IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


උතුරු බොදු අයිතියි රකින පෙත්සමක් ලබන වසරේ

උතුරේ පුරාවිද්‍යාත්මක වැදගත්කමකින් යුතු ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන හා ඊට අයත් දේපොළ විනාශ කිරීම වළක්වාලීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිඥවරයකු ගොනු කළ  මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන ජනවාරි 24 වැනිදා  සලකා බැලීමට ශ්‍රේෂ්ටාධිකරණය දින නියම කළේය.

ප‍්‍රියසාත් ඩෙප් ,උපාලි අබේර්ත්න සහ නලින් පෙරේරා විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම විභාග විය.

අතුරුගිරියේ පදිංචි නීතිඥ ඇන්. දර්ශණ වේරදුවගේ මහතා විසින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස නීතිපති, මහා ඇමති සී.වී.විග්නේෂ්වරන් ,නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක ,බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ ,උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහත්වරුන් නම් කරනු ලැබ සිටිති.

මාන්කුලමේ බුදු කුටියක් කඩා දැමීමේ පුවතක් පසුගිය අගෝස්තු 31 වැනිදා ඬේලිනිවුස් පුවත්පතේ පළවිය.උතුරු පළාත් සභාව ,එම පලාත් සභාවේ පළාත් සබා මන්ත‍්‍රී එම්.කේ සිවාජිලිංගම් සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්දන් මහත්වරුන් දේශීය සහ ජාත්‍යන්තර වශයෙන්ද උතුරු ප‍්‍රදේශයේ බෞද්ධ සිද්ධස්තාන සහ බුදු පිළිම ඉවත් කිරීම පිළිබඳවත් ,නව බෞද්ධ සිද්ධස්ථාන ඉදි කිරීමට එරෙහිවත් අදහස් දක්වා තිබේ.මේ පිළිබඳව විරෝධය පා උතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතාටත් ලිපි මඟින් දන්වා ඇත.



අදහස් (0)

උතුරු බොදු අයිතියි රකින පෙත්සමක් ලබන වසරේ

ඉසුරු Monday, 24 October 2016 04:59 PM

මේවා මෙහෙම වෙන්න ඕනෑ. සුබ ගමන්! (නි)

:       0       0

සුසන්ත Monday, 24 October 2016 06:08 PM

බොහොම ඉඩ තියෙනවා එක දවසින්ම ඔය පෙත්සම ප්‍රතික්ෂේප කරන්නත් (නි)

:       0       0

නීලා Tuesday, 25 October 2016 08:03 AM

ලංකාවේ දැන් ඉන්නේ නමට බෞද්ධයින්. කොහොම හරි සල්ලි ටිකක් හොයාගෙන පිටරට උන් හදන බඩු ගෙදර ගෙනහල්ල පුරෝගන්න ජාතිය තමයි.....සිංහලයන් කියන්නේ......(බ)

:       0       0

ගුණසිරි Monday, 24 October 2016 07:59 PM

උතුරට බෞද්ධ සිද්ධස්ථාන සහ බුදු පිළිම ඇලජික් වගේම දකුණට කෝවිල් පල්ලි දේවස්ථාන ඇලජික් වු‍ණොත් කොහොමට හිටීවිද? දෙවරක් සිතා බලන්න. බුදුදහම කියන්නේ අති බලසම්පන්න සදාතනික ධර්මයක්. (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 24 October 2016 10:38 PM

ඔව් ඔව්. ප්‍රභාට වසර තිහක් යුද්ධ කරලත් කරගන්න බැරිවුණ වැඩ මෙයාලා කරන්න දඟලනවා. මේවට දැන්ම ප්‍රතිකර්ම නොකළොත් වෙන්නේ මහා විනාශයක්. අනාගත දරු කැළ වෙනුවෙන් මේවා ආරක්ෂා කරගත යුතුයි (නි)

:       0       0

නිමල් ලලිත Tuesday, 25 October 2016 01:25 AM

අසිංහල ජාතිවාදීන් කරනු ලබන බොදු උරුමය විනාශකිරීම නොදකින අයට ශාප වේවා! (නි)

:       0       0

මහේෂ් Tuesday, 25 October 2016 01:34 AM

ලංකාවට නිදහස ලැබුන දා ඉඳලා රට පාලනය ක‍ළ අය ගැන අපේ පැහැදීමක් නැහැ. නැත්නම් මේ විදිහට නටන්න දෙයිද එක එක්කෙනාට ඕනෑ ඕනෑ විදිහට? (නි)

:       0       0

ඉමේෂ් Tuesday, 25 October 2016 01:54 AM

ජනවාරි වෙද්දී මොනවා ඉතුරුවෙයිද දන්නේ නැහැ. (නි)

:       0       0

බමුණු ආරච්චි Tuesday, 25 October 2016 01:56 AM

ප්‍රභාට වසර තිහක් යුද්ධ කරලත් කරගන්න බැරිවුණ වැඩ මෙයාලා කරන්න දඟලන එක ගැන අමුතුවෙන් පුදුමවෙන්න දෙයක් නැහැ (නි)

:       0       0

මහේෂ් Tuesday, 25 October 2016 02:16 AM

එකම විසඳුම බුද්ධාගම රාජ්‍ය ආගම කරන එක (නි)

:       0       0

සහන් Tuesday, 25 October 2016 03:30 AM

තියෙන පුරා වස්තු බුදු පිළිම විනාශ කරන්න දෙන්න එපා සිංහල ජනතාව ඉන්න ප්‍රදේශවල පිළිම හදන්න හමුදාව ඉන්න ප්‍රදේශවල පිළිම හදන්න (බ)

:       0       0

චමල් Tuesday, 25 October 2016 05:15 AM

ඇත්තම කියනවනම් ලංකාවේ බුදුදහමට තිබුණු ප්‍රමුඛස්ථානය අහිමි වෙලා ගොඩක් කල්. උතුරේ හින්දු අයගෙන් කරදර. දකුණේ මුස්ලිම් අයගෙන් කරදර. මේවා පත්තර වල යන්නෙත් නැහැ සහජීවනය නිසා. ඉස්ලාම් අන්තවාදීන්ගේ අලුත්ම ගොදුර වෙලා තියෙන්නේ ශ්‍රීපාදය. ඔවුන්ගේ පොතපතට අනුව ශ්‍රීපාදය යනු පළමු මිනිසා වන ආදම් ලෝකෙට ගොඩ බැහැපු තැන. මේ ළඟදි ඉන්දියාවෙන් පැමිණි පිරිසක් මළුවේ ආගම කියන වීඩියෝ එකක් තිබුන. කුරගලට වෙච්ච දේ අමතක කරන්න එපා. (බ)

:       0       0

ලක්ෂි Tuesday, 25 October 2016 05:29 AM

සහජීවනය වනාහී මහ ජාතිය කටවසාගෙන සීටීමයි (බ)

:       0       0

තුසිත Tuesday, 25 October 2016 06:53 AM

දැනටමත් පරක්කු වැඩියි. (නි)

:       0       0

උදය Monday, 24 October 2016 03:13 PM

දැන් බොදු අයිතියි රකින්න පෙත්සම් ගහන්න සිදුවෙලා? (නි)

:       0       0

බමුණුසේන Monday, 24 October 2016 03:16 PM

උතුරු බොදු අයිතිය රකින පෙත්සමක් ගහන්න ඕනෑ තරමට සිංහල බෞද්ධයාව බාල්දුකළා එහෙනම් (නි)

:       0       0

සජී Tuesday, 25 October 2016 07:25 AM

ඇයි රජයේ කිසිම කෙනෙකුට මේ ගැන කිසිම අදහසක් නැත්තේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු සුරාබදු කොමසාරිස් දැන්ම රට යන්නේ නැතිලි
2024 ඔක්තෝබර් මස 10 86 0

නොවැම්බර් මස 10 වැනිදා තෙක් තමන් විදේශගත නොවන බවට හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා ඇතුළු සුරාබදූ නිලධාරීන් සිව්දෙනකු සිය නීතීඥවරයා


පොහොර වංචාකරුවන් වහා අල්ලනු
2024 ඔක්තෝබර් මස 10 115 0

ගොවි ජනතාව සඳහා ආනයනය කළ පොහොර හොර රහසේ කර්මාන්තකරුවන්ට ලබා දී රුපියල් කෝටි ගණනින් මුදල් වංචාකර රජයට පාඩු කළේ යැයි කියන මෙරට පොහොර සමාගම් පහක හා තැ‍රැ


ජාත්‍යන්තර තර්ජන වලට මුහුණ දෙන්න එක්සත් ජනපද සහය
2024 ඔක්තෝබර් මස 10 131 0

එක්සත් ජනපද පැසිෆික් නාවික බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් කොහ්ලර් (Admiral Steve Koehler, a 4-star U.S. Navy Admiral and Commander of the U.S. Pacific Fleet) මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපත


අල්ලස් කොමිසමට අධ්‍යක්ෂවරියක්
2024 ඔක්තෝබර් මස 10 529 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂක ජනරාල් ලෙස එම්. ආර් වයි. කේ. උඩවෙල මහත්මිය පත් කර ඇත


මාතර පරණ සෙට් එකක්ම මෙවර මහ ඡන්දයට නෑ
2024 ඔක්තෝබර් මස 10 836 1

ඉකුත් පාර්ලිමේන්තුව නියෝජනය කළ මාතර දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කථානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරු


ජන අරගලයත් දිවයිනටම නම් දෙයි
2024 ඔක්තෝබර් මස 10 252 1

ජන අරගල සංවිධානය ඉදිරි මහ මැතිවරණය සදහා දිස්ත්‍රික්ක 22 කටම නාම යෝජනා ලබා දී අවසන් බව ජන අරගල සංධානයේ දේශපාලන මණ්ඩල සභික සුලේඛා සමරසේන මෙනවිය පැවසුවාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39760 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25843 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 67 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 383 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1246 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site