IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


උද්ඝෝෂණයේ 7 දෙනෙක් රෝහලේ

අන්තර්  උසස් ජාතික ගණකාධිකාරි  ඩිප්ලෝමා සිසුන්ගේ විරෝධතාවට අද (29) එල්ල කළ පොලිස් ප‍්‍රහාරයෙන් තුවාල ලැබු  අටදෙනකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කොට ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම පිරිස අතර සිසුවියන්  සිව් දෙනකු, සිසුන් තිදෙනකු හා පොලිස් කොස්තාපල්වරයෙකු සිටින බව පැවසේ.

ඉන් සිසුවියන් දෙදෙනකු හා කොස්තාපල්වරයා නේවාසික  ප‍්‍රතිකාර ලබන බව සඳහන්ය.

කලහකාරි ලෙස හැසිරීම සම්බන්ධයෙන් සිසුන් 39 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත් මෙම පිරිස අතර සිසුවියන් පස්දෙනකු හා භික්ෂුන් වහන්සේ දෙනමක් සිටින බවත් පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සිසු සිසුවියන්  බම්බලපිටිය  පොලිසියේ රඳවා සිටින අතර හෙට (30) ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


සිසුන් පිරිස කලහකාරි ලෙස හැසිරෙමින් රාජකාරියට බාධා කිරීම හේතුවෙන් පොලිසියට අවම බලය යොදා ඔවුන් පාලනය කිරීමට සිදු වු බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

 



අදහස් (0)

උද්ඝෝෂණයේ 7 දෙනෙක් රෝහලේ

තිලක්-ඩුබායි Friday, 30 October 2015 04:56 AM

අපේ රටේ මිනිස්සු බුද්ධිමත්ව හිතල "සමබර" වෙන්න ඡන්දය දෙනවනම් මේ දරුවන් ගුටි කන්නේ නැහැ. ගුටි කන්න වෙන්නෙත් නැහැ. (බ)

:       0       0

තිලක්-ඩුබායි Friday, 30 October 2015 04:56 AM

මට මගේ දරුවන්ට දෙවියනේ කියල කාලා අැඳලා ඉගෙන ගන්න වියදම් කරන්න මට පුළුවනි. එ්ත් කාගේ වුනත් මේ අසරණ උගත් දරුවන්ට සලකපු විදිහ ගැනනම් මට හරිම කණගාටුයි. (බ)

:       0       0

තිලක්-ඩුබායි Friday, 30 October 2015 04:59 AM

තව තවත් 8 ශ්‍රේණිය සමත් එවුන් ටිකක් පාර්ලිමේන්තුවට යවපල්ලා.හොදට සලකාවි.....! (බ)

:       0       0

ප්‍රනාන්දු Friday, 30 October 2015 09:47 PM

තිලක් ඩුබායි,දැන් ඔබගේ මොළය පෑදිගෙන එන එක ගැන සන්තෝෂයි. (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 30 October 2015 05:06 AM

ඒකාධිපතිය ගෙදර යවල,යහපාලකයෝ දෙන්න කරලියට ගෙනාපු අපිට දැන් හොදටම සනීපයි.(ම)

:       0       0

වරුණ Friday, 30 October 2015 05:11 AM

නින්දිතයි ලංකාවේ පොලිසිය මේවගේ නින්දිත ප්‍රහාර එල්ල කරන්න ඔවුන්ගේ දරුවෝ සහෝදර සහෝදර සහෝදරියන් කැම්පස් යන්නේ නැතුව ඇති.ගරු ජනාධිපතිතුමනි පොලිස් දඩයම් බල්ලන් බැද දමනු (බ)

:       0       0

ධර්ම ජයවික්‍රම Friday, 30 October 2015 05:18 AM

ශ්‍රී ලංකා පොලිසිය සිසුන්ට පෙන්වා ඇති මහා අකාරුණිකත්වය සදාතනික අරගලයක එක් සංකේතයක් පමණයි (නි)

:       0       0

ඩිල් Friday, 30 October 2015 05:41 AM

ළඟදි ප්‍රසිද්ධ ස්වාමින්වහන්සේ නමක් බණකට කිව්වා එය කැම්පස් කාලේදී කොටුව බෝගහ ගාව බැරල් එකක් උඩ නැගල උද්ගෝෂණ කළා නමුත් ඒ ගැන දැන් ලජ්ජා වෙනවා කියල. මෙහි සිටින බොහෝ ළමයින් කාගේ හෝ බලකිරිමකට අාවා මිසක් මේවා තේරුම් ගන්නේ පහුවෙලා. කළයුතු එකම දේ මේ ළමයිනට සත්‍යය අවබෝධ කිරීම හෝ කැම්පස් ඇතුලේ බලකිරීම් නැති කිරීමය. (බ)

:       0       0

රනිල් Friday, 30 October 2015 06:15 AM

අනේ මධුක මහත්තයෝ, එයාලගේ ප්‍රශ්න වලට කලට වෙලාවට උත්තර හම්බුනානම් මේ වගේ පාරේ ගුටි කන්න වෙයිද.? (ර)

:       0       0

කුමාරසිංහ Saturday, 31 October 2015 07:19 PM

රොහාන් දයාදර පැරිස්, ඔබගේ අදහසට අපි සියල්ලෝම එකඟයි (නි)

:       0       0

නාමල් Friday, 30 October 2015 06:28 AM

මේ ළමයි කවදා හැදෙයිද? (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 30 October 2015 06:28 AM

ඩිල්, ඒ කතා ගැන එතරම් හිතන්න එපා. ඒ ගැන ඉතින් මම අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ. (නි)

:       0       0

තරංග Friday, 30 October 2015 06:29 AM

අනේ මන්දා කවුරු හරිද කවුරු වැරදිද කියලා (නි)

:       0       0

විජිත් Thursday, 29 October 2015 04:04 PM

මේ සටන නොනවතින සදාතනික සටනක්.තරුණ වයසේදී අසාධාරණය පෙන්වන්න බැහැ. අසාධාරණයට කැමති තරුණයෙක් ඉන්නවානම් එයා අසාමාන්‍ය කෙනෙක්.මේ ඇවිල්ලා අනාගතයේ රට බාරගන්න ඉන්න උගත් බුද්ධිමත් තරුණ තරුණියන්.අද මේරටේ පාර්ලිමේන්තුවේ සිටින අතලොස්සක් වන උපාධිධාරී මන්ත්රිවරුත් ..ඒ කාලයේ මේවගේමයි...ඒ අයත් සටන් කළා, ගුටි කෑවා, ඔලු පලාගත්තා..ඒ අය අද ලොක්කොවෙලා මේ අහිංසකයින්ගේ ඔලු පලන්න " ඔඩර් " දෙනවා.8 පන්තියටවත් ගියේ නැති පොලිසියේ රාලහාමි ඔලු පලනවා.මේ අයත් දවසක ලොක්කෝ වුනාට පස්සේ ..ඒ කාලදී ශිෂ්‍ය සටන්කරන කොල්ලෝ කෙල්ලන්ගේ ඔලු පලන්න " ඔඩර් " දේවී.කිසිම හැගීමක් නැති , හැඟීමක් තිබුනත් අසරණ රාලහාමි දිගටම ඔලු පලාවි.විපක්ෂයේ ඉන්න බංකොලොත් උන් ඇවිත් " බොරු " පොරොන්දු ගොඩක් දේවී...ජීවිතය මේ අයුරින් දිගටම ගලාගෙන යාවි..මහත්වරුනේ ඕක තමයි අපි අහන්නට අකමැති තිත්ත යථාර්ථය. (බ)

:       0       0

පුබුදු Thursday, 29 October 2015 04:29 PM

ගණන ගන්න එපා මේක යහ පලනායක් ...(රේ)

:       0       0

රත්න Friday, 30 October 2015 06:44 AM

අහිංසක ළමයින්ට තලන්න එපා. ඒ ළමයින් සමගත් සාධාරණව කතා කරන්න. (ර)

:       0       0

සුසන්ත Thursday, 29 October 2015 04:31 PM

මේවා නවත්තන්න කියල නේද යහපාලනේ ජන්දේ ඉල්ලුවේ? ඉස්සර මේවගේ වගකීම කෙලින්ම දැම්මේ මහින්ද හිටපු ජනපතිතුමාගේ ගොඩට. දැන් කවුද වගකීම ගන්නේ සිරිසේන ජනපතිද? පේනවද ඉස්සර ප්‍රශ්නත් එහෙමමයි....(රේ)

:       0       0

නවීන් Friday, 30 October 2015 06:43 AM

දියුණු රටවල උසස් අධ්‍යාපනය හදාරන සිසුන් අර්ධ කාලින කම්කරු රැකියා කරමින් ගාස්තු සොයාගෙන ඉගෙන ගන්නවා. උපාධියෙන් පසු ආණ්ඩුවට බනිමින් රටේ සෙසු ජනතාව නුගතුන් යයි හෙලා නොදැක සුළු රැකියා සොයා ගෙන පසුව හොඳ රැකියාවකට යනවා. ඒ රටවල් දියුණුයි. අපේ රට තවම කොට උඩ. ඔය උඩින්ම කියලා තිබෙන පරිදි , අසාධාරණය කියන්නේ ගෙදරින් අම්මාඅතට දෙන තේ එකේ සිට ආණ්ඩුවෙන් බෝඩිමේ බෙඩ් ෂිට් එක දක්වා අතට පයට නොලැබුන එකද මන්දා ! (බ)

:       0       0

විජේපාල Thursday, 29 October 2015 04:47 PM

මම නම් හිතන්නේ මේ ළමයින්ව මෙහෙයවන්නේ වෙන කට්ටියක් කියල. පටු දේශපාලන අපේක්ෂාවන් ළමයින් මාර්ගයෙන් එලියට දානවා. මට නම් ඇත්තටම දුක මේ දරුවන්ගේ දෙමව්පියෝ ගැනයි.....(රේ)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 29 October 2015 05:36 PM

අසරණ දුප්පත් දෙමාපියන්ගේ උගත් බුද්ධිමත් දරුවන්ට සළකන්නේ මෙහෙමද? (නි)

:       0       0

රොහාන් දයාදර පැරිස් Friday, 30 October 2015 07:38 AM

සිසුන් .රජය. පොලිසිය .හිතන්න, සිසුන්ගේ වගකීම් ඉගනීමඉ රජයේ වගකීම් ජන හඩට සවන්දීමයි , සාධාරණය ඉටුකිරිමයි .පොලිසියේ වගකීම් සාමය රැකිමයි...(රේ) ...

:       0       0

අජිත් Friday, 30 October 2015 12:03 AM

ඉගෙනගන්නවා නම් ඉගෙනගන්න ළමයිනේ. (නි)

:       0       0

කැනඩා - දිසා Friday, 30 October 2015 01:34 AM

අන්තරේ කවදත් එකයි. ඒ වගේම යහපාලනයත් මේ සිසුන්ට ගහන්න කලින් කතාකරලා බලන්නේ තිබුනේ. (නි)

:       0       0

මධුක Friday, 30 October 2015 02:43 AM

මෙහෙම ගහලා මදි. ඊයේ මම පැය දෙකක් පාරේ හිරවෙලා හිටියා. මෙයාලගේ ප්‍රශ්න වලට අපි පළිද? අයිතිවාසිකම් ගන්න යන්නෙ අහිංසක ජනතාව අපහසුවට පත්කරලා. ගානක් අයකර ගත්තා නම් ඔය උද්ඝෝෂණ මේ උද්ඝෝෂණ නැතුව අවුරුදු 4න් උපාධිය අරගෙන යයි. (නි)

:       0       0

උදාර Friday, 30 October 2015 03:00 AM

මේ ප්‍රශ්න වලට යහපත් පිළිතුරු ඕනෑ (නි)

:       0       0

රෝහණ Friday, 30 October 2015 03:05 AM

ළමයි ඉගෙනගන්න ආවා නම් ඉගෙනගන්න ඕනෑ. ඒක එක පැත්තක්. අනික් පැත්ත මේ ළමයි මීටකලින් මේ ගැන දැනුවත් කළාද කියන එක සහ ඒකට දුන් උත්තරය. එකක් කිවයුතුයි. පවතින රජයකට කිසියම් කෙනෙකු හෝ කට්ටියක් මහජනතාවගේ සාමාන්‍ය ජන ජිවිතයට සහ පාරවල් හරස් කරගෙන කරන මේ වැඩ වලට මම කැමති නැහැ (නි)

:       0       0

රකීත් Friday, 30 October 2015 04:09 AM

උද්ඝෝෂණය කිරීමට අයිතියක් ඇත. නමුත්, කලහකාරී ලෙස හැසිරීමට අයිතියක් නැත. රටේ නීතියට ගරු කළ යුතුය. එසේ නැතහොත් විශ්ව විද්‍යාලයක ලබන අධ්‍යාපනයෙන් පලක් නැත. (ම)

:       0       0

තිලක්-ඩුබායි Friday, 30 October 2015 04:36 AM

රටේ "බබිලා" රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් මහජන මුදල් හොරකම් කරලා ලෝකයේ බැංකු පුරවනවා.කිසිම ප්‍රශ්නයක් නැහැ. එ්ත් දුප්පත් දෙමාපියන්ගේ උගත් දරුවන් රුපියල් 5000 ක දීමනාවක් ඉල්ලද්දී "අම්බානට" නෙලනවා.ලිබියාවෙත් ලංකාවෙත් වෙනසක් නැහැනේ. (බ)

:       0       0

තිලක්-ඩුබායි Friday, 30 October 2015 04:37 AM

මෛත්‍රී රනිල් රජයට කොන්ද පණ තියෙන්නේ දුප්පත් දෙමාපියන්ගේ දරුවන්ට සලකන්න විතරමද? (බ)

:       0       0

තිලක්-ඩුබායි Friday, 30 October 2015 04:40 AM

මට මතකයි ඒකාධිපතියාගේ යුගයේදී විශ්ව විද්‍යාල දරුවන් කළ උද්ඝෝෂණදී අසරණ දරුවන්ට "දෙකයි දෙකේ පොලු" වලින් සලකද්දී එවකට මන්ත්‍රී කෙනෙක්ව හිටිය සුජීව මහත්තය කදුළු හල හල කියපුව. (බ)

:       0       0

තිලක්-ඩුබායි Friday, 30 October 2015 04:42 AM

මේ දරුවන් උද්ඝෝෂණ කරන්නේ තමන්ගේ මතු උපදින දරුවන් වෙනුවෙන් කියල හිතන්න බැරි සමහරක් ඉන්න රටක ඉපදීම ගැනත් දුකයි.(ම)

:       0       0

තිලක්-ඩුබායි Friday, 30 October 2015 04:47 AM

මේ අසරණ දුප්පත් දරුවන්ට නෙලනවට වඩා හොද නැද්ද පසු ගිය කාලේදී රටේ කෝටි ප්‍රකෝටි ගණනින් සිදු වුන දුෂණ,හොරකම් වලට කොන්ද කෙලින් තියන් පිළිතුරු දීල ඒ මුදල් ජනතා සතු කරලා රටේම දැවෙන ප්‍රශ්න වලට පිළිතුරු සපයන එක.(ඡන්ද පොරොන්දුවක්) (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 3686 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


නැගෙනහිර කොළඹ අනුරට
2024 සැප්තැම්බර් මස 22 2 0


හාරිස්පත්තුව අනුරට
2024 සැප්තැම්බර් මස 22 121 0


උතුරු කොළඹ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 330 0


අම්පාර අනුරට
2024 සැප්තැම්බර් මස 22 138 0


කළුතර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 150 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14673 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 66 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 234 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 123 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site