IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


උතුරේ තව දෙන්නෙක් හොරෙන් ඉතාලි යන්න හදලා

ගුවන් ගමන් බලපත් දෙක බැගින් භාවිතා කරමින් ව්‍යාජ  ඉතාලි වීසා ස්ටිකර අලවාගෙන  මෙරට  සිට බහරේන් හරහා ඉතාලියට යාමට උත්සහ කළ උතුරේ තරුණයෝ දෙදෙනෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින්  අත් අඩංගුවට ගනු ලැබීය.

සැකකරුවෝ යාපනයේ   පදිංචිකරුවෝ වෙති.

මොවුහු ඊ‍යේ රාත්‍රියේ  මිහින් ලංකා ගුවන් සේවයට අයත් එම්.ෙජ් 215 දරණ ගුවන්යානයෙන් බහරේන් හරහා ඉතාලි යාමේ අදහසින් ගුවන්තොටුපළට පැමිණ  සිටියදී රාජ්‍ය බුද්ධි සේවා තොරතුරු ඒකකයට ලැබුන තොරතුරක් මත  අත් අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන්ගේ  ලියකියවිලි  පරීක්ෂා කිරීමේදී  එක් අයෙකු ලග ගුවන් ගමන් බලපත් දෙක බැගින් තිබී සොයා ගෙන තිබේ. ඉන් එකක් ඔවුන්ගේ ගමන් මල්වලූ සගවා තිබු බව පොලීසිය කියයි.

කල් ඉකුත් නොවු නීත්‍යානුකූල  ගුවන් ගමන් බලපත් දෙකක් එකම නමින් පාවිච්චි කිරීම පිළිබඳ ඇති වු සැකයක් මත වැඩිදුර  විමර්ශනය කිරීමේදී  හෙළිවී ඇත්තේ ඔවුන් තම පැරණි ගුවන් ගමන් බලපත්‍ර තිබියදී  එය  නැතිවී ඇති බව පවසා නැවත අළුතින් ගුවන් ගමන් බලපත්‍ර සාදාගෙන ඇති බවයි.

එමෙන්ම පැරණි ගුවන් ගමන් බලපත්‍රයේ  ව්‍යාජ ඉතාලි වීසා ස්ටිකරයක් අලවා ඇති බවත්  අළුත් ගුවන් ගමන්  බලපතට   බහරේන් යාම සඳහා  නීත්‍යානුකූල  වීසා ලබාගෙන පැමිණ ඇති බවත් අනාවරණය වී ඇත.

ඔවුහු  බහරේන් යාම සඳහා අළුත් ගුවන් ගමන් බලපත හා එයට අදාල විසා  ගුවන්තොටුපළ ආගමන විගමන අංශයට පෙන්වා බහරේනයට ගොස් එතැන් සිට ව්‍යාජ වීසාව ස්ටිකරය ඇලවු පැරණි ගුවන්ගමන් බලපත පෙන්වා ඉතාලියට යාමේ  අදහසින් පැමිණ ඇති බව හෙළි වී තිබේ.

මේ  පිළිබඳ වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකිරීමෙන් අනතුරුව සැකකරුවන් දෙදෙනා මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

 



අදහස් (0)

උතුරේ තව දෙන්නෙක් හොරෙන් ඉතාලි යන්න හදලා

රසික Monday, 16 March 2015 07:05 AM

මේ අයගෙන් බහුතරය පුනුරුත්තාපනය වූ කොටි සමාජිකයින්. මේ අය ලෝකේ වටේම ගිහින් සංවිධානය වෙනවා. (අ)

:       0       0

විජයබාහු Monday, 16 March 2015 10:12 AM

එයාලද නැත්නම් හැංගිලා හිටි අයද ?(දිල්)

:       0       0

සත්‍යපාල Monday, 16 March 2015 11:23 AM

රසික පුනරුත්තාපනය වූ කොටි සාමාජිකයන් කියලා පිටේ බෝඩ් එහෙම ගහලා තිබුනද නැත්නම් පාස්පෝට් එකේ ගහලා තිබුනද , උතුරේත් දකුණේත් දාහස් ගණන් තරුණයෝ වඩාත් හොද ජිවන තත්වයක් ලබා ගැනීමේ අරුමුනින් නීති විරෝධී ආකාරයට විදේශීය රටවලට සංක්‍රමණය වෙන්න උත්සහ දරනවා ඒ හැමෝම කොටි සාමාජිකයන් නොවෙයි. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනවසරයෙන් මසුන් මැරූ ඉන්දියානුවෝ 17ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 122 0

මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවී ධිවර කටයුතු වල නිරතවූ ඉන්දියානු ධිවර යාත්‍රා දෙකක් මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාව තුලදී අත්අඩංගුවට ගත බව


අපරාධ රැසකට සූදානම්ව සිටි අයෙක් ගිනිඅවි -උණ්ඩ සමඟ අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 505 0

විදෙස් රටක සිටින බවට ඒත්තු ගන්වා විදෙස් දුරකථන අංක භාවිත කරමින් අපරාධයකට සැරසී සිටි පොඩි ලැසී ගේ මාමා ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමග වැලිවේරිය ප්‍රදේශයේ


බඳින තුවක්කුව පත්තු වී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 102 0

බඳින තුවක්කුවකින් වැදුණු වෙඩි පහරක් හේතුවෙන් පාදයකට තුවාල සිදු වූ පුද්ගලයකු ගම්පහ මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කොටදෙනියාව පොලිසිය කියයි.


භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා
2024 සැප්තැම්බර් මස 30 531 0

රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 328 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 951 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38162 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25117 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 821 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site