IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


උතුරු මුහුඳේ සල්ලි ආකරයට කෙහෙතෙක්

උතුරු පළාත් මුහුදු තීරයේ වෙසන නිල් පිහිනුම් කකුළු මත්ස්‍ය ගහණය කළමනාකරණය කළ හැකි ජෛව විද්‍යාත්මක සාධක අධ්‍යයනය කිරීමේ පර්යේෂණයක් වයඹ විශ්ව විද්‍යාලයේ ජලජීවී වගා හා ධීවර දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් මේවන විට සිදුකරමින් පවතී.

ජල ජීවී වගා හා ධීවර දෙපාර්තමේන්තුවේ ආචාර්ය දිලීප ද කෲස් මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම අධ්‍යයනය සිදුකෙරේ. නිල් පිහිණුම් කකුළුවන් යුරෝපා මත්ස්‍ය වෙළෙඳපොළේ බිලියන ගණනින් මුදල් ඉපැයිය හැකි කර්මාන්තයකි.

උතුරු පළාත් මුහුදු තීරයෙන් වසරට කොපමණ නිල් කකුළු මත්ස්‍ය ප‍්‍රමාණයක් නෙළා ගත හැකිද යන්නත් දැනට ඒ ආශ‍්‍රිතව කොපමණ නිල් කකුළු ප‍්‍රමාණයක් සිටීද යන්න සොයා බලා කකුළු ගහණය කළමනාකරණය කිරීම තුළින් ලාංකික ධීවරයන්ට ස්ථිර වශයෙන් මුදල් ඉපැයීමට හැකි වාතාවරණයක් ගොඩනැඟීමට හැකිවේ. මෙම පර්යේෂණය සඳහා ජාතික පර්යේෂණ සභාව මූල්‍ය දායකත්වය සපයයි.

“මෙම නිල් පිහිණුම් කකුළුවන්ට යුරෝපා වෙළෙඳපොළේ විශාල ඉල්ලූමක් තියෙනවා. මෙම සම්පතෙහි වර්ධනය, වෙනස්වීම් සහ ජෛව විද්‍යාත්මක සාධක සොයා බලා ඒවා නිසි පරිදි කළමනාකරණය කිරීමෙන් රටට විශාල විදේශ මුදල් ප‍්‍රමාණයක් රැගෙන එන්න පුළුවන්. මේවනතුරු මෙවැනි අධ්‍යයනයක් සිදුකර නැහැ. ශ්‍රී ලංකා නිල් කකුළු මතස්‍ය කර්මාන්තයට යුරෝපා මතස්‍ය වෙළෙඳපොළේ  ලොව පිළිගත් නාමකරණ හා තත්ත්ව සහතිකයක් වන එම්.එස්.සී. වැනි තත්ත්ව සහතික ලබාගැනීමට හැකිවේ නම් චිරස්ථායී ලෙස එම ධීවර කර්මාන්තය නඟා සිටුවන්න පුළුවන්.

ශ්‍රී ලංකා මුහුද තීරයට ඇතුළුවන ඉන්දීය ධීවරයන් මෙම කකුළු සම්පත නීත්‍යානුකූල නොවන අයුරින් නෙළාගෙන යනවා. එමගින් මෙම සම්පත විනාශයට පත්වෙනවා. තහනම් දැල් උපයෝගී කරගෙන සිදුකරන ක‍්‍රියා හේතුවෙන් කකුළු සම්පත විනාශයට පත්වෙනවා. මෙම කකුළුවන් පිළිබඳ දත්ත හා තොරතුරු නොමැතිකමින් ධීවර ආර්ථිකය හා ජීව විද්‍යාත්මක කරුණු දියුණු කිරීමට බාධාවක් වෙලා තියෙනවා. මෙම අධ්‍යයනය තුළින් නිල් කකුළුවන්ගේ වර්තමාන තත්ත්වය, ජීව විද්‍යාත්මක ව්‍යුහය හරහා ලෝක වෙළෙඳපොලේ  මොවුන්ට ඇති ආකර්ශනය සහ සිදුවන වෙනස්කම් සොයාබලා ඊට අනුරූපීව කළමනාකරණ සැලැස්මක් පිළියෙල කිරිමට හැකිවෙනවා. එමගින් මෙම කර්මාන්තයෙන් යැපෙන දහසකතුත් කුඩා පරිමාණ ධීවර ජනතාවට ජීවනෝපාය වර්ධනය කරගැනීමට හැකිවෙනවා.” යැයි දිලීප මහතා පැවැසීය.

Dr-Dileepa-de-Croos

Catches-bsc- Discards-09 modi processing-_modi small



අදහස් (0)

උතුරු මුහුඳේ සල්ලි ආකරයට කෙහෙතෙක්

උදාරත් Monday, 09 May 2016 08:40 AM

අපිත් අවුරුදු දවසේ කකුලුවෝ කෑවා (අ)

:       0       0

ධම්මි Monday, 09 May 2016 04:23 AM

ටයි‍ කෝට් දාගෙන හිටියට ඊලග ආත්මෙ නිල් කකුලුවෙක් වෙනවාමයි (බ)

:       0       0

සමන්ත Monday, 09 May 2016 05:19 AM

අපිව වතුරේ ගිල්ලලා විනාඩි 10 ක් තිබ්බොත් කොච්චර ලොකු වේදනාවක් දැනෙනවද? මාලුවෙක් ගොඩට ගත්තහම මාළුවට දැනෙන වේදනාවත් ඒකම තමයි. මහා සමුද්‍ර ජාතක කතා වස්තුව සිහියට එනවා. (හේ)

:       0       0

අචිර Sunday, 08 May 2016 03:56 PM

මේක බෞද්ධ රටක් නේද? වහාම සතුන් මැරීම නැවැත්විය යුතුයි (නි)

:       0       0

රංග Sunday, 08 May 2016 04:22 PM

ඉන්දියානුවන් මහ මුහුදේ මංකොල්ලකන මේ සම්පත ගැන රජය ඉතාමත් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නේ ඇයි? (නි)

:       0       0

සිරිමෙවන් Sunday, 08 May 2016 04:59 PM

ඉස්සර මේ කකුළුවෝ අපි ගත්තේ කිලෝව ඩොලර් 7 කට. ලංකාවේ නිෂ්පාදනයක්. දැන් ඒ වෙනුවට තියෙන්නේ ඉන්දියාවේ නම ගහලා තියෙන ඒ ජාතියේම කකුළුවෝ. (නි)

:       0       0

ලලිත් Sunday, 08 May 2016 05:21 PM

පුදුම කර්මාන්ත තමයි. එක්කෝ මුදේ මාලු ටික අල්ලලා රට පටවන කර්මාන්ත ගැන කියනවා. එක්කෝ ගස් ගල් ටික රට පටවන කර්මාන්ත ගැන කියනවා. එහෙමත් නැත්නම් පොළවේ පස්ටික හාරලා රට යවන කර්මාන්ත ගැන කියනවා. අඩුගානේ ජිල්බෝලයක් හදලා රට යවන්න කර්මාන්තයක් ගැන බලන්න කිසිම කෙනෙක් නැහැ (නි)

:       0       0

නිරාන් Sunday, 08 May 2016 05:48 AM

මෙන්න වැඩ. කලයුතු දෙය මෙයයි. (ර)

:       0       0

මැගී Sunday, 08 May 2016 10:07 PM

නවසීලන්තය, ඕස්ට්‍රේලියා වගේ රටවල්වල ප්‍රමාණයට වඩා කුඩා මසුන් අල්ලන්න දෙන්නේ නැහැ. එක්තරා ක්‍රමයකට එයාලා මාලු අල්ලන්නේ. එවැනි ක්‍රමයක් මේ රටෙත් තියනවා නම් කොතරම් හොඳද? (නි)

:       0       0

අජිත් Sunday, 08 May 2016 07:10 AM

ඔය කකුළුවන් ලංකාවේ අයට ආහාරයට ගන්න අවස්ථාවක් උදා වෙන්නේ නැද්ද?(හේ)

:       0       0

බෙනට් Sunday, 08 May 2016 07:31 AM

මෙම පරික්ෂණය සාර්ථක වෙන්න කියා ප්‍රාර්ථනා කරනවා.(හේ)

:       0       0

බෙනට් Sunday, 08 May 2016 07:33 AM

සුද්දන්ට කන්න ලොකු උන් ටික ඔක්කොම ඇරලා අපිට පැටවූ විකුනනවා. අපි පැටවුන්ව කාල අපිම මුන්ගේ බෝ වීම නවත්වනවා .. කකුළුවා විතරක් නෙමෙයි අනිත් සියලුම මාළුත් එහෙමයි . නොගැඹුරු මුහුදේ දැල් ක්‍රමය වෙනස් කරන්න ඕන .. නැත්නම් තව අවුරුදු 15 - 20 ක් යද්දී අපේ ළමයින්ගේ දරුවන්ට මාළු ගෙන්න වෙන්නේ පිට රටවලින් තමයි .(හේ)

:       0       0

ධම්මි Sunday, 08 May 2016 08:10 AM

හොඳ අදායමක් ලබා ගත හැකි කර්මාන්තයක්.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිසුන් පහක් අපයෝජනය කළ සීයා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 01 206 0

බාල වයස්කාර සිසුන් පස් දෙනෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කල බව කියන 64 හැවිරිදි අයෙක් ලෝක ළමා දිනය යෙදුණු අද (01) දින මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්ය


ජනපති කාර්යාලයට ගෙන තිබූ වාහන මුල් ආයතනවලටම
2024 ඔක්තෝබර් මස 01 623 0

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට බාරදීම අද (1) පස්වරුවේ ජනාධිපති කාර්යාලය


ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවේ
2024 ඔක්තෝබර් මස 01 264 0

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ඔක්තෝබර්) සංශෝධනය නොකරන බවත් සැප්තැම්බර් මස පැවැති මිලටම මෙම මස ද ගෑස් අළෙවි කරන බවත් එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහත


’’ත්‍රිවීල් ගාස්තු අඩු කරන්න බෑ’’
2024 ඔක්තෝබර් මස 01 702 0

බස්නාහිර පළාත් සභාවේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් ත්‍රිරෝද රථ නියාමනය කිරීම සදහා මැදිහත් වනතුරු පෙට්‍රල් නොමිලේ ලබා දුන්න ද ගාස්තු අඩු කිරිමට ය


අප්‍රේල් දක්වා ඉන්ධන ඇනවුම් කර අවසන්
2024 ඔක්තෝබර් මස 01 2027 0

මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්


දෙමළ සන්ධානයේ ශ්‍රීධරන් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 01 2303 0

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසාන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38485 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25341 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 906 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site