(රංජන් කස්තුරි)
එරාවුර් නගරයේ නූල් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලා පහක් ස්ථාපිත කිරීමට නියමිත අතර එමගින් නව රැකියා අවස්ථා 20000ක් ඇතිවන බව ඒකාබද්ධ ඇඟලුම් සංසදයේ ප්‍රධාන ලේකම් යොහාන් ලෝරන්ස් මහතා පැවසීය.
ඇඳුම් මැසීම සඳහා අවශ්‍ය නූල් වර්ග සම්පූර්ණයෙන්ම මේ වන විට ආනයනය කරන අතර නව කර්මාන්ත ශාලා ආරම්භවීමෙන් පසුව 2026 වසරේදී මෙරට නූල් අවශතාවයෙන් සියයට 30ක් සම්පූර්ණවන බවද ලේකම්වරයා කීය.
මේ අතර එල්.ටී.ටී.ඊ සංවිධානයේ සාමාජිකයන්ව සිට පසුව පුනරුප්ථාපනය වූ තරුණ තරුණියන් 8000ක් උතුරේ ඇඟලුම් කර්මාන්ත ශාලාවල සේවය කරන බවද ලෝරන්ස් මහතා පැවසීය.
උතුරේ ඇඟලුම් කර්මාන්තශාලාවල සේවය කරන සේවකයන්ගෙන් සියයට 80ක්ම කාන්තාවන් බවද ඔවුන් ගෘහයේ ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන බවද ඔහු කීය.
ආගමන විගමන දෙපාර්තමේන්තුවට විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීමට පැමිණි පුද්ගලයකු තමාගේ හිතවතෙකු බවට සාවද්‍ය ලෙස පවසා ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට උත්සාහ
ලෝක උරුමයක් වන සීගිරියේ සංරක්ෂණ කිරීමේ විශේෂ ව්‍යාපෘතියක් සඳහා කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය රුපියල් බිලියන 2.4 ක් හෙවත් රුපියල් කෝටි 240 ක් ප්
මිණිපේ, හසලක, කිණපැලැස්ස ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවලකගේ වයස අවුරුද්දයි මාස අටක් වයසැති කුඩා දියණියක්, දරුවාගේ පොඩි සීයා පැදවු ලොරි රථයකට යටවී අවාසන
විඩියෝ දර්ශන කිහිපයක් අන්තර් ජාලයට මුදා හරින බව පවසා සිසුවියකට තර්ජනය කළ සිසුන් දෙදෙනෙකු ඊයේ(28) රාත්‍රි අත් අඩංගුවට ගත් බව ගාල්ල නාගොඩ පොලිසිය පවසයි.
විදුලි බල ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය විසින් ලබා දී ඇති ගාස්තු සංශෝධන ඇතුළු විදුලි පාරිභෝගික යෝජනා එළඹෙන ජනවාරි මස 17 වැනි දින ප්‍රසිද්
පානදුර හිරන මාලමුල්ල කෝන්ගහකොටුව ප්‍රදේශයේ නිවසක් වටලා රුපියල් ලක්ෂ 10 කට අධික වටිනා මත් කරල් තොගයක් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග තරුණයකු අත්අඩංගුවට ගත්
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
උතුරට නූල් කම්හල් පහක්
Lalla Wednesday, 17 May 2023 05:12 PM
නූල් නිෂ්පාදනය කිරීමට අමුද්‍රව්‍ය 100% ආනයනය කරන්න ඕන. බොහෝ කලක සිටම හොරණ, මොරගහහේන කම්හල ආනයනය කරන අමු නූල් ඇඟලුම් කර්මාන්ත වලට අවශ්‍ය වර්ණ ගැන්වීම කරනවා. තව කම්හල් එනවා නම් හොඳයි...
දිසා / ගම්පහ. Wednesday, 17 May 2023 05:58 PM
උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල B O I යටතේ ඇගළුම් ඇතුලු කර්මාන්තශාලා ඇතිකිරීම එම ප්‍රදේශවල පවතින විරැකියාවට විසඳුමක් වන අතර, ද්‍රවිඩ තරුණ තරුණියන් පවතින අසහනයටද විසඳුමක් වනු ඇත...