසැම්බර් 19 වැනිදා රාති්‍රයේ නියෝජ්‍ය පොලිස් අධිකාරීවරයෙකුගේ  නායකත්වයෙන් යුතුව තමිල්නාඩු පොලිසියේ විශේෂ බුද්ධි ඒකකය වන zzකිව්zz ශාඛාවේ සාමාජිකයෝ පිරිසක් හදිසි වැටළීමක්  කළහ. චෙන්නායිහිී පල්ලවාරම් ප්‍රදේශයේ පම්මාල් හි නල්ලතම්බි වීදියේ පිහිටා තිබූ නිවසක් ඔවුන්ගේ ඉලක්කය විය.

නිවසේ සිටි සිව්දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.ඔවුන්ගේ නම් වූයේ එස් සුරේෂ්  කුමාර්,ඩී.උදය දොස්,ටී.මහේෂ්වරන්,හා කේ. කි්‍රෂ්ණමූර්ති ය.2012 වසරේ දෙසැම්බර් මාසයේ ඔවුන් අත්අඩංගුවට පත්වන විටදී ඔවුන්ගේ වයස් පිළිවෙළින් අවුරුදු 34ල 39ල 33 ක් හා 29 ක් විය.

ටයිම්ස් ඔෆ් ඉන්දියා

මොවුන් අත්අඩංගුවට ගැනීමෙන් පසු ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පතේ මේ සම්බන්ධයෙන්  වාර්තාවක් පළවියග එහි එක් නිළධාරියෙකු සදහන් කර තිබුණේ සුරේෂ් කුමාර් යුද්ධයේදී ආබාධිතයෙකු වී ඇති බවත් ඔහු දැන් ගමන් කරන්නේ රෝද පුටුවක ආධාරයෙන් බවත්ය.zzඅත්අඩංගුවට ගනු ලැබූවන්ගෙන් දෙදෙනෙක් 2001 හා 2003 වසරේදී සරණාගතයින් ලෙස තමිල්නාඩුවට පැමිණි අය වේ.අනෙක් අය පැමිණ ඇත්තේ 2009 වසරේ යුද්ධයේ අවසන් අදියර සිදුවෙමින් තිබූ කාලයේදීයzz යැයි ඔහු  පවසා තිබුණි.

පුවත්පතේ වූ වාර්තාවේ වැඩිදුරටත් මෙසේ සදහන් විය.

zzවිද්‍යුත් පරිපථ හා ඉලෙක්ට්‍රෝනික ක්ෂේත්‍රය සම්බන්ධ හසළ දැනුමක් ඇත්තෙකු වූ සුරේශ් කුමාර් බෝම්බ නිපදවීමේ අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇත.zzඔහු ඉලෙක්ට්‍රෝනික පරිපථ නිපදවීමේ විශේෂඥයෙක්zz එම නිලධාරියා පැවසීය.zzඅපට ලැප්ටොප් පරිගණක 2 ක්,වැදගත් තොරතුරු අන්තර්ගතව තිබූ ලිපි ලේඛන, වයර් කැබලි,ඉලෙක්ට්‍රොනික පරිපථ උපාංග හා පරිපථ පුවරු නිවසේ තිබී සොයාගැනීමට හැකිවූවා.zzඔහු කීය.පරීක්ෂකයින් පවසන ආකාරයට කි්‍රෂ්ණමූර්ති ජල බෝතල සැපයීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇති අතර ශී්‍රලංකා දෙමළ ජාතිකයින් හා මිත්‍රවී ඔවුන්  සුරේෂ් කුමාර් හමුවට ගෙනවිත් ඇත.හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයා ඔවුන්ට බෝම්බ  නිපදවීමේ පුහුණුව හා විවිධ බෝම්බ වර්ග සදහා පරිපථ නිපදවීමේ පුහුණුව ලබා දුන් බව අත්අඩංගුවට ගනු ලැබූවන් ප්‍රශ්න කිරීම් වලදී පවසා තිබේ.

 

ඔවුහු තමිල්නාඩුවේ මහේස්ත්රා්‍රත් අධිකරණයක් හමුවට ඉදිරිපත් කරනු ලැබූහග ඔවුහු රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටිතිග

විශේෂ සිදුවීමක්

සදහන් කළ යුතු විශේෂ කරුණක් වන්නේ මේ කටයුතු සදහා තෙයිවීගන්ද සහය ලබාදී  තිබීමයි.කණ්ඩායමට සහය දීමට අමතරව යුරෝපයේ සිට සුරේෂ්කුමාර් වෙත ආධාර එවීමේදී අතරමැදියෙකු ලෙසද තෙයිවීගන් කටයුතු කර ඇති බව සොයාගැනීමට  හැක විණි. මේ වකවානුවේ තෙයිවීගන් පෙනී සිට ඇත්තේ නවනීදන් නම් අන්වර්ථ නාමයෙන් බව පැවසේ. නල්ලතම්බි වීදියේ පිහිටි නිවසේ නිතර නවාතැන්ගැනීමට තෙයිවීගන් පුරුදුව සිටි බව සදහන් වෙතත් zzකිව්z ශාඛාවේ කළ සෝදිසියේදී ඔහු එම නිවසේ නොසිටියේය.තම සගයින් අත්අඩංගුවට ගෙන ඇතැයි සැළවූ වහාම තමන්ගේ ආරක්ෂාව තකා තෙයිවීගන් තමිල්නාඩුවෙන් පිටවී වෙනත් ප්‍රාන්තයක් බලා පිටව ගොස් ඇත්තේයග

 

තමිල්නාඩුවේ කි්‍රයාත්මක එල්.ටී.ටී.යට යළි පණ දීමේ උත්සාහයන් දෙකක් පිළිඹද තොරතුරු ශී්‍රලංකා ආරක්ෂක අංශ හා අපරාධ පරීක්ෂකයින් අනාවරණය කරගනිමින් සිටියදී ඉන්දියාවේ විදෙස් කටයුතු සම්බන්ධ බුද්ධි කටයුතු හා එම කටයුතු සම්බන්ධයෙන් පරීක්ෂණ හා විමර්ෂණ කටයුතු සිදුකරන අංශය හෙවත් zzරෝzz හි ඇතැම් කි්‍රයාකාරකම් සම්බන්ධයෙන් ශී්‍රලංකාවේ පැනනැගී තිබුණේ මහත් සැකයකි.එල්.ටී.ටී.ය නැවත නැඟිටීමට මේ ගන්නා උත්සාහයන් පසුපස සිටින්නේ zzරෝzz යැයි බොහෝ දෙනා  සැක කළහ.ඇවිලෙන ගින්නට පිදුරු දමන්නාක් මෙන් ශී්‍රලංකාවේ පළවූ පුවත්පත් වාර්තා වල එල්.ටී.ටී.යේ තර්ජනයද දැක්වුනේ අතිශයෝක්තියෙනි.එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ට  තමිල්නාඩුවේ පුහුණු කදවුරු ඉදිකර තිඛෙන්නේ යැයිද ඒවා කි්‍රයාත්මක වන්නේ ‘රෝ‘  ආශිර්වාදය ඇතිව යැයිද ඇතැම් වාර්තාවන්ගේ දැක්විණි. මේ සියල්ල තරයේම ප්‍රතික්ෂේප කැරිණි. ශී්‍රලංකා හා ඉන්දියා ආරක්ෂක අංශ එක්ව කටයුතු කිරීම මෙසේ නැගෙන්නට ගත් පදනම් විරහිත සැකයන් හා චෝදනා වලට නැවතීමේ තිත තැබීමට සමත්විය.

2013 වසරේ වැඩිකාලයක්ම ශී්‍රලංකාවේ ආරක්ෂක අංශ දිවයිනේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ කි්‍රයාකාරීත්වය සම්බන්ධයෙන් සැලකිල්ලෙන් සිටියේය. මෙනිසාවෙන්ම දෝ සැළකිය යුතු තරමේ දෙයක් එම වකවානුවේදී වාර්තා නොවිනිග එසේ නමුත් 2013 සැප්තැම්බර් මස 21 වැනිදා උතුරු පළාත් මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණු අතර මැතිවරණ ප්‍රචාරණ සමයේ දෙමළ ජාතික සන්ධානය නින්දාසහගත ලෙස එල්.ටී.ටී.යේ කි්‍රයාකාරකම් සාධාරණීකරණය කරමින් ඒවාට වටිනාකමක් ලබා දෙනු දැකගත හැකිවුනි.මැතිවරණය සමග විවෘත වුනු දේශපාලන වේදිකාව කොටි හා ඔවුන්ට සහය දක්වන පුද්ගලයින් හා සංවිධාන වලට එල්.ටී.ටී.යේ ප්‍රචාරණ කටයුතු සිදුකිරීමට මහගු අවස්ථාවක් විය.

 

විග්නේෂ්වරන්

 

යුද්ධයේ අවසන් භාගයේදී සිදුවූ බරපතල ගණයේ මානව හිමිකම් කඩවීමේ සිදුවීම් රැසකට වගකිව යුතු පුද්ගලයෙකු වන ජ්‍යෙෂ්ඨ එල්.ටී.ටී.ඊ නායකයෙකුවූ එලීලන්ගේ බිරිද වන ආනන්දි  සසිදරන්් තම පක්ෂය නියෝජනය කරන අපේක්ෂිකාවක ලෙස තෝරා ගන්නටද දෙමළ සන්ධානය කටයුතු කළේය.දෙමළ ජාතික සන්ධානයේ මහ ඇමති අපේක්ෂකයාවූ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සී.වී.විගනේෂ්වරන් එල්.ටී.ටී.ඊ ය නිදහස සදහා සටන් කළේයැයිද ප්‍රභාකරන් යනු ශ්‍රේෂ්ඨ විරුවෙක්යැයිද සදහන් කරමින් දේශපාලන වාසි තකා තුට්ටු දෙකේ ව්‍යායාමයක යෙදුණේය.එල්.ටී.ටී.යට ආවඩන්නට වූ මෙවන් සිදුවීම් නිසා 2009  වසරෙන් පසු උතුරේ පොදු ජනයා අතරින් මැකී ගොස් තිබුණු එල්.ටී.ටී.යට නැවත ඔවුන් අතර තැනක් හිමිවන බව පෙනෙන්නට විය.යාපනයේ ඡන්ද වලින් විගනේෂ්වරන් පළමු ස්ථානයටද ආනන්දි සසිදරන් දෙවැනි ස්ථානයටද පත්වූහ.

අතීතයෙදී සෑම වසරකම නොවැම්බර්  27 වැනි දා එල්.ටී.ටී.ය zzමාවීර් නාල්zz (මහ විරු දිනය) සැමරීය. මුලතිව් දිස්ති්‍රක්කයේ අවසන් සටනින් පසු 2009 වසරේ සිට එවැනි දිනයක සැමරීමක් ජනතාවට දැකගත නොහැකි වියග නමුත් පසුගිය වසරේ මහ විරු දිනය  සම්බන්ධයෙන් වන පෝස්ටර උතුරු හා නැගෙනහිර ඇතැම් ප්‍රදේශයන්හි් වල අලවා  තිඛෙනු දැකගත හැකි විය. දෙමළ ඊළමට සහය පළ කරමින්,එල්.ටී.ටී.ය zzකාවල් දේවියන්ගල්zz (මුර දේවතාවුන්) ලෙස හදුන්වාදී තිබුණු අත් පති්‍රකා සමූහයක් නාදුනන පුද්ගලයෝ් පිරිසක් මුල්වී මේ වසර මුලදී නැගෙනහිර ඇතැම් නගර වල ඛෙදා හැර තිබුණහ.

මාර්තුවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරය ් පැවැත්වෙද්දී අලූත් පති්‍රකා සමූහයක් කරළියට පැමිණියේය.ඒවායේ උතුරේ හා නැගෙනහිර ආරක්ෂක අංශ ස්ථාන ගත කර තිබීම විවේචනය කර තිබුණු අතර මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේදී නැඟී ඇති චෝදනා වලට ශී්‍රලංකාව වැරදිකරු වනු ඇතැයිද දක්වා තිබිණි. රට රටවල මානව හිමිකම් කඩවීම් හා ජ



අදහස් (0)

‘උතුරේ කොටි පෝස්ටරේට ස්විස් සල්ලි‘

ඉසුරන්දි Tuesday, 29 April 2014 10:39 AM

අළු යට ගිනි තවමත් ...අවදානයෙන් සිටීම නුවණට හුරුයි. (ස)

:       0       0

ෆාතිමා Monday, 28 April 2014 03:18 AM

ජාත්‍යන්තරය තවම මේ කොටින්ට සහාය දක්වන එකයි මේකට හේතුව (දී)

:       0       0

දොන් රෝචෙන් ඩි සොයිසා Sunday, 27 April 2014 04:16 PM

ජිනීවා සාකච්චා කරන අතර තුර මොහු විසින් මෙවැනිදේවල් කරතිබෙන්නේ රජය ජිනීවා ගැන සිතයොමුවී සිටින විටදිය එයින් මට පැහැදිලිව කියන්න වෙනවා යම් කිසි විදේෂ සාකච්චා කරනවිට රටේ ආරක්‍ෂක අංශ මේ ගැන විමසිල්ලෙන් සිටිය යුතුයි (දී)

:       0       0

රංජිත් සිල්වා Monday, 28 April 2014 08:31 AM

සමහර රටවල තානාපති කාර්යාලවල වැඩ ගැනත් සෝදිසියෙන් ඉන්න වෙනවා. (ස)

:       0       0

නිමල් Monday, 28 April 2014 09:31 AM

විිවිධ අන්තවාද කිසිවෙකුටත් නැවතිය නොහැක. කෙසේ හෝ කොහෙන් හෝ නැවත මතුවෙයි. (නි)

:       0       0

කමල් Monday, 28 April 2014 10:44 AM

මොවුන් පිළිබඳ හොඳ අවධානයෙන් සිටිය යුතුයි. රටම අවධානයෙන් සිටීම වැදගත්. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපතිට IMF සහය
2024 සැප්තැම්බර් මස 24 183 0

මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි


බිත්තර මිළ පහළට
2024 සැප්තැම්බර් මස 24 2233 2

වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.


උඩරට දුම්රිය ගමනාගමනයට බාධා
2024 සැප්තැම්බර් මස 24 287 0

බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය


රනිල් නැවත මැතිවරණ වලට එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 24 2972 5

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


සජබ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි
2024 සැප්තැම්බර් මස 24 1836 2

ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.


ලංකා සභාවෙන් ජනපතිට සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 24 747 0

ශ්‍රී ලංකාව නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් මෙරට බහුතරයක් අනුර කුමාර දිසානායක මහතා වෙත තැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 33566 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23925 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 145 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 469 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 213 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site