IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


‘උතුරු මැද හොර පත්වීම් දීලා‘ - එස්.එම්.රංජිත්

(දයාරත්න ඇඹෝගම)

උතුරු මැද පළාත් සභාවේ නිල කාලය අවසන් වීමෙන් පසුව සියලු නීති රීති අමු අමුවේ උල්ලංඝනය කරමින් උතුරු මැද මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට බඳවා ගැනිමේ පරිපාටියද උල්ලංඝනය කරමින් සේවකයන් 25 දෙනකු බඳවා ගෙන ඇති බව උතුරු මැද පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් මහතා පවසයි.

උතුරු මැද පළාත් සභාව විසුරුවා හැරියද තවමත් පේෂල ජයරත්න මහතා ඇතුළු හිටපු මැති ඇමතිවරුන් උතුරු මැද පළාත් සභාව තම පුද්ගලික බුදලයක් ලෙස සිතා ගෙන අයුතු පත්විම් ලබාදීමත් වක්‍රව පළාත් සභාවේ පාලනය සියතට ගෙන සිටින බවතට ඔහු චෝදනා කරයි.

අනුරාධපුර සම්බන්ධිකරණ කාර්යාලයේදි අද(22) පැවති මාධ්‍ය හමුවකදි ඔහු මේ බව පැවසිය.

‘‘ඉදිරි මැතිවරණයේ  දී   ජන්දය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් තම හිතවතුනට පත්වීම් ලබාදීම දිගින් දිගටම සිදුකරමින් පවතිනවා. මේ වන විට යළිත් පසු ගිය සතියේදී උතුරුමැද මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට නීති විරෝධී ලෙස 25දෙනකු බඳවා ගෙන තිබෙනවා. ඉදිරියේදී මෙම පත්වීම් සම්බන්ධයෙන්  අදාල නිලධාරීන්ට වග උත්තර බැදීමට සිදුවනවා. 

මේ  පිලිබදව ඉදිරියේදී මිට එරෙහිව නීතිමය  පියවර ගන්නවා   දේශපාලකයන්ගේ නීතිවිරෝධී වැඩ වලට සහය වී  පත්වීම් ලබාදුන් නිලධාරීන්ට නිතිය ඉදිරියට යාමට සිදුවන බවද මෙහිදි රංජිත් මහතා පැවසිය.

මේ පිළිබදව උතුරුමැද මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති කිත්සිරි විජේසිංහ මහතාගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරිම සදහා  විධිමත් පරිදි 16දෙනකු බඳවා ගත් බවත් ඔවුන් බඳවාගනු ලැබුවේ ඉල්ලුම්පත් කැඳවා විධිමත් පරිදි සම්මුඛ පරීක්ෂණ තබා බවත් ය.

මේ සදහා කිසිම දේශපාලන මැදිහත්වීමක් සිදුව නැති බවත් පරීක්ෂණ මණ්ඩලවල තීරණය අනුව සුදුසුකම් ඇති අය  තෝරා ගත් බවත් ඔහු කීය.



අදහස් (1)

‘උතුරු මැද හොර පත්වීම් දීලා‘ - එස්.එම්.රංජිත්

wishwa Monday, 23 October 2017 01:46 PM

අතේ හිටිය පූසා ඇරලා ඉසෝ ඉසෝ කිව්වා වගේ වැඩක් නේ ඔහෙට වෙලා තියෙන්නේ... කමක් නෑ... වැරදි කරපු අයට විරුද්ධව නඩුවක්වත් දැම්මොත් නේද හොඳ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 1739 1

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 522 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 852 5

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 864 2

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


‘ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ගැන කිසිදු අර්බුදයක් නැහැ‘
2024 නොවැම්බර් මස 24 993 3

ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


අපාරාදයකට ආ ව්‍යාජ බ්‍රිගේඩියර් ඇතුළු 11ක් මාට්ටු
2024 නොවැම්බර් මස 24 1109 0

පුරාවිද්‍යා ස්ථානයක් කැණීම් කිරීමට හෝ කිසියම් අපරාධයක් සඳහා පැමිණ ඇති බවට සැකකරන, යුද හමුදාවේ සාමාජිකයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස් දෙනකු, මෝට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 508 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 729 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2029 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site