IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


‘උතුරු සබේ ෆෙඩරල් යෝජනාව එපා‘

ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර පළාත් එක්කර දෙමළ භාෂාව පදනම් කරගත් එක් ප්‍රාන්ත පාලනයකුත්, සෙසු පළාත් නවය එක්කර සිංහල භාෂාව පදනම් කරගත් වෙනම ප්‍රාන්ත පාලනයකුත් ඇති කරන ලෙස ඉල්ලමින් ලෙස උතුරු පළාත් සභාව   පසුගියදා සම්මත කර ගත් යෝජනාව ප්‍රතික්ෂේප කරන්නැයි රජයෙන් ඉල්ලා බස්නාහිර පළාත් සභාව ඒකමතිකව යෝජනාවක් සම්මත කරගත්තේය.

එහි පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් උතුරු පළාත් සභාවේ යෝජනාවට විරෝධය පා එම සභාව මැද වාඩිවී විරෝධතාවයක ද නිරත වූහ.

එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා සභා රීති අත්හිටුවමින් මෙම යෝජනාව ඉදිරිපත් කළ අතර එය ස්ථීර කරනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී යූ. ජෝර්ජ් පෙරේරා මහතා විසිනි.

මෙම යෝජනාව ඉදිරිපත් කරමින් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පැවසුවේ උතුරු පළාත් සභාව සම්මත කරගෙන ඇති යෝජනාව ශ්‍රී ලංකාව තුළ භාෂාව පදනම් කරගෙන ෆෙඩරල් ආණ්ඩු දෙකක් ඇතිකිරීමට කරන යෝජනාවක් බවයි.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී  තෙබුවන පියනන්ද හිමි, ආණ්ඩු පක්ෂයේයේ ප්‍රධාන සංවිධායක ගුණසිරි ජයනාත්, එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් වන ජගත් අංගගේ, මෙරිල් පෙරේරා, ප්‍රසන්න සංජීව, ලලිත් එල්ලාවල, නිරෝෂා අතුකෝරළ, එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී යූ ජෝර්ජ් පෙරේරා, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ මන්ත්‍රීවරුන් වන අරුණ දීපාල්, අශෝක දයාරත්න, රජිත හපුආරච්චි ඇතුළු මන්ත්‍රීවරුන් 15 දෙනෙකු පමණ සභාවේ බිම වාඩි වී විරෝධතාවයේ යෙදුණහ.

පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, ප්‍රවාහන හා සමූපකාර සේවා අමාත්‍ය ලලිත් වනිගරත්න යන මහත්වරුන් ද මෙම අවස්ථාවේ සභාවේ රැදී සිටියහ.

palath

 



අදහස් (0)

‘උතුරු සබේ ෆෙඩරල් යෝජනාව එපා‘

බමුණු ආරච්චි Tuesday, 03 May 2016 11:30 PM

මෙරටට ෆෙඩරල් එපා කියො මුළු රටේම පළාත් සබා යෝජනා සම්මත කරගන්න. (නි)

:       0       0

ජයලත් Wednesday, 04 May 2016 02:35 AM

අපි සමගියෙන් සිටිය යුතුයි. නමුත් මෙවැනි දේ වෙනවා නම් අපි සියලුදෙනාම එකම සිංහල ජාතියක් ලෙසට නැගිටිය යුතුයි. මට තියෙන්නේ මේ රට විතර‍යි. අපි මේ රට රැකගත යුතුයි. (නි)

:       0       0

නිමල් ලාලිත Wednesday, 04 May 2016 02:46 AM

කරලා තියෙන්නේ හොඳ වැඩක්.‍ අද අසිංහල ජාතිවාදය සිංහලයාට ගහන්නේ ජනගහණය වැඩි කිරීමෙන්. බොදු අයිතියට ගහන්නේ ආගමික මධ්‍යස්ථාන, පාසල් මුවාවෙන් ඉදිකරමින්. දවස් 365 ම අහන්නේ බණ. නමුත් අපරාධ එන්න එන්නම වැඩිවෙනවා. දේශපාලකයන් පක්ෂය රැකගැනීමට නොයෙක් වැඩ කරන්නා සේම මේ සිංහල දේශපාලකයන්ට පාර්ලිමේන්තු යාමටත් සිංහලයා ඉතිරිවිය යුතුයි (නි)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 04 May 2016 04:25 AM

මුලින්ම සිංහලයට ඉන්න රටක් ඉතිරිවෙන්න ඕනෑ. එ්ක ඉතිරි කරගන්න බලන්න (නි)

:       0       0

දිලිප් Wednesday, 04 May 2016 05:06 AM

රට ජාතිය වෙනුවෙන් යෝජනා සම්මතය ඉදිරිපත්කළ අයට අපගේ ප්‍රණාමය! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 01 291 0

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන මහතා පත් කර තිබේ.


දුම්රිය පාර අයිනේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 01 123 0

මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද( 1) අඹේපුස්ස කීනදෙනිය දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී සොයා ගත් බව මීරිගම පොලිසිය කියයි .


අත්‍යවශ්‍ය වියදම් මුදල් නිදහස් කිරීමේ බලය මුදල් ලේකම්ට
2024 ඔක්තෝබර් මස 01 694 0

අක් මුදල් නිදහස් කිරීම සඳහා පවතින සීමාවන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත .


සල්ලි නොගෙන වැඩ කරන ජනාධිපති උපදේශකවරු
2024 ඔක්තෝබර් මස 01 1586 0

ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලන්ගමුව මහතාත් ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු ම


වෙන්දේසියේ මල් වට්ටියට ලක්ෂ 7්ක්
2024 ඔක්තෝබර් මස 01 212 1

කරුවලගස්වැව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව විහාරමන්දිරය ඉදිකිරීමට ආධාර පිණිස සංවිධානය


ජපන් මහ මැතිවරණය ඔක්තෝබර් 27 වැනිදා
2024 ඔක්තෝබර් මස 01 103 1

කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට, ජපානයේ පාලක ලිබරල් පක්ෂයයේ නව නායකයා මෙන්ම, නව අග්‍රාමාත්‍යවරයා ද වන 67 හැවිරිදි ෂිගුරු ඉෂිබා තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38405 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25303 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 266 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 883 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 317 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site