IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


උතුරු කොරියාවට ශ්‍රී ලංකාවෙන් සම්බාධක

උතුරු කොරියාව මත සම්බාධක පැනවීමට ශ්‍රී ලංකා රජය රෙගුලාසි නිකුත් කර ඇතැයි වාර්තා වේ.

රජය මෙම පියවර ගෙන ඇත්තේ න්‍යෂ්ටික ,රසායනික සහ ජෛව අවි ප්‍රගුණනය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක කවුන්සිලයේ  යෝජනාවකට අනුවය.මෙම නියෝග නිකුත් කර ඇත්තේ විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා විසිනි.

ජාත්‍යන්තර සාමයට සහ ආරක්ෂාවට තර්ජනයක් එල්ල කරමින් උතුරු කොරියාව කරනු ලබන න්‍යෂ්ටික අවි හා න්‍යෂ්ටික වැඩසටහන් අත්හරින තුරු සහ බැලිස්ටික් මිසයිල හා න්‍යෂ්ටික මිසයිල වැඩසටහන්වලට සම්බන්ධ සියලු ක්‍රියාකාරකම් අත්හිටුවන තුරු උතුරු කොරියාව සම්බන්ධයෙන් සම්බාධක පනවන ලෙසට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවලට දැනුම් දී තිබේ.ඒ අනුව එහි සාමාජිකයකු වන ශ්‍රී ලංකාව මෙම පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකාව සහ උතුරු කොරියාව 1970 සිට රාජ්‍ය ත්‍රාන්තික සම්බන්ධතා පවත්වාගෙන ගියද රටවල් දෙකම නේවාසික දූත මණ්ඩල පවත්වන්නේ නැත.
රෙගුලාසි අනුව සම්බාධක පනවනු ලබන බවට වගබලා ගැනීම සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් මත විදේශ ඇමතිවරයා විසින් නිසි බලධාරියකු පත් කරනු ඇත.

මෙමගින් න්‍යෂ්ටික වැඩපිළිවෙලට සම්බන්ධ කිසිදු උපකරණයක් උතුරු කොරියාවේ පුද්ගලයකු වෙනුවෙන් භාවිතය, හුවමාරු කිරීම,ගබඩා කිරීම,ප්‍රවාහනය කිරීම,තොග රැස්කිරීම,අත්පත් කරගැනීම,ළඟ තබාගැනීම,නිෂ්පාදනය ,මේ හා සම්බන්ධ සේවා සැපයීම හෝ සහාය ලබාදීම,උපදෙස් ලබාදීම,තාක්ෂණික පුහුණුව ලබාදීම,මූල්‍යමය සේවා සැපයීම,වත්කම් සැපයීම හා ලබාගැනීම මෙරට සහ විදේශගත ශ්‍රී ලාංකිකයින්ට තහනම් කර තිබේ.

උතුරු කොරියාවට ඉන්ධන සේවා සැපයීම ,නැව් බද්දට හෝ කුලියට ලබා දීම හෝ නැව් කාර්ය මණ්ඩලය කුලියට ලබාදීම ද මෙමගින් තහනම් කර තිබේ.උතුරු කොරියානු මූල්‍ය ආයතනවලට ලංකාවේ නව ශාඛා, අනුබද්ධ ආයතන හෝ නියෝජිත කාර්යාල විවෘත කිරීමට ඉඩ නොදෙනු ඇත.

උතුරු කොරියානු රාජ්‍ය තාන්ත්‍රිකයන් ,උතුරු කොරියානු රාජ්‍ය නියෝජිතයින් ,රාජ්‍ය හෝ නියෝජිත නිල කාර්යාලවල සේවය කරන උතුරු කොරියානු ජාතිකයින්, උතුරු කොරියා වෙනුවෙන් හෝ එහි නියෝග මත ක්‍රියා කරන විදේශීය ජාතිකයින් සහ උතුරු කොරියාවට සම්බන්ධ අනෙක් පුද්ගලයින් නෙරපා හැරීම සඳහා රජයට නිර්දේශ කිරීමේ  බලය රෙගුලාසි පනවන බවට සහතික කිරීම සඳහා පත් කරන ලද බලධාරියාට ඇත.
 
තහනම් කර තිබෙන ක්‍රියාකාරකම් සම්බන්ධ බවට තහවුරු වුවහොත් උතුරු කොරියානු රජයේ ආයතන හෝ උතුරු කොරියානු සේවකයින් ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යනු ලබන අරමුදල් ,මූල්‍ය වත්කම් සහ ආර්ථික සම්පත් තහනම් කිරීමට මෙම නිසි බලධාරියාට බලය ඇත.

මෙම රෙගුලාසිවලට අමතරව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිකුත් කරනු ලැබ ඇති අනෙකුත් රෙගුලාසි ද ශ්‍රි ලංකා රජය ප්‍රකාශයට පත් කළේය.
 
මෙම රෙගුලාසි මගින් න්‍යෂ්ටික ,රසායනික හෝ ජෛව අවි නිෂ්පාදනය,අත්පත් කරගැනීම,ළඟ තබාගැනීම .වැඩි දියුණු කිරීම ,ප්‍රවාහනය ,හුවමාරු කිරීම , භාවිතය හෝ ඒ හා සම්බන්ධ දෑ ශ්‍රී ලංකාව තුළ බෙදාහැරීම තහනම් කරනු ලැබ තිබේ.
 
සාමය සඳහා වූ ක්‍රියාකාරකම් සඳහා රසායනික හා ජීව විද්‍යාත්මක ආයුධ ආශ්‍රිත අමුද්‍රව්‍යය ශ්‍රී ලංකාව තුළ අපනයනය,තැනින් තැනට ගෙනයාම,නැවකින් නැවකට ගෙන යාම හෝ ප්‍රතිඅපනයනය අදාළ ලිඛිත නීතියට අනුව සිදු කෙරෙනු ඇත.
 
මෙම රෙගුලාසි යටතේ වැරදි කරනු ලබන පුද්ගලයකු මහාධිකරණයේ නියෝග අනුව වසර 25 දක්වා වූ සිර දඬුවමක් හෝ රුපියල් මිලියන පහකට වඩා නොවැඩි දඩයක් හෝ එම දඩුවම් දෙකම හෝ ලැබීමට යටත් වෙයි.



අදහස් (50)

උතුරු කොරියාවට ශ්‍රී ලංකාවෙන් සම්බාධක

Thilak Aus Sunday, 08 October 2017 07:30 AM

අපරාදේ මොනවා හරි විකුණන්න තිබ්බා එහාටත්....

:       37       154

kumar Bandara Sunday, 08 October 2017 08:12 AM

හා කාල වරෙන්කෝ. දැන් පුළුවන්නම් පෙන්නන්න චණ්ඩිකම්. අපි සද්ද නැතුව ඉන්නකම් ඒ අය ඇමෙරිකාවට ගැහුවා.

:       41       150

shan saudi Sunday, 08 October 2017 08:17 AM

මට මේක දැක්කම මතක් වුණේ වෙරි වුණු මීයෙක් කියපු කතාවක් තමයි.

:       259       624

sathyapalaSunday, 08 October 2017 09:52 AM

ශාන්, මට මතක් වුනේ වෙන කතන්දරයක්. කැලේ ඉන්න අලියෙකුට තරහ ගිහින් ගස් කොළන් පොඩි පට්ටම් කරමින් පෙරලමින් කැලේ දෙවනත් කරනකොට ගහක් උඩ හිටපු කටුස්සෙක් ගහක දල්ලක් අර පෙරලපු ගස් ගොඩ උඩට කඩල දාල අනික් සත්තුන්ට කියුවලු "කොහොමද අලිලයි අපිලයි වැඩ......පරිස්සම් වෙලා හිටපල්ලා අපිත් එක්ක හැප්පෙන්නේ නැතිව... කියලා. ඒ වගේ හිනායන වැඩ මේ ගොල්ලොත් කරන්නේ. අලි පෙම් කෙලිනකොටත් පොඩිවෙන්නේ, තණකොළ රණ්ඩු වෙනකොටත් පොඩිවෙන්නේ තණකොළ. අපි දැනගන්න ඕනේ ලොකු ගෝරි මැදට බලෙන් නොපැන ඉන්න. උතුරු කොරියාව තවත් න්‍යෂ්ටික බලවතෙක් ලෙස පිළිගන්න ලෝකයට සිදුවෙනවා. එතකන් මේ සද්ද බද්ද... ඉන්පසු උන් උන් තව ටික දවසකින් හොඳ වෙයි. හැබැයි අපි කරපුවා වෙනුවෙන් අපිට පරිප්පු හැමදාම.

:       60       420

shan saudiSunday, 08 October 2017 10:43 AM

සත්‍යපාල මේ ටික තේරුම් ගන්න මොලයක් තියා... අපේ රටේ පාර්ලිමේන්තුවේ ඉන්නවා නම් උන්නනම් අපේ රට මේ වෙලා තියන විනාස වෙන්නේ නැහැ. හැබැයි මේවට දොස් කියන්න ඕනේ මේවා කියන අයට නෙවේ. මේවගේ අය පාර්ලිමේන්තු යවපු අයට කතා කරන්න ඕනේ තැනට කතා කරන්න කොන්ද පණ නැහැ. එ්කෙන් ජිනීවා වල කොටි පිනුම් ගහනවා. මේ කොහෙවත් යන මගුල් වලට කතා කරනවා.

:       45       171

Thushara Sunday, 08 October 2017 08:20 AM

ඇමරිකාවත් එක්ක හැප්පෙන උතුරු කොරියාවට ලංකාව මොකක්ද ..? ඉල්ලගෙන කනවා කියන්නේ මේවට. දියණු රටවල් වලින් හිඟා කන අපේ රටේ සම්බාධක එයාලට වැඩක් නෑ.

:       255       573

Maheshika Sunday, 08 October 2017 08:27 AM

අපි ඇමෙරිකාවේ යටත් විජිතයක්ද? මේ සම්බාධක දැමිල්ල අපිට හොඳද? අගමැති ජර්මනියේ, ජනාධිපති ඉන්දියාවේ, රටේ වෙන දේවල් එම උත්තමයෝ දන්නවද? අනුන්ට සම්බාධක දාන්න ගිහින් අපිට වැරදුණු දවසට ඔය දාපු එවුන් පිටරට පැනගනීවී. දුප්පතාට තමයි වරදින්නේ. මේ ආණ්ඩුවක් පත්කරගෙන මිනිසුන්ට වැරදිලා හමාරයි.

:       245       550

Ratnamalala Sunday, 08 October 2017 08:40 AM

ඕක මොකක්ද? අපි යුද අපරාධ කලා කියලා අපිමයි යෝජනා කලේ.

:       325       1036

Shahiwal Sunday, 08 October 2017 08:46 AM

අනේ කටවහගෙන හිටියානම් අපේ තේ ටික හරි විකුණා ගන්න තිබුණා. මාළුවා නහින්නේ කට නිසා.

:       125       284

ලුම්බිණි Sunday, 08 October 2017 08:48 AM

'ශ්‍රී ලංකාව සහ උතුරු කොරියාව 1970 සිට රාජ්‍ය ත්‍රාන්තික සම්බන්ධතා පවත්වාගෙන ගියද රටවල් දෙකම නේවාසික දූත මණ්ඩල පවත්වන්නේ නැත.' ලංකාවේ තිබුන උතුරු කොරියානු තානාපති කාර්යාලය වසා දැම්මේ 1971 සිදු වූ ජවිපෙ කරන ලද අප්‍රේල් කලබලය සමගයි.

:       522       72

Raveendra Sunday, 08 October 2017 08:54 AM

හත් වලාමේ දැන් ඒ මුළුරටම බඩගින්නේ තමයි. අපේ සම්බාධක හින්දා. පව් අහිංසකයෝ ටික.

:       2       285

daham Sunday, 08 October 2017 09:10 AM

අනේ ඇත්තටම මේ ආණ්ඩුවට නම් දෙයියන්ගේ හාල් කැවිලා. දැන් ඉතින් උතුරු කොරියාව පූස් පැටියෙක් වේවි.

:       51       221

manju Sunday, 08 October 2017 09:11 AM

මාර වැඩේ උතුරු කොරියාව ලංකාවේ සම්බාධක නිසා න්‍යෂ්ටික වැඩ පිළිවෙළ අත්හරින්න වෙලා ලංකාවට බයේ...

:       1       212

SHN Sunday, 08 October 2017 09:13 AM

දැන්නම් උතුරු කොරියාවට හොඳටම රිදෙයි හොඳේ. ලංකාවේ න්‍යෂ්ටික දැනුම, ඒ පිළිබඳ පුහුණුව, උපකරණ දැන් ගන්න බැරි වෙන හින්දා...

:       1       131

Oshini Sunday, 08 October 2017 09:24 AM

ඕහ්.... දැන් ඉතින් උතුරු කොරියාවේ අවසානේ තමයි ...

:       0       122

sahan Sunday, 08 October 2017 09:24 AM

උතුරු කොරියාවට පමණක් නොව දකුණු කොරියාවට එරෙහිව සම්බාධක පැමිණවිය යුතුයි. මොකද අපේ රටේ හිඟන්නෝ එහෙ ගිහින් කුලී වැඩ කරලා කීයක් හරි හොයාගෙන, ටැබ් ෆෝන්, ලැප්ටොප් අරගෙන මහා චණ්ඩි වගේ රඟනවා. අනිත් ජාතින් මරන්න, එලවන්න, අනිත් ආගම් පිටු දකින්න, එ්ක නිසා වැලේ වැල් නැති මහරාජාගේ වහල්ලු ටිකට කෙල වෙන්න දකුණු කොරියාවට සම්බාධක පනවන්න.

:       267       210

Danushka Sunday, 08 October 2017 10:16 AM

මහරජා නොහිටින්න ශාන්ගේ කෑලිත් හොයා ගන්න හම්බවෙන්නේ නැහැ. අපේ සීයාගේ මුත්තාගේ දවසේ ඉඳන් ලංකාව දියුණුවෙමින් පවතින රටක්...

:       32       205

දනුකSunday, 08 October 2017 11:24 AM

මහරජා හැදුවේ එක ජාතියක් එක්ක යුද්දේ ඉවර කලාට පස්සේ තව ජාතියක් එක්ක යුද්ධයක් පටන් ගන්නයි. මොකද රජා දන්නවා යුද්ධයක් නැත්නම් එයාට පැවැත්මක් නෑ කියලා.

:       248       8

anura Sunday, 08 October 2017 11:14 AM

මොලේ පොඩ්ඩක් මඤ්ඤං වෙලා බස් බෝම්බයකට ද කොහේදෝ ඇහුවෙලා.. ඒ දවස් වල මොනවා කරන්නද? ලියන දෙයක් කියවනවා මිස ....

:       0       23

sathyapalaSunday, 08 October 2017 11:16 AM

සහන් කියන්නේ කොයිතරම් දරුණු අනිත් මිනිසුන් ගැන ක්‍රෝධයෙන්, ඉරිසියාවෙන් පෙලෙන කෙනෙකු කියලා භාවිතා කරන වචනවලින් පෙනෙනවා. "අපේ රටේ හිඟන්නෝ එහෙ ගිහින් කුලී වැඩ කරලා කීයක් හරි හොයාගෙන, ටැබ් ෆෝන්, ලැප්ටොප් අරගෙන මහා චණ්ඩි වගේ රඟනවා" මිනිස්සු විදෙස් ගතවෙලා වෙහෙසිලා රැකියාවක් කරලා සතුටින් ඉන්නවා බලන්න බැරි තරම් කුපිතවෙලා.

:       2       175

sahanWednesday, 11 October 2017 08:38 AM

සාමන්‍යයේන් සහන් යන නමින් ලියන්නේ මමයි නමුත් මේ සහන් වෙන කෙනෙක්. සත්‍යපාල මම ඔබ සමග එකඟයි. මේ සහන් නම් ක්‍රෝධයෙන් කතාකරන්නේ.

:       0       0

රංබණ්ඩාSunday, 08 October 2017 01:16 PM

සිංහල නමක් දාගෙන අදහස් දැම්මට රැවටෙන්නේ නැහැ ..සිංහලයා කවදාවත් ජාතීවාදී වුනේ නැහැ.. තමන්ගේ ආගම වෙනුවෙන් තවත් ජාතියක් විනාශ කරන්න උත්සාහ කරන්නේ නැහැ ශාන්ලා වගේ. සිංහලයා ඉන්න කම් අනිත් ජාතීන්ටත් අද තියෙන නිදහස භුක්ති විඳින්න ලැබේවි !!!

:       49       159

gamageMonday, 09 October 2017 04:19 AM

සහන්, මිනිසුන් හිඟන්නෝ වෙන්නේ සල්ලි වලින් නොවේ අදහස් වලින්. ඔබේ හිඟනකම පෙන්නන්න එපා.

:       0       24

රජින්ද Sunday, 08 October 2017 09:51 AM

මේ වගේ ගොන් වැඩ කරන්න රටකට ආණ්ඩුවක් ඕනෙද? කෝ අපේ නොබැඳි ප්‍රතිපත්තිය.? අපට කිසිසේත්ම තර්ජනයක් නොකළ සහ නොවුණු රටක් සමග විදේශ සබඳතා අවුල් කරගන්නේ ඇයි? මේ යන විදිහ දිහා බලද්දී අපට පෙනෙන්න තියෙන්නේ වත්මන් යහපාලන රජයේ අති බහුතරය ඇමෙරිකන් ගැත්තන් බවයි. එය අප වැනි දුපත් රාජ්‍යකට කිසිසේත්ම යෝග්‍ය නොවේ. අනික උ. කොරියාව තවමත් බොදු උරුමයන් රකින රටක්. එහෙව් රටක් එක්ක අපි සියල්ල විසඳාගත යුත්තේ අපේ බොදු පදනමේ සිට මිසක් ඇමෙරිකානු වහල් භාවයේ සිට නොවේ.

:       20       274

aklaSunday, 08 October 2017 03:06 PM

බොදු උරුමයන් රකින කතාව නම් දන්නේ නැහැ. හැබැයි උතුරු කොරියාව කියන්නේ ඉස්සර ඉඳන්ම ලෝක ත්‍රස්තවාදී සංවිධානවලට ආයුධ සපයපු රටක්.... එල්.ටී.ටී.ඊ. එකට ගෙන්නපු ආයුධ වලින් 90% ගෙන්නුවේ උතුරු කොරියාවෙන් කියලා හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙක් මේ ලඟදි කියලා තිබ්බා...

:       16       49

sathyayaa Wednesday, 11 October 2017 12:38 AM

රජින්ද ඔබ ඉතා නිවැරදියි. අපි අධ්රාජ්‍යවාදී රටවල රෙදි අපුල්ලන්න ගිහින් ලබු කිරිබත් කතාවේ නරියට වෙච්ච දේ අපටත් සිදු නොවේ යයි කාට කියන්න පුලුවන්ද? බණ්ඩාරනායකලා ඉන්න කාලේ තිබුන නොබැඳුණ ප්‍රතිපත්ති දැන් බල්ලට ගිහිල්ල.

:       0       0

dama Sunday, 08 October 2017 10:15 AM

උතුරු කොරියාව දැන් බයවෙලා ඉන්නේ මේ වැඩේට. මේ වැඩේ ස්ටොප් කරනවලු.

:       1       50

kalpa Sunday, 08 October 2017 10:23 AM

ඊලම් සංවිධාන වලට සහය දක්වමින් වෛකෝ මානව හිමිකම් සමුළුවේ බෙරිහන් දෙද්දී මෙම විදේශ ඇමැති මොනවාද කලේ?

:       1       247

prakaash Sunday, 08 October 2017 10:32 AM

ඇමෙරිකාවට කඩේ යන නිවට ආණ්ඩුවක්.

:       237       426

uthuru koriya Sunday, 08 October 2017 11:08 AM

වැලේ වැල් නැතිව ලෝකෙට ණය වෙලා ඉඳගෙන තව සම්බාධක පනවන්නත් එනවා. සුද්දන්ගේ පශ්චාත් භාගය හෝදන්න යන මේ මිනිසුන් දන්නේ නැහැ ඒ මිනිසුන් කවදාවත් ඔය වැඩේ නොකරන බව...

:       0       103

janatha anura Sunday, 08 October 2017 11:11 AM

මේ වගේ විහිළු කාරයන් මේ රටේ පාලනය ගත් පළමු අවස්ථාව... මහත්මා ගාන්ධි, මාර්ක්ස් ලෙනින් මා ඕ සේතුං ගේ පොත් ටිකක් කියවන්න... 8 වැනි ශ්‍රේණිය සමත් නූනත් පොත් කියවන්න එය බාධාවක් නොවේ.

:       1       47

lakshman Sunday, 08 October 2017 11:19 AM

"ඔයාලට කවදාවත් ඔය යුද්ධය දිනන්න බැහැ. එ්කයි අපි සාමයට යන්නේ... අරාලි හන්දිය ඔය මිනිස්සුන්ට ඉල්ලන විදිහට දීල අයින් වෙන්න.." කියලා හමුදාවට කියපු කෙනා ජනතා බලයක් නැතිව රෝයල් පිහිටෙන් බලය ලැබිලා සම්බාධකත් දානවා අනෙක් රට වලට....

:       1       79

anura lakshman Sunday, 08 October 2017 11:22 AM

හාහ් හාහ් හා !!! වසරේ හොඳම පුවත...

:       1       28

Appuhami Sunday, 08 October 2017 11:34 AM

අනේ මෙහෙමත් ඉල්ලන් කෑමක්... කට හින්දලු මාළුවා නහින්නේ..

:       1       28

දිලාන් Sunday, 08 October 2017 11:44 AM

මේ ආණ්ඩුව ලෝක බලවතුන් ඇතුළු විවිධ පාර්ශව සතුටු කිරීමට ගොස් අනවශ්‍ය ප්‍රශ්න ඇති කර ගන්නවා. ශ්‍රී ලංකාවේ සම්බාධක වලින් ඔවුන්ට බලපෑමක් වෙන්නේ නෑ. වෙන්නේ අනවශ්‍ය ලෙස සතුරෙකු නිර්මාණය වීම පමණයි. මෙවැනි ප්‍රශ්න වලදී අප වැනි කුඩා රටවලට සුදුසු වන්නේ උපායමාර්ගික නිහඬ පිළිවෙතක්. බොහෝ ඇමෙරිකානු ගැති රටවල් පවා මෙච්චර ඉක්මන් වුණේ නෑ.

:       10       85

සෙනෙවි Sunday, 08 October 2017 12:21 PM

ආණ්ඩුවේ අමන සහ තුච්ඡ විදේශීය ප්‍රතිපත්තිය හෙලා දකිමු. මැද පෙරදිග රටවල්වලට බෝම්බ හෙලා සමූල ඝාතන සිදු කරන රටවල් සම්බන්ධයෙන් මුණි වත රකිමින් බටහිරට ආවැඩීමට මහජන වරමක් ලබා දුන්නෙ කවුද? ලෝකයේ භයානකම න්‍යෂ්ඨික, ජීව විද්‍යාත්මක සහ රසායනික අවි සතුව ඇති ඇමරිකාව රුසියාව වැනි බලවත් රටවල් වලට පළමුව විරෝධය දැක්විය යුතුය.

:       31       254

samansiri Sunday, 08 October 2017 12:25 PM

මෙතන කමෙන්ට් දාලා තියන හැමෝම ලිපිය කියවල තේරුම් ගෙන නැහැ වගේ. ලංකාව එක්සත් ජාතීන්ගේ සාමාජිකයෙක් නිසා එම සංවිදානය විසින් සම්බාධක දැම්මහම හැම සාමාජික රටක්ම එ්ක කරනවා. චීනය පවා එක කරනවා. අපි ටෝයියෝ, බයියෝ හැටියට හැමදේම දිහා බලන එක වැරදියි. ලංකාවේ අපිට කියවනන පුළුවන් වුණාට තේරුම් ගන්න අමාරුයි. එ්කයි හිරේ ඉන්න ඕනෑ අය පාර්ලිමේන්තුවේ ඉන්නේ.

:       474       443

himal Sunday, 08 October 2017 12:49 PM

ප්‍රවෘත්තියක් කියවා තේරුම් ගන්න බැරි සමහරු මෙතන විකාර ප්‍රතිචාර දාලා. මේ සම්බාධක දාන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටක් විදිහට. මේ වෙනකොට චීනයත් උතුරු කොරියාවට එරෙහිව පියවර අරන් තියෙනවා. මේ සම්බාධක ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම වෙන්නේ යම් හෙයකින් මේ න්‍යෂ්ටික වැඩපිළිවෙලට යම් ශ්‍රී ලාංකිකයෙක් හවුල් වුණොත් ඊට එරෙහිව ගන්න නීතිමය ප්‍රතිපාදන අවශ්‍ය නිසා. එහෙම නැතුව උතුරු කොරියාව අපෙන් කාලා ඇඳලා ඉන්න කතාවක් මෙතන නෑ.

:       247       320

SusilSunday, 08 October 2017 04:42 PM

ඒකනේ කියන්නෙ...කියවල තේරුම් ගන්නෙ නැතිව ' හෙඩ් ලයින් 'එකට කමෙන්ට් දානව අපේ අය.. ..

:       37       57

samargeWednesday, 11 October 2017 08:41 AM

හිමාල්, අපේ රට නැටුවට ලෝකයේ අනික් ගොඩක් රටවල් තාම ඕක ගැන හිතලවත් නැහැ. අඩු ගන්නේ ජි20 හැටියට හැඳින්වෙන දියුණු රටවල් සියල්ලමත් ඕකට කට දාලා නැහැ.

:       0       0

ධම්ම Sunday, 08 October 2017 01:22 PM

මොකක්ද මේ හදිස්සිය?

:       1       5

හෂාන් Sunday, 08 October 2017 01:35 PM

හාහ් හා... දවසේ හොඳම විහිළුව.... හෙට තව මොන මොන විහිළු ඒවිද දන්නේ නැහැ.... අනේ හැබෑටම ජෝකර්ලාට රට බාරදීලා රටකට ගිය කලක්....

:       1       21

Hafeel Sunday, 08 October 2017 01:57 PM

මේ මොහොතේ අපිට මේක ඕනෑම වැඩක්ද? ඇමෙරිකානව සතුටු කරන්න ලංකා රජය ගත්තු මෝඩ තීන්දුවක්. මොකද මේ ඇමෙරිකාව තමයි අපිට එරෙහිව ජිනීවාවල යෝජනාවල් ගේන්නේ.

:       0       79

Gonpart Sunday, 08 October 2017 02:43 PM

ඇමෙරිකාවට උදව් කරන්න කලින් ලංකාව ගැන බලාගන්න. කිම් ජෝන් තමන්ගේ රට ගැන බලාගනියි.

:       1       61

lalin Sunday, 08 October 2017 03:05 PM

දැන් ඉතින් උතුරු කොරියාව ඉවරයි. ඇමෙරිකාව වගේද ලංකාවට තද වුණහම....

:       1       26

parakkrama Sunday, 08 October 2017 03:09 PM

අපේ ගම්වල තිබෙන සමිතිවල ව්‍යවස්ථාව කඩකරන අයට එරෙහිව යම් පියවර ගැනෙන නිසා සමිතිය එළැඹෙන තීන්දු තීරණ පරිදි කටයුතු කිරීමට සාමාජිකයෝ බැඳී සිටිති. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයෙකු වන ශ්‍රී ලංකාවද එම සංවිධානයේ ප්‍රතිපත්ති මත ගන්නාවූ තීන්දු තීරණ මත ක්‍රියා කිරීම රටේ වගකීමයි. එම තීරණ වලට එරෙහි වූවිට අප රටටද යම් බලපෑම් ඇති වේ. අප ශ්‍රී ලංකා පවුලේ, ගෘහයේ, සාමාජිකයින් අතින් උතුරු කොරියාව නම් ගෘහයේ යුවතියක වෙත යම් ආලවන්තකම් පෑමෙන්, තෑගී බෝග යැවීමෙන්, ගනු දෙනු කිරීමෙන් කලින් කී පරිදී වන තීන්දු තීරණ කඩ නොවීම සඳහා අප නිවැසියන් දැනුම්වත් කිරීම ගෘහ මූලිකයා විසින් සිදුකර ඇති බව පැහැදිලිය. එය තේරුම් ගැනීමට අපොහොසත් හෝ කාගේ හෝ පදයකට නටන හෝ අකීකරු අඳ බාල කොලු පැටව් ටිකක් ගෘහමූලිකයාට කඩදාසි බෝලවලින් ගසන බව නම් පෙනේ. වෛරය සිත්හි දරාගෙන කටයුතු කරනවාට වඩා යතාර්ථය තේරුම් ගෙන අදහස් ප්‍රකාශ කිරීමත්, කටයුතු කිරීමත් හොඳයි නේද?

:       18       123

kumara (galf) Sunday, 08 October 2017 07:59 PM

මේ නිව්ස් එක කියෙව්වහම මට නම් හිනාව නවත්තගන්නත් බැරි උනා හිටන්......!

:       1       32

bandula Sunday, 08 October 2017 11:39 PM

අන්න කිම් ජෝන් උන් ට අමුතුම ලෙඩක් හැදිලා බිම පෙරලි පෙරලි හිනා වෙනවලු නවත්තගන්න බැරුව

:       1       24

emerson Monday, 09 October 2017 12:34 AM

මේ අදහස් වලට මාරපන උන්නැහැට මර චුන් ඇති . කවුරු හරි දැක්කද අර දුතයෙක් පත් කරන්න යන එක . කවුද දැන් ඔය දුතය . මිස්ට ක්ලීන්ගේ හරි මරපනගේ හරි හෙන්චයියෙක්.දුතය විතරක් නෙමෙයි දුතයට කාර්ය මණ්ඩලයක් නිල වාහන , නිල නිවසක් .මේ සියල්ල තක්සේරු කරන්න තවත් නිලදාරී උන්ට ගෙවන වැටුප් ඒවගෙන් ගහන කොමිස් අනේ අපි කවදාක හිනැහෙමුද මේ රටේ

:       1       38

සෙනෙවි Tuesday, 10 October 2017 11:57 AM

උතුරු කොරියාව සම්බාධක දාන රටවල් වලට දාන්න න්‍යෂඨික බෝම්බ දැනටම වෙන්කරල ඇති .අපිට නං කිලෝ 5 ක එකක් වැඩිත් එක්ක

:       0       19

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 357 1

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


‘ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ගැන කිසිදු අර්බුදයක් නැහැ‘
2024 නොවැම්බර් මස 24 547 1

ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


අපාරාදයකට ආ ව්‍යාජ බ්‍රිගේඩියර් ඇතුළු 11ක් මාට්ටු
2024 නොවැම්බර් මස 24 529 0

පුරාවිද්‍යා ස්ථානයක් කැණීම් කිරීමට හෝ කිසියම් අපරාධයක් සඳහා පැමිණ ඇති බවට සැකකරන, යුද හමුදාවේ සාමාජිකයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස් දෙනකු, මෝට


තාත්තයි දුවයි මීගමු කලපුවේ සැඟවෙයි
2024 නොවැම්බර් මස 24 525 0

මිගමුව කලපුවේ ගමන් කරමින් තිබු කුඩා ධීවර යාත්‍රාවක් අද (24 ) දහවල් පෙරළී යාමේන් එහි ගමන් කළ පියා සහ දියණීයක් අතුරුදහන්ව ඇති බවත් මෙම යාත්‍රාවේ ගමන් කළ ඉත


කැරට් - ගෝවා මිල ලෙල්ලටම බහී
2024 නොවැම්බර් මස 24 582 0

කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට මේ දින වල විශාල වශයෙන් එළවළු තොග ලැබීම හේතුවෙන් කැරැටි ,ගෝවා වැනි බොහෝ එළවළු වර්ගවල මිල පහත වැටී විකුණාගත නොහ


වැ.බ. පොලිස්පතිගේ ස්ථානමාරු ලේඛනය කොමිසම ආපසු හරවයි
2024 නොවැම්බර් මස 24 985 0

පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ස්ථානමාරු ලබාදීම සදහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් පොලිස් කොමිෂන් සභාවට යවා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 508 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 724 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2026 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site