IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


උතුරේ ප්‍රශ්නයට කාරක සභාවක්

දෙමළ ජාතික සන්ධානය  නව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ අද (12) ප්‍රධාන කරුණු හතරක් ගැන කොළඹදී සාකච්ඡා කළේය.

පක්ෂ නායක ආර් සම්බන්දන් මහතා ඉල්ලා සිටියේ නොබෙදුණු ශ්‍රී ලංකාවක ජනවාර්ගික ප්‍රශ්නය විසදීම සඳහා පාර්ලිමේන්තු කමිටුවක් පත් කරන ලෙසයි.

දෙමළ දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්නය, උතුරු නැගෙනහිර යළි පදිංචි කිරීම් ගැනද එහිදී සාකච්ඡා විය. අගමැති රනිල් වික්‍රමසිංහ හා රාජිත සේනාරත්න මහත්වරු ජනපති සමඟ සාකච්ඡාවට එක් වුහ.

පාර්ලිමේන්තු කමිටුවක් පත් කිරීමට ඉදිරිපත් කළ යෝජනාවට ජනපති එකඟ වු බව  දෙමළ ජාතික සන්ධාන ආරංචි කියයි.

දෙමළ ජාතික දේශපාලන සිර කරුවන්ට පොදු සමාවක් දෙන්නැයි කළ යෝජනාව සලකා බැලීමට ජනපති එකඟ විය.

යළි පදිංචි කිරීම සම්බන්ධ ගැටළු විසඳන බවට ජනපති හා අගමැති එහිදී පැවසූහ.

උතුරේ ඇතැම් තැන් වල ගොල්ෆ් පිටි පවා ඇතැයි ද එහිදී කියැවිණි.

උතුරු පළාත් සභා ආණ්ඩුකාරවරයා ,ප්‍රධාන ලේකම් හා දිස්ත්‍රික් ලේකම් මාරු කරන්නැයි  දෙමළ ජාතික සන්ධානය ඉල්ලා සිටියේය.උතුරට අලුතින් ආණ්ඩුකාරවරයකු පත් කරන බව රජය කීවේය.



අදහස් (0)

උතුරේ ප්‍රශ්නයට කාරක සභාවක්

නන්දසිරි Monday, 12 January 2015 03:30 PM

හොඳ තීරණයක් (නි)

:       0       0

යොහාන්‍ Monday, 12 January 2015 03:32 PM

අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

කුමාර Monday, 12 January 2015 03:35 PM

කරුණාකර සියලුම ආගම් මිශ්‍රකර පදිංචි කරන්න. එවිට ප්‍රශ්න නැහැ (නි)

:       0       0

වැකෝ Tuesday, 13 January 2015 05:07 AM

මේ දෙන්න රට බෙදලම නවතීද ? (බ)

:       0       0

මිල්යන් Tuesday, 13 January 2015 05:11 AM

අපි බලන් ඉද්දි හැම දේම සිද්ද වෙලා ඉවර වේවි. දින 100න් නැවත වාරයක් එන බව තියාගන්න. (ස)

:       0       0

ධර්මසිරි Monday, 12 January 2015 03:51 PM

සිංහල අය ඉන්නේ ලංකාවේ විතරයි.අපේ රට රැකගන්න.තව පස්සට ඉල්ලන දේවල් හරිම භයානක වෙන්නත් පුලුවන්. .මතකනේ ගෙවුණු අවුරුදු 30? (නි)

:       0       0

නුවන් Monday, 12 January 2015 11:18 AM

ඒ ගොල්ල ආණ්ඩුව පත් කරගත්තේ ඒ ගොල්ලන්ට ඕනේ දේ කර ගන්න, දැන් මොනව කරගත්තත් අපිට කරන්න දෙයක් නැහැ (බ)

:       0       0

අජිත Tuesday, 13 January 2015 05:42 AM

මිලිටරි කරණයෙන් බැහැරවී හොඳ සිවිල් නිලදාරියෙකු පත් කල යුතුයි. (ස)

:       0       0

නාපාවල Monday, 12 January 2015 11:31 AM

සිවිල් පරිපාලනයට සිවිල් නිලධාරියෙකු පත්කිරීම වඩාසුදුසුයි.රණවිරුවන්ට ගෞරව කරන්නවෙනත් ක්‍රමයක් යොදාගනිමු. (අ)

:       0       0

ප්‍රියන්ත Monday, 12 January 2015 04:57 PM

බඩ ගැන හිතල   ඡන්දය දුන්න අයට ඉක්මනින්ම තේරෙයි (නදී)

:       0       0

රත්නායක රජරට Monday, 12 January 2015 11:43 AM

හමුදාව සිවිල් කටුයුතු වලට සීමාසහිතව සම්බන්ධවීම වඩාත් ප්‍රඥාගෝචර යැයි මම සිතනවා. (නි)

:       0       0

නිශාන්ත Monday, 12 January 2015 05:29 PM

බලමු සිද්ධවෙන දේ... (නි)

:       0       0

චතුර Monday, 12 January 2015 11:56 AM

අපි ඡන්දය දුන්නේ යහපාලනයකට. ඒක අමතක කරන්න එපා (නි)

:       0       0

විජේසුන්දර Tuesday, 13 January 2015 07:20 AM

ඉහත සාකච්ඡාවට චම්පික රණවක මහතා සහභාගි කර නොගත්තේ ඇයි? උතුරේ ගැටළු සම්බන්ද සාකච්ඡා වලට හෙළ උරුමයේ පිරිස් සහභාගී වන්නේ නැද්ද ? (හේ)

:       0       0

කුමාර Monday, 12 January 2015 05:57 PM

ලෝචන , ඔබ හරි. අනේ අපේ නැතිවුණ ජීවිත! (නි)

:       0       0

විජේසුන්දර Monday, 12 January 2015 06:08 PM

පටන් ගන්නේ බොහොම යාප්පුවෙන්. ඉල්ලන දේ දෙන්න හිතෙන විදියට. හැබැයි ඉදිරියට යනකොට තමයි .... බලමු (නි)

:       0       0

චතුරංග Monday, 12 January 2015 12:04 PM

දමිළ මිනිසුන්ට අවශ්‍ය දේ දෙනගමන් මෙරටේ රණවිරුවන් සහ සිංහල මිනිසුන් ගැනත් හොඳින් සිතාබලන්න (නි)

:       0       0

උෂාන් Monday, 12 January 2015 06:26 PM

ප්‍රවේශමෙන් කරන දෙයක්. අපේ රණවිරුවන් පාවාදෙන්නේ නැතුව (නි)

:       0       0

තාරක Monday, 12 January 2015 06:45 PM

ඕනෑවුණේ එ්කනේ. දැන් ඉතින් බලා ඉඳිමු (නි)

:       0       0

සරත් Monday, 12 January 2015 12:21 PM

පසුව දුක්වීමෙන් ඵලක් නොවේ (නි)

:       0       0

අසංග Monday, 12 January 2015 12:23 PM

නමුත් අද රටේ හැම පැත්තෙන්ම බැටකන්නේ සිංහලයා. අපි කිසිම අකමැත්තක් නැහැ උතුරු නැගෙනහිර ප්‍රශ්න විසඳනවාට.නමුත් උතුරෙන් ඉල්ලන අනවශ්‍ය දේවල් වලට අකමැත්ත පළකරන්න ඕනෑ. ආණ්ඩුකාරවරයා මාරුකිරීමත් ඒ පළාතේ ප්‍රශ්න වලට විසඳුමක් නෙමෙයි නේද? (නි)

:       0       0

විපුල Tuesday, 13 January 2015 07:53 AM

වැඩි ඡන්ද ප්‍රමාණයක් ලැබුනේ බඩු මිල අඩුකරන්න. පඩි වැඩි කරන්න. භාණ්ඩ හා සේවා වල මිල අඩු කරන්න. දිලිදු කම තුරන් කරන්න. මුලින් ම මේවාට වැඩ කොටසක් කරලා තමයි මේවගේ දේවල් බලන්න. චම්පික හා රතන හාමුදුරු වෝ මේවාට හවුල් කරගන්න . (ස)

:       0       0

ප්‍රනාන්දු Monday, 12 January 2015 07:40 PM

ජනාධිපතිතුමනි, ඔබ ප්‍රවේශමෙන් වැඩකරන්න (නි)

:       0       0

රමණි Monday, 12 January 2015 08:22 PM

මේක නම් හොඳ වෙන තුවාලයක් නෙමෙයි. මට හිතෙන්නේ බෙහෙත් දාන්න දාන්න වැඩිවෙන එකක් වගෙයි (නි)

:       0       0

ඇසළ Monday, 12 January 2015 12:41 PM

ඉල්ලන්නේ කුමනාකාරයේ ආණ්ඩුකාරයෙක්ද? යාපනය අයිති ලංකාවට නෙමෙයිද? ඔය ඉල්ලන්න පටන්ගත්තා විතරයි. තව ටික දවසක් යනකොට හොඳ හොඳ සෙල්ලම් බලන්න පුළුවන්. (නි)

:       0       0

රාලහාමි Monday, 12 January 2015 09:30 PM

අමාරුවෙන් හදපු ඒකීය ශ්‍රී ලංකාව මොකද නොබෙදුන ශ්‍රී ලංකාවක් කරන්න තියන හදිස්සිය? කමින් කලර්ස් නෝ ගුඩ් වගේ නේද ? (නදී)

:       0       0

චමිල ලලිත් Monday, 12 January 2015 11:00 PM

ඔය ඒළියට පැන්නේ (අ)

:       0       0

සුරේෂ් පී.කේ Monday, 12 January 2015 11:04 PM

පහුවෙනකොට තේරෙයි යහපාලනේ..(අ)

:       0       0

කුෂන් Monday, 12 January 2015 11:19 PM

පත්කරන්න යන කෙනා කවූ ද කියන්න දන්නේ නැතිව මෙතැන ප්‍රතිචාර දන්නේ මෙතැන අවුල් කරන්න නේ කවුද. සරත් ෆොන්සේකා 2010 ඡන්දෙ කරනකොට කිවුවේ එයට අමි එක පාලනය කලාට රට පාලනය කරන්න දන්නේ නැ කියල ඉතින් උතුරට හොද සිවිල් පාලකයෙක් දුන්නොත් නරකද? (අ)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Monday, 12 January 2015 12:58 PM

යහපාලනය යටතේ කිසිම අදහසක් ලියන්නේ නැහැ කියා සිතුවත් මෙවැනි විස්තර දුටුවිට නොලියා සිටීමටද නොහැක.මේ විස්තර අනුව මේවා කරන්න ගියොත් අනාගත ව්‍යසනයක් සිදුනොවේද කියා සිතේ. කරන කියන දෙයක් ප්‍රවේශමෙන් කරන්න. අපට ඇත්තේ ශ්‍රී ලංකාව පමණි. එය දෙකට තුනට කඩන්න ඉඩ නොදෙන්න (නි)

:       0       0

අමර Tuesday, 13 January 2015 12:05 AM

මෙම ප්‍රශ්ණයට තවත් ප්‍රමාද නොකර සියළුම පක්ෂ එකතු වී පිළිතුරු සෙවිය යුතුය. දෙමළ මිනිසුන් නොබෙදූ රටක් තුල තම ගැටළු විසඳීමට ඉල්ලීම සාධාරන නොවේද? සිංහලය බැටකන්නේ සිංහල පාළකයන්ගෙනි. එම පාලකයන් අනෙකුත් ජනයාට සලකන ආකාරය ඉන් සිතාගත හැක. නීතිය අවනත නැති පාලකයන්ට කුමන ජනවර්ගයක් වුවද කමක් නැත.(අ)

:       0       0

පීටර් Monday, 12 January 2015 01:00 PM

මම නම් කියන්නේ හොඳ සිවිල් පාලකයෙක් ආණ්ඩුකාරවරයා ලෙස පත්කරන්න කියලයි (නි)

:       0       0

දහම් Monday, 12 January 2015 01:09 PM

අමතක කරන්න එපා, මේ රටේ 57ලක්ෂයකට වැඩි සංඛ්‍යාවක් ඡන්දය දුන්නේ අසාධාරණ ඉල්ලීම් වලට විරුද්ධව බව. (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 13 January 2015 12:40 AM

මමත් හිතනවා ආණ්ඩුකාරයා සිවිල් පුද්ගලයකු වියයුතුයි කියලා. (නි)

:       0       0

හේමන්ත Tuesday, 13 January 2015 01:04 AM

දෙමළ ජනතාව ඡන්දෙ දුන්නේ නැද්ද අපේ මෛත්‍රී මහත්තයා දිනවන්න? යාපනය අපි දිනුවේ හොර ඡන්ද වලින් නෙමෙයිනේ. දැන්වත් අපි එකට හොඳට ඉඳිමු. (නි)

:       0       0

අලුදෙනිය Monday, 12 January 2015 01:42 PM

එන පොට නම් එච්චර හොඳ නැහැ වගෙයි කියලයි මට නම් හිතෙන්නේ. (නි)

:       0       0

සුජිත් Tuesday, 13 January 2015 01:54 AM

ලංකාවට විරුද්ධව වැඩ කරන්න නොදෙන නිලධාරීන් මාරු කරන්න කියන්නේ මොකටද කියල තේරෙනවනේ. දුක ලක්ෂ 62ක් ඡන්දය අරගෙන නිලධාරීන් මාරු කිරීමට එකඟවීමයි. (ස)

:       0       0

කණිෂ්ක Monday, 12 January 2015 01:47 PM

අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

කමල් Wednesday, 14 January 2015 04:34 AM

"චම්පික හා රතන හාමුදුරු වෝ මේවාට හවුල් කරගන්න ." චම්පික හා රතන හාමුදුරුවෝ යොදා ගත්තේ ආණ්ඩුව පෙරලන්න. ඊට පස්සේ වෙන ඒවාට එයාලා මොකටද. විශේෂයෙන්ම උතුරේ දේශපාලන ප්‍රතිපත්ති තීරණ සාකච්ඡා වලට එයාල ගන්නේ නැහැ. (නදී)

:       0       0

ජීවා Monday, 12 January 2015 02:15 PM

යහපාලනයක් බලාපොරොත්තු වියහැක්කේ යහපාලනයක් ඇති අයගෙනුයි (නි)

:       0       0

ලෝචන Monday, 12 January 2015 02:20 PM

මේ විදිහටම තමයි කලින් ඉල්ලුවෙත්, දුන්නෙත්. හොඳයි නැද්ද? මේවා මිනිසුන්ට තේරුම් යනකොට ප්‍රමාද වැඩියි. (නි)

:       0       0

චතුර Tuesday, 13 January 2015 03:08 AM

ජන වර්ගය මත පදනම්ව දේශපාලන තීරණ ගැනීම රටට ඉතාම අහිතකර විය හැක. කිසිම ජාතියකට සම තැන මිස වැඩි තැන දිය යුතු නැත. (හේ)

:       0       0

ඩග්ලස් Monday, 12 January 2015 02:38 PM

මම ලෝචන සමඟ එකඟවෙමි (නි)

:       0       0

වසන්ත Tuesday, 13 January 2015 03:34 AM

අාණ්ඩුකාරවරයා ඉවත් කිරීමට යෝජනා කිරීම හිසේ අමාරැවට කොට්ටය මාරැ කලා සේ නොවන්නේද.....?(හේ)

:       0       0

ලක්ප්‍රිය Monday, 12 January 2015 02:57 PM

දෙමල ජනයාට ආවේනික ප්‍රශ්න රාශියක් ඇති බව අපි හැමෝම තේරුම් ගත යුතුයි. ඒවා විසදීමට ඔවුන්ටම ඉඩ ලබාදෙන බලය බෙදාහැරීමක් සිදුකල යුතුයි. එහෙත් රටේ ඒකීය බාවයට බලපාන ඇතැම් බලතල (ඉඩම්, පොලිස් ) මධ්‍යම රජය යටතේ තබා ගැනීම ඉතා වැදගත්. (නදී)

:       0       0

ටිකිරි Tuesday, 13 January 2015 03:58 AM

කට්ටිය තමන් ඕනේ දේ විතරක් කියවන්නේ නෙතුව වෙදගත් දේවලුත් කියවන්න... "ඉල්ලා සිටියේ නොබෙදුණු ශ්‍රී ලංකාවක".... මෙහෙම වෙනවා නම් සිවිල් තියෙනවනම් ප්‍රශ්න විසදුවට කමක් නැහැ (බ)

:       0       0

මංජුලා Monday, 12 January 2015 10:52 AM

ඔක්කොම හරි. එත් ආණ්ඩුකාරවරයා මාරු කරන්නේ එතුමා හිටපු හමුදා නිලධාරියෙකු නිසානේද. එක අසාදාරන නැද්ද.ඔහු අපේ රණවිරුවෙක්. (ස)

:       0       0

බණ්ඩාර Monday, 12 January 2015 03:15 PM

සිංහල බෞද්දයව කබලෙන් ලිපට දාන වැඩ නම් කරන්න එපා (නදී)

:       0       0

කමල් Monday, 12 January 2015 03:19 PM

ඔය පටන් ගත්තා විතරයි. ලංකාවේ කොහෙවත් "දේශපාලන සිරකරුවෝ" නැහැ. ත්‍රස්තවාදීයෝ කොහොමද දේශපාලන හිරකරුවෝ වෙන්නේ? ඔවුන් කරලා තියෙන්නේ අපරාද. ලෝකේ කොහෙවත් අපරාදකාරයෝ, දේශපාලන හිරකරුවෝ කියල හදුන්වන්නේ නැහැ. උතුරට ඕන රටට විශ්වාසවන්ත, කෙලින් වැඩකරන අාන්ඩුකාරයෙක්. (නදී)

:       0       0

රන්බණ්ඩා Tuesday, 13 January 2015 04:37 AM

තමන්ගෙ මිනිහෙක් ඉන්නකොට බයක් නෑ, යටත් නෑ කියල දැනෙනවනෙ. අනික ආරක්ෂාවට තර්ජනයක් වෙන්නෙ ඔය පැත්තෙද? (බ)

:       0       0

වැකෝ Tuesday, 13 January 2015 04:48 AM

දින 100 පසු මෙවැනි දේ කතා කෙරන්න . (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 820 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 464 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 345 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 607 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 400 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 1103 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38668 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 954 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site