උතුරේ මහ ඇමැති යාපනයේ හර්තාල් පවත්වමින් හමුදා කඳවුරු ඉවත් කරන ලෙස කළ ඉල්ලිමට රජය කිසිසේත්ම එකඟ නොවන බව ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා රන්ටැඹේදි ප්‍රකාශ කළේය.
හර්තාල් හා උද්ඝෝෂණ කරමින් ඉල්ලා සිටින අසාධාරණ ඉල්ලීම් ලබාදිය නොහැකි බවත් එසේ නොකරන බවත් රටේ ආරක්ෂාවට අහිතකර කිසිම තීරණයක් නොගන්නා බවත් ඔහු පැවසීය.
උතුරේ මහ ඇමැති විග්නේෂ්වරන් මහතා සංවිධානය කළ හර්තාලය ගැන ඒ මහතා පැවසූයේ ජාතීන් හා ආගම් අතර සංහිදියාව හා සුහදත්වය වර්ධනය කිරීමට රජය ගන්නා පියවරට මෙවැනි විරෝධතා වලින් බාධා සිදුවන බවයි.
ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් මේ වනවිට සෑම පලස්තීනුවන් 55 දෙනෙකුට එක් අයෙක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අතින් ඝාතනය වී ඇති බවත් සෑම දිනකම පලස්තීන ළමයින් 10
මීට දශකයකට පමණ පෙර ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලංකාවේ විනුල් කරුණාරත්න මේ වනවිට මිලියනපතියකු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය
ව්‍යාජ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි කියන හිටපු අමාත්‍ය වරයකුගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ
ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
'උතුරේ කඳවුරු එකක්වත් ගලවන්නේ නැහැ'
තිළිණ Monday, 26 September 2016 02:02 AM
ඉතා හොඳ කාලෝචිත තීරණයක් (නි)
කෝසල Monday, 26 September 2016 02:03 AM
අපිට මෙහෙම දෙයක් අහන්න ලැබීම සතුටක් (නි)
ගුණසිරි Monday, 26 September 2016 02:23 AM
ඉතා ප්‍රායෝගික තීරණයක් (නි)
ලංකා Tuesday, 27 September 2016 02:48 AM
මිනිසුන්ගේ ගොවිතැන් කටයුතු වලට ඒ අයගේ ඉඩම් ටික යළි ලබා දී යුද කඳවුරු ඒ ආකාරයෙන්ම තිබුණාට කමක් නැහැ. හැමෝම ශ්‍රී ලාංකිකයන් විදියට සංහිඳියාවට කැමතියි (නි)
ඉෂාරා Monday, 26 September 2016 02:58 AM
ඉතාම සතුටුයි (නි)
සෙනරත් Monday, 26 September 2016 03:36 AM
කදුරු ගලවන්නේ නැතිව, හමුදාව අඩුකරාම හරිනේ. එතකොට ඔබතුමා බොරුවක් කිව්වා වෙන්නේ නැහැනේ. (ම)
ඉන්දික Monday, 26 September 2016 03:42 AM
ජයවීවා සර් (ම)
සුමනා Monday, 26 September 2016 04:18 AM
කලබල නැති නිසා හමුදාව අයින් කළාට කමක් නැහැ (ම)
ශමිල Monday, 26 September 2016 04:19 AM
අපේ පාසලේ ශිෂ්‍ය නායකයාවූ ඔබතුා ගැන අපට ආඩම්බරයි. දෙමළ ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ඕනෑ. කිසිවිටෙක ආරක්ෂාව අඩු කළ යුතු නැත. (ම)
තිලකරත්න Monday, 26 September 2016 04:20 AM
ඉතා සතුටුයි සම්මා දිට්ටිය ඇති ඇමැතිවරයෙක් සිටීම ගැන (ම)
පද්මිණි Monday, 26 September 2016 05:21 AM
ජේ. ආර් මැතිතුමාගේ පරපුරෙන් එන ඔබගේ වචනය ස්ථිරයි. අවංක නිහතමානී වැදගත් දේශපාලනය කරන ඔබ රට ට අවශ්‍ය නායකයෙක්.(හේ)
මහින්ද Sunday, 25 September 2016 12:29 PM
දමිළ දේශපාලකයන් ප්‍රශ්න ඇතිකිරීම උතුරේ සමස්ත සාමය අගයන දෙමළ ජනතාවට කරන අපරාධයක්. (නි)
ඉසුරන්දි Sunday, 25 September 2016 12:59 PM
මොනවා වෙනස් කළත් හමුදාව ඉවත් කරන්න එපා ඔය පැති වලින්. (නි)
දිලන්ක Sunday, 25 September 2016 01:01 PM
ඔබතුමාගේ කතාවෙන් හිතට පුංචි සැනසිල්ලක් දැනුනා (නි)
අශාන් Monday, 26 September 2016 06:17 AM
නියමයි මහත්තයෝ! (නි)
මලික් Sunday, 25 September 2016 02:34 PM
ඔබතුමාට අපේ ප්‍රණාමය! (නි)
නලීන් Sunday, 25 September 2016 02:53 PM
අන්න එහෙම කෙළින් කියන්න. නැත්නම් සමහර මිනිස්සු හිතාගෙන ඉන්නේ කොටි යළි නැගිටිනවා කියලයි (නි)
සනත් ඉන්දික ඉතාලිය Sunday, 25 September 2016 03:03 PM
දැනටමත් ප්‍රමාද වැඩියි කියලාත් හිතෙනවා (නි)
ඉන්ද්‍රා Sunday, 25 September 2016 03:26 PM
ඔබතුමාට ජයවේවා! (නි)
බණ්ඩාර Monday, 26 September 2016 06:56 AM
ඔබ තුමාගේ ප්‍රකශය ගැන සතුටුවෙනවා(හේ)
රන්ජිත් Sunday, 25 September 2016 04:05 PM
අපිට ඔබතුමාගේ වචනය විශ්වාසයි (නි)
නිරංජන් Monday, 26 September 2016 07:13 AM
ඒක තමයි මහත්තයෝ වෙන්න ඕනේ.(හේ)
ලසන්ත Sunday, 25 September 2016 04:24 PM
ඔන්න ඔහොම තමා ඉන්න ඕනෑ. අපිට සතුටුයි (නි)
ලුසේනා Sunday, 25 September 2016 05:12 PM
මුලින් කඳවුරු ඉවත් කළේ ඇයි කියන ප්‍රශ්නයත් අපිට මතුවෙනවා (නි)
රොනල්ඩ් Sunday, 25 September 2016 05:13 PM
තව කඳවුරු වැඩි කළත් අඩු කරන්න එපා. ඒ අයට පොඩි බුරුලක් ලැබුණ ගමන් පටන් ගන්නවා. දැනටම කරන දේවල් පේනවනේ. අපේ රටේ විතරක් නොවෙයි කොතන ගියත් මේ අය පුරුද්ද නම් අත අරින්නේ නැහැ. (නි)
නිහාල් Sunday, 25 September 2016 05:43 PM
මේ ප්රශ්නය දෙස බැරෑරුම් ලෙස බැලිය යුතුය (නි)
තුසිත Sunday, 25 September 2016 05:50 PM
ඔහොම කියද්දී ඒකාබද්ධයට සටන් පාඨ නැතිවෙනවානේ. (නි)
ඉන්ද්‍රා Monday, 26 September 2016 08:20 AM
උතුරේ සංවර්ධනයට උර දීම වැදගත් එත් ඔවුන්ගේ ඉල්ලීම් දිනා දීමට කටයුතු කළොත් එය රටේ ආරක්ෂාවට තර්ජනයක් .(ම)
ඉරූෂාන් Sunday, 25 September 2016 09:27 PM
අපෙත් එකම සැනසීම එච්චරයි (නි)
කමණි Sunday, 25 September 2016 09:59 PM
අපිට ඔබතුමාව විශ්වාසයි. (නි)
නිලන්ත Monday, 26 September 2016 08:54 AM
මේ වනවිට අක්කර දසදහස් ගණන් ආරක්ෂක කලාප ඉඩම් බෙදා දීලා ඉවරයි කියල අප දන්නවා. වහාම සිංහල ගම් වලට ආරක්ෂාව සපයන්න. (ම)
ජනහිත Sunday, 25 September 2016 10:45 PM
ඒක හොඳයි. ඒ විදිහට කරන්න. (නි)
ඔසධ Monday, 26 September 2016 12:37 AM
සංහිඳියාව ඇතිකරන්න හැදුවේ දකුණේ විතරක් නම් මේ ඉල්ලීම් වලට ඉඩදුන්නට කමක් නැහැ (නි)