IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


උතුරු මැද අහසේ මහා ගිනි බෝලයක්?

 විශාල ගිණි බෝලයක්  අද (11) රාත්‍රී ඉහළ අහසෙ දුටු බවත්, ඒ සමඟ පිපිරුම් ශබ්දයක් ඇසුණු බවත් කහටගස්දිගිලිය, හබරණ, පොළොන්නරුව සහ ගලෙන්බිඳුණුවැව වැසියෝ් එම පොලිසිවලට දැනුම් දුන්හ. 

පුපුරා ගියේ කුමක්ද යන්න හෝ කැබලි වැටුණේ කුමන ප්‍රදේශයකට ද යන්න ගැන කිසිදු තොරතුරක් වාර්තා වී නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි.

පොළොන්නරුවේ අරලගංවිල, වැලිකන්ද හා හිඟුරග්ගොඩ බටු කොටුව ප්‍රදේශයේ ද අහසේ  දීප්තිමත් ආලෝක ධාරා කිහිපයක් දුටු බවට මුලින් වාර්තා වූ නමුත් පොලිසිය පැවසුවේ රාත්‍රී 11 වන විටත් එම ප්‍රදේශවලින් එවැනි සිද්ධියක් වාර්තා නොවූ බවයි.

2012 දෙසැම්බර 09 වැනි දා පොළොන්නරුවේ අරලගංවිලට උල්කාශ්මයක් වැටී තිබුණු අතර එදින ද මෙවැනි ගිණි බෝලයක් දුටු බවට ප්‍රදේශවාසීන් කියා තිබිණි.

එය පරීක්ෂා කළ ලන්ඩනයේ තාරකා විද්‍යාඥයකු වන මාහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා කියා තිබුණේ පිටසක්වල ජීවීන් සිටින බවට තවත් සාධකයක්  එම උල්කාශ්මයෙන් හමු වූ බවයි.

එය පිටසක්වලින් වැටුණු උල්කාපතයක් නොවන බවත් එය එම ප්‍රදේශයේදි දිරා ගිය පාෂාණයක කොටස් බවත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මාහාචාර්ය අතුල සේනාරත්න සහ භූවිද්‍යා අංශයේ මහාචාර් රෝහණ චන්ද්‍රජිත් පැවසූහ.

 

 



අදහස් (0)

උතුරු මැද අහසේ මහා ගිනි බෝලයක්?

ප්‍රමෝද් උදාර රත්නායක Tuesday, 12 August 2014 02:37 AM

මේ දවස්වල සරුංගල් අරින කාලේ. බෝම්බයක් වත් ගැට ගහලා සරුංගලයක් වත් ඇරියද? (නදී)

:       0       0

නැනී Tuesday, 12 August 2014 02:42 AM

හොඳ වෙලාවට ප්‍රභාකරන් නැත්තේ. (නදී)

:       0       0

නන්දන Tuesday, 12 August 2014 02:48 AM

පුදුමයි මේ වගේ දේවල් (නදී)

:       0       0

ඉසුරන්දි Tuesday, 12 August 2014 03:37 AM

ආපහු කොටින්ට පන ඇවිල්ලද දන්නේ නැහැ. (නදී)

:       0       0

උපේක්ෂා Tuesday, 12 August 2014 03:38 AM

මම බටුකොටුවේ මටත් සද්දයක් නම් ඇහුනා මුළු වහලම දෙදුරුවා අහස පුරාම ලොකු දෙදුරුමක් ඇහුනා. (නදී)

:       0       0

මාලා Tuesday, 12 August 2014 03:42 AM

මේවා ගැන හොයන්න ලංකාවේ කවුරුවත් නෑ. ලොකු ග්‍රහ තාරකාවක් ඇවිත් වැදිලා පලාතක්ම විනාශ උනාම ප්‍රමාද වැඩියි. ලංකාව කිට්ටුව මුහුද යට බූමි කම්පා වෙනකොට අපි ගණන් ගත්තෙත් නැනේ. එ්ත් සුනාමි ආවම ගොඩක් රිදුනා. ලංකාව වගේ රටවලට මේවා නිකන් ප්‍රවෘත්ති විතරයි. (නදී)

:       0       0

ලොකුගේ Tuesday, 12 August 2014 04:00 AM

රාවනා අවදි වෙන්න හදන්නේ. (නදී)

:       0       0

ක්‍රිෂාන් ජයලත් Tuesday, 12 August 2014 04:03 AM

ප්‍රථම වතාවට උතුරු මැදට අකුණු ගහලා වගේ අද (නදී)

:       0       0

චමින්ද Tuesday, 12 August 2014 04:12 AM

මමත් දැක්කා එළි තුනක්. ඊටපස්සේ මහා සද්දයක් ඇහුනා. කවදාවත් දැකලා නැති දීප්තිමත් එළියක්, වෙල්ඩින් කරනවා වගේ එළියක් මම දැක්කේ (නි)

:       0       0

නිමාලි Tuesday, 12 August 2014 04:20 AM

කන්නත් නැතිව වතුරත් නැතිව ඉන්න මිනිස්සු හූල්ල හූල්ල පඩ අරිද්දි ඒවා පත්තුවෙලා (නදී)

:       0       0

සිඩ්නි Thursday, 14 August 2014 05:34 AM

මේක රාවණාගේ අවදිවීම ගැන නැවත මතක්කිරීමක් වෙන්නත් පුලුවන් (නි)

:       0       0

සුසන්ත Tuesday, 12 August 2014 12:00 PM

මම නම් ඔන්න පියරත්න මහත්තයා කිවුව එක විශ්වාස කරලා අද හෙට අහස නිරීක්ෂණය කරන්න හිතාගත්තා (නි)

:       0       0

යොහාන් සමීර Tuesday, 12 August 2014 04:28 AM

තිස්සමහාරාමයේ ඉන්න අපිත් දැක්කා රාත්‍රී නමයට (නදී)

:       0       0

ෂෙහාන් Tuesday, 12 August 2014 04:36 AM

ඡන්ද කාලේ ලන්වෙනකොට කොහොමත් එක එක දේවල් වෙනවා රට පුරාම. දැන් උතුරුමැද ප්‍රශ්න ඔක්කොම එළියත් එක්ක නිවිලා යාවි (නදී)

:       0       0

සනත් Tuesday, 12 August 2014 04:48 AM

රාවණා රජු අවදිවී තිබෙන කතාව මීට සම්බන්ධයි වද්ද? (නි)

:       0       0

අජිත් Tuesday, 12 August 2014 12:37 PM

මමත් දැක්කා රෑ 12 ට විතර. (නදී)

:       0       0

චතුර Tuesday, 12 August 2014 04:53 AM

මේක පිටසක්වලින් ලංකාවට නෙමෙයි මුලු ලෝකයටම එවූ පණිවිඩයක් වෙන්නත් පුලුවන් ඔවුන් ළඟදීම එනවා කියලා (නි)

:       0       0

සමිත් Tuesday, 12 August 2014 04:54 AM

මේ ශබ්දය මේ ප්‍රදේශවල තිබෙන නියඟය නිසා ඇතිවුවක්ද? (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Wednesday, 13 August 2014 02:54 AM

මමත් ඔය කියන එළිය දැක්කා. වැස්සක් නැතුව මාස ගානක් බලාගෙන හිටි මම හිතුවේ අකුණු ගහනවා කියලා. එහෙත් සද්දෙත් එක්ක ආ එළිය දැක්කම නම් හිතුනා ඒක අකුණක් නෙමෙයි කියලා (නි)

:       0       0

ශාන් Tuesday, 12 August 2014 05:08 AM

මාලාගේ කතාව හරියටම හරි. අශ්වයා ගියාට පස්සේ ඉස්තාලේ වහන්නේ නැතුව, අශ්වයා යන්න පෙර ඉස්තාලේ වැහුවා නම් හොඳයි නේද? (නි)

:       0       0

සංජන Tuesday, 12 August 2014 01:09 PM

අපි නම් හොඳටම නිදි (නි)

:       0       0

ධනුෂ්ක Tuesday, 12 August 2014 05:15 AM

අපි තව දුරටත් පිටසක්වල සිදුවීම් ගැන අවධානයකින් සිටිය යුතු බවට මේක හොඳ සිදුවීමක්.මහාචාර්ය චන්ද්‍ර වික්‍රමසිංහ මහතාගේ අදහසට අපි ගරු කරන්න ඕනෑ (නි)

:       0       0

සිසිර Tuesday, 12 August 2014 05:19 AM

මේ දවස් වල පර්සිඩ් කියන උල්කාපාත වර්ෂාව සක්‍රියයි. මේක ඉන් පැමිණි උල්කාපාතයක් වෙන්න පුලුවන්. අනික මේ උල්කාපාත වර්ෂාව මේ වගේ විශාල ගිනි බෝල වැනි උල්කාපාත ඇතිකළ හැකි එකක් කියලයි කියවෙන්නේ (නි)

:       0       0

ඩිල්ෂාන් Tuesday, 12 August 2014 05:21 AM

මට නම් හිතෙන්නෙම මේක‍ට අර රාවණාගේ අවදීවීමේ සම්බන්ධයක් ඇති කියලයි (නි)

:       0       0

රෙජිනෝල්ඩ් Tuesday, 12 August 2014 05:27 AM

තව ඉස්සරහට යනකොට අපේ අයට මොන මොන දේවල් දකින්න ලැබේවිද දන්නේ නැහැ? (නි)

:       0       0

සුදත් Tuesday, 12 August 2014 01:21 PM

අප්පා ඇති යන්තම් මම නම් වීඩියෝ කරගත්තා..(අ)

:       0       0

හේරත් Wednesday, 13 August 2014 09:29 AM

හරි දෙයක් කවුරුවත් කියන්නෙ නැහැනෙ. මට නම් තේරෙන්නෙ නැහැ (නි)

:       0       0

කමල් Tuesday, 12 August 2014 05:29 AM

මම ඊයේ රෑ (8/11) අටට විතර ගාල්ලේ කරාපිටියේ සිට එනවිටත් ගිනිගත් දෙයක් වලිගයකුත් සමඟ වැටෙන ආකාරයක් දැක්කා. තවම කිසිම ආරංචියක් නම් නැහැ (නි)

:       0       0

පියරත්න Tuesday, 12 August 2014 05:37 AM

මා විසින් ඊයේ සඳහන් කල සත්‍යවූත් නිවැරදි වුත් කරුණු ප්‍රකාශ කළේ ආවාට ගියාට නොව ඒ පිළිබඳ කරන ලද අධ්‍යයනයකින් අනතුරුවයි. කෙටියෙන් කිවුවොත් 11,12 සහ 13 දින රාත්‍රීන්හිදී අප පෘථිවියට උල්කාෂ්ම වර්ෂාවක් පැයක කාලයක් තුළ උල්කාෂ්ම 100ක්- 150ක් පමණ දැක ගැනීමට හැකිවනු ඇත. අප පෘථිවියට ආසන්නව පසුගිය ජුලි 17 දා සිට ලබන අගෝස්තු 24 වනදා දක්වා සඳුගේ ගමන් මඟ වැටී තිබේ. තවද උතුරු පළාතට කඩා වැටෙන්නට ඇත්තේ මෙම කඩාවැටෙන උල්කාෂ්මයක් වන්නට ඇත (නි)

:       0       0

නිකී Tuesday, 12 August 2014 05:55 AM

හිඟුරක්ගොඩ ඉන්න අපිත් ඊයේ රෑ මේ සිද්ධිය දැක්කා (නි)

:       0       0

සුපුන් Tuesday, 12 August 2014 06:03 AM

මම මැදිරිගිරියේ. අපිටත් මේ සද්දය ඇහුණා (නි)

:       0       0

උපුල් Tuesday, 12 August 2014 06:02 AM

මෙය බොහෝ දුරට උල්කාපාතයක් විය හැකියි. (නි)

:       0       0

නිහාල් විතානගේ Tuesday, 12 August 2014 02:16 PM

දෙවියන් වහන්සේ මොනවහරි මවන්න හිතිලා වැරදුනාද (අ)

:       0       0

අමිල සම්පත් Tuesday, 12 August 2014 06:30 AM

අද නම් මම නිදාගන්නෙ ඇඳ යට (නි)

:       0       0

ජයත් Tuesday, 12 August 2014 06:44 AM

මේක මොකද්ද කියල හරියටම දන්නේ නැහැ නමුත් සමහර මහාචාර්යවරු කියන ඒවත් විශ්වාස කරන්න බැහැ මෙයින් එක්කෙනෙක් මීට කාලයකට ඉහතදී එය සුනාමිය සහ චන්ද්‍ර කලාව ගැන පරීක්ෂණයක් කරලා සුනාමි ගැන හරියටම අනාවැකි කියන්න පුළුවන් කියල කිවිවා නේද?(දිල්)

:       0       0

ඉනෝකා Tuesday, 12 August 2014 07:07 AM

ඔය ශබ්දය නම් මටත් ඇහුණා.පොළව කම්පනයට පත්වුණා.ඉතින් අපේ රටේ ආරක්ෂාවට තිබෙන රේඩාර් පද්ධතිය පරීක්ෂා කළා නම් තොරතුරක් ලැබෙයිනේ. (නි)

:       0       0

නිශිකා Tuesday, 12 August 2014 07:07 AM

අපිට නම් විශාල ශබ්දයක් රාත්‍රි 7.30-8.00 අතර ඇහුණා. අපි පොළොන්නරුවේ (නි)

:       0       0

අකිල Tuesday, 12 August 2014 03:08 PM

මේ ගෙන සැලකිලිමත් උනොත් ගොඩක් හොදයි නේ.. දැන් ලෝකේ තත්වයත් එක්ක ටිකක් හොයන්න වෙනවා ..(අ)

:       0       0

මාලිකා Monday, 11 August 2014 06:57 PM

මට නම් මේ දේවල් ගැන හිතාගන්නවත් බැහැ (නි)

:       0       0

සෝනු Tuesday, 12 August 2014 07:50 AM

අපිට සද්දේ ඇහුනා. විනාඩි 10 ක් විතර දෙදරන තරමට සද්දයක් එ්ක. හිතන්න තියෙන්නේ උල්කාපාතයක් කියලා. (නදී)

:       0       0

තිලක් Monday, 11 August 2014 08:13 PM

අද උල්කාපාත වැස්සක් වැටෙන දවසක් වෙයිද? (නි)

:       0       0

රඛිත Tuesday, 12 August 2014 04:09 PM

අහසේදීම පුපුරා ගිය උල්කාපාතයක් වෙන්න පුළුවන්. රුසියාවේදී එහෙම දෙයක් සිදුවුණා නේද ? (නි)

:       0       0

පියරත්න Monday, 11 August 2014 08:18 PM

ඇතැම්විට මෙම මහා පිපිරීම උතුරු පළාතට උල්කාෂ්මයක් කඩාවැටීමක් වන්නට පිළිවන. (නි)

:       0       0

පුබුදු Tuesday, 12 August 2014 04:12 PM

සුසන්ත, මමත් ඉන්නේ ඔය ඉන්න කිඹුලපිටියේ සිට කිලෝමීටර් 10ක් වගේ දුරින්. මමත් හිටියේ නම් එළියේ. ඔය කියන වෙලාවේ. හැබැයි ඔයා කියපු එක නම් දැක්කේ නැහැ (නි)

:       0       0

අකිල Tuesday, 12 August 2014 07:57 AM

තංගල්ලේ අපිත් දැක්කා රාත්‍රි 8.00 විතර (නදී)

:       0       0

නිමල් Tuesday, 12 August 2014 04:16 PM

ගිනි බෝල නෙවෙයි අහසම පුපුරයි දැන් වෙන ඒවාට. පොළව යට වීදුරු කෑල්ලක්වත් තියන්නේ නැහැ. ඔක්කොම විනාශයි. (නි)

:       0       0

හිරුණක Wednesday, 13 August 2014 11:51 AM

මමත් හිතන්නේ රාවණා රජුගේ පුනරාගමනයේ කොටසක් වෙන්න ඇති (නි)

:       0       0

කසුන් Tuesday, 12 August 2014 08:05 AM

ලඟදීම පිටසක්වල ජීවීන්ට ආයුබෝවන් කියන කාලය ලගයි වගේ. අර මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ කිව්වා වගේ ඒකේ පෙරනිමිතිද දන්නේ නැහැ (නදී)

:       0       0

පිටබැද්දර ජයා Monday, 11 August 2014 10:32 PM

දැන් ඉතින් ටික කාලෙකට ගොවියන්ගේ වගා පාලු, බඩගින්න, ඉඩෝර ප්‍රශ්න අමතක වෙලා යාවි නේද? (නි)

:       0       0

හසිත Thursday, 14 August 2014 04:18 PM

මමත් දැක්කා. (අ)

:       0       0

සිඟිති Tuesday, 12 August 2014 08:32 AM

ලංකාවේ අයිස්චාර්ය ගැන පිටසක්වල අයටත් ආරංචිවෙලා රෑට රෑට හොරෙන් බලලා යන්න එනවද දන්නේ නැහැ. නැතිනම් මේවා උල්කාපතයන් වන්නට පුළුවන්. රාත්‍රී කාලයට ඒවා පොලවට එනවිට වායු ගෝලයේ ගැටී විශාල එළියක් ගෙන දෙනවා (නදී)

:       0       0

සුසන්ත Wednesday, 13 August 2014 12:24 PM

පුබුදු,ඒ වෙලාවේ අහස දිහා බලාගෙන හිටියා නම් පැහැදිලිව අහස පෙනෙන තැනක නම් හිටියේ අනිවාර්යයෙන් දකින්න ඕනෑ ඊසාන දිශාවට වෙන්න. කිසිම සද්දයක් නම් ඇහුනේ නැහැ තමයි (නි)

:       0       0

සුසන්ත Tuesday, 12 August 2014 09:09 AM

මේ වගේ දෙයක් උනාම ඒක බොරු ප්‍රචාරයක් කියල හිතලා මේ උඩින් එක එක දේවල් දාපු අය වගේම තමයි මමත් ඉස්සර 2012 - 2013 වගේ කාලෙ අරන්ගන්විල පැත්තට උල්කාෂ්මයක් වැටුන කීවම උනත් විස්වාශ කලේ නෑ. හැබැයි ජල ප්‍රශ්නෙන් පීඩා විදින මිනිස්සුන්ගෙ දුක විහිලුවට ගන්න එක වැරදියි 1998 ලියොනිඩ්ස් උල්කාපාත වර්ශාව මට අදටත් මට මතකයි. මම දවස් 3ක් විතර ඇහරල උල්කා ගනන් කර කර හිටිය ඊයෙ මම ගෙදරට ගිහින් අම්මට කෝල් කලා 8.00ට ඒ ඉවර වෙලා මිදුලට ආව 8.10ට විතර ඒ වෙලාවෙ කිසිම සද්දයක් නැතිව පැරා එකක් වගේ මේ කියන විශාල එළිය මමත් දැක්කා. වෙනසකට තිබ්බෙ කහ පාට විතරක් නැතිව පාට ගොඩකින් ලොකු එළියක් විහිදුනු එක විතරයි ඒක දීප්තිමත් උනේ ලොකු පිපිරුමක් උනා වගේ ඒ වෙලාවෙ මගේ දුව බය උනා ඒකට මම මූණු පොතේ මේ ගැන දාන්න හිටියට ඒක බැරි උනා දුවව නිදි කරවපු නිසා හැබැයි මම පොලොන්නරුවට ගොඩාක් මෙහා කිඹුලපිටියෙ ( කටුනායක ) ඉදලයි මේක දැක්කෙ (නදී)

:       0       0

සෑම් Tuesday, 12 August 2014 09:15 AM

අායෙත් ගොවියෙකුට කුඹුර නැති වෙයිද දන්නේ නැහැ. (නදී)

:       0       0

සුසන්ත Tuesday, 12 August 2014 09:16 AM

උල්කාපාතයක් එනවා නම් කලින් දන්නේ නැතිද කවුරුවත්ම ? දැකපු අය කෝල් කරලා කියන්නම ඕනිද ඕවට සම්බන්ද ආයතනවලට (නදී)

:       0       0

ශංක Tuesday, 12 August 2014 01:46 AM

අපිත් දැක්කා ඇත්තටම ලොකු එළියක් (නදී)

:       0       0

නාලක Tuesday, 12 August 2014 02:01 AM

පොඩ්ඩක් බලන්න මැලේසියන් එයාර් ලයින් ෆ්ලයිට් එකක් වත් ඔය පැත්තේ ගියද කියලා (නදී)

:       0       0

විනුත්මි Tuesday, 12 August 2014 02:08 AM

ඇත්තමයි අපිත් දැක්කා ඒ එලිය (නදී)

:       0       0

කසුන් Tuesday, 12 August 2014 09:35 AM

මම දෙහිවල. මමත් 11 ට විතර ඔය වගේ එළියක් දුටුවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 3 0

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 1787 0

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2196 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2912 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1281 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 275 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37880 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24963 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 754 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site