IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


'උතුරේ යුද්දය රුපියල් කෝටි 30 ලක්ෂයක් කාලා'

වසර 30ක කාලයක් ශ්‍රී ලංකාවේ පැවැති යුද්ධයේ වියදම රුපියල් බිලියන 30000 (රුපියල් කෝටි 30 ලක්ෂයක් ) අධික බව ඉන්දීය හිටපු ආරක්ෂක උපදේශක මෙන්ම හිටපු විදේශ ලේකම් ශිවශංකර් මෙනන්  සඳහන් කර ඇතැයි ‘නිව් ඉන්දියන් එක්ස්ප්‍රස්‘ පුවත්සේවය වාර්තා කරයි. 

ඔහුගේ නවතම ග්‍රන්ථය වන 'චොයිසස් ඉන්සයිඩ් ද මේකින් ඔෆ් ඉන්දියාස් ෆොරීන් පොලිසි‘ ග්‍රන්ථයේ මෙය සඳහන් වෙතියි කියති.

එම පිරිවැය තුළ ආවස්ථික පිරිවැය ඇතුළත් නොවන බවත් හිටපු ආරක්ෂක උපදේශකවරයා සඳහන් කරයි.

1983 වසරේ පටන් 2009 දක්වා පැවති යුද්ධයේදී ජීවිත 80,000-100,000ක් අතර ගණනක් අහිමිව තිබෙන බවත් ඔහු පෙන්වා දෙයි. යුද්ධයේ අවසන් කාලයේදී පමණක් පුද්ලගයින් 300, 000කට අධික ප්‍රමාණයක් අවතැන් වූ බවත් උතුරු නැගෙනහිර වළදමා ඇති බිම්බෝම්බ ප්‍රමාණය ලක්ෂ 16ක් පමණ වන බවත් ශිවශංකර් මෙනන් කියයි.

ඔහු සිය ග්‍රන්ථයෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ ගැටුම් පැවති කාලයේදී එල්ටීටීඊ නායක ප්‍රභාකරන් සිය ලාංකික දෙමළ ප්‍රජාව ඉතාම කෲර හා සාහසික ලෙසින් අතහැර දමා ගිය බවය. එසේම රටින් පිටව ගිය ඩයස්පෝරා සහ සරණාගත ප්‍රජාව විසින් සපයන සහනාධාර ඇතුළු විදේශ ආධාර තම ජීවිතකාලයම  සුඛිත මුදිත කරනු  යාපනයේ දෙමළ පදිංචිකරුවන් හැම විමටම සිතූ බවත් නමුත් සිදු වූයේ එල්ටීටීඊ නායකයා සහ ඔහුගේ සහචරයින් පමණක් ඉන් සිය ජීවිත දියුණු කර ගැනීම පමණක් බව ශිව ශංකර් මෙනන් සිය ග්‍රන්ථයෙන් පෙන්වා දේ.



අදහස් (0)

'උතුරේ යුද්දය රුපියල් කෝටි 30 ලක්ෂයක් කාලා'

නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Wednesday, 14 December 2016 07:39 PM

මේ ඉන්දියන් කෙනාට ශ්‍රී ලංකාව ගැන පොත් ලියන්න තියෙන ආසාව! එල්ටීටීඊ නායක ප්‍රභාකරන්ගේ සැළකිලි ගැන අමුතුවෙන් පොත් මඟින් අපට දැනගන්න ඕනෑ නැහැ. ඡන්දෙන් ආවත්, තුවක්කුවෙන් ආවත් දෙගොල්ලොම කරන්නේ වෙනත් විදියක ත්‍රස්තවාදී හූරාකෑමක් බව "හෝඩි පොත" කියවන්නත් ඉස්සර ඉඳලම උගත් ශ්‍රී ලාංකික ජනතාව දැනගෙන හිටියා. (නි)

:       0       0

සහන Friday, 16 December 2016 04:18 AM

ඔය ඇතැම් සංවිධාන දැන් විවිධ ක්‍රියා කරගෙන යන්නෙත් රටට තව කෝටි කීයක් පාඩු කරන්නද දන්නේ නැහැ, රටේ ජාතීන් අතර විරසකයක් ඇති කරලා. (නි)

:       0       0

සුසන්ත Wednesday, 14 December 2016 11:45 PM

කොටින් පුහුණු කිරීම, ආයුධ සැපයීම ඇතුළු දේ කළ ඉන්දියාවෙන් මේ මුදලින් කොටසක් අයකර ගත යුතුයි. අනිත් කොටස කොටින් හුරතල් කළ අපේ සමහරුන්ගෙන් අයකරගත යුතුයි. (නි)

:       0       0

බමුණු ආරච්චි Thursday, 15 December 2016 12:27 AM

මුලදී ත්‍රස්තවාදයට අනුබල දීම්, සහයෝගය දීම, පුහුණුව දීම කළෙත් ඒගොල්ලෝ කියලා එයාගේ පොතේ සඳහන් වෙන්නේ නැත්නම් එම පොත කාරණා වසන්කරන පොතක් (නි)

:       0       0

රවීන් Thursday, 15 December 2016 01:48 AM

මේ කියන බිලියන 30000 ඉන්දියාවේ රුපියල් වලින්ද? එතකොට ඉන්දියාව කොටි පුහුණුකරපු වියදම? කොටින් ආරක්ෂා කළ වියදම? යාපනයට පරිප්පු දාපු වියදම? (නි)

:       0       0

දිමුත් Thursday, 15 December 2016 02:28 AM

තනිකරම එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණයක්. (නි)

:       0       0

සකුන්තලා Thursday, 15 December 2016 03:19 AM

ලංකාවේ මේ යුද්ධය ආරම්භ කළේ ඉන්දියාව කියලා කියලා නැද්ද? (නි)

:       0       0

බුද්ධි Thursday, 15 December 2016 03:29 AM

උතුරේ යුද්ධයක් තිබුන බව අපි දන්නේ පත්තරෙන් විතරයි. කොටින්ම සමහරු කිලිනොච්චිය අලිමංකඩ කොහෙද තිබෙන්නේ කියා දැනගත්තෙත් යුද්ධය ඉවරවුණාම. ගුණමකුවෝ මොනවා කිවුවත් කමක් නැත. (නි)

:       0       0

බමුණුසිංහ Thursday, 15 December 2016 03:33 AM

දිමුත්, නැතුව වෙන මොනවා කියනවද? ඒගොල්ලෝ අලිමංකඩ යන්න 138 නැගලා පාමන්කඩට ටිකට් අරගෙන. (නි)

:       0       0

ඉමාලිකා Thursday, 15 December 2016 01:19 PM

යුද්දේ නැතිවත් දැන් ඉන්න අය හොදට ණය ගන්නේ .හැබැයි එදා ගන්නකොට පවුලට කන්න අද ගන්නකොට රටට . (හේ)

:       0       0

ශශික Thursday, 15 December 2016 05:34 AM

මෙයාවත් අත්අඩංගුවට ගනීවිද දන්නේ නැහැ ප්‍රභාකරන් විවේචනය කරලා සංහිඳියාවට බාධා කළා කියලා. (නි)

:       0       0

මිනිපෙ Thursday, 15 December 2016 04:00 PM

යුධ ආයුධ, කොමිස්... නියමයි. (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Thursday, 15 December 2016 05:45 AM

කටේ රත්තරන් දාන්න ඕනෑ. (නි)

:       0       0

බමුණු Thursday, 15 December 2016 06:48 AM

සමහර මිනිස්සු හිතා ගෙන ඉන්නේ යුද්දය නිකම්ම නිකන් කරපු එකෙක් කියල ඔය තියෙන්නේ ගත්ත ණය. (ර)

:       0       0

නුවන් Thursday, 15 December 2016 10:03 PM

ඒ යුද්ධයට වඩා වැඩි වියදමක් යුද්ධයෙන් පසු පාර්ලිමේන්තුව නඩත්තු කරන්න වියදම්වෙලා වගෙයි. ඒක මේ පොතේ නැද්ද දන්නෙ නැහැ (නි)

:       0       0

සංජීව Thursday, 15 December 2016 08:23 AM

උතුරේ මිනිස්සු කියන්නේ එයාලට පහසුකම් නෑ රජය සලකන්නේ නෑ කියලනේ . බලන්න මේ මුදල මුළු ලංකාවම හොද තැනකට ගෙන්න පුළුවන් මුදලක් නේ මේ නැති කරලා තියෙන්නේ . ඒ වගේම වටිනා ජීවිත. (ර)

:       0       0

හේවාවිතාරණ Friday, 16 December 2016 12:16 AM

කීයක් ගියත් ඉන්දියාවට තිබෙන කැක්කුම මොකක්ද? (නි)

:       0       0

ඩේසි Wednesday, 14 December 2016 04:14 PM

ඔහු කියන කතාව ඇත්ත තමයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 350 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 531 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 328 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 270 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 861 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 170 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40221 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26021 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 284 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 413 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1336 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site