IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


‘උදාගම්මාන යුගය යළි අරඹනවා‘

( සිතුම් චතුරංග)

පසුගිය වසර කිහිපය තුල අඩපණ කොට තිබෙන නිවාස ව්‍යාපෘති ආරම්භ කොට නව උදාගම්මාන ඇතිකරන යුගයක් කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බව සමගි ජන බලාවේගයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ බලයටපත්ව පසු දින තමන් ආරම්භකළ සියලු නිවාස ව්‍යාපෘති අත්හිටවූ බවත් ඔහුගේ පුරප්පාඩුවටපත්වූ රනිල් වික්‍රමසිංහ මහතා එම ක්‍රියාවම සිදුකරමින් ජනතාවගේ නිවාස සිහිනය විනාශකර දැමූ බවත් උතුරු නැගෙනහිර අසම්පූර්ණ උදාගම් නිවාස ව්‍යාපෘති අවසන්කර ජනතාව දුගී දුප්පත්කමින් මුදාගන්නා බවත් සඳහන් කළේය.

සජිත් ප්‍රේමදාස මහතා එලෙස පැවසූයේ සමගි ජන බලවේගයේ කිලිනොච්චිය දිස්ත්‍රික් ජනාධිපතිවරණ ජන රැලියකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා මෙසේ කීය.

ඒ ආරම්භ කළ සෑම නිවාස යෝජනාවක්ම ගෝඨාභය රාජපක්ෂ නතරකළා එහෙත් රනිල් වික්‍රමසිංහට ඒවා ආරම්භ කිරීමට උනන්දුවක් තිබුනේ නැහැ. 21 වැනිදට කිලිනොච්චිය ජනතාව මා ජයග්‍රහනය කරන කොට අසම්පූර්ණ නිවාස ව්‍යාපෘති උදාගම් ව්‍යාපෘති අප අවසන් කරලා ඒවා නැවත වරක් ජනතාව අතට පත්කරනවා නොවෙයි අලුතෙන්ම ගෙවල් හදන අලුතෙන් උදාගම්මාන ඇතිකරන යුගයක් අපි මේ කිලිනොච්චියෙන් ආරම්භ කරනවා කියා මේ අවස්ථාවේදී ප්‍රකාශකරනවා.

වැරදි අවබෝධයක් තබාගන්න එපා මා 2019 පරාජයවූ පසු නිවාස ව්‍යාපෘතිවලට මුදල් වෙන් කිරීම ගෝඨාභය රාජපක්ෂ නතරකළා රනිල් වික්‍රමසිංහත් ඒ අඩිපාරේ ගිහින් ගෝඨාභය රාජපක්ෂ කරපු වැඩේ දිගටම කරගෙන ගියා. ඒ නිසා කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ගෙවල් හදන ව්‍යාපෘති අප යළි බිහිකරනවාමයි කියා කිවයුතුයි.

සමගි ජන බලවේගයේ ජයග්‍රහණය තුලින් මුළු කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ජනතාව ආර්ථික ජන ජීවිතය ශක්තිමත් කිරීම අප බාරගන්නා බව කිවයුතුයි. මම ඔබට විශේෂ පණිවිඩ කිහිපයක් දෙනවා ඒ පණිවිඩ ඔබ මුළු කිලිනොච්චියෙ සෑම ජනතාවකටම මේ පණිවිඩය ලබාදෙන ලෙස ඔබගෙන් ඉල්ලා සිටිනවා.

 කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පාසල් 104 ක් ස්මාර්ට් පාසල් බවට පරිවර්ථනය කරමින් සංවර්ධනය කොට ඒ දූ දරුවන්ට පරිඝණක විද්‍යාව , නව තාක්ෂණය , ඉංග්‍රිසි භාෂා හැදෑරීමේ පහසුකම් ඇතුළු නව අධ්‍යාපන ක්‍රමයක් හරහා  හොද අනාගතයක් උදාකරනවා. ඒ වගේම මුළු කිලිනොච්චි කොට්ඨාසයේ තිබෙන හැම රෝහලක්ම ස්මාර්ට් රෝහල් බවට පත්කරමින් පහසුකම් වලින් ඉහල රෝහල් බවට පත්කරමින් කිලිනොච්චිය ජනතාවට විශිෂ්ඨ මට්ටමේ නිදහස් නිවහල් නොමිලේ සෞඛ්‍ය සේවාවක් අපි ස්මාර්ට් රෝහල් ක්‍රමවේදය තුලින් ලබාදෙනවා. ඔබේ දූදරුවන්ගේ අධ්‍යාපන සහ සෞඛ්‍ය සුරක්ෂිත තාවය සඳහා ස්මාර්ට් අධ්‍යාපනය සහ ස්මාර්ට් රෝහල් සංකල්පය හදුන්වා දෙන බව කිවයුතුය.

අපි වැඩිහිටියන්ගේ විශ්‍රාම වැටුප් විශමතාවය සහමුලින්ම ඉවත්කරනවා. ඒ වගේම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතිරි කිරීමේ ගිණුම්වල සියයට 15 ඉතිරි කිරීමේ පොලි අනුපාතය ලබාදෙන බවට අවධාරණය කළ යුතුයි. ඒ වගේම කිලිනොච්චිය වැඩිම ගෙවල් හැදුනේ මා නිවාස සංවර්ධන අමාත්‍යවරයා විදියට ධූරය දරණ කාලයේ. ඒ ආරම්භ කළ සෑම නිවාස යෝජනාවක්ම ගෝඨාභය රාජපක්ෂ නතරකළා එහෙත් රනිල් වික්‍රමසිංහට ඒවා ආරම්භ කිරීමට උනන්දුවක් තිබුනේ නැහැ.

21 වැනිදට කිලිනොච්චිය ජනතාව මා ජයග්‍රහනය කරන කොට අසම්පූර්ණ නිවාස ව්‍යාපෘති උදාගම් ව්‍යාපෘති අප අවසන් කරලා ඒවා නැවත වරක් ජනතාව අතට පත්කරනවා නොවෙයි අලුතෙන්ම ගෙවල් හදන අලුතෙන් උදාගම්මාන ඇතිකරන යුගයක් අපි මේ කිලිනොච්චියෙන් ආරම්භ කරනවා කියා මේ අවස්ථාවේදී ප්‍රකාශකරනවා. වැරදි අවබෝධයක් තබාගන්න එපා මා 2019 පරාජයවූ පසු නිවාස ව්‍යාපෘතිවලට මුදල් වෙන් කිරීම ගෝඨාභය රාජපක්ෂ නතරකළා රනිල් වික්‍රමසිංහත් ඒ අඩිපාරේ ගිහින් ගෝඨාභය රාජපක්ෂ කරපු වැඩේ දිගටම කරගෙන ගියා. ඒ නිසා කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ගෙවල් හදන ව්‍යාපෘති අප යළි බිහිකරනවාමයි කියා කිවයුතුයි.

ගොවිතැනේ සිටින ගොවීන් වෙත කිලෝ පනහ පොහොර මිටිය රුපියල් 5000 මුදලට ලබාදෙන්න කටයුතු කරනවා පමණක් නොවෙ ධීවර සහනාධාරය ධිවර ජනතාවට ලබාදීමට කටයුතු කරනවා. එය කිව් ආර් කෝඩ් හරහා ලබාදීමට කටයුතු කරන අතර සැබවින්ම අප එය ගොවීන්ටත් , ධීවරයින්ටත් , ත්‍රීරෝද රථ රියදුරන්ට පමණක් මේ  ඉන්ධන සහනාධාරය ලබාදීම අපගේ අරමුණ නිසා. කිව් අර් කෝඩ් එක හරහා එය ක්‍රියාත්මක කරන්නේ ලොකු ලොකු පෝසතුන්ට ධාන පතියන්ට ඉන්ධන සහනාධාරය අවශ්‍ය නොවන නිසා ධීවර , ගොවි සහ ත්‍රීරෝද රථ රියදුරන්ට ඉලක්ක කර මේ සහනාධාරය යා යුතු නිසාවෙනි.

තරුණ ප්‍රජාව වෙනුවෙන් තරුණ සංවර්ධන මධ්‍යස්ථාන ආරම්භ කිරීමට අප සූදානම් අතර ඒ හරහා තොරතුරු තාක්ෂණය , පරිඝණක විද්‍යාව , ඉංග්‍රිසි යන විෂයන් ජාත්‍යන්තර තලයේ මට්ටමට මේ කිලිනොච්චියටත් තරුණ සංවර්ධන මධ්‍යස්ථාන හතරක් ඉදිකරනවා. කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ අපි නිශ්පාදන කර්මාන්ත ශාලා හතරක් අප ආරම්භ කරලා රස්සා නැති තරුණ තරුණියන්ට රැකිරක්ෂා ඇතිකරනවා. ඒ වගේම තොරතුරු තාක්ෂණ උද්‍යාන සංකල්පය හරහා නව ව්‍යාපාර නව ව්‍යවසායකත්වයන් ආරම්භ කරන්නට අප අවස්ථාව ලබාදෙනවා කියන එක මා මේ අවස්ථාවේ කියන්න කැමති.

උතුරු පළාතේ බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන තුලින් පවුල් හයදාස් හාරසියක් යැපෙනවා මෙහි රැකියා තුලින් ඉතින් මේ ව්‍යාපෘති 2028 වන විට අවසන් වෙනවා ඒ තුලින් මේ පවුල් අසරණ භාවයට පත්වන්නට ඉඩතිබෙනවා ඔවුන්ගේ රැකියා අහිමිවීම තුලින් මා කියා සිටින්නේ ඒ ජනතාව සියලුදෙනාගේ වර්තමානයත් අනාගතයත් අප බාරගන්නවා. දුගී දුප්පත් භාවය තුරන් කිරීම අප වැඩසටහන් තුල ඉහළම ස්ථානයක් ගනු ලබනවා.

දුප්පත් පවුල් වෙනුවෙන් මාස 24ක වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. සෑම පවුලකටම මාස් පතා රුපියල් 24000 ගානේ ලබාදීලා ඔවුන් පස් වැදෑරුම් වැඩසටහනක් තුලින් දුගී දුප්පත්කම තුරන් කිරීමේ දැවැන්ත ව්‍යාපාරය තුලින් කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ජනතාවත් දුප්පත් කමින් මුදවන බව මා මේ අවස්ථාවෙ ප්‍රකාශ කරනවා.

අවසන් වශයෙන් උතුරු නැගෙනහිර ජනතාවගේ ජන ජීවිතය සුඛිත මුදිත කර සංවර්ධනය උදාකරන්නට වෙනත් කිසිදු නායකයකු නොකළ අලුත් දෙයක් සිදුකරනවා. 21 වැනිදා මේ රටේ නායකත්ව වගකීම රටේ ජනතාව මා වෙත පවරන කොට උතුරු නැගෙනහිර කේන්ද්‍ර කරගත් ජත්‍යන්තර ආධාරක සමුළුවක් පවත්වා මේ යුද්ධයෙන් බැටකෑ පළාත් දෙක විශිෂ්ඨ සංවර්ධනයක් කරා ගෙන යන වැඩසටහන ආරම්භ කරමින් ඒ වැඩසටහන හරහා මුළු රටේම තියෙන පළාත් නවයම දියුණු කරන්නට අප ඇප කැප වෙනවා.

21 ජයග්‍රහනයෙන් පසු ඉතාම කෙටි කාලයක් තුල මුළු ජාත්‍යන්තරයටම කතාකරලා ජාත්‍යන්තර ආධාරක සමුළුව අප ආරම්භ කරනවා.  පස්වතාවක් අගමැතිවු පුද්ගලයා දැන් ඉන්න අනුප්‍රාප්තික ගෝඨාභයගෙ ඉතිරි කාලය පුරවන ජනාධිපති වසර දෙක හමාරක් ධූරය දැරුවා ඔහුට තිබුණා ජනතාව වෙනුවෙන් ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පවත්වන්න. ඔහු එහෙම කළේ නැහැ. ඔහුට ඒ හැකියාව නැහැ. අනිවාර්යෙන් යුද්ධයෙන් විශාල අගතියක්වූ උතුරු නැගෙනහිර ප්‍රදේශ අප විශාල අගතියක් කරන්නට අප කැපවෙන බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (10)

‘උදාගම්මාන යුගය යළි අරඹනවා‘

රම්බොඩ Monday, 16 September 2024 01:25 PM

නිකම් සල්ලි දීලා නිකම් ගෙවල් දීලා රටක් සංවර්ධනය වෙන්නෙ නෑ කියලයි මගේ මතය. හරිද දන්නේ නෑ. අවශ්‍ය වන්නේ මිනිසුන් තමන් විසින්ම හරි හම්බ කරගන්න පුලුවන් වටපිටාවක්. හොරකම් නොකරන පාලක පිරිසක්.

:       0       0

pakeer Monday, 16 September 2024 01:32 PM

නිකන් ගෙවල් හදන ඔයාට සල්ලි කොහෙන්ද? ණය ගන්නවද? කියන්න ඔය සල්ලි හොයන විදිහ... දෙනවා නෙවෙයි... හොයන විදිහ කියන්න

:       0       0

saman Monday, 16 September 2024 01:32 PM

ඒක කරන්න ඔහේ දිනන්න ඕනෙනේ...

:       0       0

රංජිත් Monday, 16 September 2024 01:37 PM

රට විකුණුවොත් නම් මේ සහන දෙන්න පුළුවන්...

:       0       0

මොහොමඩ් Monday, 16 September 2024 02:26 PM

ජනාධිපති සිහිනය දැන්වත් අමතක කරලා ජනතාවට වගකියන බුද්ධිමත් විපක්ෂ නායකයෙක් හැටියට ඉදිරියට වැඩකරන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා.

:       0       1

විකුම් Monday, 16 September 2024 03:13 PM

ඔයා යාලට වෙලා හරි වෙන කොහේ හරි ඔය කියන උදාගම්මාන හදලා ආර නිවාස ඇමති කාලේ හදපුවාට දාපු නම් වාගේ ඒවත් දාන්න. ඔයා නොවේ ඊලාග ජනපති. ඒක වෙන්නේ නෑ පුතේ.

:       4       29

Iddamalgoda Monday, 16 September 2024 04:27 PM

උදාගම් කියන්නෙ තනිකරම මුඩුක්කු කිව්වම වරදක් නැහැ මම දන්න පවුල් කීපයක අයට තමන්ගෙ ගමේ නිවෙස් හදාගෙන වත්තේ පිටියේ ගහේ කොලේ ගෙඩියක් කඩාගෙන කුලියකුත් කරගෙන ජීවත්වුනා දරුවො පාසල් ගියා 2017 එම ඉඩම් නාය යනවා කියලා රවටා ඔවුන්ට පර්චස් පහක් හයක් දීලා ලක්ෂ පහකුත් දීලා පදිංචි කෙරෙව්වා අලුත් පදිංචියට ගියා විතරයි දරුවන්ගේ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම කඩා වැටුනා ප්‍රාදේශීය ප්‍රාදේශීය සභාව විපක්ෂයේ නිසා එහි සභාපති අර පිරිස් ඔහුගේ වියදමින් කතරගම වන්දනාවේ ගෙන ගොස් සියලුම ඡන්ද ඔහුට හරවාගෙන 2019 ජනාධිපතිවරණය ගෝඨාභය දිනුවා තවත් ඔහොම දේවල් අනන්තවත් තියෙනවා ලියන්න ඉඩ මදි .ගෙවල් හදාදීම මහා පුන්‍ය කකර්මයක් වුනත් මෙහෙම මුඩුක්කු ආකාරයට විකාර නම් සහිතව හැදීම තමයි වරද

:       1       18

chandima Monday, 16 September 2024 09:43 PM

අම්මප, පිඩලි ගහන්න කොන්ත්‍රාත් එක දෙන්නේ කාටද? සොත්ති උපාලිගේ පුතාටද?

:       0       1

Rata Perata Tuesday, 17 September 2024 11:52 AM

මේ මනුස්සයාට තාත්තගේ අවතාරය වැහිලා තියෙන්නේ. ඒක නිසා තමා මතක් කර කර ඉන්නවා ඇරෙන්න වෙන අදහස් නෑ. ගෙදරත් ගෑණු තුන් දෙනෙක්ට යටත්වෙලා ඉන්න මිනිහෙක් කොහොමද රටක් පාලනය කරන්නේ. ජනතාව දැනුවත්.

:       0       2

ගමේ එකාලා Tuesday, 17 September 2024 01:47 PM

උදාගම් කෙසේ වෙතත් වැඩ සිද්ද වෙන හැටි දැක්කම කැෂිනෝ ස්පොට් තමා දාන්ඩ වෙන්නේ?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 28 264 0

චීන සමාගමකින් ආනයනය කළ කාබනික පොහොර නැවකට මුදල් ගෙවීමේ නිර්දේශ ලබාදෙමින් රජයට පාඩු කළේ යැයි කියන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම්වරය


ආණ්ඩුව කුජීත වුණ බව චන්න කියයි
2025 අප්‍රේල් මස 28 265 0

මේ ආණ්ඩුව ඉතිහාසයේ වෙන කිසි දිනක නොවූ විරූ ආකාරයට කෙටි කාලයක් තුළ අප්‍රසාදයට පත්ව කුජීත වූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය චන්න ජයසුමන මහතා පැ


තරුණයකු ඝාතනය කළ 5කට මරණ දඬුවම
2025 අප්‍රේල් මස 28 315 0

තරුණයකුට ක්‍රිකට් පොලු ඇතුළු පොලු වලින් පහරදී ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු මෝදර ප්‍රදේශයේ පුද්ගලයින් 07 දෙනෙකුගෙන් පස්දෙනකුට මරණීය දණ්ඩනය නිය


ඡන්ද පත්‍රිකා දෙකෝටි පනස්දෙලක්‍ෂ මුද්‍රණය කරයි
2025 අප්‍රේල් මස 28 56 0

පළාත් පාලන මැතිවරණය (2025) සඳහා ඡන්ද පත්‍රිකා දෙකෝටි පනස්දෙලක්‍ෂ හයදහස් පන්සිය තිස්තුනක් (25,206,533) මුද්‍රණය කළ බවත් අධිකරණ කටයුතුවලින් පසුව ඡන්ද පත්‍රිකා හත


සැබෑ අපරාධය ජනතා මුදල් බැංකු වල හිර කර තබා සිටීමයි
2025 අප්‍රේල් මස 28 1245 0

මහජන වැඩට තියෙන මුදල් තැන්පත් ගිණුම් වල රඳවා ගෙන සිටීම අපරාධයක් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට තමා පෙන්වා දුන් බව හිටපු ජනාධිපති රනිල්


දුම්වැටි සමඟ ගුවන්තොටේදී අයෙක් මාට්ටු
2025 අප්‍රේල් මස 28 205 0

රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂ හතලිස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද(28 ) උදෑස


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 995 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 431 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 578 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site