IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


උතුරු ඡන්දයට ගිනි අවිත් එයි?

උතුරු පළාත් සභා මැතිවරණයේ ගිනි අවි භාවිත වීම සාධාරණ මැතිවරණයකට බරපතල තර්ජනයක් බවත්, මේ වන විට සාමාන්‍ය පුද්ගලයන් ගිනි අවි අතට ගෙන සිදු කැරුණු සිද්ධීන් දෙකක් යාපනයෙන් වාර්තා වීම භයානක තත්ත්වයක් බවත් සාධාරණ මැතිවරණයක් සදහා වූ ජනතා ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා ඊයේ (01) යාපනයේදී පැවසීය.

යාපනය නගරයේදී අපේක්ෂකයකුට ගිනි අවි පෙන්වා තර්ජනය කිරීම, චාවකච්චේරියේදී අපේක්ෂකයකුගේ ආධාරකරුවන් දෙදෙනකුට වෙඩි තැබීම යන සිද්දීන් දෙ වාර්තා වී ඇති බවත්, මෙතෙක් හොද තත්ත්වයෙන් පැවැති මැතිවරණ ව්‍යාපාරයට එය බලවත් තර්ජනයක් බවත් ඒ මහතා අවධාරණය කළේය.

මැතිවරණ ප්‍රචාරණයේදී යාපනය දිස්ත්‍රික්කයේ නීතිවිරෝධී ප්‍රචාරණ කටයුතු සැළකිය යුතු මට්ටමකින් ඉහළ නගිමින් තිබෙන බවත්, පොලිසියේ මැදිහත් වීම ප්‍රමාණවත් නොවීම නිසා සාමාන්‍ය ජනතාවයෙන් පොලිසියට චෝදනා එල්ල වන බව පැවසීය.

දැනට ගිනි අවි භාවිතා කිරීමේ චෝදනා එල්ල වී ඇත්තේ එක්සත් ජනතා නිදහස් සංධානයේ යාපනයට තරග කරන අපේක්ෂකයකුගේ පියකුට බවත් පැවසූ තෙන්නකෝන් මහතා වැඩිදුරටත් කියා සිටියේ චෝදනා එල්ලවී සිටින තැනැත්තාට මීට පෙර මැතිවරණ වලදීද මෙවැනිම චෝදනා එල්ල වූ අයකු බවයි.

සිවිල් සංවිධාන විශාල ගණනක් යාපනයේ ක්‍රියාත්මක වන බවත්, මෙම තත්ත්වය වෙනස් කිරීම සදහා සිවිල් සංවිධාන ශක්තිමත් විය යුතු බව ද කීය.



අදහස් (0)

උතුරු ඡන්දයට ගිනි අවිත් එයි?

අචිනි Monday, 02 September 2013 01:57 PM

ලංකාවේ ඔහොම නොවුනොත් තමයි පුදුම වෙන්න ඕනේ. (ස)

:       0       0

පද්මසිරි Sunday, 01 September 2013 11:25 PM

ඒ පළාතේ දේශපාලනයට සම්බන්ධ දෙන්නෙක් වේදිකාවකදී මහජනතාවට කිව්වනේ ප්‍රසිද්ධියේම, අවි ආයුධ අනිවාර්යයි ඒ ගොල්ලන්ගේ ඉදිරි අනාගතයට කියලා (නි)

:       0       0

උපාලි Monday, 02 September 2013 05:56 AM

ප්‍රජාතන්ත්‍රවාදය රැකෙන්නේ මැතිවරණ වලිනි. මැතිවරණ රැකෙන්නේ පකෂ වලිනි. පක්ෂ රැකෙන්නේ (සල්ලීය බාගේ ඇති) අපේක්ෂකයන්ගෙනි. අපේක්ෂකයන් රැකෙන්නේ ගෝල බාලයන්ගෙනි. ගෝලබාලයන් රැකෙන්නේ ගිනි අවි වලිනි. ඒ අනුව අවසාන විග්‍රහයේදී, "ප්‍රජාතන්ත්‍රවාදය රැකෙන්නේ ගිනිඅවි වලිනි". මේ ලංකාව ගැනයි. (නි)

:       0       0

විජේ Sunday, 01 September 2013 08:57 PM

අයියෝ ඕක මොකක්ද? සුළු දෙයක්නේ. (නි)

:       0       0

අස්මිත් Sunday, 01 September 2013 09:02 PM

තුවක්කු නැතුව දැන් මොකුත් කරන්නම බැහැ. චණ්ඩි ටිකට ජනතාව හොදට සළකනවා නම් මින් ඉදිරියට රට යහපත් විය හැකියි.නමුත් එහෙම වෙයිද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 24 4596 9

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත


අලුත් ජනපතිට IMF සහය
2024 සැප්තැම්බර් මස 24 1654 3

මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි


බිත්තර මිළ පහළට
2024 සැප්තැම්බර් මස 24 4623 5

වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.


උඩරට දුම්රිය ගමනාගමනයට බාධා
2024 සැප්තැම්බර් මස 24 419 0

බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය


රනිල් නැවත මැතිවරණ වලට එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 24 4268 14

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


සජබ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි
2024 සැප්තැම්බර් මස 24 2425 3

ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 33961 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23961 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 151 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 474 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 214 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site