දෙමළ ජනතාවගේ ප්‍රශ්න කෙරෙහි දෙමළ දේශපාලනඥයනට බලපෑම් කිරීම සඳහා උතුරේ මහ ඇමැති සී.විග්නේෂ්වරන් දෙමළ මහජන මණ්ඩලය නමින් සංවිධානයක් බිහි කරයි.
උතුරු පළාත් සභාවේදී මෙහි මංගල රැස්වීම පැවැත්විණි. දේශපාලනඥයෝත් ආගමික නායකයෝත්, සමාජ ක්‍රියාධරයෝත්, වෘත්තිකයෝත් පිරිසක් ඊට එක්වූහ.
නව සංවිධානයේ සම සභාපතිවරුන් ලෙස මහ ඇමැති විග්නේෂ්වරන්ද, දොස්තර පී.ලක්ෂ්මන් ද තෝරාගනු ලැබූහ.
ඊළාම් මහජන විප්ලවකාරී විමුක්ති පෙරමුණ (ඊ.පී.ආර්.එල්.එෆ්) නායක හා හිටපු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, දෙමළ ජාතික මහජන පෙරමුණේ (ටී.එන්.පී.එෆ්) නායක හා හිටපු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්, අදීන ස්වාමි සෝමසුන්දර පරමාචාර්ය, කතෝලික පූජකවරුදෙදෙනෙක් වන එස්. මංගලරාජා හා ආර්.රවිචන්ද්‍රන්ද, වෛද්‍යවරු දෙදෙනෙක්ද දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනඥයෝ කිහිප දෙනෙක්ද රැස්වීමට ආහ. නව නිලධාරී මණ්ඩලයට උප කමිටු දෙකක්ද පත්කැර ගැනිණි.
ජාතික ප්‍රශ්නයට විසඳුම් වශයෙන් යෝජනා ඉදිරිපත් කිරීම හා සංස්කෘතික කටයුතු ගැන සොයාබැලීම එම කමිටු දෙකට පැවරේ. දොස්තර ලක්ෂ්මන් පැවසූයේ මෙම මණ්ඩලය දෙමළ දේශපාලනඥයන්ට පීඩන කණ්ඩායමක් වශයෙන් කටයුතු කරයි.
මහ ඇමැති විග්නේෂ්වරන් පැවසූයේ එම සංවිධානය කිසිවකුගෙන්වත් පළිගැනීමක් නොකරන බවයි. දෙමළ දේශපාලනඥයන් මෙතෙක් දොරගුළු දමාගෙන ගත් තීරණ අනාගතයේදී මහජනයා ඉදිරිපිට ගතයුතු බව දොස්තර ලක්ෂ්මන් කියයි.
2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ
පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර
රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
උතුරු මහ ඇමැති අලුත් බලවේගයක් හදයි
මහසෙන් Sunday, 20 December 2015 02:15 PM
දකුණේ වීරවංශලා කරන දේම ඔබ උතුරට වෙලා කරනවා වගේ පේන්නේ. (බ)
චන්න Sunday, 20 December 2015 02:54 PM
සුමිත්‍ර කියනවා වගේ බයවෙන්න ඕන නැත. (හේ)
අසේල Sunday, 20 December 2015 03:00 PM
උතුරට කිරි අපිට කැකිරි.(හේ)
චතුර Sunday, 20 December 2015 06:21 PM
කවුරු කවුරුත් මීය කැඩුවේ අත ලෙවකන්න නෙමෙයි කියලා රටම දන්නවා. (නි)
දේව් Sunday, 20 December 2015 08:01 PM
අපේ මිනිස්සු පක්ෂ සංවිධාන හදාගෙන තමන්ට නිලතල ලබාගන්න පුදුම ආසයි. රටේ පක්ෂ, සංවිධාන, අර කොමිසන් මේ කොමිසන් ගණනාවක් තිබෙනවා, රටට වැඩකුත් නැහැ. කාලය කනවා විතරයි. (නි)
කමල් Sunday, 20 December 2015 10:38 PM
මේක කාගේ උවමනාවට වෙන දෙයක්ද කියලා අපිට හොඳට තේරෙනවා. උතුරේ බලතුලනයට පක්ෂ 2 ක් තිබෙන එක හොඳ වුණත් මේකේ යටි අරමුණ ජාතිවාදය පදනම් කර ගෙන ජන්ද ලබා ගැනීම නම් මේ පක්ෂය දමිළ ජනතාව විසින් අන්ත පරාජයකට ලක්කළ යුතුයි. (නි)
සනත් ඉන්දික Sunday, 20 December 2015 10:51 PM
පාට කණ්ණාඩි දමාගත් සිංහල දේශපාලඥයිනි, දැන්වත් බලන්න දෑස් විවරකර මොකද්ද මේ වෙන්න යන්නේ කියලා. (නි)
නන්දලාල්-ප්‍රංශය Monday, 21 December 2015 12:13 AM
හැමෝම දන්නා උප්පරවැට්ටි හැම එක්කම දානවා. හොඳ විමසිල්ලෙන් හිටියොත් සාමය ආරක්ෂා කරගන්න රජයටත්, ආරක්ෂක හමුදාවන් වලටත් පුළුවන් වේවි... (නි)
දුෂ්මන්ත Sunday, 20 December 2015 10:10 AM
දැන් මොකක්ද වෙන්න යන්නේ.(හේ)
අසංග Sunday, 20 December 2015 10:07 AM
ඒ පාර මොකකටද දඟලන්නේ. (හේ)
කෝසල Monday, 21 December 2015 01:42 AM
කමල්, ඔය හරියටම වෙන වැඩේ තේරුම් අරගෙන තිබෙනවා. සම්පන් මහතාණෙනි, ජාතිවාදය ප්‍රතික්ෂේප කරන ඔබටත්, රජයටත් අපේ සහය හැමදාම ලැබෙනවා. (නි)
නිශාන්ත Monday, 21 December 2015 01:55 AM
අපි බලමුකෝ මොකක්ද කරන්න හදන්නේ කියලා (නි)
නයන Sunday, 20 December 2015 11:09 AM
මස්සිනා වගේම හීනමානයෙන් පෙලෙන මෙතුමා කකුලෙන් අදින එක විතරද කරන්නේ ?පසුගිය අවුරුදුවල විමධ්‍යගත අයවැයෙන් වෙන්කළ මුදල් සතයක්වත් වියදම් නොකර ආපසු එවල .එක එක සංවිධාන අටෝගෙන පිටරටවල සංවිධාන වලින් ගානක් කපා ගන්න හදන්නේ .ඡන්දෙට හම්බවුනු දේවල් බෙදා ගත්ත හැටි දැක්කනේ. (බ)
සුමිත්‍ර බස්නායක Sunday, 20 December 2015 11:15 AM
වැඩිය දගලන්න දුන්නොත් වැඩේ වැරදි වගේ. කව්රු කව්රුත් සීරුවෙන් හිටියොත් ඇඟට ගුණයි (බ)
රොහාන් Sunday, 20 December 2015 12:06 PM
මෙයා එන පොටනම් එතරම් හොඳමදී මෙයා ගැන අවදානයෙන් සිටිම රටේ අාරක්ෂාවට හොඳයි වගේ (බ)