IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


උතුරු නැගෙනහිරට ඒකාබද්ධ ස්වයං පාලනයක් ඉල්ලයි

(එෆ්.අස්ලම්) 
 
උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කරමින් ස්වයං පාලන ව්‍යූහයකින්  යුත් දේශපාලන විසදුමක් ගෙන ලබාදීම ඇතුළු ඉල්ලීම් 11කට බලකරන යෝජනාවක් රජයට ඉදිරිපත් කිරීමට  ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂයේ ජාතික සම්මේලනයේදී අද(30)තීරණය විය.
 
 මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් විශ්වාසනීය අර්ථවත් විසදුම් තෙමසක කාලයක් තුළ නොදෙන්නේ  නම් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා අරගලයක් රජයට එරෙහිව දියත් කිරීමටද ඉලංගයි තමිල් අරසු පක්ෂය විසින් අවධාරණය කළහ.
 
 ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂයේ 16 වන සම්මේලනය එම පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා ඇතුළු ජ්‍යෙෂ්ඨයින් හා නියෝජිතයින් රැසකගේ සහබාගීත්වයෙන් යාපනය වීරසිංහම් ශාලාවේදී අද (30) පැවති අතර එහිදී මෙම ඉල්ලීම් ඉදිරිපත් කරනු ලැබිණි.
 
 දෙමළ ජනතාවගේ පාරම්පරික උරුමය හා ජාතික අනන්‍යතාවය නැතිකරන ආකාරයෙන් සිදුවන සියලු  ක්‍රියාවන් වහාම නතර කළ යුතු බවටත් නැවත පදිංචි කළහැකි දෙමළ හා මුස්ලිම් ජනතාවට අයත් ඉඩම්වලින් හමුදාව ඉවත් කළයුතු බවටත්,යුද්ධයෙන් අගතියට පත් දෙමළ ජනතාව නැවත පදිංචි කිරීම සහ එම ප්‍රදේශ නැවත ප්‍රතිසංස්කරණය කිරීමට ප්‍රතිපාදන සැලසීම සහ යාපන සරසවියේ වෛද්‍ය පීඨයේ අටමහල් ගොඩනැගිල්ල කඩිනමින් ඉදිකර දීමට පියවර ගත යුතු බවටද මෙහිදී බලකෙරණි.
 
 අතුරුදහන් වූවන්ට සිදුවූයේ කුමක්ද වග රජය විසින් නිශ්චිතව අනාවරණය කරගනිමින් එහි වගවීම රජය විසින් බාරගත යුතු බවටත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරමින් දීර්ඝ කාලයක් බන්ධනාගාර ගතකර සිටින දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කළ යුතු බවටත්, උතුරේ විරැකියාවෙන් පෙලෙන තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදිය යුතු බවටත් රජයට බලකර සිටිති.
 
මීට අමතරව උතුරු පළාතේ වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව,පුරා විද්‍යා දෙපාර්තුමේන්තුව සාගර සංරක්ෂණ දෙපාර්තුමේන්තුව,මහවැලි සංවර්ධන අධිකාරිය ජනතාව පදිංචි කරන පදිංචිව සිටින ප්‍රදේශවල මෙන්ම කෘෂිකාර්මික ඉඩම්වල ප්‍රතිසංස්කරණය කිරීම නවතා දැමිය යුකු බවටද බලකර සිටිති. දෙමළ ජනතාව ජීවත් වන ප්‍රදේශවල දේවාල හින්දු සංස්කෘතික පාරම්පරික ස්ථාන හින්දු පුණ්‍යභූමි මත අත්පත් කරගනිමින් බෞද්ධ විහාර සහ බුද්ධ පිළිම ඉදිකිරීමේ උත්සහාය වහා නවතා දැමිය යුතු බවටත් 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට මහින්ද රාජපක්ෂගේ පොදුජන පෙරමුණ හා එක්ව මෛත්‍රීපාල ජනාධිපතිවරයා විසින් ගෙන යන උත්සහාය නවතාගත යුතු බවටත් බලකරති.
 
 එමෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මගින් සම්මත කරගත් 30/1 34/1 සහ 40/1 යෝජනාවන් මුළුමනින්ම ක්‍රියාත්මක කළයුතු බවත් ඒ සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ජාත්‍යන්තරය කටයුතු කළයුතු බවත් ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය විසින් රජයට බලකර සිටිති. මෙකී ඉල්ලීම් 11 සදහා විශ්වාසනීයත්වයක් යොමුකරමින් අර්ථවත්ව කටයුතු කළයුතු බවත් මේ සදහා රජයට තෙමසක කාලයක් ලබාදීමටත් එකී කාල පරාසය තුළ ප්‍රජාතන්ත්‍රවාදීව ජනතාව පෙළගැසී රජයට එරෙහි දැවැන්ත විරෝධතාවක් දියත් කරන බවත් ඉලංගයි තමිල් අරසුකච්චි පක්ෂය අවධාරණය කර සිටියි. 



අදහස් (17)

උතුරු නැගෙනහිරට ඒකාබද්ධ ස්වයං පාලනයක් ඉල්ලයි

Bamunuarachchi Sunday, 30 June 2019 01:14 PM

ස්වයං පාලනයක් දෙන්න 2005දී දින්නා සිංහල කියාගන්න ගොයියෙක් ලැහැස්ති වුණා. එ්කට කීවේ ISGA කියලා.... එ්ක උන්දෑ සමගම මකබෑවිලා ගියා.

:       4       35

විජිත් Sunday, 30 June 2019 01:32 PM

ආයෙත් ඉල්ලන් කන්න වගේ හදන්නේ...

:       21       303

ධනුෂ්කMonday, 01 July 2019 04:50 AM

බය වෙන්න එපා ඡන්දේ ළඟයිනේ. මෙයාලා මේ යෝජනා ගෙනැල්ලා උත්සාහ කරන්නේ ඒ අයගේ පක්ෂවලින් හොඳම පක්ෂය වෙන්න. අනිත් පක්ෂත් මීට වඩා ඒවා ගෙනෙයි. සිංහල පක්ෂ වගේම දෙමළ පක්ෂත් ඡන්දේ ලං වෙනෙකොට දෙමළ මින්සසු රවට්ටන්න මේ වගේ දේවල් කරනවා. දැන් මේක අල්ලගෙන සිංහල පක්ෂත් එක එක වන්නම් අල්ලලා පටන් ගනීවි.

:       37       95

Sathya Sunday, 30 June 2019 01:38 PM

එච්චරයි තව අඩු..! මෙච්චර ලංකාවට දෙයක් වෙලත් මේ මිනිස්සු කරන දේවල් ගැන ඇත්තටම කණගාටුවක් විතරයි තියෙන්නේ....

:       0       122

thusharasa Sunday, 30 June 2019 01:44 PM

බොහොම හොඳ අදහසක්. LTTE අවුරුදු 30ක් යුද්දේ කරේ ඕකට තමයි. අපේ අමන පාලකයෝ බල තණ්හාවට රට බෙදනවා.. රට විකුණනවා... අනේ මේ රට සුද්දෝ පාලනය කරානම් මේ රට මෙයට වඩා ගොඩක් දියුණුවෙලා..

:       1       258

Athula Sunday, 30 June 2019 01:53 PM

නෝන්ජල් කරණවෑමියා දැක්කම එළුවත් හොම්බ දික්කරනවලු.. මේ වගේ පජාත, හොර, තක්කඩි පාලකයෝ අම්මපා..

:       15       462

Nuwan Sunday, 30 June 2019 02:06 PM

ඒකාබද්ධ ස්වයං පාලනයක් ඉල්ලන අයගේ නායක ප්‍රබාකරන් නන්දිකඩාල් වලදී පරාජය කළාට පසු වෙනම රාජ්ජයක් ඉල්ලන මතය සම්පූර්ණයෙන්ම පරාදයි. අායෙත් කොහොමද ඒකම ඉල්ලන්නේ උද්ඝෝෂණ කරලා. පෑනෙන් පටන්ගෙන උද්ඝෝෂණයෙන් පසු අවිගත් යුද්ධයක් දක්වා වර්ධනය වෙලා අවියෙන්ම පරාජය වූ මතවාදයක් නැවතත් උද්ඝෝෂණයක් මගින් පටන්ගන්නේ කොහොමද? මේ රට පාලනය කරන්නේ මොක්කුද?

:       15       515

Hafeel Sunday, 30 June 2019 02:38 PM

මේවා වෙන මොකුත් නොවේ. ඡන්ද ළඟ... තමන්ගේ දේශපාලන පැවැත්ම සඳහා ජනතාව මුළා කරමින් ඡන්ද ගන්න උපක්‍රමයක්. මේ ඉල්ලීම් අද යෝජනා කළ දේවල් නොවේ. එදා ඉඳන් ඉල්ලන්න දේවල්. මේ ගොල්ලත් දන්නවා... මේවා ලැබෙන්නේ නැති බවත්.

:       0       144

Naushad Sunday, 30 June 2019 03:11 PM

රතන හිමි ඉන්නකන් බයවෙන්න දෙයක් නැත...

:       172       295

ven.RathanaMonday, 01 July 2019 01:33 AM

මේ මේ පින්වත, මේ මාව ඔය ප්‍රාණඝාත වලට සම්බන්ධ කරගන්න එපා. මම මේ නිවනට යන ගමන්.

:       2       19

Bandara Sunday, 30 June 2019 06:14 PM

සූත්තරපුංචා පුළුවන් දෙයක් කරයි. එයා හරි ආසයි ඕක දීලා දාන්න.

:       0       75

nihal Sunday, 30 June 2019 11:54 PM

මේ ඔක්කොම රනිල් නිසා වෙන දේවල්....

:       0       37

ranjith Monday, 01 July 2019 12:11 AM

මේ නිවට ආණ්ඩුව ඡන්ද කෑදරකමට මේකත් දෙයි...

:       0       28

GALLAGE Monday, 01 July 2019 01:07 AM

හරි හරි.. කවද ඉදලද ඕනේ.. හෙට ඉදල .....මෙව්වා දෙන්න ලැහැස්ති කරලා තියෙන්නේ.. .ඕන දෙයක කියන්න පට් පට් ගාල දෙන්න...

:       0       10

Anu Monday, 01 July 2019 03:00 AM

බය වෙන්න දෙයක් නැහැ. ඡන්දේ ගන්න දෙමව්පියොත් පාවාදෙන දේශපාලුවන්ට ඕක සුළු වැඩක්.

:       0       18

shan Monday, 01 July 2019 04:30 AM

බලාගන ඉන්න දෙන්නම් බන්දේසියකම දාල මේ අපි කියනකල් බලා උන්නේ.....

:       0       27

sharm warn Monday, 01 July 2019 04:43 AM

ඔන්න පැන්නා බලලා මල්ලෙන් .. උතුරයි නැගෙනහිරයි එකතු කරන්නේ මොකටද ? වැටක් ගහලා ම දෙන්න එපාද දන්නේ නැහැ නේද ?මේ කාලකන්නි මිනිස්සු තමන්ගේ දේශපාලන බලය තියා ගන්න සාමාන්‍ය මිනිස්සුන්ගේ ඔළුගෙඩි කුරුවල් කරනවා .. එල්ටීටීඊ කියලා මරුනෙත් සාමාන්‍ය පවුල් වල කොල්ලෝ කෙල්ලෝ මිසක් මුන්ගේ දරුවෝ නෙමෙයි නේ .. කුණු දේශපාලනයේදී උතුරත් එකයි දකුණත් එකයි ...

:       0       56

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආපදාවට ලක් වූවන් බේරගන්න හෙලිකොප්ටර් හයක්
2024 නොවැම්බර් මස 26 16 0

ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක


යුද්ධයෙන් මිය ගිය අය සමරන්න දෙමළ ජනයාටත් ඉඩ දෙන්න
2024 නොවැම්බර් මස 26 139 0

යුද්ධයෙන් මියගිය අය සැමරීමට දෙමළ ජනතාවට ඇති අයිතිය උල්ලංඝනය නොකරන ලෙස ජන අරගල සන්ධානය ආණ්ඩුවෙන් ඉල්ලා සිටි.


ජාජබ ලේකම්ගේ වාහනය පාර්ලිමේන්තු පොකුණට වැටේ
2024 නොවැම්බර් මස 26 310 0

ජාතික ජන බලවේගයේ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතාගේ මෝටර් රිය අද (26) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිටජල පොකුණට වැටී අනතුරට ලක්විය.


E-9 වීසා ලැබූ 91ක් අද කොරියා යති
2024 නොවැම්බර් මස 26 376 0

දකුණු කොරියානු රැකියා සඳහා බඳවා ගැනීමේ E-9 වීසා ක්‍රමවේදය යටතේ නිශ්පාදන ක්ෂේත්‍රයේ රැකියා හිමිවූ 91 දෙනෙන් UL 470 දරණ ගුවන් යානයෙන් දකුණු කොරියාව බලා අද පිට


පුත්තලමේ විභාග මධ්‍යස්ථාන ජලයෙන් යට වෙයි
2024 නොවැම්බර් මස 26 450 0

පුත්තලම අධ්‍යාපන කලාපයෙ උසස් පෙළ මධ්‍යස්ථාන දෙකක මහ වැසි හේතුවෙන් සිසුන්ට යම් බාධා එල්ල වු බව පුත්තලම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ අර්ජූන අබේරත්න මහතා අද ප


කෝටි 150ක කුඩු වටරැකින් මාට්ටු
2024 නොවැම්බර් මස 26 525 0

පාදුක්ක වටරැක හල්බරාව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් වටලා රුපියල් කෝටි එකසිය පණහකට වැඩි වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් අත් අඩ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 549 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2098 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site