IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


උතුරේ හර්තාල් : සිසු මරණවලට විරෝධය දක්වයි

යාපනයේ විශ්ව විද්‍යාල සිසු ඝාතනයට විරෝධය පළ කරමින් උතුරේ අද හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙයි.

කඩ වසා, පාසල් වසා සිදු කරන හර්තාලයට සහාය පළ කරමින් අභ්‍යන්තර බස් ගමන්ද නවතිනු ඇතැයි දේශපාලන ආරංචි කියයි.

උතුරු පළාත් සභා මන්ත්‍රී එන් කේ සිවාජලිංගම් මහතා කීවේ දේශපාලන පක්ෂ හතක සහයෝගය හර්තාලයට ලැබෙන බවයි.

සිසුන් දෙදෙනාගේ මරණය සිදුවූයේ රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් ලෙස බවත් සිවාජලිගංම් මහතා පවසයි.

යාපනය විශ්ව විද්‍යාලයයේ සිසුන් දෙදෙනා රිය අනතුරකින් මිය ගිය බව පොලිසිය මුලින් කී අතර පසුව අනාවරණය වූයේ එක් සිසුවකුගේ සිරුරේ වෙඩි සලකුණු ඇති බවයි.

DSC_1145 DSC_1150 DSC_1169 DSC_1173 DSC_1187 DSC_1196

ඡායාරූප - රොමේෂ් මධුෂංක

55 viber55-image viber77-image viber-ima55ge viber-ima66ge viber-image

ඡායාරූප - තරිඳු ජයවර්ධන

වීඩියෝ - රොමේෂ් මධුෂංක



අදහස් (0)

උතුරේ හර්තාල් : සිසු මරණවලට විරෝධය දක්වයි

සුමේධ Tuesday, 25 October 2016 08:32 AM

ඇත්තටම අපි කවුරුත් දන්නේ නැහැ ඇත්ත සිද්ධිය මොකද්ද කියලා මම නම් කියන්නේ එම ශිෂ්‍යන් දෙදෙනා පොලිසියේ අණ නොතකා ගියා නම් ශිෂ්‍යයෙනුත් වැරදියි. අනිත් පැත්තෙන් පොලිසියෙන් ශිෂ්‍යන් හට වෙඩි තිබ්බානම් එහෙත් වැරදියි පොලිසියට අවම බලය හරි පාවිච්ච් කරන්න තිබුණා. මෙි සිද්ධියන් මේ දෙගොල්ලොම වැරදියි (බ)

:       0       0

බමුණුසේන Tuesday, 25 October 2016 01:37 AM

සිවාජලිංගම්ලා ඉන්න ඔය පළාත් වලට ලංකාවේ නීතිය වලංගු නැද්ද? පොලිස් අණ නොතකා යාම නීති කඩකිරීමක් නොවෙයිද? (නි)

:       0       0

බමුණු ආරච්චි Tuesday, 25 October 2016 01:58 AM

මේ හර්තාල් වලින් රිදෙන්නේ කාටද? අඩාලවෙන්නේ නුඹලාගේම ජනජීවිත නේද? (නි)

:       0       0

සදුන් හසන්ත Tuesday, 25 October 2016 02:08 AM

පොලිස් අණ නොතකා වාහනයක් ධාවය කළොත් වෙඩි තබන්න කියා තියෙන්නේ මොන නීතියකද? ලංකාවේ එහෙම නීතියක් නැහැ. අණ නොතකා ගියොත් කරන්න දේවල් තියෙනවා, නමුත් වෙඩි තියන්න බැහැ. (නි)

:       0       0

නිමල් රාජපක්ෂ Tuesday, 25 October 2016 02:09 AM

මේ සිසුන් දෙදෙනා පොලිස් අණ නොතකා ගියා කියලා කවුද කියන්නේ බමුණුසේන? කොහෙද එහෙම තියෙන්නේ? නොදන්න දේවල් කතාකරන්න එපා. (නි)

:       0       0

දයානි Tuesday, 25 October 2016 02:26 AM

පොලිස් අණනොතකා ගියේ මොකටද? ඒගොල්ලන්ගේ පාලනය හින්දා වෙන්න ඇති. (නි)

:       0       0

ඔසධ Tuesday, 25 October 2016 02:46 AM

නිමල් රාජපක්ෂට ඇඹිලිපිටිය ගැනත් ඔයවගේම හැඟීමක් ආවද? (නි)

:       0       0

බණ්ඩාර - කැකිරාව Tuesday, 25 October 2016 09:45 AM

සහෝදරයා....මේ අදුරු කතාවක ආරම්භයක් පමණි.,සන්හිදියාවට මුවාවී වර්ගවාදය පතුරුවන දේසපාලුවන්ට එරෙහිව ක්‍රියා නොකරමින් මුනිවත රකින යහපාලන ආණ්ඩුව අද රටේ එ්කිය භාවය හා ස්වාධීනත්වය අනතුරුදායක තැනකට යොමුකරලයි තියෙන්නේ. ඇත්තටම මේ කරන්නේ හොදවුණු තුවාල අයෙත් පාරන එක විතරයි.දැන් සංහිදියා නැතිවෙලා ඉවරයි. (බ)

:       0       0

ධම්ම Tuesday, 25 October 2016 03:21 AM

පාලනයේ නම්‍යසුලුභාවය උපයෝගීකරගෙන මේවාට යටින් ක්‍රියාත්මකවන න්‍යායපත්‍ර ගැනයි සැළකිලිමත් විය යුත්තේ. (බ)

:       0       0

කමල් Tuesday, 25 October 2016 03:48 AM

පොලිස් නිලධාරින් සියළු දෙනා කැඳවා මිනිස් ජීවිතවල අගය ගැන කියාදීමට පුනරුත්ථාපන කඳවුරක් දමන්න. නැත්නම් හෙටත් රටේ කොහේ හෝ පුරවැසියන් මරා දමාවි. (ම)

:       0       0

තිස්ස Tuesday, 25 October 2016 10:19 AM

නැති වෙච්ච සංහිදියාව තමයි ඇති කරන්න ඕනේ ,උතුරේ දකුණේ දෙකේම ජාතිවාදීන් ඉන්නවා නමුත් උන් දන්නේ නැහැ ජාති වාදයේ කිසිම හරයක් නැති බව. (බ)

:       0       0

චින්තක Tuesday, 25 October 2016 04:08 AM

මිනිස් ජීවිතයක් අහිමිවීම කනගාටු දෙයක්. නමුත් සිවාජිලින්ගම්ලා හිතාගෙන ඉන්නේ උතුර වෙනම පාලනයක් කියලා. එහෙම හැගීමක් උතුරේ ද්‍රවිඩයන්ට ආවාහම එයාල පොලීසිය තියා දකුණේ දේවල් ගණන් ගන්නේ නැහැ (ම)

:       0       0

සම්පත් පතිරණ Tuesday, 25 October 2016 04:16 AM

යාපනේ සිංහල සරසවි සිසුන්ට ගහනකොට හර්තාල් කරන්න කවුද හිටියේ.....(ම)

:       0       0

මොහාන් Tuesday, 25 October 2016 04:33 AM

මේවට හර්තාල් කරලා වැඩක් නැහැ, නීතියක් තියෙනවා මේ රටේ. (බ)

:       0       0

සුසන්ත Tuesday, 25 October 2016 04:40 AM

පොලිස් අනනොතකා පළමුදා පළා ගියා ඊයේ අත පය කපල පළා ගියා හෙට.........? (බ)

:       0       0

සුසන්ත Tuesday, 25 October 2016 04:43 AM

මේ නිතිය ගැන කතා කරන මහත්වරු අැඹිලිපිටියේ සිද්ධියේ දී කසාය බිලද හිටියේ (බ)

:       0       0

තරංග Tuesday, 25 October 2016 04:46 AM

අන්තරේත් ඉන්නවයි කියන්නේ උද්ඝෝෂණ . හික්ස් .. සිංහල කොල්ලොන්ට ගහන කොට නම් අන්තරේ හිටියේ කොහෙද දන්නේ නැහැ . යකුනේ එරෙහි වෙනවානම් හැම ජාතිවාදෙටම එරෙහි වෙයල්ලා . දෙමල මුස්ලිම් අන්තවාදයට කඩේ යන ගමන් සිංහලයා ගැන කතා කොරොත් රෙද්ද උස්සගෙන එන්නේ නැතුව හැම අන්ත වාදයක්ම හෙලා දැකපල්ලා . (බ)

:       0       0

සුරනිමල Tuesday, 25 October 2016 04:50 AM

මේ සිදුවීමත් අර , රේල් පාරේ , කෝච්චියට බෙල්ල තියල මැරුණා කියල ප්‍රසිද්ධ කරපු , පස්සේ කතාව යටගහපු සිද්ධිය වගේ , ඊලාම් අවතාර වල වැඩක් වෙන්න බැරිද ?? (බ)

:       0       0

ඉන්දික Tuesday, 25 October 2016 04:51 AM

දැන් ඔය රාජ්‍ය පාලනය ගිලිහිලා නෙමෙයිද ? වෙනස සැපද? (බ)

:       0       0

අබේරත්න Tuesday, 25 October 2016 04:59 AM

කුමක්දෝ අහේතුවකට උතුරේ දෙමල තරුණයන්ට ආපහු අනවශ්‍ය ජවයක් ඇවිල්ලා ....(බ)

:       0       0

මංජුල Tuesday, 25 October 2016 05:05 AM

අනේ අපිටද මේකෙන් පාඩු ඔය බොරුවට කෑගහන අන්තරේ කට්ටිය යාපනේ විශ්ව විද්‍යාලයේදී සිංහල කොල්ලන්ට ගහන කොට කොහෙද හිට්යේ. සිවාජිලින්ගම්ව යවන්න ඕනේ මස්සිනා ගාවට (බ)

:       0       0

බමුණු Tuesday, 25 October 2016 11:16 AM

නිමල් රාජපක්ෂ නින්දෙන් නැගිටලා වගේ දොඩවන්න එපා මෙතැන ලියන කව්රුත් කතා කොරන්නේ පොලිස් අන නොතකා යාම ගැනයි. (බ)

:       0       0

යසපාල Tuesday, 25 October 2016 05:36 AM

මේ ප්‍රශ්න දුරදිග නම් ගෙනියන්න එපා (නි)

:       0       0

විපුල Tuesday, 25 October 2016 05:45 AM

ඇත්ත. අනවශ්‍ය ජවයක් ලැබිලා. අපි වගේ නෙමෙයි ඒ ජනතාව හරි එකමුතුයි. (නි)

:       0       0

රන්ජිත් Tuesday, 25 October 2016 05:57 AM

මට නම් සතුටුයි කියන්නේ ඒ තරම් සතුටක් නැහැ. ඇයි දන්නවද මේවා මට කලින් පෙනුන හීන හින්දා (නි)

:       0       0

රවිඳු Tuesday, 25 October 2016 06:15 AM

යුද්ධය!!!! උතුරේ හෝ දකුණේ අමනයින්ගේ ඒ සුන්දර සිහිනය සැබෑවීමේ පෙරනිමිතිද මේ? සතුටුයිද දැන්??? (නි)

:       0       0

නලින් Tuesday, 25 October 2016 06:16 AM

පොලිසිය විසින් වැරදි කරන පොලිසියේ අය රකිනතාක්කල් මේ වගේ දේවල් නැවත නැවතත් සිදුවේවි. උතුරෙත් දකුණෙත් දෙකේම. (නි)

:       0       0

අසංග Tuesday, 25 October 2016 06:22 AM

ඔහොම යමුකෝ. රටේ නීතිය කොහෙටත් පොදුවිය යුතුයි. (නි)

:       0       0

රිෂාන් Tuesday, 25 October 2016 06:23 AM

නුඹලා දකුණේ උද්ඝෝෂණ කරනවා නම් එ්ක අපේ අයිතිවාසිකම. උතුරේ කළොත් ජාතිවාදය. අනේ නුඹලගේ අදහස් ......? (නි)

:       0       0

බමුණුසේන Tuesday, 25 October 2016 07:09 AM

නිමල් රාජපක්ෂ, මේ සිසුන් දෙදෙනා පොලිස්සියෙන් වෙඩි කාලා මැරුනා කියලා ඔබ දැනගත්තේ කොහෙන්ද? අන්න එම ක්‍රමයටම තමයි මමත් මෙහි ලියන අනික් අයත් එය දැනගත්තේ. ඔබ නොදන්නවාට මෙහි ලියන බොහෝදෙනා වෙඩිකෑමට හේතුව දන්නවා (නි)

:       0       0

බමුණු ආරච්චි Tuesday, 25 October 2016 07:12 AM

ඔසධ, නිමල් රාජපක්ෂ දැනුයි නින්දෙන් අවදිවෙලා තිබෙන්නේ (නි)

:       0       0

හේවා Tuesday, 25 October 2016 07:15 AM

නැවතත් රටේ ප්‍රශ්න ඇතිකරන්න එපා (නි)

:       0       0

බමුණු ආරච්චි Tuesday, 25 October 2016 07:30 AM

නිමල් රාජපක්ෂ, පොලිස් අණ නොතකා කිසියම් ධාවනය කරන වාහනයකට වෙඩි තැබීමට පොලිසියට බලයක් නැති බවත්, වෙඩි තැබීම දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක් බවත් ජාතික පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා කියනවා. (නි)

:       0       0

නුවන් Tuesday, 25 October 2016 07:30 AM

අපිට නම් පාඩු වෙන්නේ නැහැ. නමුත් 2015 කලින් ගොඩක් හොඳට මේ පළාත් පාලනය වුණා. යහපාලනය මුවාවෙන් නැවත අරගලයක් වගේ (නි)

:       0       0

සජී Tuesday, 25 October 2016 07:30 AM

මේ හැම‍දේකින්ම වෙන්නේ අපේ රට ආපස්සට යන එකයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු සුරාබදු කොමසාරිස් දැන්ම රට යන්නේ නැතිලි
2024 ඔක්තෝබර් මස 10 84 0

නොවැම්බර් මස 10 වැනිදා තෙක් තමන් විදේශගත නොවන බවට හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා ඇතුළු සුරාබදූ නිලධාරීන් සිව්දෙනකු සිය නීතීඥවරයා


පොහොර වංචාකරුවන් වහා අල්ලනු
2024 ඔක්තෝබර් මස 10 112 0

ගොවි ජනතාව සඳහා ආනයනය කළ පොහොර හොර රහසේ කර්මාන්තකරුවන්ට ලබා දී රුපියල් කෝටි ගණනින් මුදල් වංචාකර රජයට පාඩු කළේ යැයි කියන මෙරට පොහොර සමාගම් පහක හා තැ‍රැ


ජාත්‍යන්තර තර්ජන වලට මුහුණ දෙන්න එක්සත් ජනපද සහය
2024 ඔක්තෝබර් මස 10 131 0

එක්සත් ජනපද පැසිෆික් නාවික බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් කොහ්ලර් (Admiral Steve Koehler, a 4-star U.S. Navy Admiral and Commander of the U.S. Pacific Fleet) මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපත


අල්ලස් කොමිසමට අධ්‍යක්ෂවරියක්
2024 ඔක්තෝබර් මස 10 525 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂක ජනරාල් ලෙස එම්. ආර් වයි. කේ. උඩවෙල මහත්මිය පත් කර ඇත


මාතර පරණ සෙට් එකක්ම මෙවර මහ ඡන්දයට නෑ
2024 ඔක්තෝබර් මස 10 826 1

ඉකුත් පාර්ලිමේන්තුව නියෝජනය කළ මාතර දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කථානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරු


ජන අරගලයත් දිවයිනටම නම් දෙයි
2024 ඔක්තෝබර් මස 10 252 1

ජන අරගල සංවිධානය ඉදිරි මහ මැතිවරණය සදහා දිස්ත්‍රික්ක 22 කටම නාම යෝජනා ලබා දී අවසන් බව ජන අරගල සංධානයේ දේශපාලන මණ්ඩල සභික සුලේඛා සමරසේන මෙනවිය පැවසුවාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39760 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25843 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 67 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 383 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1246 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site