මෙම වසරේ ජූලි මාසය දක්වා සහ අගෝස්තු මාසයේ මේ දක්වා සුරාබදු වැටලිම් 718 ක් අනුරාධපුර කැබිතිගොල්ලෑව හා පොළොන්නරුව ප්‍රෙද්ශ වලින් සිදුකර ඇතැයි උතුරුමැද සහකාර සුරාබදු කොමසාරිස් කාර්යාලය කියයි.
ලැබුණු තොරතුරු අනුව වැටලීම් නිලධාරීන් විසින් කර ඇති මෙම වැටලිම් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන ඇති නිති විරෝධි මත්පැන් හා 2006 දුම්කොළ හා මද්‍යසාර අධිකාරී පනත යටතට ගැණෙන ද්‍රව්‍ය ඒ ඒ බල ප්‍රෙද්ශයන් හී අධිකරණ වෙත ඉදිරිපත් කර නඩු පවරා ඇතැයි සහකාර සුරාබදු කොමසාරිස් රෝයි ප්‍රනාන්දු මහතා පවසයි.
උතුරුමැද පළාතේ නීති විරෝධි මත්පැන් පෙරීම් යම් දුරකට අඩු වී ඇතැයි සහකාර කොමසාරිස් වරයා කියයි. විශේෂයෙන්ම කසිප්පු පෙරීමේ ස්ථාන මෙම වැටලීම් නිසා බොහෝ අඩු මට්ටමකට පත්ව ඇතැයි ද සඳහන් කළ ප්‍රනාන්දු මහතා මහජනතාවගෙන් ලැබෙන පැමිනිලි අනුව නිරන්තර වැටලීම් සිදු කිරිමට සුරාබදු අධිකාරී කාර්යාල හා සුරාබදු ස්ථාන වලට උපදෙස් දී ඇතැයි ද සඳහන් කරයි.
ජනාධිපති කාර්යාලයේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩ පිළිවෙළ හේතුවෙන් ඉකුත් මාසයේ නීති විරෝධි මත්පැන් අළෙවිය අඩු වී ඇතත් රජයේ බලපත්‍ර යටතේ මත්පැන් අළෙවිහල් වල මත්පැන් විකිණිම වැඩි වි ඇති බව පෙන්නුම් කරන බව සුරාබදු නිලධාරීහු පවසති.
මේ අතර මෙම මැතිවරණ කාලසිමාවේ උතුරු මැද පළාතේ නීති විරෝධි මත්පැන් අලෙවියට මුළු මනින්ම වැට බැඳ ඇති අතර අද (15) සිට 18 වැනිදා තෙක් ලැබෙන තොරතුරු අනුව වැටලීම් සිදු කිරීමට සුරාබදු කොමසාරිස්වරයා නියෝග දී ඇතැයි ද ඒ සඳහා පියවර ගැනීමට එම කාලය තුළ සුරාබදු නිලධාරීන්ගේ නිවාඩු මුළුමනින්ම අවලංගු කිරිමට තීරණය කර ඇතැයි ද නිලධාරියෙක් කියයි.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
අද පෙරවරු 6.00 අවසන් වීමට නියමිතව තිබූ ඇඳිරි නීතිය අද දහවල් 12.00 දක්වා දික් කළ බව පොලිසිය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
උතුරු මැද හොර සුරා අඩුවෙලා
ඉමේෂ් Friday, 14 August 2015 08:57 AM
අපරාදේ (අ)
විපුල Friday, 14 August 2015 11:11 AM
පානදුර නගරයට කිට්ටුව කසිප්පු විකුනනවා. රේල්පාර කිට්ටුව මුළු දවසෙම රා විකුනනවා. මේවත් නවත්තල දෙන්න. (නදී)
විපුල Friday, 14 August 2015 11:12 AM
උතුරු මැද විතරද මේවා තියෙන්නේ (නදී)