IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


උතුරේ ධීවර ගම්මානයකට එරෙහිව විරෝධයක්

මන්නාරම එක්සත් ධීවර සංගමයට අයත් ධීවර පිරිසක් මුහුදු යාමෙන් වැළැකී මන්නාරම නගරයට රැස්ව අලුතින් පිහිටුවීමට යන සිංහල ධීවර ගම්මානයකට එරෙහිව විරෝධතාවයක නිරත වූහ.

දකුණේ සිංහල ධීවර පවුල් 180 ක් පමණ මන්නාරමට රැගෙනවිත් ඔවුන්ව මුසලි පළාතේ පදිංචි කොට නව සිංහල ධීවර ගම්මානයක් පිහිටුවීමට කටයුතු යොදා අති අතර එහි ඉඩම් මැනීමේ කටයුතු බදාදා (9) දා සිදු කිරීමට නියමිතව තිබුණු බවත් අතීතයේ කිසිම දිනක මන්නාරමේ සිංහල ධීවර ජනාවාස නොතිබුණු බවත් විරෝධතාකරුවෝ කීහ.

මෙම විරෝධය මත ඉඩම් මැනීමේ කටයුතු තාවකාලිකව නතර කොට දැමීමට බලධාරීන්ට සිදු වූ අතර විරෝධතා අවස්ථාවට පැමිණි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන් විරෝධයේ නියුතු පිරිසගේ සන්දේශයක්ද භාර ගනිමින් කියා සිටියේ එම ගැටලුව සම්බන්ධයෙන් ධීවර අමාත්‍යවරයා සමග සාකච්ඡා කොට විසඳුමක් ලබා දෙන බවයි.

01 03 04



අදහස් (0)

උතුරේ ධීවර ගම්මානයකට එරෙහිව විරෝධයක්

සිල්වියා Thursday, 10 November 2016 06:35 PM

මේවා දකිද්දී තමා හිතෙන්නේ මේ මිනිස්සු මොනතරම් කුහකද කියලා. මහා ජාතියේ බදු වලින්ම පඩි අරගෙන ප්‍රදේශය දියුණු කරගෙන මහා ජාතියටම කෙනෙහිලි කරනවා (නි)

:       0       0

සජී Thursday, 10 November 2016 07:09 AM

තවම අපේ සමහරු පත්තර බලලා නැතුව ඇති (නි)

:       0       0

ජනහිත Thursday, 10 November 2016 07:03 PM

මේ අතීතයේ තිබුන ඒවාද දැන් වෙන්නේ. කිසිකෙනෙක් අමතක කරන්න එපා මේක එකම රටක් බව. ඕනෑ කෙනෙකුට ඕනෑ දිහාවක තම ජීවනෝපාය කටයුතු නීතියට එකඟව කරන්න පුළුවන්. ඕනෑනම් ඔය කරන දේවල් සිංහල මිනිසුන්ටත් මීටවැඩිය හොඳට කරන්න පුළුවන් බවත් මතක තියාගත්තොත් හොඳයි. (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Thursday, 10 November 2016 07:13 AM

එතකොට කොළඹ වෙළඳාම් කරන කෝටිපති දෙමළ මුස්ලිම් ව්‍යාපාරිකයෝ ලංකාවේ දකුණේ සහ අනෙකුත් පළාත්වල අලුතෙන් ව්‍යාපාර ආරම්භ කරන්නේ නැද්ද? ඉඩකඩම් මිලදී ගන්නේ නැද්ද? මෙතන පැහැදිලිවම පෙනෙනවා කවුද ජාතිවාදීව හැසිරෙන්නේ කියලා. මෙම විරෝධතාකරුවන් වහාම අත්අඩංගුවට ගතයුතුය. ලංකාවේ ව්‍යවස්ථාවේ පැහැදිලිවම තිබෙනවා සියලුම පුරවැසියන්ට එක හා සමාන අයිතිවාසිකම් තිබෙන බව (නි)

:       0       0

ගුණසිරි Thursday, 10 November 2016 07:23 AM

ශ්‍රී ලංකාවේ උපන් ඕනෑම මිනිසෙකුට තමා කැමති ප්‍රදේශයක නිදහසේ ජීවත්වෙන්නත් තමා කැමති නීතියට පටහැනි නොවුණ රැකියාවක නිරතවෙන්නත් අයිතියක් තියෙනවා. එ්කට හිස නොනමා තම තමාට ඕනෑ නීති ස්ථාපිත කරන්න හදනවා නම් සිත් තබාගන්න, වාරකන් කාලය එන බවත්, එවිට සිංහලයින්ගේ ගම්බිම් වලට එ්මට නුඹලාටත් තහනම් කළ හැකි බවත්. හරිනම් සියලු ජාතිවල සියලු ධීවරයෝ කරන්න ඕනෑ රට වටේම ගම්මාන පිහිටවලා අසල්වැසි බලවත් රටවල මිනිස්සු අපේ මුහුදු තීරය කොල්ලකෑම වැළැක්වීමයි (නි)

:       0       0

ද සිල්වා බර්ලින් Thursday, 10 November 2016 09:17 PM

වින්සන්ට්ගේ අදහස මමත් අනුමත කරමි. මම ජීවත්වන ජර්මනියේ ජාතිවාදී අදහස් දැරීම නීතියෙන් තහනම් කර ඇත. එම නීති කඩන පුද්ගලයන්ගේ තරාතිරම නොබලා කටයුතු කරනු ලැබේ. ලංකාවෙත් මෙම නීති ඇත. නමුත් අවාසනාවකට මෙම නීති ක්‍රියාත්මක වන්නේ දේශපාලකයන්ගේ ඕනෑ එපාකම් අනුවය (නි)

:       0       0

අසේල Thursday, 10 November 2016 07:54 AM

මන්නාරමේ ඉන්නේ කවුද? අපිට ඉදිරියේදී තිබෙන ප්‍රශ්නය හරියට හඳුනාගනිමු (අ)

:       0       0

සුනන්ද Thursday, 10 November 2016 09:08 AM

සංහිදියාව අප්සෙට් විද මන්ද .මොනවා හරි කිව්වොත් .අපි සිංහල නිසා. (අ)

:       0       0

නිමල් ලාලිත Thursday, 10 November 2016 10:29 AM

මේ රටේ සහජීවන එවුන්දැන්වත් ජාතිවාදීන් සිංහලයන්ද දෙමල බස කතා කරන්නවුන්ද කියා වටහා ගතහොත් යෙහෙකි.සිංහල ධීවර ගම්මානයට විරෝධය මුස්ලිමුන්ගෙන්. දේසපාලන මැදිහත්වීම දෙමළුන්ගෙන්. විල්පත්තුවේ මුස්ලිම් ගම්මාන හදාදී සහජීවන නරුමයන් මුනිවත රැක්කා. දේසපාලුවන්ද එසේමය. (බ)

:       0       0

ඉසුරන්දි Thursday, 10 November 2016 11:32 AM

මෙවුන් එක්ක මොන සහාජිවනයක්ද?පේනවනේ සිංහලයට දක්වන එදිරිවාදිකමක තරම.බලාගෙන යද්දී මෙවුන්නේ ජාතිවාදය පටලවාගෙන තියෙන්නේ.උද්ගෝෂණය කරපල්ලකෝ ඔය මුහුද හුරන්කන්න එන අල්ලපු රටේ උන්ට විරුද්ධව. (බ)

:       0       0

රූපවතී Thursday, 10 November 2016 11:42 AM

ලංකාවේ උපන් සෑම මිනිසෙකුටම ..මේ ලංකාවේ ඕනෙම තැනක කාටවත් කරදයක් නැතිව ..ජීවත්වීමේ අයිතිය ඇත ..? මෙයාල දැනට මෙහෙම වැඩ කරද්දී ..මටනම් හිතාගන්නවත් බැහැ..අපේ ලංකාවේ අයිතිය තියෙන්නේ කාටද කියල ....?මේ මිනිසුන්ට කියන කියන දේ කරන නිසානේ මේ (බ)

:       0       0

ශෂික Thursday, 10 November 2016 12:09 PM

ප්‍රභාකරන් උතුරෙන් සිංහලයින් 30000ක් එලෙව්වා.ඒ අය නැවත පදිංචි වෙන්න අයිතිය ඉල්ලුවාම කිව්වේ \"සිංහල අහිකුන්ටිකයින් පන්නනු කියලයි.නුදුරු අනාගතයේම සිංහලයින් සිය මව් රටේම සරණාගතයින් වෙනවා. ඡන්ද ගොඩවල් හා මුදලට කෑදර කැබිනෙට් සාමාජිකයින් මේ තත්වය සිංහල ජාතිවාදය ලෙස දක්වනවා.ඔවුන්ට දෙමල මුස්ලිම් ජාතිවාදය පෙනෙන්නේ නැහැ. (බ)

:       0       0

වින්සන්ට් Thursday, 10 November 2016 02:04 PM

මෙවැනි ඉල්ලීමක් සඳහා කිසිම ශ්‍රී ලාංකික පුරවැසියෙකුට නොහැකි වනපරිදි රටේ නීති ක්‍රියාත්මක විය යුතුය. මෙවැනි තත්ත්වයන් පසුපස සිටින අවස්ථාවාදී දේශපාලකයන් උතුරේ වගේම දකුණේද සිටීම රටේ අවාසනාවට හේතු වී ඇත. (අ)

:       0       0

රජින්ද Thursday, 10 November 2016 05:13 AM

පැහැදිලිවම උතුරේ සිංහල ජාතියට විරෝධී බව හැමදේකින්ම පෙනෙන්නට තිබියදී පවා රට කරවන අය අඳ ගොළු බිහිරන් සේ හැසිරීම කෙතරම් උචිතදැයි නොදනිමු. (නි)

:       0       0

දිලිප් Thursday, 10 November 2016 05:53 AM

එහෙනම් දකුණට ඇවිල්ලා වෙළඳාම් කරන දමිළයන්ටත් යළි උතුරට යන්න කියමුද? (නි)

:       0       0

සංජීව Thursday, 10 November 2016 05:58 AM

දකුණේ සහජීවනවාදීන්ට බැරිද දන්නේ නැහැ උතුරට ගිහින් දේශනයක් තියන්න. (නි)

:       0       0

ලංකා පුත්‍ර Thursday, 10 November 2016 06:48 AM

"සියලුම දෙමළුන් රටේ අනිත් පළාත් වලින් පිටව වහා උතුරට යනු" නිකමට හරි සිංහලයෙක් මෙහෙම කිවුවොත් එහෙම කිවුව කෙනා එල්ලන්න වැල නොකැඩී ඒවි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැස්සෙන් මාර්ග රැසක් යටවෙයි:ජන ජීවිතයටත් බාධා
2024 ඔක්තෝබර් මස 11 11 0

තැනින් තැන ඇඳහැලෙන මහ වැසි සමඟ ගම් රැසකජනතාව පීඩාවට පත්ව සිටී.


ධීවර ජනතාවට විශේෂ නිවේදනයක්
2024 ඔක්තෝබර් මස 11 41 0

පුත්තලම සිට කොළඹ ,ගාල්ල මාතර හරහා හම්බන්තොට දක්වා ක්‍රියාත්මක සියලුම ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේ


රත්නපුර ලැයිස්තුවෙන් දමිතාගේ නම හැලෙයි
2024 ඔක්තෝබර් මස 11 2232 5

තමන් මෙවර රතනපුර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරඟ කරන බව දමිතා අබේරත්න මහත්මිය පැවසුවත් ඇගේ නම රත්නපුර දිස්ත්‍රික්කයට බාරදුන් සමගි ජන බලවේගයේ මහ මැ


කෙහෙළිය වන්දි ඉල්ලා ගොනු කළ පෙත්සම ඉල්ලා අස් කරගනී
2024 ඔක්තෝබර් මස 11 1797 0

ප්‍රමිතියෙන් තොර හියුමන්ඉමියුනොග්ලොබින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තම


දිස්ත්‍රික්ක 10කට නාය අනතුරු අඟවයි
2024 ඔක්තෝබර් මස 11 379 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වැසි සහිත කාල ගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 33 කට අද ( 11 ) පෙරවරුවේ සිට නාය යෑමේ අනතුරුඇඟ


පාලමකින් එගොඩ වෙන්න ගිය අයෙක් අතුරුදන්
2024 ඔක්තෝබර් මස 11 632 0

පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කඩුවෙල යාකාල වැලිහිද ඇල හරහා ඉදිකරමින් පවතින පාලමක් හරහා ගමන් කිරීමට ගිය 39 හැවිරිදි පුද්ගලයකු දියේ ගිලී අතුරුදන් වී ඇතැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39893 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25898 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 125 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 398 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1275 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site