උතුරේ හින්දු බැතිමතුන් ගේ සම්ප්‍රදායික කතරගම පාද යාත්‍රාව කුමන ජාතික වනෝද්‍යානය මැදින් අද (27) ඇරැඹිණි.
1500ක් පමණ වන්දනාකරුවෝ මේ ගමනට එක්වී සිටිති. පොතුවිල මූදු මහා විහාරාධිපති වරකාපොළ ඉන්දසිරි හිමියන්ගේ අනුග්‍රහයෙන් පැවැත්වූ කිරිබත් දන්සලකින් උදේ ආහාර ලබාගත් පිරිස කුමන හා යාල වනෝද්‍යාන මැදින් ගමන් කර ජූලි 5 වැනිදා කතරගම පුදබිමට ළඟාවීමට නියමිතය.
875 දෙනකු අද උදේ 6 වනවිට කුමන වනෝද්‍යානයෙන් පාද යාත්‍රාවට එක්වූ බව කුමන වනෝද්‍යාන භාරකරු සිසිර කුමාර රත්නායක මහතා කියයි.
කතරගම බලා එන වන්දනාකරුවන් වෙනුවෙන් ඔකඳ සිට වන මැද මහා මාර්ගය අද විවෘත කළ බව වනජීවී නිලධරයෝ කියති. වන්දනාකරුවන් නවාතැන් ගන්නා පොත්තන ඉපැරණි ළිං පිරිසිදු කළ බව කතරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි. ඒ සඳහා කටගමුව යුද හමුදා කඳවුර සහාය දුන්නේය. ශ්‍රී ලංකා නාවික හමුදාව ද වන්දනාකරුවන්ගේ ඕනෑ එපාකම් සපුරයි.
ඡායාරූප - යූ.විජේසිංහ
බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.
අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා තමන් ඉදිරිපත් නොවන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල
ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඊශ්‍රායලයෙන් එල්ල විය හැකි ප්‍රහාරය මැඩ පැවැත්වීම සඳහා චන්ද්‍රිකා දත්ත ලබාදී ටෙහෙර
2024 මහ මැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අද (04) දහවල්වන විට ස්වාධීන කණ්ඩායම් හතරක් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කර ඇත.
දකුණු කොරියාවෙන් හෝ ඇමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට පිළිතුරු දීම සඳහා කිසිම පැකිලීමකින් තොරව න්‍යෂ්ටික අවි භාවිත කරන බව උතුරු කොරියානු නායක ක
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
උතුරේ පාද යාත්‍රාව මෙවරත් මයුරාපුරයට
අශෝක Monday, 27 June 2016 02:47 PM
හරිම සතුටුයි මේ හාමුදුරුවන්ටත් කතරගම දෙවි පිහිටයි...! (ර)
තාබෘෘ සිල්වා Monday, 27 June 2016 06:01 AM
කද සුරුදුනි ඔබේ පිහිට ලැබේවා! අපේ රට සවුසිරියෙන් බැබලේවා! (බ)
එරන්ද Monday, 27 June 2016 06:25 AM
කිසිවෙකුටත් කිසිදු කරදරයක් අපහසුවක් අතුරු අන්තරාවක් නොවී තම යහපත් බලාපොරොත්තු ඉෂ්ට සිද්ද කරගැනීමට හැකි වේවා..(හේ)
ඉසුරන්දි Monday, 27 June 2016 07:46 AM
මෙය තමයි නියම වැදුම් පිදුම් ක්‍රම.ඉස්සර අපේ මුතුන් මිත්තන් ශ්‍රීපාද වන්දනාවේ ගියෙත් මෙහෙමලු නේද.(ම)
තිලක් Tuesday, 28 June 2016 04:11 PM
අනේ මෙහෙම මෝඩ මිනිස්සු..මේ වගේ මිත්‍යා දෘෂ්ටිකයන් කවදා ලෝකය දකියිද. භක්තියෙන් අන්ධ නොවී හිතල බලන්න එකම දෙයියෝ කොහොමද පිහිට වෙන්නේ සහ සාප කරන්නේ කියල.මොකද සමහරු පොල්ගහන්න යනවා පොල් අරගෙන .තවත් සමහරු පිහිට පතනවා මල් වට්ටි අරගෙන. (බ)
ගාමිණී Monday, 27 June 2016 07:59 AM
ජාතින් අතර සංහිදියාව සතුටුයි තෙරුවන් සරණින් ඔබ සැමට ශක්තිය නිරෝගී සුවය පතමි (බ)
කුමාර Monday, 27 June 2016 08:09 AM
සියලු දෙනාටම කතරගම දෙවි පිහිටයි (ම)
බණ්ඩා කුවේට් Monday, 27 June 2016 08:30 AM
මේ හැම දෙනාම අපේම පුරවැසියෝ .කඳ සුරිදු පිහිටෙන් බලාපොරොත්තු ඉටුවෙන සුභ ගමනක්ම වේවා (බ)
බුද්ධික රාජපක්ෂ Monday, 27 June 2016 08:56 AM
සියලුම දෙනාට කතරගම දෙවි පිහිටයි (බ)
පෙරේරා Monday, 27 June 2016 09:25 AM
මේ වගේ දේවල් දකින්නත් ආසයි.(හේ)
ජයරත්න Monday, 27 June 2016 09:25 AM
හරිම සතුටුයි දකින්නත් , මේක තමයි නියම සංහිඳියාව (හේ)
තුසිත Monday, 27 June 2016 09:34 AM
කතරගම දෙවි පිහිටයි (හේ)
කමල් Monday, 27 June 2016 09:42 AM
යාපනය සිට එන බැතිමතුන්ගේ පහසුව පිණිස පොතුවිල් මුදු මහා විහාරය වඩාත් සංවර්ධනය කළ යුතුව ඇත. නවාතැන් පහසුකම් සහ දන්සල් දීම සදහා ගොඩනැගිලි සාදවා සියලු බැතිමතුන් විහාර භුමිය හරහා කතරගමට පැමිණීමට සලස්වන්නේ නම් මැනවි .මන්ද සිංහල දෙමළ සහයෝගය දැකීමෙන් පළාතේ බොදු උරුමයන්ට එක් ජාතියකින් වන හානිය අවම වනු ඇත (බ)
බණ්ඩා Monday, 27 June 2016 09:50 AM
මේවගේ දකුණේ අයත් නාගදීපයට වන්දනා කලොත් මොකද වෙන්නේ සාදු සාදු සාදු (ම)
ප්‍රියානි වීරකෝන් Monday, 27 June 2016 09:55 AM
සියලු දෙනාටම කඳ සුරිඳු පිහිටයි (බ)
අදිෂ Monday, 27 June 2016 10:00 AM
අපේ මුතුන් මිත්තෝ වනාන්තර මැදින් ගිහින් අලි කුලප්පු කළේ නැහැ ..? අපේ හමුදාව තමයි හැම දේටම ? පවු ? අත පය කැඩුනම වැටුපත් නැහැ ..? (බ)
ශාන් Monday, 27 June 2016 10:25 AM
යාපනය සිට එන බැතිමතුන්ගේ පහසුව පිණිස පොතුවිල් මුදු මහා විහාරය වඩාත් සංවර්ධනය කළ යුතුව ඇත. නවාතැන් පහසුකම් සහ දන්සල් දීම සදහා ගොඩනැගිලි සාදවා සියලු බැතිමතුන් විහාර භුමිය හරහා කතරගමට පැමිණීමට සලස්වන්නේ නම් මැනවි .මන්ද සිංහල දෙමළ සහයෝගය දැකීමෙන් පළාතේ බොදු උරුමයන්ට එක් ජාතියකින් වන හානිය අවම වනු ඇත ආරක්ෂක අංශ හා පොතුවිල මූදු මහා විහාරාධිපති වරකාපොළ ඉන්දසිරි හිමියන්ගේ කරන මෙහෙය අගය කරමි (හේ)
සරත් Wednesday, 29 June 2016 04:47 PM
මම මේ ප්‍රවෘත්තිය බැලුවේ පුදුම ගෞරවයකින්. මටත් ඔය ගමන යන්න තිබුණා නම් කියලා හිතුනා (නි)
තිලක් Monday, 27 June 2016 11:13 AM
ශාන්.ඔබගේ අදහස ඉතාම කාලෝචිතයි.(හේ)
ඩග්ලස් Monday, 27 June 2016 11:17 AM
නාග දීපයට වන්දනාවේ යනවනම් බස් වල යන්න එපා මේ විදිහට යන්න (හේ)