IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


උතුරේ සාධාරණ විසැඳුමකට කාගේත් සහාය ඕනෑ

ශ්‍රී ලංකාවේ සියලු දෙනාටම පිළිගත හැකි සාධාරණ විසැඳුමක්, උතුරු නැගෙනහිර ප්‍රශ්නයට අවශ්‍ය නමුත් කොටි සංවිධානය ඉල්ලන දේ දිය නොහැකි බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සිරස රූපවාහිනිය සමග සාකච්ඡාවක් පවත්වමින් අද (9) කීවේය.

කොටි සංවිධානයේ උත්සහය රට බෙදීම බවත් ඔහු ප්‍රකාශ කළේය.

යුද්ධය අවසන් වී වසර 6ක් ගිය පසු උතුරේ සංහිඳියාවක් හා සංවර්ධනයක් ක්‍රමයෙන් ඇති කිරීමට රජයට හැකි වී ඇති බවත් එය සාර්ථක කර ගැනීමට උතුරේ දේශපාලන බලය හිමි අයද සහාය දිය යුතු බවත් අවධාරණය කළේය.

උතුරේ ජනයාගේ ඉඩම්වලින් සියයට 92ක් පමණ දැනට හිමිකරුවනට දී ඇතැයි ද හමුදා කඳවුරු අඩුකර ඇතැයි ද ලේකම්වරයා කීවේය.



අදහස් (0)

උතුරේ සාධාරණ විසැඳුමකට කාගේත් සහාය ඕනෑ

මහීපාල Saturday, 09 August 2014 10:00 PM

මහත්තයා කියන දේ හරි (නි)

:       0       0

එරංග Sunday, 10 August 2014 07:46 AM

කාගේත් සහයෙන් තමයි බොහෝ ගැටළු විසඳිය හැක්කේ (නි)

:       0       0

ලුම්බිණි Sunday, 10 August 2014 12:46 AM

මෙතන වැරැද්ද තමන් විතරක් හරි කියල හිතන එක. (අ)

:       0       0

අබේරත්න Sunday, 10 August 2014 02:09 AM

ඔබට දළදා සමිඳුගේ සරණයි! (නි)

:       0       0

රොෂාන් Sunday, 10 August 2014 02:36 AM

උතුරේ ප්‍රශ්න වලට විසඳුම් හොයන්නට පෙර දකුණට නැති උතුරට පමණක් සීමාවූ ප්‍රශ්න මොනවද කියලා සොයන එක වඩා හොඳයි කියලයි මට නම් හිතෙන්නේ (නි)

:       0       0

නිශාන්ත Sunday, 10 August 2014 03:25 AM

උතුරේ ජනයා සියල්ල කොටි කියලා හිතන්න හොඳ නැහැ. එතකොට තමයි ප්‍රශ්න ඇතිවෙන්නේ. (නි)

:       0       0

රන්ජිත් Sunday, 10 August 2014 09:48 PM

සාධාරණ විසඳුමක් ලැබෙනවා නම් අපිත් සහයෝගය දෙනවා (නි)

:       0       0

අමල් Sunday, 10 August 2014 03:56 AM

මෙය කාලෝචිත යෝජනාවක් (නි)

:       0       0

සත්‍යයා Monday, 11 August 2014 01:30 AM

ශ්‍රී ලංකාවේ ඉන්න සමස්ත ජනතාවම අයත් වන්නේ එකම ජාතියකටයි. අඩුවශයෙන් මිලියන 80ක් පමණ වූ තමිල්නාඩුවේ ඉන්න ද්‍රවිඩ ජනතාවටවත් තමන් ජාතියක් වශයෙන් හඳුන්වා ගැනීමට අයිතියක් නැත්තේ සමස්ත භාරත ජනතාවම ඉන්දියානු ජාතිකයන් වීම නිසාය. අනෙක නම් ලංකාවේ තිබෙන ප්‍රශ්න දෙමළ වාර්ගික කණ්ඩායමට පමණක් විශේෂිත වූ දෙයක් නොව ශ්‍රී ලංකාවේ සියලුම ජන කොටස් වලට පොදුවේ බලපාන ප්‍රශ්න බව පිළිගන්නා පදනමක සිට මේ ප්‍රශ්නවලට විසඳුම් සෙවිය යුතුයි. (නි)

:       0       0

රෝහණ Sunday, 10 August 2014 04:17 AM

ඇත්ත වශයෙන්ම ඔබ තුමාගේ යෝජනාව හරියටම හරි. අද ටී.එන්.ඒ එකට අවශ්‍යවෙලා තියෙන්නේ මේකෙන් මග අරින්න. (නදී)

:       0       0

නිමල් ලලිතා Sunday, 10 August 2014 10:19 AM

දෙමල බස කතාකරන දෙමල වේවා, මුස්‌ලිම වේවා එවැනි ඕනෑම අයෙකුට මේ රටේ ඕනෑම තැනක් ජීවත්වීමට, රැකියාවක් කිරිමට, ඉඩමක් මිලදී ගැනීමට හැකියාව ඇත්නම් මොකක්ද මේ කියන සාදාරන විසදුම. (නදී)

:       0       0

ඉසුරන්දි Sunday, 10 August 2014 04:22 AM

මෙතන කොතනකවත් උතුරේ ජනයා කොටි කියලා කියල නැහැ. ඒ අතර ඉන්න කොටි සෙවනැලි වලට තමයි මේ කතාව ප්‍රකාශ කර තියෙන්නේ. (නදී)

:       0       0

ගිහාන් Sunday, 10 August 2014 10:42 AM

නිමල් ලලිතා, ඔබ දෙමුහුන් වීම නිසා ප්‍රශ්නයේ ඇතුල් පැත්ත ගැන දැනීමක් ඔබට නැති බව පෙනෙනවා. සතියක් උතුරේ නතර වී බලන්න. (නදී)

:       0       0

ගාමිණී - සිරි Saturday, 09 August 2014 03:34 PM

දශක තුනකට වැඩි කාලයක් සංවිධානයට දුවා දරුවන් බලෙන් පැහැරගත් ප්‍රභාකරන්ට කප්පන් ගෙවූ උතුරේ ජනතාව ,සරණාගතයින් ලෙස ද :ඉන්දියාවට පලායද්දී ,මේ ඉල්ලීම් ඔහුගෙන් නොකළේ ඇයි.(අ)

:       0       0

සදුනි Saturday, 09 August 2014 03:54 PM

ඔබතුමා හැමදාමත් කෙලින් කතා කරන කෙලින් වැඩ කරන කෙනෙක්.ඔබතුමාගේ අදහස් මෙන්ම ක්‍රියාවන්ද ඇති විශිෂ්ටයි.(අ)

:       0       0

පත්බේරිය Saturday, 09 August 2014 03:58 PM

දැන් එක රටක් එක ජාතියක් ලෙස සමඟි වෙමු. (අ)

:       0       0

ඇසළ Sunday, 10 August 2014 04:38 AM

මට නම් ත්රෙන්නේ නැහැ උතුරේ ජනතාවට තියන ප්‍රශ්න මොනවද කියලා. යුද්දෙන් පස්සේ සිංහල මහා ජාතියට වැඩියේ රජය පහසුකම් දුන්නේ උතුරට. ප්‍රශ්න තියෙන්නේ ටී.එන් එකේ දේශපලුවනට විතරයි. මොන පහසු කම දුන්නත් කමක් නැහැ රටේ ඉන්න ජන අනුපාතය අනුව.(නදී)

:       0       0

රොහාන් Saturday, 09 August 2014 03:58 PM

හොදට පහදලා තියනවා.. ශ්‍රී ලංකා වේම අනිත් අයත් මේ විදියටම දැනුවත් කරන්න. ජයවේව!(අ)

:       0       0

මධුභාෂිනී Sunday, 10 August 2014 04:38 AM

රට තුළ සාමය සහ සංහිඳියාවක් ඇති කිරීම සඳහා ආරක්ෂක ලේකම්වරයා ලෙසින් ඔබතුමා කරට ගෙන ඇති බරට උර දෙන්නට රටවැසියනට කරන පොදු ඇරයුමට රටට ආදරය කරන ජනතාව සහය දෙනවා නො අනුමානය. එහෙත් මැතිතුමනි, රට තුළ ක්‍රියාත්මක වන, විදේශ මුදල් බලාගෙනම පනගන්වා ඇති රාජ්‍ය නොවන සංවිධාන සහ ඒවාට ඍජුව සහ වක්‍රව ආධාර දෙන දේශීය හා විදේශීය පාදඩ නඩය සම්බන්ධයෙන් තද තීරණයක් ගන්න තුරු ඔබතුමාගේ අදහස ක්‍රියාත්මක කල හැකිද ? (නදී)

:       0       0

රන්ජිත් Saturday, 09 August 2014 04:12 PM

උතුරේ ජනතාව විතරක් නොවයි අපේ රජයත් ප්‍රභාට කප්පම් ගෙවලා තියෙනවා.(අ)

:       0       0

කුමාර Saturday, 09 August 2014 04:13 PM

නරකද සිරිමා සස්ත්රී ගිවිසුම නැවත පණගන්වන එක .(අ)

:       0       0

චමල් Saturday, 09 August 2014 04:40 PM

දන්නා කෙනෙක් පැහැදිලි කරලා දෙනවද උතුරට විතරක් තියෙන අපිට නැති ප්‍රශ්නේ මොකක්ද කියල විසඳුම් හොයන. පින් සිද්ද වෙනවා.(අ)

:       0       0

නිශාන්ත.ඩබ්ලිව්.ජී Sunday, 10 August 2014 04:59 AM

මේ රටේ ඉන්නවා පිරිසක් කොටි ඩයස්පෝරාවෙන් සහ ඉරිසියාකාර බටහිර රටවල් වලින් යැපෙන. ඒ වගේම පිරිසක් ඉන්නවා රටට මොන හෙනයක් ගැහුවත් අපිට කමක් නැහැ අපිට අවශ්‍ය බලය කියලා හිතන පිරිසක්. ඒ දෙගොල්ලොම කැමති නැහැ මේ ප්‍රශ්නය විසදෙනවට. එයාලා යැපෙන්නේ ඒකෙන් නිසා. රටට වැදගත් ඔබ තුමාගේ අදහස. හතුරො ඒ අය තමයි. (නදී)

:       0       0

දිනිත් Saturday, 09 August 2014 04:58 PM

අත් වැල් බැඳ දන්නා ඔහොම තමයි (දී)

:       0       0

කුමාර් Sunday, 10 August 2014 12:33 PM

අපි ඔබට සුභ පතනවා, ඔබගේ කැපවීම විශිෂ්ටයි (නදී)

:       0       0

පැරිස් සමන් Saturday, 09 August 2014 06:06 PM

සෘජු, රටට හිතැති අදහස් දරන ඔබ අපට වාසනාවක්.(දී)

:       0       0

කුමාරි Saturday, 09 August 2014 06:11 PM

වැරැද්ද තියෙන්නේ මේක ලංකාව කියල නොහිතන එකයි.රටක් වශයෙන් එකට නොසිතා ජාති,ආගම් වශයෙන් හිතනකන් කාටවත් සාදාරණයක් වෙන් නැහැ.මේ අපේ මාතෘ භූමියයි.නිදහසේ ස්වර්ග රාජ්ජ්යි සැවොම එක් වී ලංකා මාතාව සුරකිමු. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 165 0

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 2053 3

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2297 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2990 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1307 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 281 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37880 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24965 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 755 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site