IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


උතුරේ පුංචි කඳවුරු 200ක් ගලවයි

යාපනය අර්ධද්වීපයේ කුඩා හමුදා මුරපොළ 214ක් ගත වූ සති දෙක ඇතුළත ඉවත් කර ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා පවසයි.

ඒවායේ හමුදා භටයන් 742 දෙනකු තෙන්මරච්චි, වඩමාරච්චි සහ වලිකාමම් ප්‍රධාන යුද හමුදා කඳවුරුවලට මාරු කළ බව ද ඔහු පවසයි.

12000ක පමණ යුද හමුදා භට පිරිස් උතුරේ සිටින බව ද ඔහු කියයි.

 



අදහස් (0)

උතුරේ පුංචි කඳවුරු 200ක් ගලවයි

දුමින්ද Wednesday, 29 January 2014 12:40 AM

කාටවත් මේවා නැහැ කියන්න බැහැ කවුරු හරි එහෙම කියනවානම් ඔප්පු කරලා පෙන්නන්න සාක්කි තියෙනවා (දී)

:       0       0

ඩයස් Wednesday, 29 January 2014 12:40 AM

සහතික ඇත්ත මම ඒ බව ඇස් දෙකෙන්ම දැක්කා (දී)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 28 January 2014 12:28 PM

මේ රටේ රාජ්‍ය ආරක්ෂාව පිරිහීමේ වරදට ජීවිත වලින් වන්දි ගෙව්වේ මේ රටේ මිනිස්සු.ජාත්‍යන්තරය නෙමෙයි.ආයෙත් එදා වගේ වාතාවරණයක් ඇති නොවන විදියට අඩියෙන් අඩිය හමුදා කදවුරු දාල හරි මේ ලබාගත් සාමය ආරක්ෂා කර ගැනීම මේ රජයේ වගකීමක්.අළු යට තාමත් ගිනි පුලිඟු තියෙනවා..තව වසර කීපයක් යනකම් ආරක්ෂාව ලිහිල් නොකළ යුතුයි කියන එකයි මගේ මතය..(දිල්)

:       0       0

ජාලිය Wednesday, 29 January 2014 05:28 AM

මේවා ජාත්‍යන්තරයට නොපෙනෙන්නේ මන්ද (දී)

:       0       0

පෙරේරා Tuesday, 28 January 2014 01:03 PM

මාර්තු මාසේ ජනීවා සුමුළුවට සුදානම් වෙනව වගේ නේද?(දිල්)

:       0       0

යසසිරි Wednesday, 29 January 2014 07:53 PM

ආව ගෘප් එක ගියෝ ගෘප් එක බවට පත් කරන්න (අ)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Tuesday, 28 January 2014 01:50 PM

කරන්න පුළුවන් උපරිමය කර මුළු රටම බේරා ගන්න ජනපතිතුමණි.(දිල්)

:       0       0

කුමාර Tuesday, 28 January 2014 02:13 PM

හමුදා කඳවුරු අවම කර බුද්දි අංශ තර කරමු.(නදී)

:       0       0

දර්ශා Tuesday, 28 January 2014 02:15 PM

ප්‍රදාන කඳවුරු ටිකවත් කෙසේ හෝ පවත්වාගත යුතුයි. නැත්නම් වෙන්නේ මහා විනාශයක්.(නදී)

:       0       0

ඉන්දික Tuesday, 28 January 2014 02:46 PM

මානව හිමිකම් ගැන ඇමරිකාවට ප්‍රශ්න තියෙන්නේ යාපනේ හමුදා කඳවුරු තියෙනකම් විතරයි. ඇමෙරිකාවට ඕනේ මොකක්ද කියල ඒකෙන්ම හොඳටම පේනවා. ආයෙත් යුද්ධයක් පටන් ගත්තොත් ඇමරිකාව ගොඩ තමයි.(නදී)

:       0       0

සෑම් Tuesday, 28 January 2014 02:57 PM

අර මොකක්ද උවමනා උනාම පිට්ටනි හොයනවා වගේ වැඩ කරලා අපිට ලෝකයත් එක්ක ප්‍රශ්න විසදන්න බැහැ. සමහරු හිතාගෙන ඉන්නේ ලෝකය තියන්නේ ලංකාවේ කියලයි. නමුත් ලංකාව කියන්නේ ලෝකයෙන් කොටසක් නොව අංශු මාත්‍රයක් බව ඒ අයට වැටහෙන්නේ නැහැ. ගැලරිය පිනවීමට අධිරාජ්‍යවාදය ගැන කතා කලාට අධ්රජ්‍යවාදය කියන්නේ මොකක්ද කියලාවත් ඒ අය දන්නවාද කියන එක සැකයි. මීට‍ ඉහත හිටපු කදිරගාමර්, හමීඩ්, ටිරෝන් වැනි විදේශ ඇමතිවරුන් ගේ කාලවල යු එන් එක ඉස්සරහා තොවිල් නටන්නවත්, රට හිනස්සන විහිළු කරන්නවත්, බ්‍රිටිෂ් හයි කොමිෂන් හෝ යු එස් එම්බසිය ඉස්සරහා පෙළපාලි ගිහිල්ලවත් නොවේ ප්‍රශ්න විසදාගත්තේ.. නියම විදියට රාජ්‍ය තාන්ත්‍රික සාකච්චා පවත්වා එකිනෙකාගේ පරස්පර විරෝධී අදහස් යම් යම් එකගතාවන්ට පැමිණිලා විසඳාගත්තා. දැන් හැමෝම උත්සාහ කරන්නේ මාර්තුවේදී ස්විට්සෙර්ලන්තයට හොලිඩේ එකක් යන්න මිසක් යන ගමනේ අරමුණ මොකක්ද , ඒකට කෙසේ සූදානම් වියයුතුද කියන එක නොවේ. (නදී)

:       0       0

සොනාලි Wednesday, 29 January 2014 08:26 AM

සෑම් අයියා . ඔයාගේ කොමෙන්ට් එක කියවනකොට මගේ හිතට හරි සතුටක් ඇතිඋනා. ඌන පුරණ කරන්ට නැත්තං ඔයාගේ විග්‍රහය හරිම සාර්ථකයි, අපේ අය කිසිම ඩිප්ලෝමෙටික් ගතියක් නැති නිසා ඔයා කැමති නැද්ද විදේශ අමාත්‍යංශයේ උපදේශක තනතුරක් ලබාගෙන මේ ජාතික ප්‍රශ්නය විසඳන්ට.? (නදී)

:       0       0

ධම්ම Tuesday, 28 January 2014 03:13 PM

කවුරුවත් කියනවාට වැඩකරන කෙනෙක් නොවෙයි අපේ සේනාධිනායකතුමා. මේ කඳවුරු වසා දැමීම සහ නැවත යුද්ධයක් පිළිබඳව අප කලබල විය යුතු නැහැ එතුමා බලයේ ඉන්න තුරු. (නදී)

:       0       0

අසංග Tuesday, 28 January 2014 03:15 PM

මොන හමුදා කඳවුරු ඉවත් කරත් නිතරම සෝදිසියෙන් ඉන්න ඕනා පළාත්. (නදී)

:       0       0

අල්විස් Tuesday, 28 January 2014 03:19 PM

කෝකටත් අපි ඇස් ඇර බලා සිටීය යුතුයි. සිල් රෙදි පොරවන් අපි බලා සිටියා ඇති. රණවිරුවන් දිවිපුදා දිනා දුන් රට ලංකා විරෝධී ගැත්තන්ටවත් ඩයස් පෝරා කොටින්ටවත් පවා දෙන්ට අපි සුදානම්ද.? ඇමෙරිකාවට ඕන විදියට නටන්ට දෙන්ට අපි සුදානම් නොවිය යුතුයි. (නදී)

:       0       0

ලක්සිත Wednesday, 29 January 2014 09:12 AM

බන්දුල පෙරේරා ඔබ හරියටම හරි.(නදී)

:       0       0

නඩරාජා Tuesday, 28 January 2014 04:10 PM

උතුර දකුණ බටහිර, නැගෙනහිර සියල්ලම ලංකාවට අයිති කොටස් නේ. කඳවුරු කොහේ තිබුනම මොකෝ. බලාගෙනයි පුල්ලි වහගත්තවුන්ගෙන් බේරෙන්න බලන්න.(නදී)

:       0       0

නුවන් Tuesday, 28 January 2014 04:17 PM

අපේ සිංහල ඡන්ද වලින් පත් වෙච්ච අපේ සමහර දේශපාලකයෝ සිංහල මිනිස්සුන්ටම වින කරනකොට පිට ජාතින් අගේට රට අල්ලන්න සැලසුම් ගහනවා. තව කොච්චර කල් ලංකාව සිංහලයාගේ උපන් බිම කියල කියාවිද? (නදී)

:       0       0

මෙන්ඩිස් Tuesday, 28 January 2014 04:19 PM

ධම්ම, අපි කලබල වෙන්නේ ඒක නිසා තමයි. මොකද ඊළඟ ජනාධිපතිවරණෙන් පස්සේ පත් වෙන්නේ අලුත් සේනාධිනායක තුමෙක්. සෑම් සමග 100% ක් එකගයි. උගත් වැදගත් මිනිස්සු අපේ නියෝජිතයෝ විදියට තෝර ගන්න මේ ඡන්දෙදිවත් හිතා ගමු. (නදී)

:       0       0

කුමාර Tuesday, 28 January 2014 05:09 PM

මේ රට අපේ විතරක් නෙවෙයි. හැබැයි වෙන ජාතියකත් නෙවෙයි. ජාතිවාදය නැතිකරලා දාන්න ඕනමයි. (නදී)

:       0       0

කුමාර් Tuesday, 28 January 2014 06:21 PM

මේකත් ඉන්දියාවේ බලපෑමක් ද දන්නේ නෑ, එයාල දැන් හැමදේකටම ඇඟිලිගහනවා, මෙහෙත් එයාලට උල්පන්දම් දෙන්න ඕන තරම් අය ඉන්නවනේ (අ)

:       0       0

රනල් Tuesday, 28 January 2014 07:37 PM

හමුදා කඳවුරු අවම කර බුද්දි අංශ පාවා දෙමු (අ)

:       0       0

කුමාරෆ් Tuesday, 28 January 2014 08:56 PM

මම හිතන්නේ ඒක හොද දෙයක් නොවේ (අ)

:       0       0

මෝහමෙඩ් රිෆ්කි Wednesday, 29 January 2014 01:39 PM

මේක වැදගත් පියවරක්, නමුත් ඊට සරිලන විදියට බුද්ධි අංශ තර කල යුතුයි ....(අ)

:       0       0

සෑම් Wednesday, 29 January 2014 02:01 PM

සොනාලි , මට මගේ රස්සාව සහ මම ජීවත්වන රට හොඳයි. මම ලංකාවේ පුරවැසියෙක් නොවුනට මම ලංකාවට ආදරය කරනවා ආර්ථික වශයෙන් උදව් කරනවා. හැමවෙලාවෙම වෙන්නේ මොනවද කියාලා සොයා බලනවා. එහෙම කරන්නේ මම ලංකාවේ නිදහස් අධ්‍යාපනය ලබාපු නිසා. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කන්කසන්තුරේ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 100 0


කරන්දෙනිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 95 0


තිස්සමහාරාමය අනුරට
2024 සැප්තැම්බර් මස 22 192 0


චාවකච්චේරි සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 136 0


කඹුරුපිටිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 218 0


මින්නේරිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 311 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14657 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 57 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 226 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 121 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site