IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


උතුරු හසුන

එළැඹෙන 2016 වසරේදී ජාතික ගැටළුවට විසඳුම් ලබාගැනීමට අවශ්‍ය නම් මහ මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය ශක්තිමත් ලෙස ජයග්‍රහණය කරවන්නැයි එම සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා ත්‍රිකුණාමලයේ පැවති ප්‍රචාරක රැස්වීමක් අමතමින් පැවසීය.

උතුරු නැගෙනහිර ජනතාවගේ ඡන්දය ලබාගනිමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රටේ ජනාධිපතිවරයා බවට පත්වූ බවත් එහිදී රටේ සමස්ත ජනතාව තමා තෝරා පත් කර ගත් බවට මමත්වයෙන් පසුවූ බවත් ඔහු කීවේය.

ඒ නමුත් රාජපක්ෂ මහතා කටයුතු කළේ දකුණේ නායකයකු ලෙස බවත් මෙරට යුද්ධය අවසන් කළේ යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් පවා ශ්‍රී ලංකා ආණ්ඩුවට ප්‍රශංසා හිමිවූ බවත් ඔහු ප්‍රකාශ කළ අතර රටේ දෙමළ ජනතාව ත්‍රස්තවාදයෙන් මුදාගත් බවට රාජපක්ෂ මහතා ප්‍රකාශ කළත් පැවති උතුරු නැගෙනහිර පළාත් සභා මැතිවරණවලදී ඔවුන් තම නායකත්වය හා වගකීම දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතාට බාරදීමට කටයුතු කර ඇති බවත් සුමන්තිරන් මහතා එහිදී පැවසීය.

එදා ප්‍රශංසා කළ එක්සත් ජාතීන්ගේ සංවිධානයම මේ වන විට ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනා තුනක් සම්මත කරගෙන ඇති බවත් පසුගිය වර සම්මතවූ මානව හිමිකම් කඩවීම් පිළිබඳව ජාත්‍යන්තර විමර්ශනයක් ඉල්ලා තිබූ බවත් එය ගෙන ඒමට තම ඇතුළු පිරිස දැරූ උත්සාහය පිළිබඳව ජනතාව හොඳින් දන්නා බවත් ඔහු කීවේය.

හිටපු එල්.ටී.ටී.ඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ආශිර්වාදයද සමගින් දෙමළ ජාතික සන්ධානයේ අරගලය ඉදිරියට ගෙන යා යුතු බව එම සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් මහතා පසුගියදා පැවති දේශපාලන රැස්වීමකදී පැවසීය.

දීර්ඝ ඉතිහාසයක් ඇති ජාතියක් ලෙස මේ පසුකරමින් සිටින්නේ ඉතා වැදගත් සන්ධිස්ථානයක් යැයිද තම අරගලය අවාසනාවන්ත ලෙස අවසන්වූ අවස්ථාවක එම අරගලය ඉදිරියට ගෙනයාම දෙමළ ජාතික සන්ධානයේ අරමුණ බවද ඔහු කීවේය.

 



අදහස් (0)

උතුරු හසුන

දහම් Tuesday, 28 July 2015 12:29 PM

සිංහල ජනතාවට සිංහල තේරෙනවනම් මේ ඡන්දෙදි මුන්ගේ වුවමනාව ඉටු කරන යූ එන් පී එකට ඡන්දෙ දෙනවද? (බ)

:       0       0

අරවින්දන් Tuesday, 28 July 2015 12:38 PM

අනාගතයක් ඕනා නම් අලියට, අතට හෝ සීනුවට ඡන්දෙ දෙන්ඩ. ජාතික ප්‍රශ්නයට විසදුමක් ගෙන එමු. (නදී)

:       0       0

ධම්ම Tuesday, 28 July 2015 12:46 PM

සිංහලයින්ගේ ඉවසීමේ සීමාව ඇත්තේ අනන්තයේය. ඒ ඉවසීම ඔවුන්ගේ දුර්වලතාවයක් ලෙස සිතා කටයුතු කල හැමදෙනාටම අවසානයේ අත්වුයේ ප්‍රභාකරන්ට අත්වූ ඉරණමයි. මේ රටේ ඉතිහාසය දන්නා අය මෙය හොඳින් දනී. 'ප්‍රහාකරන්ලා' බිහිවූ හැමවිටකම 'රාජපක්ෂලාත්' මේ රටේ බිහිවුනි. ('රාජපක්ෂ' යන්න වැරදියට තේරුම් නොගන්න) (නදී)

:       0       0

ඉන්දික Tuesday, 28 July 2015 12:52 PM

ප්‍රබාකරන් ත්‍රස්තවාදියාගේ ආශීර්වාදය ඇතිව, මහින්දවත් එලවල ආයිත් මෙයාල රට යුද්දෙකට අැදලා දාවිද? (නදී)

:       0       0

ඉසුරන්දි Tuesday, 28 July 2015 12:54 PM

අරගල කලාට නම් කම් නැත. එය කාගේත් ප්‍රජා අයිතිවාසිකම් දිනාගැනීමට කරන වෑයමක් නිසා බැවිනි. නමුත් එය සිදුවිය යුත්තේ අවියෙන් නොවන බව අහිංසක දෙමල ජනතාවට තේරුම් කරදීම ඔබතුමන්ලාගේ වගකීම වන්නේය.(නදී)

:       0       0

නාලක Wednesday, 29 July 2015 07:07 AM

බෙදුම් වාදයට සැරසෙන මෙම කණ්ඩායම අද එක්ව සිටින්නේ කා සමගද ?ජනතාව මොලේ කල්පනා කර තමාගේ ජන්දය භාවිතා කරන්න! (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 424 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 466 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 10290 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 3066 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 3837 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 6137 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 19472 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 96 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 286 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 151 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site