යාපනය විශ්ව විද්‍යාලයේ 31 වැනි උපාධි ප්‍රදානෝත්සවය උත්සවාකාරයේ යාපනය විශ්ව විද්‍යාලයේ කයිලාසපති ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
සිසුහු 1939 දෙනෙක් උපාධි ලදහ. ඒ අතර සිසුවියෝ 760 දෙනෙක් වෙති.
යාපනය විශ්ව විද්‍යාලයේ කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එස්.පද්මනාදන් මහත්මා සහ යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපතිනි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ති අරසරත්නම් මහත්මියගේ ප්‍රධානත්වයෙන් උපාධි ප්‍රදානෝත්සවය පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධුරයට පත් වූ අනුර කුමාර දිසානායක මහතාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය සු
මෙරට ජනතාවට විශාල ගැටලුවක් බවට පත්ව තිබෙන විදේශ ගමන් බලපත්‍ර ගැටලුවට හැකි ඉක්මණින් විසඳුමක් දෙන බවත් ලබන ඔක්තෝබර් මස 15ත් 20ත් අතර කාල වන විට පෝලිම අවසන්
පාසල් දුවා දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවය පිරිමසාලීම වෙනුවෙන් ප්‍රවාහනය ද ඇතුළත්ව බිත්තරයක් රුපියල් 30ක මුදලට ලබාදීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සං
ඉරානයෙන් සිය ජීවිතයට විශාල තර්ජන තිබෙන බව ඇමෙරිකාවේ රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් අද (25) ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර මහතා පත්කර ඇත.
ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
උතුරේ 1940ක් පට දරුවෝ
අබය Thursday, 21 January 2016 07:20 AM
ජාතිය කුමක් වුවත් මේ දරුවෝ අපේ රටේ නම් අපි හිස නමා ආචාර කරමු. ඒත් අප රටේ ඉඳගෙන වෙනත් රටක් හෝ ඊනියා දේශයක් නියෝජනය කරයි නම් අපි ඔවුන් හෙළාදකිමු. (නි)
ශානක Wednesday, 20 January 2016 11:59 PM
මේක දේශපාලන වේදිකාවක් නෙමෙයි. ජාතික කොඩිය දාන අවස්ථා තිබෙනවා. නිකම් ජාතිවාදය අවුස්සන්න එපා. (නි)
ඇන්ටන් Wednesday, 20 January 2016 01:07 PM
මුතුකුඩ කිව්වා වගේ අපේ රටේ එක ජාතික කොඩියක්වත් නැති නිසා මෙහෙම අහන එක සාධාරනයි නේද? (නි)
රෙජි-සිඩ්නි Thursday, 21 January 2016 02:12 AM
ඒ අය එහෙ ඉඳන් තමන්ගේ වැඩ කරගන්නවා. අපේ අය මෙහෙ ඉඳන් පෙළපාලි යනවා. (නි)
විමල හිමි Wednesday, 20 January 2016 01:46 PM
අපේ රටේ උගත් බුද්ධිමත් මිනිසුන් වඩ වඩාත් බිහිවීම සතුටකි. ඔබ සියලු දෙනාට ආශීර්වාද කරනවා ලෝකයට වටිනා සේවයක් කරන්නට සියලු ශක්තිය ලැබේවා කියල. (බ)
නුවන් Thursday, 21 January 2016 02:46 AM
අපේ විශ්ව විද්‍යාලයේ නම් උත්සව බිම වගේම උත්සවය තිබෙන තැනත් ජාතක කොඩි සහ විශ්ව විද්‍යාල කොඩිවලින් සරසනවා (නි)
රංජිත් Wednesday, 20 January 2016 02:07 PM
හරි. දැන් උපාධිය ලැබුනානේ. ඉතින් මොකද කරන්නේ පොල් ගාන්න ද? (බ)
නිශාර්ඩ් ප්‍රීනා Thursday, 21 January 2016 03:27 AM
පිරුණු කළේ දිය නොසැළේ. (නි)
නලින් Wednesday, 20 January 2016 02:24 PM
එක ජාතික කොඩියක් නැහැ .මේක ලංකාවේ නම් වෙන්න බැහැ. (බ)
සංජීව Thursday, 21 January 2016 09:04 AM
ඇත්තටම සතුටුයි දරුවනේ.(හේ)
කුමාර Wednesday, 20 January 2016 02:37 PM
මහේෂ් හරියට හරි.මෙහෙම දේවල් වලින් කියවෙන්නේ මොනවද කියල යහපාලන ආණ්ඩුවට උදව් කරපු අයට නොතේරෙන එකනේ පුදුමේ. (බ)
මහේෂ් මුතුකුඩ Wednesday, 20 January 2016 09:21 AM
ගණන් කරන්න බැරි තරම් ජාතික කොඩි දාල. (බ)
ප්‍රසන්න Wednesday, 20 January 2016 02:58 PM
මහේෂ් මුතුකුඩ ජාතික කොඩි දානේ කොහොමද? ජාතික කොඩි දාන්න පුළුවන් ජාතික උත්සව වලට විතරයි කියල අර පිවිතුරු මහත්තය තර්ක කළේ.. මේක ජාතික උත්සවයක් නෙවිනේ....(බ)
චන්දි Thursday, 21 January 2016 04:23 AM
පහත දිගුවෙන් පෙනෙන්නේ කැලණිය සරසවියේ උපාධි ප්‍රධානෝත්සවයේ අවස්ථා. ජාතික කොඩි කියක් ගණන් කරාද? දන්න නොදන්න හැමදේකටම මොකක් හරි තොප්පියක් දාන්න බලන බහු භූතයෝ ඉන්න රටක් මේක (අ) http://www.kln.ac.lk/wp-content/uploads/2014/11/76-Convocation_University-of-Kelaniya-12.jpg
ජැක්සන් ආරචිපාල Thursday, 21 January 2016 04:34 AM
මතකද සිරිල් මැතිව් අැමති! දෙමල මාධ්‍ය උසස් පෙල ප්‍රශ්න පත්‍ර බලන ගුරැවරු වැරදි පිළිතුරු වලට ලකුණු දීපු හැටි කිව්වා. අසමත් සිසුන් තොග ගනනට කැම්පස් ගිරේ එහේමයි.(අ)
ජීවන් Wednesday, 20 January 2016 09:37 AM
මට 1985 මතක් වේ මම එදා මෙවන් උපාධියක් ලබා ගත්තා (බ)
ඉන්දික Thursday, 21 January 2016 05:29 AM
විශ්ව විද්‍යාලය කියන්නේ රාජ්‍ය ආයතයක්....රජයෙන් පඩි ලබන හා නඩත්තු වෙන තැනක්..ඒවැනි උත්සවයකට ජතික කොඩිය අනිවාර්යයි. හරි දකුණෙ අනිත් විශ්ව විද්‍යාලය වල උත්සව තියෙන කොට දාන්නේ ඇයි..එවැයි ප‍්‍රතිපාදනත් රජයෙන් තමයි...වැරදි දේ වැරදි කියන්න ....මේකේ ඉන්න ඇයොන්ගේ කටවල් ඇරෙන් නැහැ. (බ)
ඉන්දික Thursday, 21 January 2016 05:25 AM
විමල්, අයිවන්, ගුණවර්ධන...අධ්‍යපනයෙන් පරිපුර්ණ වෙලා...ඔළුවඅතගාල බලන්න..මොලේ කොහෙද කියලා....(බ)
පසිඳු Wednesday, 20 January 2016 04:40 PM
සෑමදෙයක් දෙසම වපර ඇහෙන් බලන්න එපා (නි)
දිල් Wednesday, 20 January 2016 10:14 AM
ව්‍යවස්ථාවත් වෙනස් කරලා ...විධායකෙත් අයින් කරලා දෙමු (බ)
විමල Wednesday, 20 January 2016 04:45 PM
මෙවෙනි අර්ථවත්, ප්‍රබෝධවත් දර්ශන, ප්‍රවෘත්ති තව තවත් පළකරන්න. එයින් යහපත් මඟපෙන්වීමක් සමාජයට ලබා දේ. රටක උගතුන් බිහිවීම කොතරම් වටිනාකමක්ද? ලංකාවට සහ ලෝකයට වටිනා සේවයක් කරන්නට ඔබ සියලු දෙනාට ශක්තිය ලැබේවා! (නි)
අයිවන් Wednesday, 20 January 2016 05:03 PM
කුමර්ලා වගේ ටික දෙනෙක් ඉන්නවා. ඒ අය අදාළ නොවන හැමදෙයටම අහන්නේ යහපාලනයේ හැටි මේකද කියලා. (නි)
විජිත් Wednesday, 20 January 2016 10:32 AM
සුබ අනාගතයක් ඔබ සැමට.ඔබේ දැනුම, උගත්කම,මේ පුංචි රටේ සතර දිග්භාගයටම යොමුකොට ලෝකයේ ඉතාම වාසනාවන්ත , එමෙන්ම සාමකාමී ජනයා වෙසෙන රට ලෙස ඔප නංවන්නට ඔබට වාසනාව ,දිරිය හා ශක්තිය ලැබේවා. (බ)
නුවන් Thursday, 21 January 2016 06:15 AM
සුබ පැතුම්! (නි)
ගුණවර්ධන Wednesday, 20 January 2016 06:20 PM
මහේෂ්, නලින්, මොනවද මේ කතාකරන්නේ? ප්‍රසන්න හරි. ආවට ගියාට අදහස් දමන්න එපා. (නි)
අබය Wednesday, 20 January 2016 08:47 PM
සහජීවනය කියන්නේ එකමරට කෑලි කඩලා දෙන එක නොවෙයි. එකම ධජයක් යටතේ සහයෝගයෙන් ජීවත්වීමයි (නි)
විමල් Wednesday, 20 January 2016 08:43 PM
හරියට ඉගෙනගත්තේ නැති සමහරු ඊර්ෂ්‍යාවටත් මොනවාහරි ඇදයක් හොයනවා. අනිත් අයගේ උගත්කමට ගරු කරන්න පුරුදු වෙන්න. (නි)
මහේෂ් Thursday, 21 January 2016 06:30 AM
'පට දරුවෝ' කියන එකේ අර්ථය මොකක්ද හරියටම?(හේ)
අක්‍රම් Thursday, 21 January 2016 06:36 AM
උණුසුම් සුබ පැතුම් අපෙන්.(හේ)
යසිරු Thursday, 21 January 2016 06:30 AM
සුබ අනාගයක් වේවා.(හේ)
විනුල Thursday, 21 January 2016 06:36 AM
ජය වේවා.(හේ)
ශිලා Wednesday, 20 January 2016 11:19 AM
තම රටේ ජාතික කොඩියවත් ප්‍රදර්ශනය කරගැනීමට නොහැකි එකම විශ්ව විද්‍යාලය, (ම)
සංජීව Thursday, 21 January 2016 06:49 AM
ඔබ සියලු දෙනාගේම ආනගය සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරනවා.(හේ)