උතුරු මැද පළාත් කලා උලෙළේ මෙවර ඡායාරූප තරගවලදී පිය පුතු දෙපළක් විවෘත අංශයේ හා පාසල් අංශයේ ප්‍රථම ස්ථාන දිනාගෙන තිබේ. ඡායාරූප වර්ණ විවෘත අංශයේ ප්‍රථම ස්ථානය දිනූ අජිත් කුමාර හේරත් නම් එම පියා අනුරාධපුර, විහාරපාළුගම විදුහලේ ගුරුවරයෙකු වන අතර, පාසල් අංශයේ ඒක වර්ණ ප්‍රථම ස්ථානය මෙන්ම වර්ණ අංශයේ ප්‍රථම ස්ථානයද දිනූ අකලංක දේශාන් හේරත් නම් පුත්‍රයා සාමාන්‍ය පෙළ හදාරන පාසල් සිසුවෙකි. ඔහු අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබයි.
ඡායාරූපවලට අමතරව මෙවර එම කලා උලෙළේ පැවැති කෙටි චිත්‍රපට තරග අංශයෙන්ද ජූරියේ විශේෂ සම්මානය දිනාගත්තේ අජිත් කුමාර හේරත් මහතා විසිනි. ඒ ඔහු නිර්මාණය කළ "සංකා" නමැති කෙටි චිත්‍රපටය වෙනුවෙනි.
ඡායාරූප ඒකවර්ණ විවෘත අංශයේ ප්‍රථම ස්ථානය මෙන්ම දෙවැනි ස්ථානයද අනුරාධපුර ජයන්ත ලක්මාල් සේනාරත්න දිනාගත් අතර, එම අංශයේ තෙවැනි ස්ථානය අනුරාධපුර පී.එම්.අයි.ඩබ්ලිව්. රත්නායක විසින් දිනාලනු ලැබීය. වර්ණ ඡායාරූප විවෘත අංශයේ දෙවැනි ස්ථානය ශානක චමල් ඩයස් විසින්ද, තෙවැනි ස්ථානය විරාන් කේ. රණතුංග විසින්ද, කුසලතා සම්මානය තිළිණ රත්නායක විසින්ද දිනාගනු ලැබිණි.
උතුරු මැද පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුව විසින් 27 වැනි වරටත් වාර්ෂිකව සංවිධානය කරන ලද එම කලා උලෙළේ සම්මාන හා ත්‍යාග ප්‍රදානය පසුගියදා අනුරාධපුර යොවුන් නිකේතනයේදී පවැත්විණි.
මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව
එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ
කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (
මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර
විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්
ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
උතුරු මැද කලා උලෙළේ සේයාරූ තරග දිනූ පිය පුතු දෙපළ