උතුරු මැද පළාත් සභා රැස්වීම න්‍යායපත්‍රානුකූලව අද (08) පෙරවරු 10 ට ආරම්භ කිරීමට නියමිතව තිබු නමුත් පළාත් සභා මන්ත්‍රීවරුන් සභාවට පැමිණ සිටියේ නැත.
සභාපති අසනීප වී රෝහල්ගතවී සිටී. උප සභාපති ද අසනීප බව දන්වා ඇත. සභාපති හෝ උප සභාපති නොමැතිව සෙංකෝලය සභාවේ තැන්පත් කළ නොහැකි බව කියති. මේ වසරේ මුල්ම රැස්වීමට මහ ඇමැති පේෂල ජයරත්න ඇතුළු මන්ත්‍රීන් හත් දෙනකු පමණ පැමිණ සිටි බව පෙනිණි. තවත් මන්ත්‍රීවරු පිරිසක් එතෙර සංචාරයකට ගොසිණි.
මාධ්‍යවේදීන් කිහිපදෙනෙක් පෙරවරු 10.15 වන තෙක් අසුන් ගෙන සිටි අතර රැස්වීම ආරම්භ කරන්නේදැයි ඔවුහු වැඩ බලන ලේකම් නයනා දිසානායක මහත්මියගෙන් ඇසූහ.
සභාපති පී.එම්.ආර්. සිරිපාල ,උප සභාපති ජයන්ත මාරසිංහ නොපැමිණි නිසා රැස්වීම පැවැත්වීමට නොහැකි බව ඇය පැවසුවාය. රැස්වීම මාර්තු 23 වැනි දා පැවැත්වීමට නියමිතය.
මේ අතර දකුණු පළාත් සභාවේ සභාපතිගේ මෛක්‍රෆෝනය හැර සෙසු සියලු මන්ත්‍රීවරුන්ගේ මෛක්‍රෆෝන ක්‍රියාවිරහිත වීම ගැන පරීක්ෂණයක් පැවැත්වීමට යයි.
මිනිත්තු 15ක් පමාවී අද පෙරවරු 9.45 ට රැස්වීම ඇරැඹිණි. එම සිද්ධිය කාර්මික දෝෂයක් ද එසේ නැත්නම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් ද යන්න පරීක්ෂණයක් පවත්වා මීළඟ සභාවට දන්වන බව කේ.ඒ.සෝමවංශ මහතා සභාවට ප්‍රකාශ කළේය.
අද රැස්වීම මිනිත්තු 15කට සීමාවිය.
ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම
අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.
2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ
කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
උතුරු මැද සභාපති - උප සභාපති ලෙඩ වෙති : දකුණේ වෙන ලෙඩක්
විජේ Tuesday, 08 March 2016 08:56 AM
මෙයාලට පඩි දෙන්න ඕන නෑ, දීමනාවක්, සභා රැස්වීම් වලට ආවේ නැත්තම් ගෙවන්න ඕන නෑ. (ර)